නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,219
    24,922
    113
    tracing Geo-location.. ... ...
    එල මචන්...උඹ නියමෙට ලියාගෙන යනවා...ලස්සනට ලියල ලස්සනට ඉවර කරන්න...හැමදාම කීයට හරි කියවනවා මේ කතාව...:D:D
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (9) .....

    ...... (9) ......


    තමාලි මගේ පොතත් අරගෙන මා කියූ දේට සිනාසෙමින් පන්තියෙන් එලියට ගියේය. ඇයගෙන් මට අකමැත්තක් නැතැයි මට සිතිනි. ඇය මගෙමයයි මට සිතුනි.කුමාරයයි මමයි වෙච්චදේ කතාකරමින් බොරැල්ලට යාම සඳහා පැමිනියෙමු. රාදිකයා තවත් කොල්ලන් තිදෙනෙක් සමග ගේට්ටුව අසල සිටියේය. ජයකොඩියාද ඒ අසලම සිටියේය. අපි දෙන්නා නිහඩව අපේ පාඩුවේ ඔවුන් නොදැක්කාමෙන් ඇවිදගෙන ගියෙමු. ගේට්ටුව අසලට පැමිනෙනවාත් සමගම රාදිකයා මට කතා කලේය.

    ඒයි අයන්තයා.. පොඩ්ඩක් වරෙන්කො.

    මම රාදිකයා දෙසට ගියෙමි. කුමාරයාද මගේ පිටුපසින් ආවේය. කතාව ඇරඹුවේ ජයකොඩියාය.

    අයන්තයා උඹ දන්නවනෙ අපේ රාදිකයා තමාලිට ට්රයි කියලා.. උඹත් ට්රයි කියලා අපි දන්නවා. උඹ අද ඒකිට කිව්ව නේද කොල පාට ගවුමක් ඇඳන් එන්න කියලා .

    මට දුන් විසිවුනි. ජයකොඩියා ඒක දන්නෙ කොහොමද.සමහර විට ඌට ඇහෙන්න ඇතැයි මම සිතුවෙමි. කුමාරයගෙයි මගෙයි කාඩ් ගේම් එක චාටර් වූවායයි මට සිතිනි.

    ම්ම්ම්ම්ම්.. මම කිව්වනම් තමා ජයකොඩියා.. මොකද අවුල.. මගේ පන්ඩිත වදන්ත් සමග කතාවට ආවේ රාදිකයාය.

    මොනාද බන් පොඩිඋන් වගේ මෝඩ වැඩ කරන්නෙ. කෙල්ලො කැමති නෑ බන් ඕවට. හරි හරි අවුලක් නෑ.. මේක අහපන්කෝ හෙට තමාලි උඹ කිව්ව විදිහට ආවොත් උඹ දිනුම් හරි. මම ගේම් එක්න් ෂට්ඩවුන් වෙනවා. හැබැයි එහෙම නොවුනොත් උඹ ෂට් වෙන්න ඕන හරිද.

    හරි මම එකඟයි..

    කොළපාට ගවුම... එසේ කියමින් රාදිකයා සිනාසෙන්නට විය. පැනපු ගමන් ඌට දෙකක් අනින්න සිතුනත් නිහඩව සිටියේ එතන පිරිස වැඩි නිසාය. නිකන් ඉල්ලන් කන්න ඕනේ නැත.

    කොහෙන්ද බන් උඹට ඔය මෝඩ අදහස් එන්නෙ. මගෙන් ඇහුවනම් මම ඔයිට වඩා හොඳ එකක් කියනවනෙ.. ඕකේ ඕකේ හෙට බලමුකො. එහෙනම් අපි ගියා.. කොලපාට ගවුම.

    රාදිකයා එසේ කියමින් ගෝලයන් පිරිසත් සමග බොරැල්ල පැත්තට ගියේය. රාදිකයා ගාව මම නෝන්ඩි උනාදෝ කියා මට සිතුනි.

    මම කිව්වෙ බන් ඔය අයිඩියා එක ගැන.. කව්ද බන් හිතුවෙ ජයකොඩියා අහගෙන ඉඳියි කියලා.. මැදැයි කොල බාල්දුකලා..

    උඹ බය වෙන්න එපා.. ගේම් එක උඹේ.. සෙල්ලම් කරමු. බලපන්කො අරූගෙ ටෝක්ස්.. අහ් ඔන්න එකසියතුනක් එනවා නැගල පලයන්. හෙට සෙට් වෙමු.
    බායි මචෝ.. බුදුසරණයි!
    ******​

    මල්ලි බැහැගන්න .. කොටුවට ආවා බස් එක.. වෙනදා ආමර් ස්ට්රීට් බහිනවා නේද.. මලයට අද නින්ද ගිහින් වගේ..

    අහ්.. ඔව් අයියේ.. ඊයෙ රෑ මළගෙදරක් ගිහින් පාන්දර ආවෙ .. තෑන්ක්ස් අයියා..

    කොන්දොස්තර අයියාට පට්ට පල් බොරුවක් උදේපාන්දරම කියමින් මම බසයෙන් බැස ගත්තෙමි. මෙවැනි සිදුවීමක් මට කවමදාවත්ම වී නැත. මෙගේ මනස එච්චරටම අවුල්වෙලාදෝයැයි සිතමින් එකසියතුනක එල්ලුනේ පන්තියට යාමමටය. මා යනවිට වෙනදාට වඩා ප්රමාද වී තිබුනි. අද රන්ගයාද අපේ වට මේසෙට සෙට් වෙලා ප්ලේන්ටියක රස බලමින් සිටියේය.

    ගුඩ් මෝර්නින් අයන්තයා.. දැන් ආදර වන්තයෙක් වෙලාලු නේද

    වෙලා... ද .. මන්දා .. ආදරේ කෙසේවෙතත් මගෙ සිස්ටම් නම් අවුල් වෙලා වගේ බන්

    ආ .. එහෙනම් බොක්කටම වැදිල වගේ ලව් එක

    රන්ගයාට මම මුකුත්ම නොකියා සිනහවකින් පිලිතුරු දුන්නෙමි. කුමාරයා රන්ගයාට සියලුම විස්තරේ කියා තිබුනේය. කැන්ටිමේ ගතකල විනාඩි හත, අට කාලය තුල රන්ගයාගේ ප්රස්න සියයකට පමන පිලිතුරු සැපයීමට මට සිදුවූයේ ඒ නිසාය. අප තිදෙනා පන්තියට යන විත තමාලි පැමින නොසිටියේය. රාදිකයාගේ හා ජයකොඩියාගේ නොකෙක් කින්ඩින් මැද්දේ අපි පන්තියේ අපට හිමි ආසනවල වාඩි වුනෙමු. ඊයේ කල මෝඩ වැඩේ නිසා මම දැනටමත් චා වී ඇතැයි මම සිතුවෙමි.

    අයන්ත මොකක්ද මේ ඔට්ටුවක කතාව.. ඔයා ඔච්චරටම පහත් උනාද. දැන් අද ඔයා කියන විදිහට තමාලි නාවොත් ඔයා අත අරිනවද එයාව.. ඒ කියන්නෙ ඔයා එයාට ආදරේ කලේ බොරුවටද නැතිනම් රැල්ලටද. .

    අනේ එහෙම නැහැ ජැන්ස්. මම ඒක තමාලිට කිව්වෙ නිකම්ට වගේ. ජයකොඩියා අහගෙන ඉඳලා.. ඉතින් ඊයෙ උන් ඔට්ටුව දැම්මා.. මමත් සෙකන්ඩ් වෙන්න බැරි හින්දා බාරගත්තා. සොරි ජෑන්ස්.. මම හිතල කලේ නැහැ.

    හරි හරි ළමයො.. මට සොරි කියන්න ඕනි නෑ. මම දන්නවා ඔයා ගැන හොඳටම. අවන්ක හොඳ කොල්ලන්ට වරදින් නැහැ අයන්ත. අර බලන්න..

    ජෑන්ස් එසේ කියනවාත් සමගම මම හැරි බැලුවෙමි. මේ ලෝකයේඉන්න වාසනවන්තම කොල්ල මම වෙමියි මට සිතුනේය.ඇය අද වෙනදහ්ටත් වඩා ලස්සනය.කොල පැහැය ඇයගේ ලස්සනට තවත් මොනවදෝ එකතුකර ඇතැයි මට සිතිනි. නමුත් ඒ කුමක්දැයි පුංචි මගේ හිතට තෙරුමක් නැත. පහැදිලිත් නැත. ඇය පන්තියේ මා ඉදිරියේ ඇති පුටුවෙන් වාඩි වෙනවා සමගම රාදිකයා ජයකොඩියා නිහඩවිය. රාදිකයාගේ පරාජිත ඇස්ද ජයකොඩියාගේ ලැජ්ජා වූ මුහුනද මට හොඳින් පැහැදිලිව පෙනුනි. ආඩම්බරව සිනහවකින් මම ඔවුන්දෙන්නාටම සන්ග්රහ කලෙමි.

    ගුඩ් මෝර්න්න් අයන්ත.. මෙන්න ඔයාගෙ පොත. ම්ම්ම් අද මම ලස්සන නැද්ද.. මොකද ඔහොම මම දිහා බලගෙන ඉන්නෙ.

    මම මේ හිතුවෙ මොනාද කියන්නෙ කියලා.. මොකද මගෙ වචන වලින් ඔයාගෙ අද ලස්සන බිඳුනොත්.. ඒකයි මම නිහඩව බලාගෙන හිටියෙ ඔයා දිහා..

    පිස්සු කොල්ලා ..
    *******

    මොකෝ බන් කල්පනාව.. ඔය තේ එක බීපන්..

    ඇයි බන් ඉෂාරයා මේක ඔය මනෝ පාරක් ගහගෙන ඉන්නෙ. දැන් ඉතින් අපිවත් අමතකයි. සිහිනකුමරිය කැමතියි කියල අද දැනගත්තනෙ.

    ඕකනෙ ඉතින්..මට තමාලි කම්ති උනත් නැතත් මම උඹලව අමතක කරනවද. නිකන් මෝඩ කතා කියන්න එපා බන් .. අනික තමාලි තවම් මට කැමතියි කියල කිව්වෙ නෑනෙ.

    හරි හරි ඉතින් ඕකට ඔය තරම් ඩෝන් යන්න ඔනද බන්.. මේ අහපන් තවත් පරක්කු කරන්න් ඕන නැහැ. අදම අහමු. අහපන් කෙලින්ම මාව බඳිනවද කියලා.

    අම්මෝ මට බයයි බන් ..

    ඕකනෙ ඉතින් .. රටක් හොල්ලන්න ටෝක්ස් නම් දෙනවා.. ඒත් කෙල්ලෙක් ඉස්සරහට් යන්න බයයි, අනික කෙල්ල කැමතියි කියල දැන දැනත්. බල්ටි නැති උනාට විසිල්නම් තියනවා ..

    මම සිරා බන් කිව්වෙ. උඹ මේ කැන්ටිමේ ඉන්න ඔන එකෙක් පෙන්නපන්. දෙපාරින් ගහන්වා බිම අදගෙන වැටෙන්න.

    ඔය මම කිව්වෙ.. ටෝක්ස්නම් තියන්වා උඹේ රටක් හොල්ලන්න..

    නෑ නෑ මම සිරාවටම බයයි බන්..මම එහෙම කෙල්ලෙක්ගෙන් අහලම් නෑනෙ බන්.

    ම්ම්ම් .. හරි හරි.. වරෙන්කො යන්න මම එක්ක උඹල දෙන්න.

    කොහෙද යන්නෙ කුමාරයා.

    ඒකෙන් උඹලට වැඩක් තියෙයිද.. වරෙල්ලකො.

    කුමාරයා අපි දෙන්නව කොහෙට එක්කන් යනවද, මේ සැරේ නාඩගම මොකද කියාවත් නොදැනම අපි උගේ පස්සෙන් ගියෙමු. කුමාරයා ඉස්සරහම තියන විශාල ගස යටටය. ගස වටේටම සිමෙන්ති බැම්මක් දමා එය ළමයින්ගේ දෙමාපියන්ට ඉඳගැනීමට සකසා තිබූ නිහඬ තැනක් විය.

    හරි දැන්වත් කියපන්කො අපි මෙතන්ට ආවෙ ඇයි කියලා..

    මෙහෙමයි.. උඹ අද තමලිගෙන් අහන්නම ඕන හරි. දැන් උඹට බයයි කිව්වනෙ. බලා ගනින් එහෙනම් කොහොමද වැඩේ කරන්නෙ කියලා.. ඉෂාරයා උඹ ගනින් තමාලිගෙ පාර්ට් එක හරි.. උඹ ගොන් පාට් නැතිව බලාගෙන හිටපන්.

    හම්ම්ම්....

    උඹ කොහොම හරි තමාලිව තනියම් කතාවට ගන්න ඕන හරි.ඊට පස්සෙ මෙන්න මෙහෙම කතාව පටන් ගනින්.

    තමාලි..

    ඇයි අයන්ත.. ඉෂාරයා පිළිතුරු දුනි.

    මම ඔයාගෙන් දෙයක් අහන්නම් ඔයා අහ්තක් හිතන්නෙ නෑ නේද.

    අනේ නැහැ අයන්ත.. ඔයා අහන්න

    මම කැමතියි ඔයා එක්කම හැමදාම එකට ඉන්න. ඔයාව මගේම කරගෙන.. මම කැමතියි ඔයාව මැරිකරන්න. ඔයා කැමතිද මට.

    ම්ම්ම්ම්.. මම දැනන් හිටියා ඔයා ඕක මගෙන් අහ්යඉ කියල. මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත.

    කුමාරයාගෙයි ඉෂාරයාගෙයි මේ ඇක්ට් එක දැකල මම හොඳටම සිනාසුනෙමි. කොච්චර සිනා සුනාද කියනවනම් මගේ ඇසලින් කඳුලු පවා පිට විය.

    අනේ බන් මේ.. උඹල කියන විදිහටම මේ හැම දේම වෙනවනම් මේ ලෝකෙ මොනවද බන් වෙන්න බැරි.

    බලපන්කො ඉෂාරයා මේකට විහිළු.

    එහෙම නෙමේ බන් මම කිව්වෙ.. උඹල දෙන්න වගේ පිස්සො දෙන්නෙක්නම් මට කවමදාවත් හම්බවෙලා නෑ බන්. ඒක නෙමේ මට තාමත් හිනා යනව බන් ඉෂාරයගේ දෙබස් ටිකකට "මම ඔයාගෙම තමා අයන්ත. ඇයි ඕක අහන්න මෙච්චර පරක්කු උනේ. මමත් බලාගෙන හිටියෙ ඔයා වගේ කොල්ලෙක් මම ගාවට එනකම් අයන්ත" කොහොමද බන් ඕව ඔලුවට එන්නෙ. මට තමාලිට ට්රයි කරන එක අත ඇරල උඹට ට්රයි කරනවා බන්.

    පලයන් බන් යන්න.

    මම අද කෙසේ හෝ තමාලිගෙන් මට කැමතිද කියලා අහනවාමයි සිතුවෙමි. අපි ප්ලෑන් කල විදිහටම පන්තිය අවසානයේ තමාලිව තනියම කතාවට සෙට් කර ගැනීමට හැකිවිය. ජෑන්ස්ගෙත් උදව් ලැබුන නිසා වැඩේ පසසුවිය.

    තමාලි...

    ඇයි අයන්ත..

    මට මේ ඔයාට දෙයක් කියන්න හිටියෙ.

    මොකද්ද අයන්ත.

    මේ .. මේ.. ඔයාගෙ ලිට්රිචර් පොත දෙනවද..මට නෝට් වගයක් තියනවා කම්ප්ලීට්කරන්න.

    ඇයි ඔයා අද පන්තියේ නෝට් ලිව්වේ නැද්ද..

    අනේ එහෙම නෙමේ තමාලි.. ඊයෙ මිස් වේගයෙන් නෝට් කියෙව්ව හින්දා මට ලියා ගන්නබැරි උනා.. ඒකයි

    ඒකනම් ඇත්තතමා අයන්ත.. මමත් ලියා ගත්තෙ හරි අමාරුවෙන්.. කෝ දෙන්න ඔයාගෙ පොත මම ලියල ගෙනත් දෙන්නම්.

    ඔයාට කරදරයිනෙ තමාලි.. කමක් නෑ මම ලියන්නම්.

    අයියෝ ඕක මොකද්ද අයන්ත.. දෙනන මම් ලියල දෙන්නම්..

    හම්ම්ම්ම්.. ඔයා කියන්වනම් දෙන්නම් ඉතින්..
    ඕකේ.. බායි සීයූ ටුමෝරෝ ..


    :love::love::love::love::love:
     
    • Like
    Reactions: Ayeshlive

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    සිරා කතාව. ඔය සමාන අත්දැකීමක් ඒ කාලෙ මගෙ යාලුවෙක්ටත් උනා. මාත් ඔය කතාවෙ කුමාරයා, ඉෂාරයා වගේ චරිතයක් තමයි රඟපෑවෙ. :P
    පේ එකා ලා ලා හුවෙ Lady J කේදි. :rofl:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    සිරා කතාව. ඔය සමාන අත්දැකීමක් ඒ කාලෙ මගෙ යාලුවෙක්ටත් උනා. මාත් ඔය කතාවෙ කුමාරයා, ඉෂාරයා වගේ චරිතයක් තමයි රඟපෑවෙ. :P
    පේ එකා ලා ලා හුවෙ Lady J කේදි. :rofl:

    :lol:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (10)....

    .....10.....

    ලස්සන රටාවකට පාද තබමින් යන ඒ අපූරුතම යුවතිය නොපෙනීයනකම්ම බලා සිටි මම කුමාරයා හා ඉෂාරයා සිටිනා තැනට ගියෙමි. රන්ගයත් පැමින සිටියේය

    මොකද වැඩේ ගොඩද.. නැතිනම් අපි යාළුවො වගේ ඉමු කිව්වද ..

    මම ඇහුවෙ නෑ බන්..

    ඒ මොකෝ බන් ඒ ..

    තමාලි මම දිහා බලාගෙන හිනාවෙද්දී මට සේරම අමතක උනා බන්.

    මම කිව්වෙ නැද්ද උඹල දෙන්නට අද අයන්තයා අහන්නෙ නෑ කියලා. රන්ගයා කීවේය..

    හරි හරි ඕක දැන් අමතක කරමු. දැන් ගෙවල් බලා පිටත්ව යමු. අයන්තයයි ඉෂාරයයි ගොඩක් දුර යන්නත් තියනවනෙ. එහෙනම් හෙට සෙට් වෙමු..
    ඔකේ.. බුදුසරණයි!

    නොදැනිම මම ළඟට පැමිනි මේ යුවතිය නිසා මේ දවස් කීපය තුලම මම අවුල් වියවුල් වී සිටියෙමි. බැළු හැමතැනම පෙනෙන්නේ ඇයගේ රුවමය. ඇහෙන්නේ ඇයගේ හඬමය. ගැහැණියකට පිරිමි හිතක් කොතරන්නම් දුරකට වෙනස් කල හැකිද. මිනිසා විනාස වන්නේත්, දියුණු වන්නෙත් ගැහැනියක් නිසා කියන මා අසා ඇති එම වැකිය සියට සියයක්ම නිවරැදියැයි මට සිතුනේ මමද යුවතියක් නිසා කල්පනා ලොවක අතරමන් වී විඩාවට පත් වී සිටි නිසා විය යුතුය.

    මගේ පළමු උත්සහය මෙන්ම දෙවන උත්සහයද අසාර්තක විය. පළමුදා මෙන්ම දෙවන දිනයේද මට ඇය ඉස්සරහ මගේ ආදරේ කියා ගැනිමට නොහැකි වූයේ ඇගේ දිලිසෙන ඇස් ඉදිරිපිට මා ගොළු චරිතයක් බවට පත් වූ නිසාවෙනි. කෙසේ හෝ මම තුන්වන පාරටද ඇයට මගේ ආදරය ප්රකාෂ කිරීමට සැරසුනෙමි.

    මේ අහපන් අයන්තයා.. අද උඹ අනිවාර්යයෙන් කියන්න ඕන හරි.මේ උඹේ අන්තිම චාන්ස් එක. මෙහෙම බය වෙලා ලව් කරන්න බෑනෙ.උඹ අද උඹේ හිතේ තියන් දෙ තමාලිට කිව්වෙ නැතිනම් ආයෙ උඹ මම එක්ක ඔය ගැන කතාකරන්න එපා හරි. අනික මේ තමා උඹේ අන්තිම අවස්තාව..

    හරි හරි .. කුමාරයා.. අදනම් කියනවා. අහ් අන්න එයා එනවා.. මම යනෝ

    හරි හරි .. බලමුකො අදවත් කියයිද කියලා.

    තමාලි..

    ම්ම්ම්ම්.. කියන්න අයන්ත..

    මේ .. මේ .. ඔයා මගේම වෙනවද හැමදාටම..

    මා එසේ කියනවාත් සමගම ඇය මා දිහා පුදුමයෙන් වගේ බලා සිටියේය. ඇය නිහඬ වූ තප්පර කීපය තුල මුළු ලෝකයම නිහඬ වූවා සේ දැනුනි. මුළු ලෝකයම නැවතුනා සේ දැනුනි.

    හෙට මීට් වෙමු අයන්ත.. මම යනවා.. බායි..

    ඇය එසේ කියමින් නිහඬව මා අසලින් ඈතට ගියේය. මටද කිසිවෙක් කියා ගැනීමටද නොහැකිවිය.සිදුවූ සියල්ලම මම කුමාරයට හා ඉෂාරයාට කීවෙමි. උන් දෙදෙනාම කීවේ කාලයට බාරදීල අපි ඉමු කියා පමණි. ඔවුන් එසේ පැවසුවේ මා සැනසීමටද නැතිනම් වෙන හෙතුවකටදැයි මට නොවැටහුනි. මමද නිහඬව ඔවුනට එකඟ විය. මම හදිසි වූවාදෝ කියා සිතුනෙමි. හෙට දවස මට සුන්දර දවසක් වී මගේ සිහිනය ඉටුවෙන දවසක් වේවායි මම දෙවියන්ගෙන් පැතුවෙමි.

    ඊයේ මා ඇසූ දෙයට පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටියද මට තවම ඇයගෙන් එයනොලැබුනේ ඇයිදැයි මම නොදනිමි. අද තමාලි මා සමග වචනයක්වත් කතානොකලේය. එක තප්පරයක්වත් මා සමග සිනාසුනේ නැත. වෙනදා දැනුන ඒ සුවඳ, සැනසුම අද නැත.මා තනිවුනා යැයි හැඟීමක්ද ප්රතම වතාවට මා සිත තුල දළුලන්නට විය. අද මම කුමාරයා එක්කද වචන දහයකට වඩා කතා නොකරුවෙමි. අද තරම් නිහඬව සිටි දවසක්ද මගේ ජිවිත්යේ නැති තරම්මය. මම පැතුවේ මේ පුංචි කෙල්ලගෙන් ආදරය පමණයි.එය මට ලබානොගන්න තරම් මා අවාසනාවන්තයෙකු වී ඇතැයි මම සිතුවෙමි. ඇගේ නිහඬතාවය නිසා මගේ දෙනෙත්පවා බරවී තිබුනත් මා එය ඉවසාගෙන, විඳදරාගෙන විටියෙමි. මෙවැනි පාළුවක් කවදාවත්ම මගේ මේ සිතට දැනී නැත.

    අයන්ත..මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. ටිකක් එනවද මෙහාට..

    පන්තිය අවසානයේ තමාලි මා සමග කතා කලේය. වෙනදා මෙන් ඇයගේ ඇස් දිලිසුනේ නැත. ඇගේ මුවින් පිටවෙන වචනවල තාලයට ඇගේ ඇස් නැටවුනේ නැත. මම දිගු හුස්මක් හෙලා කුමාරය්ය දියා බැලුවෙමි.

    යමන්.. ගිහින් කතා කරල වරෙන්..

    මට තමාලි නැතිවෙයිද බන්..

    ඕකනෙ ඉතින්.. මුහුද හත්ගොව්වක් තියගෙන උඹ අඹුඩෙ ගහනවනෙ.යමන් අන්න බලාගෙන ඉන්නවා.. කියන දෙයක් හොඳට හිතල් කියපන්.. නිකන් මෝඩයෙක් වගේ කියවන් නැතිව. මමයි ඉෂාරයයි ඉන්නවා කැන්ටිමේ සුපුරුදු මේසෙට වෙලා.. නිවාඩුව වරෙන්.

    හම්ම්ම් ...

    උඹ බය වෙන්න එපා.. උඹ වරදක් කලේ නැහැ.

    කුමාරයාගේ වචනවල කුමක් හෝ බලයක් ඇතැයි මට සිතුනි. කුමාරයා හා ඉෂාරයා යනවාත් සමගම මම තමාලි සිටිනා දෙසට ගියෙමි. පොත්මිටියත් පපුවට තුරුළුකරන් කල්පනාවක සිටි ඇය තවමත් මගේමයැයි මට සිතුනි.

    තමාලි..

    අහ්.. අයන්ත.. මම දැක්කෙත් නැහැ ඔයා එනවා මෙතන්ට.

    ම්ම්ම්ම්.. මොනවද තමාලි කියන්න තියනවා කිව්වෙ ..

    මම කියන දේට ඔයා තරහ වෙන්න බැහැ හරි.

    අනේ එහෙම නැහැ තමාලි..

    ප්රොමිස් ..

    ප්රොමිස් තමාලි ..

    :love::love::love::love::love: