Elakiri-ගිලානෝපස්ථාන සේවාව

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
Elakiri-ගිලානෝපස්ථාන සේවාව

168563_4036685853904_2140146807_n.jpg


 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
306092_499288310107580_1139038773_n.jpg


පුළුවන්නම් ඇය වෙනුවෙනුත් උපකාරයක් කරන්න. ඇය මගෙන් කල ආයාචනයයි. සිනහසෙන්නන් සමග සිනහසෙන්නත්, අඩන ඇත්තන් සමග අඩන්නත් හැක්කේ උණුවන හදවතක් ඇත්තෙකුට පමණමය. අපි එකසැරයක් එකතු වී හසංගි අක්කා වෙනුවෙන් පෙල ගැසුනෙමු. ඇයගේ ශල්‍යකර්මය වෙනුවෙන් උදව් කලෙමු. ඇගේ ශල්‍යකර්මය සාර්ථක වුන බව ඇසුනු මොහොතේ පටන් සිතට දැනුනේ පුදුමාකාර සතුටකි.

ඇය නමින් යශෝධා ජයරත්නය. වයස අවුරුදු 24කි. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියාය. සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබුවද ලියුකේමියා රෝගයේ අතුරු ආබාධයක් ලෙස ඇයට ඇවිදීමේ වාසනාව අහිමිව ගියාය. 5 වසර ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත්ව ඉදිරිය දකින්ට ඇයට නොහැකි වූවාය. ඇගේ ඉනෙන් පහල අප්‍රාණිකව ගියේය. වරසකට අධික කාලයක් එක්තැන් සිටීමෙන් පීඩන තුවාල පවා ඇගේ හටගත්තේය. 1999 වසරේ සිට ඇයට රෝද පුටුවක වාඩිවෙන්නට වූ ඇයගේ මේ වන විටත් ඉනෙන් පහල අප්‍රාණික තත්වයකය.

2005 වසරේ සිට යශෝධාගේ කොදුඇට පේලිය නැමෙන්න පටන් ගත්තේය. උකුල් ඇටයේ වැරදි පිහිටීමත්, කොදුඇට පේලිය එන්න එන්නම නැමීමත් හේතුවෙන් කෙතරම් දොස්තරලගෙන් බෙහෙත් ගත්තද ඇය සුව නොලැබුවාය. දැන් අසනීප තත්වය දරුණුවටම හැරී ඇත. scoliosis රෝගයේ උච්චතම අවස්ථාව වන Kyphoscoliosis නම් රෝගී තත්වයට ඇය ගොදුරුව ඇත. මේ වන විට ඇයට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවී ඇත.

ඇපලෝ රෝහලේ සජාන් හෙජ් මහතාගෙන් ඇයට ලැබුණේ සතුටුදායක පිළිතුරකි. නමුත් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල ඇසූ විට එම සතුට සුණුවිසුනු වී ගියේය. ඇයව නැවත යථාතත්වයට ගෙන ඒමට ආසන්න වශයෙන් ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය බවද හැකි ඉක්මනින් ශල්‍යකර්මයද කරන මෙන් වෛද්‍ය උපදෙස් ලැබුනේය.

කඩවත ජීවත්ව සිටි ඔවුන්ගේ ජීවිත වලට කනකොකා ඇඩුවේය. 2010 වසරේදී ඇගේ පියා යශෝධාගේ මවගෙන් දික්කසාද වුනේය. ඔහු තම නිවස බෙදා පිටුපස කොටස මොවුන්ට ලබාදී කොටසේ විසුවේය. ඔහුගේ නොමනා හැසිරීම බලා සිටීමට බැරිම තැන අම්මා, යශෝධා හා නැගණිය නිවසින් එළිබැස්සේය.

ඇයගේ නැගණිය නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස්පෙල අංශයේ ඉගැනුම ලබන බැවින් ජීවත් වෙන්නවත් තැනක් නැති වූ ඔවුන් නුවර පදිංචියට ආවෝය. ඇගේ විභාගය අවසන් වන තුරු ඔවුන් දැන් ජීවත්ව ඉන්නේ නුවරය. ඒත් කුලියට ගත් නිවසකය. ඇගේ මව විශ්‍රාමික ගුරුවරියකි. එදිනෙදා ජීවත්වෙන්න මුදල් හදල් තිබුනද ඇයට මේසා විශාල මුදලක් සොයාගැනීමේ කිසිම මාර්ගයක් නැත.

අම්මාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන ඔවුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන්නේ යශෝධාගේ අක්කාය. විවාහා වී සිටියද ඇය ඇගේ සතුට ගැනවත් නොසිතා මොවුන්ගේ සතුට වෙනුවෙන් සියල්ලම කරන්නීය.

_______________________________________

ලක්ෂ 45 මුදල එකතු කර ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208
මහජන බැංකුව, කඩවත.
PSBKLKLX (Swift code)

වැඩිදුර විස්තර සදහා
0775262396 / 0728571983


සියළු වාර්තා:http://harshana-bc.blogspot.com/2013/03/yashoda-needs-you.html
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
575684_407568982672055_1756817412_n.jpg


මියෙදෙනා හදකට
පණ නළක් වන්නට...

ලේ
බිඳක් දන් දෙන්න...

අප්‍රේල් 07 වන දින මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවේදී...