පැණි බීම වැඩියෙන් බීම මරණය ඉක්මන් කරයි

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    පැණි බීම වැඩියෙන් බීම මරණය ඉක්මන් කරයි

    පැණි බීම වර්ග වැඩියෙන් පානය කිරීම කඩිමුඩියේම අවසන් ගමන් යන්නට පාර පෙන්වන බව හදිසියේම වාගේ අනාවරණය වී ඇත :baffled:. ලෝකය පුරා පැණි බීම පානය නිසා නිරාපරාදේ රෝගී තත්ත්වවලට පත්වන ලක්‍ෂ ගණනක් ජනයාගෙන් ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් සෑම වසරකම ජීවිතවලින් වන්දි ගෙවති.:no:

    මේ අයහපත මිනිසා කරා කැඳවාගෙන එන්නේ නොයෙකුත් මාදිලියේ නම්වලින් කල එළි බහින සෝඩා වර්ග සහ ඕනෑවටත් වඩා රසය සහ පැහැය මුසු කළ බීම වර්ගයි.මේවා පානය කිරීමෙන් වසරකට මරු වැලඳගන්නා පිරිසෙන් එක්ලක්‍ෂ තිස්තුන් දහසකටම වැඩි සීනි ප්‍රශ්නය වැඩියෙන් බලපා තිබේ. එයින් ඇතිවන නොයෙකුත් ආකාරයේ රෝග තත්ත්ව ඔවුන්ගේ ආයු කාලය කෙටි කර දෙයි.මිය යන ලක්‍ෂ දෙකෙන් හතළිස් හතරදහසක් හදවත් රෝගවලට ගොදුරුවූවෝ වෙති. ඉතිරි පිරිසෙන් හයදහසක් පීඩාවට පත්වන්නේ පිළිකා නිසයි. පැණි බීම බෝතලයක තැවරුණු මාරයා අන්තිමට එළියට බහින්නේ දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ස්වරූපයෙන් බව දැන් ඉතින් අපි කවුරුත් වටහාගත යුතු වෙමු.:yes:

    රසට රස යෙදූ පැණි බීම වැඩිපුරම බොන්නේ ධනවත් රටවල ඇත්තන් නොව මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලබන රටවල අයයි:rolleyes:. පැණි බීම නිසා දියවැඩියාව වැලඳීමෙන් වැඩිම පිරිසක් මාරමුඛයට වැටෙන්නේ ලතින් අමෙරිකානු රටවලින් සහ කැරිබියන් කලාපයෙනි. නැඟෙනහිර සහ මධ්‍යම රුසියානු ජනගහනයෙන් වැඩිම පිරිසකගේ අවසන් ගමන තීන්දු කරන්නේ කෘත්‍රිම බීම වර්ග දිගේ ඇදී එන හෘදයාබාධයි. මෙක්සිකෝවේ අය රසකාරක එක් කළ බීම වර්ග බොන්නේ තරගයකට මෙනි.
    ඒ නිසා මෙක්සිකෝව පැණි බීම පානය කරන්නන් වැඩියෙන්ම සිටින රට බවට නම් කර තිබේ. පැහැයෙන් ලස්සන දිවට රස පාන් වැඩි වැඩියෙන් බී ලෝකයේ වැඩි වැඩියෙන් මිනිසුන් මැරෙන්නේත් මෙක්සිකෝවෙහිය. එහි වැඩිහිටියන් මිලියනයකින් සෑම 18 දෙනකුම මිය යන්නේ කෘත්‍රිම පානයන් නිසයි. ජපානයට තවමත් මේ කරදරය දැනෙන්නට බලපෑ බවක් නොපෙනේ. එහෙත් ජපාන ජනගහනයෙන් මිලියනයකට දසදෙනෙක් පමණ වැඩිහිටියෝ එකී නුවුවමනා ඇබ්බැහියෙන් වළට පාර කපා ගනිති.

    “කල් අල්ලන භයානක රෝග නිසා මිය යන වැඩිහිටියන් පිරිස ගැන අපි මේ පර්යේෂණයේදී අවධානය යොමු කළා. ඒත් සීනි සහිත නොයෙකුත් කෘත්‍රිම පාන භාවිත කරන දරුවන්ට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක තවමත් පර්යේෂණවලට ලක්වෙලා නැහැ.

    මේ තත්ත්වය දැන් පවතින්නේ කොහොමද? ඉදිරියේදී මොකකින් මොකක් වෙයිද? කියන එක ගැන පර්යේෂණ කළ යුතුමයි” යැයි කියා කියන්නේ වෛද්‍ය ගීතාංජලී සිං ය.

    ඇය පැණි බීමවල ආදීනව ගැන හෙළිදරව් කිරීමට සිදුකළ පර්යේෂණය මෙහෙය වූ කණ්ඩායමේ ප්‍රධානියායි. වෛද්‍ය ගීතාංජලී සිං, අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් හි පිහිටි හාවර්ඩ් පාසලේ මහජන සෞඛ්‍ය ආයතනයේ වෛද්‍යවරියක ද වන්නීය. ඈ ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම මේ තොරතුරු අනාවරණය කරගත්තේ 2010 වසරේදී ලෝකය දැවු රෝග පිළිබඳ කළ අධ්‍යයනයකින් අනතුරුවයි.

    මේ පර්යේෂණ වාර්තාවට පෙර තවත් පර්යේෂණ වාර්තාවක් පසුගිය මාසයේදී එළිදැක්විණ. ඒ පර්යේෂණය සිදුකළ කණ්ඩායම පැවසුවේ පුද්ගලයකු පැණිබීම එක් බෝතලයක් දිනකට පානය කළහොත් කෙටි කලකින් ඔහුට දෙවන අදියරයේ දියවැඩියා ඇතිවන්න ඉඩකඩ තිබෙන බවකි.

    සීනි සහ රසකාරක යොදා හැඩයට, පෙනුමට තබා ගිනි ගණනට අලෙවි කරන බීම වර්ගවල තිබෙන සීනිවලින් මිනිස් සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතාමත් අධික බව කියැවේ. එයින් සිරුරට අසාමාන්‍ය ලෙස අයහපත උදාකරන බවත් විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. මිනිස් සිරුරට දිනකට වැඩිපුර කැලරි 150 ක් එමඟින් එකතු වුවහොත් ජනගහනය අතර දියවැඩියාව 1% කින් ඉහළ නඟින බව කියන්නේ ස්ටෑන්ෆෝර්ඩ් , කැලිෆෝර්නියා - බාර්ක්ලේ සහ කැලිෆෝනියා - සැන් ෆ‍්‍රැන්සිස්කෝ යන විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් පිරිසකි.

    තිබහට දිය පොදක් බීම අතහැර කලින් කලට පැතිරෙන පැණිබීම වෙළෙඳ මාෆියාවටත් එය ඇසුරු කරගත් නොහොබිනා සංස්කෘතියටත් හසුවන මිනිසුන් තමන්ගේ පවස නිවාගන්නට කලින් මොළය පාදාගත යුතුව තිබේ. ඒ වූ කලී, තිත්ත සීනිවලින් රස කලතා බොරු ආටෝපයේ දැවටූ බීම සමඟ උගුර දිගට මරණය වත්කර ගන්නවාද? නැත්නම් කිසිදු කිසි රසයක් නැති සීතල පැන් පොදක් බී සැනසෙනවාද? යන්න තෝරා බේරාගැනීමට කරන ඇරැයුමකි.
    :cool:
    උපුටා ගැනීම දිනමිණ පුවත්පත ඇසුරිනි:yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    හෙන ගහපිය. අද හවස ඉඳලා මේ වෙනකන් හරියටම Portello ලීටරයක් බිව්වා. යකෝ මැරෙයිද දන් නෑ මේ බොන බීමට :oo::oo:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙන ගහපිය. අද හවස ඉඳලා මේ වෙනකන් හරියටම Portello ලීටරයක් බිව්වා. යකෝ මැරෙයිද දන් නෑ මේ බොන බීමට :oo::oo:
    ඔහොම බිව්වොත් පුටාගෙ සුගර් වැඩිවෙයි
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    හෙන ගහපිය. අද හවස ඉඳලා මේ වෙනකන් හරියටම Portello ලීටරයක් බිව්වා. යකෝ මැරෙයිද දන් නෑ මේ බොන බීමට :oo::oo:



    හුටා ....................... :baffled::baffled::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඔහොම බිව්වොත් පුටාගෙ සුගර් වැඩිවෙයි
    FBC එකක් කරලා බලන්න ඕනේ :oo::oo:
    හුටා ....................... :baffled::baffled::baffled:

    ඔව් බං. මේ ටිකේ රස්නේ නිසා අනිවා දවසකට බීම ගහනවාමයි. බීම නැත්තම් මිල්ක් ශේක් හරි ගහනවා . ගෙදර අය බනිනවා ඔහොම බොන්න එපා කියලා. ඒත් පෙවෙනවා බං :baffled::baffled:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    FBC එකක් කරලා බලන්න ඕනේ :oo::oo:


    ඔව් බං. මේ ටිකේ රස්නේ නිසා අනිවා දවසකට බීම ගහනවාමයි. බීම නැත්තම් මිල්ක් ශේක් හරි ගහනවා . ගෙදර අය බනිනවා ඔහොම බොන්න එපා කියලා. ඒත් පෙවෙනවා බං :baffled::baffled:



    මම නම් highland කල් කිරි එකක් ගහනවා ............ :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පැණි බීම බෝතලයක තැවරුණු මාරයා අන්තිමට එළියට බහින්නේ දියවැඩියාව, :yes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    290327d5b8781c48ed419e4d1cac941b.gif