kaata kiyannada meva ?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    35aul8j.jpg

    :angry::angry::angry::angry::angry::angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බීලා රිය පැදවූ හිමි නමට දඩ
    සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    රොෂාන් සෞදි 2013-04-04 10:59:00
    මෙයා චීවර ධරියෙක්ද? නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක්ද?​
    කුරේරා 2013-04-04 10:33:11
    අපාගත වැඩ (ත)​
    පෙරේරා 2013-04-04 10:31:46
    සුරා මෙරා මජ්ජ පමා ??? (ත)​
    තමල් 2013-04-03 20:47:44
    හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කම සමහරුන්ට හරි ජොලි නේ ඔයතරම් දුෂ්ට වෙන්න එපා මිනිසුනේ. (නදී)​
    රත්න 2013-04-03 15:33:43
    හරි හැමදාම මම කියනවා වගේ, අපේ අර "කස්ටිය" මේකටත් මොනවා හරි උත්තරයක් දෙනවාද? පික්ට්, උද්ඝෝෂන කරනවාද? (නදී)​
    ජීවන්ත 2013-04-03 15:42:45
    අර එතුමට කීවානම් ගොඩ දාගන්න තිබුනා. අද තමයි දවස.(නදී)​
    පසීල් 2013-04-03 15:36:39
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. තවත් ඉදිරියට බලාපොරොත්තු වන්න.(නදී)​
    වසන්ත 2013-04-03 15:54:53
    අපේ අහවල් හිමිගේ මල්ලි වෙන්න ඕනෑ. (නි)​
    ධම්මික 2013-04-03 15:55:49
    නිවනට යන ගමන් වෙන්න ඇති (නි)​
    කනිෂ්ක 2013-04-03 16:00:37
    අන් ආගම් අදහන අය නිවැරැදි කිරීමට පෙර අප අපව නිවැරදි කිරීමට කාලයයි මේ.(නදී)​
    නිමල් 2013-04-03 16:05:27
    ගෝ සාදු ගෝ ... (නි)​
    කුමාර් 2013-04-03 16:07:44
    රටකට ගිය කලක්... (නි)​
    අහිංසක 2013-04-03 16:00:45
    අනාගත ශාසනේ සුභ සිද්ධිය උදෙසා මහා නායක වරුන් ඉදිරයට ඇවිත් ක්‍රියා කරන කාලය ඇවිත්.(නදී)​
    යොහාන් 2013-04-03 16:22:10
    කෝ මේ සේනාව දැන් උසාවි එයිද දන්නේ නැහැ.(නදී)​
    රවින් 2013-04-03 16:36:12
    අනේ බුදුසසුනට ගිය කල , රිය පදවනවා මදිවට මත්පැන්, දායකයන්ගේ වැරැද්ද , මේවගේ අයට වැඩ නමස්කාර කරනවා , අසෝක රජතුමා බෞද්දයෙක් උනේ පුංචි ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ සංවරය ගැන පැහැදීම නිසා.(නදී)​
    ශාන්ති 2013-04-03 16:46:48
    ලොකු ලොකු අයටත් මෙලෙසම සළකාවියි බලාපොරොත්තු වෙනවා. (නි)​
    වරුණ 2013-04-03 16:41:12
    සිව්රට මුවාවෙලා පාදඩ වැඩ කරන කට්ටිය කොච්ච්ච්ර ඉන්නවද? (නදී)​
    ඇසළ 2013-04-03 16:49:49
    සිවුර ගලවලා කලිසමක් අන්දලා තමයි දඩුවම් දෙන්න තිබුනේ. (නි)​
    රෝයි 2013-04-03 16:52:14
    මේ රටේ හිමිවරුන්ට මොනවද වෙලා තියෙන්නේ.? මේවට බොදුබල සේනාව මොනවද කියන්නේ ?(නදී)​
    රුහුනුපුත්‍ර 2013-04-03 16:59:46
    අර අහවල් උන්නාන්සේගේ අඩිපාරේම යන තව මධ්‍යසාර කෙනෙක්‌ වගේ!! (නි)​
