ඔබ තර්ක කරන්නේ කුරානය ගැන නොදැනය. කුරානයේ ඔය වාක්‍ය වල ප්‍රාථමික අරමුණ අධ්‍යාත්මික පාඩමක් ලබා දීමයි. විද්‍යාව ඉගැන්වීම නොවේ. එනම්, මෙලෙස ඔබ වෙනුවෙන් දේවල් මැවූ දෙවියන්ව ඔබ ප්‍රතික්ෂේප නොකළ යුතුයි යන පාඩමයි. උදා: 21:30 න් එය පැහැදිලි වේ.ඔබ පවසනවා , වසර 1400 පෙර මිනිසුන්ට ඔය කියන දෙය තේරුණා කියා, ඔවුන්ට ඇත්තටම තේරුනේ කුමක්ද? ඔබ එසේ පවසන්නේ ඔය වර්ස් බොලද නිසා, එහි විද්‍යාත්මක දෙයක් නැති නිසා, . හුදෙක් සුරඟන කතාවක් වගේ නිසානේ.
ඉතින් එදා කිවුව දේවල් ඇයි අදවෙනකොට පැහැදිලි කරන්න බටහිර විද්ද්‍යා වක් පස්සෙන් යන්නේ? ඇද පවතින්නේ විද්‍යා ව නම් වසර 1400 කට පෙර මෙවැනි දේ තේරුම් ගන්න පුළුවන් විද්‍යා වක තිබිල නැහැනේ? එතකොට එදා ඔය කියන දේවල් පිළිගත්තා නම් පිළිගන්නේ එක්කෝ ඇසින් දැකල ප්රත්යක්ෂ කරගෙන, නැත්තන් විද්‍යාවෙන් පත්‍යක්ෂ කරගෙන.
කුරනයේම කියනවා දෙවියෝ බලන්න දකින්න බැහැ කියලම, අනික වසර 1400 කට පෙර ඔය කියන දේවල් තේරුම් ගන්න පුළුවන් විද්‍යාවක් බිහිවෙලත් නැහැනේ. ඉතින් ඔය කියන කරුණු පිළිගත්තා නම් පිළිගන්නේ හුදෙක් මෝඩ කමක් නිසා, කරුණු කරුණු දැනගෙන නොවේ.
ඔබ අදට ද කියන්නේ වසර 1400 කට පෙර සිටි මිනිසුන්ට තේරුම් ගැනීමට ඔය කරුණු කියා ඇත කියලනේ, එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල, නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ. ඉතින් ඔබත් කරන්නේ එලෙසෙ මෝඩ කමකින් පිළිගත්තු කරුණු ඇද විද්‍යාවෙන් ඔප්පු කරන්න දරන මෝඩ උත්සහයක් නොවන්නේ ද?
{දැන් බොරුවට තර්ක කරන්න එපා බුදුදහම ගැන, මොකා බුදුදහම විද්‍යාව පස්සේ ගිහින් ඔප්ප්පු කරන්නේ නැහැ, එදා කිවූ කරුණු අදටද එලෙසම ගැලපේ. එය කාලයත් සමග වෙනස් නොවන කරුණුය.}.
Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)
අහන්නේ Will not then believe? යන්නයි. එකල කුරානයේ විද්‍යාත්මක කරුණු හාරන්න තරම් දැනුමක් හෝ අවශ්‍යතාවයක් තිබුනේ නැත. අධ්‍යාත්මික පාඩමෙන් පල ලබා ගැනුනි. (අහස සහ පෘතුවිය ගැන කියා ඇති දේත් පිළිගෙන ඇත. විස්තර ගැන අදහසක් එකල තිබුනේ නැත). එකල කුරානය miracle එකක් (ආශ්චර්යයක්) වූයේ විද්‍යාව පැත්තෙන් නොවේ. සාහිත්‍යය පැත්තෙන්. එකල අරාබියේ අරාබි භාෂාවේ නිපුණත්වය නිසා එහි අය ඒ ගැන ලොකු දෙයක් ලෙස සිතා සිටියහ. ගොඩක් අයට අකුරු කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් නොතිබුණද මතකය සහ භාෂාව හැසිරවීම යන අංශ වලින් දියුණුව පැවතින. එකල හැම දෙයටම කවි ගෙතීම පුරුද්දකි. එසේ කල හැකි අයව ගෞරව කොට සලකන ලදී. එකල Golden age of poetry යයි කියවේ. එහෙත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යනු ඒ ගැන හැකියාවක් නැති කෙනෙකි. එහෙත් ඔහු ඇත්ත කියන, විශ්වසවන්තයෙකු බවට නබිත්ත්වය ලැබීමට පෙරම පිළිගැනීමක් තිබුණි. (ඔබ නොදන්නවා වුනාට, කුරානය යනු The Best Arabic Literary Masterpiece on Earth ලෙස කියවේ). නබිතුමා මෙම කුරානයේ වාක්‍යයන් කියන විට අරාබි භාෂාවේ නිපුණත්වය පිරිපුන් එකල මිනිසුන් මවිතයට පත්වූහ. මෙය කාව්‍යය/පද්‍ය එකකුත් නොවේ ගද්‍ය එකකුත් නොවේ. එහි මිනිසාට මග පෙන්වීම ඇත. මිනිසුන් නොදන්නා, පසුව සොයාගන්නා දේවල් ගැන ඇත. ඉතිහාසය ගැන කියා ඇත. මෙවැනි කුරානයක් මෙම මිනිසාට නිපදවිය හැකි යයි පිළිගත නොහැකි විය. මෙවැනි කුරානයක් හෝ අඩුගානේ එක් පරිච්චේදයක් හෝ නිර්මාණය කරන ලෙස කුරානය අභියෝග කරයි.
Say: "If the mankind and the jinn were together to produce the like of this Qur'ân, they could not produce the like thereof, even if they helped one another." (17:88)
And if you (Arab pagans, Jews, and Christians) are in doubt concerning that which We have sent down (i.e. the Qur'ân) to Our slave (Muhammad Peace be upon him ), then produce a Sûrah (chapter) of the like thereof and call your witnesses (supporters and helpers) besides Allâh, if you are truthful. (23) But if you do it not, and you can never do it, then fear the Fire (Hell) whose fuel is men and stones, prepared for the disbelievers. (2:24)
මෙම අභියෝගය අවුරුදු 1400ක් පැවතුනද තවමත් එය සපුරාලිය නොහැකි විය. සමහරුන් උත්සාහ කර ඇත. වැඩක් නොවීය.
කුරානය යනු Living Miracle එකක්. මෙකල මිනිසුන් ලොකුවට හිතාගෙන ඉන්නේ විද්‍යාව ගැනයි. මෙතැන කතා වුනේ එයට අදාලවයි. විද්‍යාව විසින් දැන් සොයාගන්නා සමහර දේවල් කුරානයේ එදා සිටම එහි තිබූ බව තමයි තර්කය. එකල අධ්‍යාත්මික පාඩමක් උගන්වපු වාක්‍ය තුලම විද්‍යාවේ දේවල් පවසා තිබීම තමයි පුදුමය. මෙවැනි වාක්‍ය අවුරුදු 1400කට කලින් මිනිසෙකුට ගලපා නිර්මාණය කල නොහැකියි. (කුරානයේ මෙවැනි වාක්‍ය බොහෝ ඇත). කුරානය විද්‍යාව උගන්වන්න පහල වූ පොතක් නොවේ. මිනිසාට මග පෙන්වීමයි එහි අරමුණ. විද්‍යාවේ දේවල් පවසා ඇත්තේ එය පිළිගැනීමට රුකුලක් ලෙස. විද්‍යාවෙන් කුරනය ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් විද්‍යාව ගැන ලොකුවට හිතාගෙන ඉන්න අයට කුරානය හරි මග පෙන්වයි. කාලයත් සමග විද්‍යාව වෙනස් වී ඇත; එහෙත් කුරානයේ වාක්‍ය එසේම පවතී. එයයි පාඩම.
ඔබ කියනවා "එහෙනම් ඔබ පිළිගන්නවනේ ඒකාලේ මිනිස්සු ඔය කරුණු පිළිගත්තා කියල. නමුත් කලින් කරුණු අනුව එය මෝඩ කමක් කියලත් පැහැදිලි වෙනවනේ." එය ඔබටයි ගොඩක් අදාල!
ඔබේ තියෙන ටොන් ගණන් ලෝකයි, කෝටි ගණන් දෙවිවරුයි මෙකි නොකී හැම දෙයක්ම ඔබටත් පිළිගන්න වෙලානේ.. ඔය ගොඩක් දේවල් හින්දු සංකල්ප. කර්මය සහ පුනරුප්පත්තිය ඇතුළුව.. හරිද?ID එකේ තර්කයට ඔබ ආවේ නැත. DNA වලට information ලැබීමට intelligence හැරෙන්නට මුලාශ්‍රයක් කියන්න. (පරිනාමවාදයෙන් සිදුවිය හැක්කේ තියෙන information වල natural selection එකක් සිදුවීම මිස අලුතින් information නිර්මාණය කිරීමක් නොවේ. Random mutations මගින් සාර්ථක trait එකක් තවමත් පරීක්ෂණ වලින් පෙන්වා නොමැත. කෙසේවෙතත්, ආරම්භයේදී information ඇතිවීම කෙසේද යන්න පරිණාමවාදයේ වචනයක්වත් නැත!).ඕකම තාම නේද මමත් කියල තියෙන්නේ, ප්‍රභේද වශයෙන් නොව, නමුත් හරය එකමනේ, තමන්ට යමක තේරුම් ගැනීමට නොහැකි නම් , සංකීර්ණ බව වැඩිනම් , එය වෙන කගේ හරි නිර්මාණයක් යයි පවසන එකනේ.
ජීවයේ ආරම්භය/ පරිණාම වාදය, වැරදි බව කරුණු සහිතව දක්වන්න, එවිට ID යන්නට තැනක් ලැබේවි. එහිද මුලට දෙවියන් ඔබන්නේ , මොන පදනමක් මත ඉදන්? ජීවයේ ආරම්භය ගැන දැනට පිළිගත් මතයක් තියෙනවානේ.
දැනට පිළිගත් මතයක් තියෙද්දී තව අලුත් මතයක් ඉදිරිපත් කරනාවානම් එය ඔප්පු කල යුතුයි නේද? ඔබට හැකිනම් ID සදහා දෙවියන්ගේ පැවැත්ම , එසේත් නැතිනම් ID නිසා ජිවය ආරම්භ වනවා යන්න පැහැදිලි කල යුතුයි.
---
නමුත් ඔබගේ කුරනයේම , 51.49 මගින් දෙවියන්ට වැරදි ඇති බව සනාථ වේ.
"And of all things We created two mates; perhaps you will remember."
මෙලොව සියලු දෙයම යුගල වශයෙන් නැත, ජීවින් වශයෙන් ගත්තද සමහර ජිවින්ට යුගල වශයන් වූ ලිංගික ප්‍රබේධ නැත, තව සමහර සතුන්ට ලිගික ප්‍රභේද 2 ට වැඩියෙන්ද ඇත. මෙමගින් ID කෙසේවෙතත් එහි මුල දෙවියන් නම් නොමැති බව මොනවට පැහැදිලි වේ.
පරිණාමවාදය ඔබ විශ්වාස කරන බව පෙනේ. එය විශ්වාස කිරීම දෙවියන් විශ්වාස කරනවට වඩා අමාරුයි!
. එය වැරදි බවට දැන් කරුණු දෙන්න කියා ඔබ කියනවා. කරුණු කිව්වොත් කියයි ඒ කරුණු තොත්ත බබෙකුට වගේ පැහැදිලි කරලා නෑ කියල. එනිසා ඔබම පරිණාමවාදය අර්ථ දක්වා එයට සාධක සපයන්න. ඔබ Nabraska man සහ Peltdown man ගැනත් කියන්න. Cambridge explosion එකේ ප්රශ්නය විසඳන්නේ කොහොමදැයි කියන්න. (එතන Trilobite ගැනත් කතා කරන්න). ජීවයේ ආරම්භයට දෙන පිළිතුරත් කියන්න. Fossil Record එක ගැනත් කියන්න. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් පැහැදිලි Intermediate form එකක් නොලැබුණේ ඇයිදත් කියන්න. තව තියෙනවා. මුලින් ඕව කියල ඉන්න. පිළිගන්න පුළුවන්දැයි බලමු. (වෙනම ත්‍රෙඩ් එකක් හදන්න. ලේසියි).51:49 ඔබ දැම්ම වැරදිය.
And of everything We have created pairs, that you may remember (the Grace of Allâh). (51:49)
මෙහි කියන්නේ "everything" කියලයි. ජීවීන් විතරක් ගැන නෙමෙයි. Mates නෙමෙයි pairs (යුගල). මේ කියන්නේ ලිංගය ගැන විතරක් නෙමෙයි. මේ ගැන කලින් කෙනෙක් ප්‍රශ්නයක් දැමු එකට පිළිතුරු දී ඇත. (http://www.elakiri.com/forum/showpost.php?p=14566597&postcount=14). ඔය ගැන විද්‍යාව කලින් කි දේවල් දැන් වැරදී ඇත. ඇමීබා තනිකඩයෙක් කියල කලින් කිව්වා. දැන් කියනවා sex ටිකකුත් තියනවලු!
Static universe බොරුව වගේ තමයි. විද්‍යාව වෙනස් වුනාට කුරානය වෙනස් වුනේ නෑ.Expanding ගැන කලින් කියා ඇත. "එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ" යන්නට ඔබ සාධක දැක්විය යුතුයි. ඔබේ අර්ථ කථනය වැරදිය. Time සමග space ප්‍රසාරණය වේ. විද්‍යාවෙන් එය පිළිගෙන ඇත.ඔබගේ ඔය time - space කරුණම මම කලින් සදහන් කලා, එමගින් විශ්වය ප්‍රසාරණය වනවා කියනේ ඇයි දැයි පැහැදිලි වේ. එය හුදෙක් ප්‍රසාරණය වන අර්ථය නොවේ. කුරානයේ expanding යන්න ඔය කියන කරුණ නොවන බව පැහැදිලි විය යුතුයි, මොකද එය පවසන්නේ ඔබම පවසන ආකාරයට වසර 1400 කට පෙරය.
gr හෝ str සම්බන්දව පැහැදිලි කිරීමක් කුරානයේ නොමැත. හැකිනම් ඔප්පු කර පෙන්වන්න, ඇති තැනක් සදහන් කරන්න.
GR හෝ STR ගැන කුරානයේ කියා ඇති බව මම මෙතන කිවේ නැත. එය ගෙනාවේ ඉස්ලාමය ගාවන්නේ නැතිව තර්කයක් ලෙස.
STR ගැන ඉඟියක් නම් කුරානයේ ඇත. එකල විද්‍යාව විසින් කාලය සාපේක්ෂ දෙයක් යයි සිතා තිබුනේ නෑ නේද? (පහත වාක්‍ය වල කියන්නේ ගමන් කරන දේවල් ගැන.).
He manages and regulates (every) affair from the heavens to the earth, then it (affair) will go up to Him, in one Day, the space whereof is a thousand years of your reckoning (i.e. reckoning of our present worlds time). (5) That is He, the All¬Knower of the unseen and the seen, the All¬Mighty, the Most Merciful. (32:6)
The angels and the Rûh [Jibril (Gabriel)] ascend to Him in a Day the measure whereof is fifty thousand years. (70:4)
(මෙතන සංවාදයට මෙය අදාල නැත).
| මම ඔබට පිළිතුරක් නොදුන්නේ ඔබට අවශ්‍ය ඔය කරණය පෙන්වීමට.

