IPL වර්ජනය කරති ශ්‍රි ලංකා කිඩකයින්( ජය වෙවා)>&gt

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)

    සිංහල අවුරුදු මාසෙත් එහෙනම් පටන් ගත්ත අහ්.
    කවුම් කොකිස් ... හ්ම්ම් ජොලිතමයි එහෙනම්...
    කොණ්ඩ කැවුමක් ගිලපං කැවුමෙ කොණ්ඩෙ පහලට හිටින්න..:frown:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අද අප්‍රේල් 1වෙනිද නොවුන කියල නිකමට හිතපන්. එහෙම උනත් මමනන් ඕක පිළිගන්නෙ නෑ:rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පුංචි තිතක්‌ බවට පත් වුවද ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී නම් ශ්‍රී ලංකාව මහා රාජ්‍යයකි. ක්‍රිකට්‌ වලින් ලොවම වශී කරවන දක්‍ෂතා ඇති පුතුන් ශ්‍රී ලංකාවෙන් බිහිවිය. අනාගතයේදීත් බිහි වනු ඇත. එබැවින් ක්‍රිකට්‌ වලින් මෙරට ලැබූ ජනප්‍රියතාව ලොව කිසිම ජගතෙකුට මොට කළ නොහැකි යෑයි සටහන් කිරීමේ කාලෝචිත මාර්තෘකාව කරළියට පැමිණෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ දොර වැසීම හේතුවෙනි.

    ජයලලිතාගේ වාග් ප්‍රහාරවලට පිත්තෙන් හෝ පන්දුවෙන් පිළිතුරු දිය නොහැකිය. එබැවින් හොඳ බවුන්සර් එකක්‌ ජයලලිතාගේ ඔලුවටම යෑවිය හැකි වාග් පිළිතුරක්‌ දීමට අයි.පී.එල්. නියෝජනය කිරීමට සිටින ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේද වගකීමකි.

    තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ක්‍රිකට්‌ ගැන මල පොතේ අකුරක්‌ නොදන්නා බව ඇය කළ ප්‍රකාශය අනුව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ක්‍රිකට්‌ පමණක්‌ නොව දේශපාලනයද ඇය හරි හැටි නොදන්නා මහ ඇමැතිනියක්‌ බව එම ප්‍රකාශයෙන් තවත් ගම්‍ය වේ. ජයලලිතා ජයරාම්ගේ අනුවන ප්‍රකාශය සමග තමිල්නාඩුවේ හිත් පිත් නැති තිරිසනුන් වැනි මිනිසුන් ශ්‍රී ලංකාවේ භික්‍ෂුන් වහන්සේලාට පහර දෙන්නාක්‌ මෙන් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ටද පහර දීමේ අවස්‌ථාවක්‌ ඇත. එය වළකාලීමට ඉන්දීය මධ්‍යම රජයට කොන්දක්‌ නැති බව මේ වන විටත් පසක්‌ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩයන්ට අයි.පී.එල්. තරගාවලියේදී තමිල්නාඩුව තහනම් කිරීමෙන් පමණක්‌ නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

    චෙන්නායිහිදී පැවැත්වීමට යෝජිත ආසියානු මලල ක්‍රීඩා තරගාවලියටද ජයලලිතා ජයරාම් වැට බැන්දේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම තරගාවලියට සහභාගි වන්නේ නම් චෙන්නායිහිදී ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්විය නොහැකි බව ජයලලිතා ප්‍රකාශ කිරීම තුළින් එම තරගාවලිය පැවැත්වීමේ ස්‌ථානය පිළිබඳව ඉන්දීය මලල ක්‍රීඩා බලධාරීහු දෙගිඩියාවෙන් කල් මරති. ඉන්දියාව පාලනය කරන්නේ ජයලලිතාද නැතිනම් මන් මෝහන් සිං ද යන්න මේ වන විට ඉන්දියානුවන්ද හරි හැටි නොදන්නා කරුණකි. ඒ දේශපාලන කතිකාවත කුමන ආකාරයෙන් වුවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු ක්‍රිකට්‌ පමණක්‌ නොව බොහෝ කටයුතු වලදී සහෝදරත්වයෙන් කටයුතු කළ මිත්‍ර රටවල් දෙකකි. එම මිත්‍රත්වය පලුදු කිරීමට ජයලලිතා උත්සහ කරන්නේ ක්‍රීඩාව ඉදිරියට දමාය. භික්‍ෂුන් වහන්සේලාට පහරදීමෙන්ය. සියලුම ශ්‍රී ලංකා පුරවැසියන්ට තමිල්නාඩුව තහනම් කිරීමෙන්ය. මෙය සිහි විකල්වූ ගැහැණියකගේ මෝඩ තකතීරු ක්‍රියාවක්‌ යෑයි සියලුම ශ්‍රී ලාංකිකයන් දැන් වටහගෙන හමාරය.

    1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ අවස්‌ථාවේදී ඔස්‌ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ජනය කළේය. ඒ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය උඩදුවමින් සිටි කාලයේදීය. එහෙත් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සත්කාරකත්වය දීමට හැකි වටපිටාවක්‌ ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ විසින් ඒ වන විටත් ස්‌ථාපිත කර තිබිණි. නමුත් ක්‍රිකට්‌ වලට හානියක්‌ සිදු නොවීය. මේ කාලයේදී ජයලලිතා මර නින්දේ ගොරව ගොරවා නිදියන්ට ඇතැයි අපි සිතමු.

    96 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන් සහ ඔස්‌ටේ්‍රලියානුවන් ශ්‍රී ලංකා සංචාරය වාරණය කරද්දී ඉන්දියා-පාකිස්‌තාන් ඒකාබද්ධ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවට ලෝකයට පෙන්වීය. ජයලලිතා මේ 'අනින්නේ' ආසියාවේ ක්‍රිකට්‌ සහෝදරත්වයටය.

    පාකිස්‌තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල විය. දෙවියන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුවාල ලබා ජීවිත රැක ගැනීමට එදා හැකිවිය. එම ප්‍රහාරයෙන් පසු ඉකුත් 2012 වසරේදී සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ලෝක ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ යළිත් පාකිස්‌තානයේ සංචාරය කරමින් ක්‍රිකට්‌ තරගයකට සහභාගි විය. පාකිස්‌තානු රජය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම ආරක්‍ෂාව ලබාදීමට පොරොන්දු වෙමින් පාකිස්‌තානයේ තරග සඳහා සහභාගි වීමට ආරාධනා කරමින් සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ලබා දෙන සහතිකය නොමැති වීමෙන් පාකිස්‌තානයේ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට තවම අවස්‌ථාවක්‌ නැත. ශ්‍රී ලංකාව සිය මිතු රාජ්‍යයන්ට ක්‍රිකට්‌ වලින් ඇති බැඳීම පෙන්වන්නේ එසේය.

    ජයලලිතා ගේ ප්‍රකාශය හමුවේ ඉන්දියාව නිහඬව සිටියද ශ්‍රී ලංකාව එම අසාධාරණට එරෙහිව මෙහෙයුමක්‌ දියත් කළ යුතුය. එවිට අනිකුත් ක්‍රිකට්‌ රාජ්‍යයන්ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳව හඬක්‌ නැගීමට ශ්‍රී ලංකාව වටා එකතු වනු ඇත. විශේෂයෙන් සනත් ජයසූරිය මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක්‌ කළ යුත්තේ ඔහු ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රිකට්‌ තරුවක්‌ නිසාය. නමුත් සනත් තවමත් නිහඬය. කවුරු හඬ නැගුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට චෙන්නායිවල තරගවලට සහභාගි වීමට නොහැකි නම් අයි.පී.එල්. සහභාගි නොවී සිටීම සුදුසුය. පාකිස්‌තාන් ක්‍රීඩකයන්ද අයි.පී.එල්. වාරණය කරන සමයක අයි.පී.එල්. තරගාවලියේ ශ්‍රී ලංකා තරු නැතිවිට අයි.පී.එල්. වලටද තරු විසිවෙනු ඇත. ඒ බව වටහා ගැනීම අයි.පී.එල්. යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ යුතුකමකි.

    ශ්‍රී ලංකාවේ පැවැති එස්‌.එල්.පී.එල්. තරගාවලියට ඉන්දියානු පළමු පෙළ ක්‍රීඩකයන්ව හෝ සහභාගි කරවීමට ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය වගබලා ගත්තේය. ඒ බවද අයි.පී.එල්. යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මතක තබා ගත යුතුය.

    දශක තුනක යුද්ධය පැවැති සමයේදී මෙරට ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග සහ දේශීය තරග දස දහස්‌ සංඛ්‍යාවක්‌ පැවැත් විණි. ඒ එකදු ක්‍රීඩා තරගයකට හෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. සංවිධානය කිසිදු බාධාවක්‌ නොකෙරිණි. එසේ කිරීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ගෙන්ද ඉඩක්‌ නොලැබිණි. එදා එසේ වුවද අද එල්.ටී.ටී.ඊ. යටත් වඩා පිළිලයක්‌ බවට පත්වීමට තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම්ට හිසේ රුදාවක්‌ හටගෙන තිබෙන්නේ කුමන කරුමයකටද යන්න දන්නෝ දනිති.

