.: අමාවකට සඳ පායා :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part - 5 :.

    ~ පස්වන කොටස ~

    ඇයගේ දුරකථන අංකය “චතු” නමින් තම ජංගම දුරකථනයට එකතු කරගැනීමට දිසංකට සිත් දුන්නේ එම කෙටි නාමයට ඔහු වඩාත් ප්‍රිය කල නිසාවෙනි....

    ඔයා දැන් මහරගමට නේද යන්නේ, රෑ වෙලා නිසා මම එන්නද ඔයාව ඇරලවන්න.....

    ඔවුන්ගේ ලෙන්ගතු කතා බහ හමුවේ කාලය ගතවීම පිලිබඳ නිනව්වක් දෙදෙනාටම නොවීය....

    අනේ කමක් නෑ අයියේ, මට යන්න පුළුවන්....ඉස්සර නම් රෑ වෙලා ගමන් යන්නෙම නෑ ඒත් දැන් මේවා පුරුදුයි....අයිය දැන් ගෙදර යන්න මම මෙතනින් කොටුවට ගිහින් යනවා....

    හ්ම්ම් හරි නංගි එහෙනම් මාත් 177 ගන්නවා ඉස්සරහින්....හෙට උදේම ඔයාට කෝල් එකක් දෙන්නම්, මේ සල්ලි ටික තියාගන්න වියදමට....

    අනේ කමක් නෑ අයියේ මගේ ළඟ යන්න සල්ලි තියෙනවා, ඔයා කලිනුත් ලොකු ගානක් දුන්නනේ.....

    හරි හරි ඒකට කමක් නෑ, මට ඔයාට තරම් සල්ලි ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ ඒක නිසා හෙට ජොබ් එක සෙට් කරල දෙනකන් මේක වියදමට තියාගන්න, ආ....

    අයිය මේ කරන උදව් වලට පින් දෙනවා ඇරෙන්න මට වෙන කරන්න පුළුවන් දෙයක් නෑ අයියේ....

    ආ පින් දුන්නම හොඳටම ඇති නංගියෝ, මම කොහොමත් මේ දවස් වල පින් රැස් කරනවා, ලබන ආත්මේ සින්දු කියන්න පුළුවන් හොඳ වොයිස් එකක් ලැබෙන්න කියල.....

    ඔහු සංගීතයට වඩාත් ප්‍රියතාවයක් දක්වන නිසාවෙන් එම ප්‍රාර්ථනය නිතර ඔහුගේ සිත තුල මිමිනෙයි...

    අනේ එහෙනම් මම හැමදාම ඔයාට පින් දෙන්නම්....

    ඒ දිසංක ඇය තුලින් දැකීමට ප්‍රිය කරන ඇයගේ අව්‍යාජ අහිංසකත්වයයි....

    ඇයට අකමැත්තෙන් වුවද සමුදුන් ඔහු 177 බස්රියට ගොඩවුයේ අද දින සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීම ගැන යළිත් වරක් සිතා බැලීමේ ආශාවක්ද ඇතිවය....

    ඔහ්හ් ෂිට්....සොෆ්ට්වෙයාර් එක ගත්තේ නෑ නේද....

    ඔහු අද දින සවස එම අන්තර්ජාල සේවා සැපයුම් මද්‍යස්තානයට ඇතුළුවීමට තීරණය කල අත්‍යවශ්‍යම කාරණය ඔහුට යලි සිහිපත් වුයේ ඒ මොහොතේදීය....

    හෙලෝ! මචන් සසා මට අර සොෆ්ට්වෙයා එක ගන්න බැරි උනා බන්....

    සසා නැතහොත් සසංක යනු ඔහුත් සමග මෘදුකාංග නිර්මානකරනයේ යෙදෙන ඔහුගේ ලඟම මිතුරෙකි....

    ඇයි බොල තෝ කලින්ම පැනගත්තේ ඕක ගන්න ඕනි කියල නේද...?

    ඔව් බන් ඒත් මේ පොඩි කේස් එකක් වෙලා ඒක අමතක උනානේ....

    සිදුවූ සත්‍ය සිදුවීම තම මිතුරාට ප්‍රකාශ කිරීම මේ මොහොතේ නුවනට හුරු නොවන බව ඔහුට සිතිනි....

    ඇයි මොකද සාය කෑල්ලක් පස්සෙවත් පෑගුවද?

    නෑ නෑ බන් වෙන සීන් කෝන් එකක්, ඒක නෙවෙයි මට මේකට ඔප්ෂන් එකක් කියපන්කො....

    ඇයි බොල ගොන් හරකෝ ලේට්‌ නයිට් පැකේජ් කියල එකක් තියෙනවා උඹ මීට කලින් අහල නැද්ද?

    අම්මට සිරි! උඹ නම් දෙයියෙක් බන් මට ඕක මතක්‌ උනෙ නෑනේ බන් බලපංකො....

    මට පේන්නේ උඹ අද හොඳ සනීපා පාරක් කාල තියෙනවා මෙමරි ක්ලියර් වෙලා යන්නම....

    හික්ස් උඹ කියපු කතාවේ බාගයක් හරි බන් මෙමරි නම් ක්ලියර් වෙලා තමයි තිබුනේ....

    මම හිතුව අනිත් බාගේ හරි කියයි කියල....

    ඔහු පැවසුයේ උපහාසාත්මක සිනාවක්ද සහිතවය...

    පිස්සුද බන් උඹ දන්නවනේ අපි පස්සෙන් ගිහින් සෙකන්ඩ් වෙන ජාතියේ කොල්ලෝ නෙවෙයි කියල.....

    ඔව් ඔව් උඹ ඉතින් බලන් ඉන්නේ කෙල්ලෙක් උඹේ පස්සෙන් එනකන් නෙ....

    ඔව් ඉතින් ඕනිනම් ආපුවාවේ, එහෙනම් මචෝ මම අතාරිනවා..... මේ බස් ඒකෙ යන ගමන් උඹට ගත්තේ....

    හොඳා හොඳා පරිස්සමෙන් පලයන් එහෙනම්....බහින තැන එහෙම අමතක වෙන්න පුළුවන් ෆෝන් එකේ ඇලර්ට් එකක්වත් දාගනින්....

    ඔහුගෙන් දිගින් දිගටම උපහාසාත්මක ප්‍රහාර.....

    අනෙ පල....

    මිතුරාගේ ප්‍රකාශයට එසේ පිළිතුරු දුන්නද අද දින එවැනි දෙයක් වුවද සිදුවීය හැකි බව ඔහුටද සිතුනි...



    ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම අඳුරන අක්ක කෙනෙක් ඉන්නවා, සයු අක්ක කියල අපි කියන්නේ.... එයාට තියෙනවා පොඩි කමියුනිකේෂන් එකක් මාලබේ ටවුන් එකේ,

    :frown::frown::angry::angry::angry:
    ඇයි උඹ මේකට සයූ අක්කව :love: ඇදලා ගත්තේ
    :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    හෙලෝ! මචන් සසා මට අර සොෆ්ට්වෙයා එක ගන්න බැරි උනා බන්....

    සසා නැතහොත් සසංක යනු ඔහුත් සමග මෘදුකාංග නිර්මානකරනයේ යෙදෙන ඔහුගේ ලඟම මිතුරෙකි....
    [/COLOR][/COLOR]
    [/SIZE]
    ape sasata mona softwareda ? :rofl:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කොටු කොටු සිං එකක් කියලා මම හිතුවේ. කතාව සමහර තැන වල ඇස්ලේටරේ පාගනවා වැඩි වගේ
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කලබල නැතුව ලස්සන කතාවක් ලියපන් මචන්.. කලින් පාර වගේ හදිස්සියේ ඉවර කරන්න එපා.. ඒ කතාවත් මං හරි ආසාවෙන් කියෙඋවේ එත් අවසාන කරපු විදිය ගැන ලොකු පැහැදීමක් නෑ එත් උබට ලිවීමේ දක්ෂතාවය නම් ලෙසටම තියනවා. ජය වේවා

    Aniwa saho....a awula hadaagena me sare kathaawa liyanna thamai try eka balamu....Thanx wewa!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    bump
    digatama dapan yalu api balanawa

    elaz ටිකක් කියෙව්වා bookmark දාගත්තා පස්සෙ කියවන්න. දිගටම ලියමු. :yes:

    heeniyata madakuth yanawada manda..
    ela ela digatama liyanna...

    ලස්සන කතාවක් වෙ‍යි වගේ.
    දිගටම ලි‍යන්න.:)

    niyamai digatamu liyamu ehenam

    elaz ටිකක් කියෙව්වා bookmark දාගත්තා පස්සෙ කියවන්න. දිගටම ලියමු. :yes:


    බොහොම ස්තුතියි අදහස් වලට! දිගටම කතාවත් එක්ක එකතුවෙන්න.....:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Niyamai Machan. Thanks for the Update

    Elakiri!!!!!

    ELA ELA... UPDATE EKATA THANKS

    :)
    11.gif