    මර්ඩන් 2013-04-03 16:56:01
    බොදු බල සානවට ජය වේවා !(නදී)​
    හිමි 2013-04-03 17:10:20
    මේ හිමිවරු දැන් දැන් කරන දෙයින් බුද්දිමත් කෙනා තව තවත් දහම වැටහා ගනී . මේවා දකිනකොට කොසොල් රජුසේ සිහිනයේ අනාගත බික්ෂුන් ගැන පැහැදිලි කිරීම සිහිපත් කරගන්න . බුදුදහම මනුස්ස ලෝකයේ පවතින්නේ වසර 5000 නම් දැන් 2500 ගෙවී අවසන් වූ තැන මේ යන්නේ නැතිවේගෙන යන කාලයයි . ගොඩ වුන අය ගොඩ වුනා . අපි තමා සංසාරේ . (නදී)​
    ජනක 2013-04-03 17:04:04
    මේ හිමිනම බෞද්ද හිමි නමක්ද නෙත්නම් අබෟද්ද හිමි නමක්ද?(නදී)​
    ශාන 2013-04-03 17:12:48
    බුදු බල සේනාවට කියන්න දඩුවම් දෙන්න කියලා.(නදී)​
    අමිල 2013-04-03 17:06:29
    හිමි වරුන්ට අපේ ස්වාමිලා වගේ රිය පැදවීමට අවසර දිය යුතුයි.(නදී)​
    අසේල 2013-04-03 17:07:39
    හෙට අනිද්දට අනිත් අයත් සිවුරු ඇඳගෙන බීලා රිය පදවයිද දන්නෙ නැහැ දඬුවම ලිහිල් කරගන්න. මුස්ලිම් රටක එහෙම නම් දැඩි දඬුවම්. (නි)​
    ෂිහාම් 2013-04-03 17:18:50
    අහෝ දුකකි. මොකක්ද අපේ සාදුලට වෙලා තියෙන්නේ.(නදී)​
    බුද්දි 2013-04-03 17:14:23
    යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම් කරන අයටත් දඩුවම් දෙන්න.(නදී)​
    සෙලනිකස් 2013-04-03 17:17:42
    නියමයි. ඔන්න මීට පස්සේ කරන දෙයක් සිවුරක් දාගෙන කළා නම් හරි. අඩු ගානේ කතාකරලා සමතයකට හරි එන්න පුළුවන් නේ. (නි)​
    ප්‍රසන්න 2013-04-03 17:26:42
    හාමුදුරු කෙනෙක්ලු නේද? ගෙදරකද ඉන්නේ?? පන්සලක් නැද්ද?(නදී)​
    සම්පත් සංජීව 2013-04-03 17:35:53
    මෙයාට හිමි නමක් කියල අමතන එක ලොකු වැරැද්දක්. මෙවෙනි වංචනික මිනිසුන් නිසා බුද්දාගමට වෙන්නේ අවමානයක් .විනිසුරු තුමා උපරිම දඩුවමක් දීපු එක හරි.(නදී)​
    සෑම් 2013-04-03 17:35:17
    අනිවාර්යෙන්ම මෙයාට බොදු බළ සේනාවෙන් දඬුවම් ලැබෙනවා.... බේරීමක් නැත.(නදී)​
    චානක 2013-04-03 17:38:46
    සිව්රට ගරුකරන හාමුදුරු නමක් නම් මෙහෙම හැසිරෙන්නේ නැහැ.(නදී)​
    ගාමිණී 2013-04-03 17:46:18
    කොහේ හරි දානෙකට යන්න ඇති සාදු සාදු (ත)​
    චන්දන 2013-04-03 17:46:13
    කරුණාකර සිවුර ගල වන්න. (ත)​
    සකත් 2013-04-03 17:57:00
    හාමුදුරුවන්ට රියදුරු පලපත් දුන්නනම් හරි. සිල්පදය කැඩුවට නඩු දාන්න.(නදී)​
    ගාමිණී 2013-04-03 18:04:40
    අනේ පවු. දානෙකට වඩිනව වෙන්න ඇති (ත)​
    කසීම් 2013-04-03 18:13:23
    මට මේක අදහාගන්නත් බැහැ.(නදී)​
    සදරුවන් 2013-04-03 18:12:59
    විෂ සහිත සමාජයේ පාපිෂ්ට චීවර ධාරියෙක්.(නදී)​
    ධම්ම 2013-04-03 18:25:42
    මහනායක හිමිවරුන්ට මේ ගැන වගකිමක් නැත්ද?(නදී)​
    කුරුවිට 2013-04-03 22:09:23
    කුනු බිත්තරවලින් ගහනවා කිව්වේ. මේ ධර්මද්වීපයද?(නදී)​
    මොහොමඩ් 2013-04-03 18:43:02
    බොදුබල මේවට කථාකරන් නෙද්ද? (ත)​
    රොහංපෙරෙර1973@ග්මිල්.com 2013-04-03 19:02:15
    මෙන්න වැඩක්. භික්ෂුන්ට රියදුරු බලපත ලබා දිය යුතුය. (නදී)​
    පෙරුමාල් 2013-04-03 19:09:13
    ආයේ දෙකක් නෑ, මෙයා බො.බ.සේ. එකේ සාමාජිකයෙක් වෙන්න ඕන. ඒකේ ලොක්කෙකුටත් මෙහෙම වෙලා තියෙනවලු.(නදී)​
    මාර්ක් 2013-04-03 19:17:03
    ඕක විතරයි අඩුවකට තිබ්බේ. ඒකත් හරි.(නදී)​
    අජිත් 2013-04-03 19:26:47
    මේ වගේ වැරදි නිසා අපි බුද්ධාගමේ අය කියන්නත් ලැජ්ජයි.(නදී)​
    මෝරලා 2013-04-03 19:24:37
    මොනවා උනත් මේ හිමිනමත් මනුස්ස ආත්මයක් නේද එමනිසා වැරදි කොයි කාගේ අතිනුත් වෙන්ඩ පුළුවනි. සිවුර තමාට බරක්නම් එය අතාරින්ඩත් පුළුවනි.(නදී)​
    සෝපාක 2013-04-03 19:32:23
    මේ කෙනාගේ අන්නස්‍රෝතය කටුකම්බියක් දාලා කිචි කවන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා. (නි)​
    මුතුකුඩ 2013-04-03 19:35:28
    බොනකොට අපි කිවුවා හා හා හා හාමුදුරුවනේ බොන්න එපා කියලා. කෝ කිවුවාට ඇහුවයෑ? (නි)​
    විජය 2013-04-03 19:55:22
    දැන් කොහෙද හමුදුදෘවෝ ඉන්නේ?(ත)​
    තිලක් 2013-04-03 19:51:08
    අනිවාර්යෙන්ම බොදු බල සේනාවේ කෙනෙක් වෙන්න ඇති. එයාලට නීතියක්,රීතියක් නැහැ කියල අපි දන්නවා.(නදී)​
    අරුසියා 2013-04-03 20:23:03
    සිංහල ජනගහණය වැඩි කරගන්න ඉස්සර ඔයාලගේ ශාසනය හදාගන්න (නි)​
    කමල් 2013-04-03 20:43:55
    කෙනෙකගේ වරද දුටුතැන පහර ගහන්න බලාගෙන ඉන්නේ.(නදී)​
    චතුල වෙරෝනා 2013-04-03 20:57:11
    අපිට බීල රිය පදවන්න පුලුවන්නම් හිමි වරුන්ට ඈයි බෑරි. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)​
    සමීර් 2013-04-03 21:07:07
    මම බෞද්ධ ධර්මයට සහ බෞද්ධයන්ට ගරු කරමි. නමුත් මම කියන්න කැමතියි ඔය බොදු බල සේනාවට මුසල්මානුවන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සර තමන්ගේම හිමිවරු ගැන හොයලා බලන්න කියලා. (නි)​
    සිල්වා 2013-04-03 21:10:49
    අපි නොදන්නා තව කීදෙනෙක් මෙහ විදියට ඇතිද ?(නදී)​
    මාලක 2013-04-03 22:03:30
    මෙහෙම කියන්න උනාට කණගාටුයි. සංසාරෙන් එතෙර වන්න ඉන්න හාමුදුරුවෝ දේසපාලනේ,රැකියා,කරනවා නම්,දබදිව චාරිකා සන්විදනේ කරනවා නම්,සල් පිල් තියල හම්බ කරනවා නම්, ඒ හැම දෙයක්ම ගිහියෝ නොදැක්ක වගේ ඉන්නවා නම්, වාහනේ එළෙව්වාම මොකද වෙන්නේ. (ත)​
    පාලිත 2013-04-03 22:46:55
    ඔබවහන්ස ඉන්ටෙර්නෙට් බලනව ඇති. මේ විස්තර බලන්න. බලල කරුණාකර ඉක්මනට සිවුර අතහැර ගිහි ජීවිතට යන්න. (ත)​
    ජීව 2013-04-03 23:38:03
    කොහොමත් මේක කුමන්ත්‍රනයක් තමයි. සිවුර දාගත්ත සිවිල් මිනිසුන් අද සමාජයේ ඉන්නවා. ඒ අය හරහා බුද්ධාගමට අපහාස වන සිද්ධීන් ඇතිකිරීම මේ අයගෙ ප්‍රධාන අරමුණයි.(නදී)​
    අරුෂියා 2013-04-03 23:51:32
    මෙහෙම සාදුලාවයි ඉන්දියවෙට යවන්නේ ඕන ගුටිකාගෙන එන්න කියලා.(නදී)​
    දාස් 2013-04-04 01:42:46
    කාර් එකේ තව කවුරුත් හිටියේ නැද්ද ? (නි)​
    මේනකා සෞදි අරාබිය 2013-04-04 02:06:45
    අනේ අපොයි සිවුරට ගිය කලක් ! (නි)​
    හේවාවිතාරණ 2013-04-04 02:34:53
    දැන් ඉතින් රිය පදවන්න බලපත්‍ර නැති වුණොත් සිවුරක් දා ගත්තහම හරි. (නි)​
    චන්දන 2013-04-04 05:15:32
    දැනගන්නයි අහන්නේ. ලංකාවේ හාමුදුරුවරුන්ට රියදුරු බලපත් ගැනීම කැපද? වාහන එලවන කෙනාට කියන්නේ රියදුරා නිසා බලපත්‍ර ගැනීම හාමුදුරුවන්ට සුඳුසු නෑ කියලි මම හිතන්නේ.(නදී)​
    හේවාවිතාරණ 2013-04-04 12:41:28
    වැරදි වලින් බේරීමේ එකම මග සිවුරක් දාගෙන වැරදි කිරීමයි කියලා දැන් මිනිස්සු හිතයිද දන්නෙ නැහැ. (නි)​
    පුසාද් 2013-04-04 08:34:26
    ඇත්තටම හිමි නමක් වෙන්න බැහැ, චීවර දාරියෙක් කියල කිව්වනම් හරි. (ස)​
    අසෝක 2013-04-04 09:19:36
    අපේ අහවල් හාමුදුරුවන්ගේ සද්දයක් නැද්ද ඔය ගැන? (නි)​
    ලංකාපුත්‍ර 2013-04-04 09:29:09
    සුරා සූදුවට මුල් තැන දී තියෙන බෞද්ධ රටක ශරීර මහන්සියකට හිමි නමක් ටිකක් ගත්තයි කියලා එමගින් බුද්ධාගමට මදිකමක් සිදුවේවි කියා සිතනවද? (නි)​
    අසෝක 2013-04-04 09:30:10
    අපේ විනිසුරු තුමාට මගේ ආචාරය! (ස)​
    ස්ටීව් 2013-04-04 09:40:10
    අර කට්ටියට කියමුද මෙයාටත් ගල් ප්‍රහාරයක් දෙන්න කියලා? (නි)​
    උපුල් කහටපිටිය 2013-04-04 10:09:01
    ඔහොම ගියොත් අපේ බුද්ධාගම රකින්නේ කොහොමද ? (නි)​
    ප්‍රසාද් 2013-04-04 10:43:37
    අපිට දුකයි. හාමුදුරුඅවරු දැන් කරන්නේ තමන්ට අයිති දේ නෙමෙයි. ඕනෑ එකටයි එපා එකටයි හැම දේටම එයාලා ඇඟිලි ගහන්න එන එකයි වරද. බිස්නස් කරන්න ඕනෑ එයාලා කියන විදියට. යන්න ඕනෑ කඩේ තෝරාගන්න ඕනෑ එයාලා කියන විදියට. ක්‍රිකට් ගහන්න ඕනෑ එයාලා කියන විදියට. වෙන එකක් තියා මිට මාස දෙක තුනකට කලින් බණ්ඩාරගම වෙච්ච සිද්ධියක් බැලුවහම හදන ළමයි ගැන තීරණය කරන්නත් ඕනෑ එයාලා කියන විදියට. අපි රටේ නීතියට ගරු කරන නිදහස් පුරවැසියෝ. අපි මොකටද මේ නීතිවලට යටත් වෙන්නේ. (නි)​
    නිමල් 2013-04-04 12:27:18
    මේ ස්වාමින් වහන්සේ වරදක් කරන්න ඇති. භික්ෂුවක් වුණත් මේත් මනුස්සයෙක්. වරදක් කරපු බව ඇත්ත. ඒකට නීතියෙන් දඬුවම් ලැබීලා තියෙන්නේ. අපත් විනිශ්චය නොකර ඉදිමු. මේ ස්වාමින්වහන්සේට සමාව දෙමු. වැරදි කරන එක මනුස්සකම එහෙත් සමාව දෙන එක දේව ගතියක්. මම ක්‍රිස්තියානි කෙනෙක්. (නි)​
    ශාන් 2013-04-04 12:37:58
    කෝ අපේ බොදු බල සේනාව? මේකට මොනවද කියන්නේ ? (නි)​
    රියාසා 2013-04-04 13:36:17
    දෙයියෝ සාක්කි... (ස)​

    ඔන්න ඔය පුවතට ලැබිච්චි ලකුණු ..මේවට කතාකරන්න කව්රුත් නැද්ද?