    අයි.පී.එල්. තරග සංවිධායකයන් පවසන පරිදි තමිල්නාඩුවේ හැර අනිකුත් නගරවල පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ හැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන්නේද ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තමිල්නාඩුවේ හැර අනිකුත් නගරවලදී අයි.පී.එල්. නියෝජනය කළ හැකි බවයි. දැන් ඇත්තේ ක්‍රීඩකයන්ගේ වාරයයි. සමස්‌ත ඉන්දියානුවන්ම ආදරයෙන් වැලඳ ගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ රටේ හැඟීම සහ ක්‍රිකට්‌ බැඳීම පිළිබඳව ඉන්දියාවටම ඒත්තු ගැන්වීමේ වගකීම දැන් ක්‍රීඩකයන් සතුව තිබේ.

    අයි.පී.එල්. වෙනුවෙන් මෙරට සුපිරි ක්‍රීඩකයන් බොහෝ පරිශ්‍රමයක්‌ කැප කරති. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයද එසේම කරයි. අයි.පී.එල්. සමයේ ශ්‍රී ලංකාව කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි නොවෙයි. එහෙත් ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාව කරන රාජකාරිය නොකරති. ඔවුහු රිසි සේ සිය රට වෙනුවෙන් තරගවලට සහභාගි වෙති. ඒ අනුව බලන විට අයි.පී.එල්. සමයේ ඉන්දියාව හැරුණු විට ශ්‍රී ලංකාවද උපරිම දායකත්වය ලබා දෙයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ කොඳු නාරටියේ ඇති ඇතැම් ස්‌ථානවල දෝෂයක්‌ නිසා විය හැකිය.

    අයි.පී.එල්. වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල මුදල් ප්‍රමාණයක්‌ ලැබේ. සෙසු රටවල ක්‍රීඩකයන්ටද අයි.පී.එල්. යනු හොඳ ප්‍රසාද දීමනාවකි. එහෙත් වෙනත් රටවල ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයි.පී.එල්. වලට ඇති ලොල් බව වටහා ගැනීමේ එක්‌ සම්මුඛ සාකච්ඡාවක්‌ බවට මෙවර තරගාවලිය නම් කළ හැකිය. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව ඉන්දියාවේ එක්‌ ප්‍රාන්තයක්‌ විරුද්ධ වෙද්දී අනිකුත් ප්‍රාන්තවල පමණක්‌ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයි.පී.එල්. ක්‍රීඩා කළහොත් පමණි.

    මෙම අයි.පී.එල්. ප්‍රශ්නය පිළිබඳව අර්ජුන රණතුංග වැදගත් අදහසක්‌ ඉන්දියාවේ මාධ්‍යකට ප්‍රකාශ කර තිබුණි. 'රටේ එක පැත්තකට එන්න එපා කියනවනම් අනිත් පැත්තේ අපේ අය ක්‍රිකට්‌ ගහන්න ගිහිල්ල තේරුමක්‌ නැහැ. එහෙමනම් අපිට මුදල් එපා රටේ ගෞරවය සහ අපේ ගෞරවය වෙනුවෙන් අපි මෙවර අයි.පී.එල්. සහභාගි වන්නේ නැහැ.' යනුවෙන් ක්‍රීඩකයන් විසින් කිව යුතුව ඇතැයි අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා තිබුණි.

    මේ සියලු අයි.පී.එල්. හොල්මන් වලට (ජයලලිතා ඇතුළු තමිල්නාඩු පාලනයට) මුත්තයියා මුරලිදරන් සැබෑ ශ්‍රී ලාංකිකයකු ලෙස අවංක අදහසක්‌ ප්‍රකාශ කර තිබිණි.

    'මේක මහ කනගාටුදායක සිදුවීමක්‌. මම අවුරුදු 20 ක්‌ ක්‍රිකට්‌ ගහල තියෙනවා. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා රජය සහ ක්‍රිකට්‌ ආයතනය මම දෙමළ කියා කිසිම වෙනසක්‌ කළේ නැහැ. ඔවුන් මට නිරතුරුවම සහයෝගය ලබා දුන්නා. මම මෙවර අයි.පී.එල්. ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස්‌ බැන්ගලෝර් කණ්‌ඩායමේ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසුවාම ඔවුන් පවසා සිටියේ චෙන්නායි හැර සෙසු ප්‍රදේශවල තරගවලට සහභාගි වෙන්න පුළුවන් කියා. මේ සිදුවීම මගේ ක්‍රිකට්‌ දිවියේ දුක්‌ මුසුම අවස්‌ථාවක්‌. මගේ බිරිඳ උපන් ගම චෙන්නායිහිදී මට ක්‍රීඩා කිරීමට නොහැකිවීම වඩාත් කනගාටුදායකයි.' යනුවෙන් මුරලි පවසා තිබේ.

    තමන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට තවත් යුද්ධයක්‌ හෝ මෙවැනි පීඩාකිරීම් අනවශ්‍ය බවත් තමාට අවශ්‍ය වන්නේ දේශපාලනය නොව ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළින් ප්‍රේක්‍ෂකයන් පිනවීම බවත් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සාමකාමී ජනජීවිතය දැක බලා ගැනීමට ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් මුරලි වැඩි දුරටත් පවසයි.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පැවැති උතුරේ මෙන්ම නැගෙනහිර ළමයින්ද දැන් ක්‍රිකට්‌ ගසයි. ක්‍රිකට්‌ තරගාවලි වලට ඔවුන් සහභාගි වෙති. ශ්‍රී ලංකාවේ සෙසු පළාත් මෙන්ම උතුරු නැගෙනහිරත් ක්‍රිකට්‌ වලින් පොහොසත් කිරීමේ වැඩ පිළිවෙලක්‌ අරඹා තිබේ. ජාතික ක්‍රීඩකයෝද විටින් විට ඒ සඳහා සහභාගි වෙති. එහෙත්, අහෝ කරුමයකි. තමිල්නාඩු මහ ඇමැතිනියට එහි අවස්‌ථාවාදීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ එපා වෙති. චෙන්නායිහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරග කිරීම වාරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයෝද අනාථය. අයි.පී.එල්. සංවිධායකයෝද අනාථය. ඉන්දියානු මධ්‍යම රජයද ඒ පිළිබඳ කිසිවක්‌ නොපවසා සිටිති. ක්‍රිකට්‌ 'ඇම්ම' ඇති ඉන්දියාවේ එක්‌ ප්‍රාන්තයකට මෙහෙමත් වාරණය දැමිය හැකි නම් එය විහිළුවකි. එසේනම් මේ අයි.පී.එල්. බම්බුවට නොගොස්‌ රටේ නම්බුව වෙනුවෙන් ගෙදරට වී වැඩක්‌ බලා ගැනීමට මාලිංගලා උත්සුක වනු ඇතැයි අපි බලා සිටිමු.

    අසේල විතාන


    elatama liyala tiyenawa :yes:
    puluwan nam meka english walata translate karala indian forum wala digata harahata post karahallako :P ;)
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    LANKAN CRICKETERS DECIDE TO PARTICIPATE IN IPL - SLC

    Sri Lankan cricketers selected to play for the Indian Premier League except Dinesh Chandimal, Nuwan Kulasekara and Akila Dananjaya have decided to participate in the tournament, Sri Lanka Cricket said today.

    Speaking to media Acting SLC CEO Ashley De Silva said that accordingly Kumar Sangakkara, Mahela Jayawardena, T.M. Dilshan, Lasith Malinga, Angelo Mathews, Kusal Janith, Jeevan Mendis, Ajantha Mendis, Thisara Perera and Sachithra Senanayake will leave the country shortly.

    Altogether 13 Sri Lankan players were scheduled to take part in the sixth edition of the IPL starting April 3, out of which 10 would take part.

    They were withdrawn from matches to be played in Chennai after Tamil Nadu Chief Minister J. Jayalalithaa refused to host them in view of the prevailing anti-Sri Lankan sentiments in the state.

    http://www.adaderana.lk/news.php?nid=22193
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    පිස්සුද බං . උං අගේට යනවා. ගොසිප්ලංකානිව්ස්.කොම් බලපල්ලා

    (ඇයි මචං මේ ගොසිප්ලංකානිව්ස්.කොම් ලිංක් එක එළකිරිේ දාපු ගමන් spam වෙන්..)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද බං . උං අගේට යනවා. ගොසිප්ලංකානිව්ස්.කොම් බලපල්ලා

    (ඇයි මචං මේ ගොසිප්ලංකානිව්ස්.කොම් ලිංක් එක එළකිරිේ දාපු ගමන් spam වෙන්..)

    :rofl::rofl: