.: Part - 6 :.
~ හයවන කොටස ~
සර් රාජගිරියේ බහිනව කිව්ව නේද....?
මෙතෙක් වෙලා බස් රථයේ වීදුරු ජනේලයෙන් පාර දෙස බලාගෙන පැමිණියද ඔහුගේ සිත ගිලී තිබුනෙ මනෝ ලෝකයකය....ඔහු නැවතත් ප්රකෘති තත්වයට පැමිණියේ කොන්දොස්තරවයාගේ ඒ කෑගසිල්ලත් සමගයි....
අහ්හ් ඔබේසේකරපුර පාර පහු උනාද...?
ප්රකෘති තත්වයට පැමිණුනද තමන් සිටින ස්ථානය එකවර නිර්ණය කරගැනීමේ හැකියාව තවමත් ඔහුට ලැබී නොතිබුණි...
පහු උනා නේන්නම්...සර් වෙනදත් මේ පාරේ යනවා නේද?
පුරා වසරක් තිස්සේ යන එන මග අමතකවීමටත් වඩා බස් රථයේ කොන්දොස්තරවරයාගේ එම ප්රකාශය ඔහු ලැජ්ජාවට පත් කලේ ඒ අයුරෙනි....
අහ්හ් ඔව් ඔව් අද මේ වෙන ප්රශ්නයක් ගැන හිත හිත ආපු හින්ද පාරත් අමතක උනා....
සිදුවූ අපහසුතාවය මද සිනහවකින් වසා ගත් ඔහු ඒ අයුරින් බස් රථයෙන් බැසගත්තේ තම මිතුරා කලින් දුන් අවවාදයද සිහිපත් කරමිනි....
අද දින ඔහු මුහුණදුන් එම අනපේක්ෂිත සිදුවීම නිසා තමාගේ ජීවිතයේ යම් කිසි වෙනසක් සිදුවීමට අරඅදින බව ඔහුට දැනෙමින් පවතියි.....නමුත් අද දින ඒ ගෙවා දැමු පැය කිහිපය තුල ඔහුගේ හදවතට සමීප වූ එම තරුණිය පිළිබඳව ඇත්තේ ආදරයක්ද එසේ නැතිනම් අනුකම්පාවක් ද කියා නිර්ණය කරගැනීමට තවමත් ඔහු සමත් වී නැත....
හෙලෝ සයු සිස්....
ඔබේසේකරපුර පාරේ පිහිට තම බෝඩිමට පැමිණි විගසම ඔහු ඇමතුම ලබාගත්තේ අද දින එක් අසරණ යුවතියකට තමා දුන් පොරොන්දුවක් ඉටුකළ යුතුව ඇති නිසාවෙනි....
අප්පේ, ඇති යාන්තම් අපේ සොෆ්ට්වෙයා ඉංජිනේරු මහත්තයට අපිව මතක් වෙලා....
පිස්සුද සිස් එහෙමත් අමතක වෙනවද අපේ සයු අක්කිව...
අම්මෝ බටර් පාර නම් ඉස්සර වගේම තමයි කොල්ලගේ....ඉතින් මොකද එකපාරම අපිව මතක් උනේ? වෙඩින් එකවත් කියන්නද....
ඔය ඉතින් සිස් මගුලක් කතා කරනවනේ....මම මේ වෙන ලොකු උදව්වක් ඉල්ලන්න කතා කරේ...
ඔව් ඉතින් උඹ මගුල් කියනකොට අපි වලපල්ලේ ඉඳියිද දන්නේ නෑ....හා හා මොකක්ද දැන් ඔය ලොකු උදව්ව?
මේකයි සිස්, මගේ ෆිට් එකකගේ නෑදෑ වෙන නංගි කෙනෙක්ට පොඩි ජොබ් එකක් හොයනවා, එයාගේ අම්ම කැන්සර් එකක් හැදිලා මහරගම හොස්පිට්ල් ඉන්නේ....සිස් ගේ ෂොප් එකේ වෙකන්සියකුත් තියෙනවා කිව්වනේ කලින්....බැරි වෙයිද එයාට වැඩ ටිකක් උගන්නල ගන්න....
හ්ම්ම්...අම්ම කෙනෙක්ට එහෙම උනාම දුවෙක් විඳින දුක මාත් හොඳට දන්නවා මල්ලි, මතකනේ අපේ අම්ම ලෙඩ වෙච්ච වෙලාවේ මම විඳපු දුක....මම ඒ නංගිට උදව් කරන්නම් කොහොමත් කලින් මෙහෙ වැඩට ගත්ත එක්කෙනත් හොර වැඩක් කරල ගෙදර යැව්වා....
ඔව් සිස් මම කොහොමත් හිතුව ඔයා හා කියයි කියල, මේ ගර්ල් එහෙම කපටි කෙනෙක් නෙවෙයි කිව්ව හරිම අහිංසක කෙනෙක් කියල පොර මට කිව්වේ....වැඩ ටික උගන්නල ගත්තම සිස්ටත් ලේසියි නෙ...
ඔව් ඉතින් උඹ උදව්වක් ඉල්ලුවොත් මම බෑ කියන්නේ නෑ නෙ....හෙට එන්න කියන්න ෂොප් එකට මම කතා කරන්නම්....අවංකව වැඩ ටික කරගෙන පාඩුවේ හිටියොත් මම ඕනිම උදව්වක් කරනවා, මලය දන්නවනේ ඉතින් මගේ හැටි....
අනිව අනිව....එහෙනම් සිස් මම එයාට හෙට උදේ එන්න කියනවා ඔයා ෂොප් එක කීයට විතරද ඕපන් කරන්නේ?
ආ උදේ දහයට විතර එන්න කියන්නකො, මම කොහොමත් ඒ වෙලාවට ඉන්නවනේ ෂොප් එකේ...
එල, මම කියන්නම් එහෙනම් තැන්ක්ස් අ ලොට් සිස්!
හරි හරි තියාගනින් උඹේ ටැංකිය....
ඒ ඇයගේ කතාබස් විලාසයයි....දිසන්කට වඩා වසර කිහිපයකින් ඇය වැඩිමහල් වුවද, කුඩා කල සිටම ඔවුන් ඇසුරු කලේ සමීපතම මිතුරන් ලෙසිනි....
~ මතු සම්බන්ධයි...... ~
(මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)