බොදු බලසේනාවට නෝර්වේ සල්ලි දුන්නා
බොදු බල සේනාවේ රෙදි ගැලවේ: නෝර්වේ බළල් අතක් සහ එල්ටීටීඊ හාදකම් ගැන ඩිලන්ත විතානගේම හෙළිකරයි : ඩිලන්ත නොකී කතා ලංකා ඊ නිව්ස් හෙලි කරයි--------
(ලංකා නිව්ස් -2013.අප්‍රේල්.23, ප.ව.3.00) බොදු බල සේනාව යනු නෝර්වේ බළල් අතක් බව එහි ප්‍රධානියෙකු වන ඩිලන්ත විතානයේ විසින්ම පිළිගෙන තිබේ. ඔහුගේ මුවින් එය එළියට පනින්නේ ඒෂියන් ටි්‍රබියුන් වෙබ් අඩවිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ය. ඒ අනුව බොදු බල සේනා පිහිටුවීමට පෙර ගලගොඩ අත්තේ නානසාර ඇතුළු සංඝ මැරයන් සමග ඩිලන්ත නොර්වේහි සංචාරයක යෙදී තිබේ. සම්මුඛ සාකච්ඡාවේ තොරතුරු ගෙන ඒමට පෙර ඩිලන්ත නොකී සත්‍යයෙන් බිඳක් මෙසේය.
බොදු බල සේනාව නෝර්වේ බළල් අතක් යනුවෙන් බොහෝ දෙනා හංවඩු ගැසුවද ලංකා ඊ නිව්ස් ඒ සම්බන්ධයෙන් සත්‍ය සාක්කි ලැඛෙන තුරු නිහ~ව සිටියේය. දැන් ඒ සියල්ල සත්‍ය වී තිබේ. අප විසින් සොයා ගත් තොරතුරු මෙසේය.
බොදු බල සේනාවට නෝර්වේ රටින් මුදල් ලැබුනේ 'නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ්' නම් නෝර්වීජියානු රාජ්‍ය නොවන සංවිධානය මගිනි. එම සංවිධානයේ ඉංග්‍රීසි නාමය නම් 'නෝර්වේ ගෝඩ් ටෙම්ප්ලර් යූත් ඇසෝසියේෂන්' යන්නයි. මෙහි අරමුණු ලෙස කියන්නේ ආගම් වලින් ඈත් වන තරුණයින් සුමගට යොමු කිරීමයි. මෙම සංවිධානය එක්දාස් අටසිය ගණන් වලදී ඇමරිකාවේ ආරම්භ වූ සංවිධානයක් වන අතර පසුව ඇමරිකාවේ කණ්ඩායම සහ නෝර්වේ කණ්ඩායම ලෙස දෙකට කැඩී තිබේ. නෝර්වේ කණ්ඩායම 1967 වැනි ඈත කාලයේදීම ලංකාවට ආධාර කිරීමට යැයි පැමිණේ. පැමිණ උතුරේ බෝට්ටු හැදීමේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සී-නොර් ව්‍යාපෘතිය ඇරඹුවේය. විශාල ධීවර පිරිසක් දකුණේ ද සිටියදී උතුරේ ඇරඹුවේ මන්දැයි ගැටළුවකි. කෙසේ වෙතත් ඊට වසර කිහිපයකට පසු උතුරේ තරුණයන් වෙනම රාජ්‍යයක් සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවේ ය. පසු කලෙක ශ්‍රී ලංකාවේ ආණ්ඩු මෙම සී-නොර් ව්‍යාපෘතිය රජයට පවරා ගනී.
1967 දී සී-නෝර් ඇරඹීමට 'ආර්නි ෆියර්ටෝෆ්' නම් නොර්වීජියානු පුද්ගලයෙක් ලංකාවට පැමිණෙන අතර අද දක්වාම ඔහු ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි. පසුකලෙක ආර්නි ෆියර්ටොෆ් ඉහත කී 'නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ්' සංවිධානයේ මුදල් වලින් දැනට පවතින 'යන්ග් ඒෂියා ටෙලිවිෂන්' නම් රාජ්‍ය නොවන සංවිධානය ආරම්භ කරන අතර ඩිලන්ත විතානගේද ඊට සම්බන්ධ වේ. පසුකලෙක එහි ඇති වූ ගැටුමක් හේතුවෙන් ආර්නි ෆියර්ටොෆ් ඉන් විසිවී යන අතර වෙනත් කණ්ඩායමක් එහි බලය ලබාගනී. ආර්නි ෆියර්ටොෆ් විසිවෙද්දී ඩිලන්ත විතානගේ ද ඔහු සමග ඉවත් වේ. මේ අනුව ආර්නි ෆියර්ටොෆ් නම් නෝර්වේ මුදල් ලබා දෙන්නා ඩිලන්තගේ විශ්වාසදායී මිතුරෙක් බවට පත් වේ. රුසියාවේ පැරණි අයිටී අධ්‍යාපනය ලැබූවෙක් වන ඩිලන්ත විතානගේ කොහෙන් හෝ මුදල් කඩාගෙන ව්‍යාපෘති ආරම්භ කර මුදල් හම්බ කරගන්නා පුද්ගලයෙක් වන අතර පළමුවෙන්ම ඔහු අන්දවා ඇත්තේ එජාප ආණ්ඩු කාලේ තරුණ සේවා සභාවයි. පරිඝනක දැනුම තරුණයන්ට ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹා පසුව සල්ලි අහවර වන විට අතහැර දමා තිබේ.
කෙසේ වෙතත් යන්ග් ඒෂියා ටෙලිවිෂන් ව්‍යාපෘතියෙන් ආර්නි ෆියර්ටොෆ් සමග විසිවීමෙන් පසු කල් යල් බලා බොදු බල සේනා ඇරඹීමට නොර්වේ රටින් මුදල් ලබාගෙන ඇත. සල්ලි දෙනවා නම් ඕනෑම දෙයක් කරන මොවුහු නොර්වේ මුදල්ද පසුව ගෝඨාභයගේ ආරක්ෂක රහස් ගිණුමෙන්ද මුදල් ලබා ගත්හ. නෝර්වේහිදී ස්වීඩනයේදී සහ ප්‍රංශයේදී එල්ටීටීඊ සාමාජිකයන් හමුවී සාකච්ඡා කර තිබේ. ලංකාවේදී බොදු බල කාරයෝ 'කොටි කොටි' කියමින් පට්ටා ගැසුවද යුරෝපයේදී ඔවුන් 'පූස් පැටව්' වී තිබේ. නොර්වේ ගමනේදී පන්සලකටවත් නොගොස් එල්ටීටීඊ නායකයන් හමුවූ බව ඩිලන්ත විතානගේ විසින්ම ඒෂියන් ටි්‍රබියුන් සාකච්ඡාවේදී පිලිගන්නේය. එම සාකච්ඡාවේ බළලා මල්ලෙන් එළියට පණින වැදගත් කරුණු මෙසේ පලකරමු.
ඒෂියන් ටි්‍රබියුන්: තව එක දෙයක් ආර්නි ෆියර්ටොෆ් මහතා ගැන ඔබගෙන් අහන්න ඕනි . කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය හරහා ඔබට අරමුදල් ලැඛෙනවාද සහ නෝවීජියානු තානාපති මහත්මිය සහ ආර්නි ෆියර්ටොෆ් මහතා ඔබලාගේ තුම්මුල්ල හංදියේ පිහිටි බොදුබල සේනා කාර්යාලයට පැමිණෙන කාරණය, සහ හිමි වරු 5 නමකගේ නෝර්වේ සංචාරය පිලිබඳව. මෙම කාරනා අසාත්සාලි මහතා මැක්ස් රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මතු කලද ඔබ ඊට නිසි පිලිතුරු ලබා දුන්නේ නෑ යන්න මගේ මතකයයි .
ඩිලන්ත : මම මතු වු කාරනා වලට පිලිතුරු දුන්නා
ඒෂියන් ටි්‍රබියුන්: මොකක්ද ඔබ කිවුවේ. ? කවුද මේ නෝර්වේ වල සංචාරය කල හිමි වරු ?
ඩිලන්ත: මට එය කියන්න පුලුවන් . එය සිදු වුනේ 2010 මට මතක හැටියට
ඒෂියන් ටි්‍රබියුන්: නෑ නෑ එය 2011 ඔක්තෝම්බර් මස සිදු වුනේ .
ඩිලන්ත: මට මගේ පාස්පෝට් එක බලන්න ඕනි, මට මතක් නෑ . 2011 ඔක්තෝම්බර් වෙන්න ඇති නමුත් 2012 නෙවෙයි . මට ස්ථීරවම මතකයි නෝර්වේ සංචාරයෙන් පස්සේ 2012 මැයි 07 තමයි අපි බොදු බල සේනා සංවිධානය ආරම්භ කෙළේ.
ඒෂියන් ටි්‍රබියුන්: ඔබත් එම නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස නොර්වේ බලා ගියා නේද ?
ඩිලන්ත: ඔව්, මට පුළුවන් නෝර්වේ ගිය නියෝජිත පිරිසේ නම් ලබා දෙන්න . ඔවුන් නම්
1 ගලගොඩත්තේ ඥාණසාර
2 විතාරන්දෙනියේ නන්ද
3 අළුත්වැව ආනන්ද
4 දැපනේ සුමනවංස
5 වැලිමඩ ශාන්ත යන හිමිවරු සහ පූජිත විෙජ්සිංහ, මාර්ක් ඇන්ටනි පෙරේරා යන මහත්වරු.
මේ අය එවකට බොදු බල සේනා නොවෙයි, ඔවුන් විවිධ සංවිධානවලට අයත් අය . බොදු බල සේනා සංවිධානය එවකට පිහිටුවා නෑ.
ඒෂියන් ටි්‍රබියුන්: ඔබත් එක්ක මේ අට දෙනා තමයි නෝර්වේ සංචාරයට සහභාගී වුනේ . මොනවද ඔබලා නෝර්වේ වල දී කළේ ?
ඩිලන්ත: අපි නෝර්වේ ගියෙ ජාත්‍යන්තර සංවිධානයක අරාධනයෙන් . ඒක නෝර්වේ සංවිධානයක් මට නම මතක නෑ. ('නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ්' නම් සංවිධානයේ නම මොහු සඟවයි -වරහනේ අවධානය ලංකා ඊ නිව්ස්-) අපි එහිදී දෙමල මිතුරන් මුනගැසුණා. අපි ඔවුන් සමග සාකච්ජා කළා, මේ අය දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයි කියල දැන සිටියෙ නෑ. අපි හමුවුනු සමහර දෙමළ අය එල්ටීටීඊ අධාරකරුවන් බව දැන ගත්තා. හිටපු නෝර්වේ ඇමති එරික් සෝල්හයිම් මහතා සමග හමුවක් පැවතුනා. සමාජ සේවා සංවිධාන කීපයක කටයුතු බලන්න ගියා. නෝර්වේ පාර්ලිමේන්තුව නැරඹුවා. දෙමළ මිතුරන් කීපදෙනෙකුගේ නිවාස වලට ගියා.
ඒෂියන් ටි්‍රබියුන්: ආර්නි ෆියර්ටොෆ් මහතා ඔබ සමග මේ සංචාරයට එක් වුනාද ?
ඩිලන්ත: ගමනට එක් නූනත්, ඔහු අපිට නෝර්වේ වලදී හමුවුනා .
ඒෂියන් ටි්‍රබියුන්: නෝර්වේ සංචාරයකට ඔබලාට ආරාධනා කිරීමට හේතුවක් තිබුනද ?
ඩිලන්ත: අන්තවාදී සංවිධාන (extream groups) 2 ක් සමග සංවාදයක් ඇතිකර ගැනීමට.
ඒෂියන් ටි්‍රබියුන්: අන්තවාදී සංවිධාන යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද ?
ඩිලන්ත: දෙමළ ඩයස්පෝරව හා අපි අතර අවබෝධයක් නිර්මාණය කර ගැනීමට. උදාහරණයක් ලෙස ඥානසාර හාමුදුරුවෝ ප්‍රබල සිංහල සංවිධානයක් නියෝජනය කළා. මීට පෙර අප දෙපිරිසගේ ගැටළු පිලිබඳව මෙවැනි අවබෝධාත්මක් සාකච්ඡා නිර්මාණය වී තිබුනේ නෑ. ඉඩම් ගැටළුව , අධි ආරක්ෂක කලාප හා විවිධ ගැටළු ගැන කතා කළා. (මේවා තිස් වසරක යුද්දය තිස්සේ ලංකාවේ ඇති පදම් සාකච්ඡා වී ඇති කාරණා ය -වරහනේ අවධානය ලංකා ඊ නිව්ස්-)
ඒෂියන් ටි්‍රබියුන්: ඔබ කන්ඩායම රජය නියෝජනය කළාද ? මෙම හිමිවරු ඔවුන්ගේ සංවිධාන නියෝජනය කළාද තනි පුද්ගලයන් ලෙස ඔවුන්ගේ මතය නියෝජනය කළාද ?
ඩිලන්ත: මමත් පූජිත විෙජ්සිංහ මහතාත් භාෂා පරිවර්තකයන් ලෙස තමයි සහභාගී වුනේ . නමුත් හිමිවරු එකම හෝ විවිධ සංවිධාන වලට අයත් අය තමයි මෙම සංචාරයට අපි තෝරා ගත්තේ.
ඒෂියන් ටි්‍රබියුන්: කවුද මේ නෝර්වේ සංචරය සැලසුම් කලේ ?
ඩිලන්ත: මම සංවිධානය කළේ . මම සංවිධානය කෙළේ ආර්නි ෆියර්ටෝෆ් මහතාත් සමග .
ඒෂියන් ටි්‍රබියුන්: නෝර්වේ තානාපති කාර්යාලය මේ ගමනට මුදල් ලබාදුන්නාද ?
ඩිලන්ත: නෑ, මම හිතන්නේ නෑ, මේ ගමනට මුළු මුදලම නෝර්වේ තානාපති කාර්යාලය සැපයුවා කියලා.
ඒෂියන් ටි්‍රබියුන්: නමුත් ආර්නි ෆියර්ටොෆ් මහතා සඳහන් කරලා තිබුනා මේ ගමනට නෝර්වේ තනාපති තුමත් නෝර්වේ තානාපති කාර්යාලයත් මුදල් සැපයූ බව, මා කියනව ඔබලා මේ ගමනට අමාත්‍ය රජිත සේනරත්න මහතා ගේ අනුමැතිය ගත් බවට ?
ඩිලන්ත: එතුමත් සමග ගනුදෙනුවක් තිබුනේ නෑ. මම ඔහු හමුවුණේ නෑ. මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.
ඒෂියන් ටි්‍රබියුන්: ඔබ නෝර්වේ දින කීයක් හිටියද ?
ඩිලන්ත: හරියටම මතක නෑ. දින 07 ක් නෝර්වේ වල. 1 ක් දිනක් ස්වීඩන්වල.
ඒෂියන් ටි්‍රබියුන්: ඔබට ස්වීඩන් වලදි මුණ ගැහුනේ කවුද ?
ඩිලන්ත: ස්වීඩනයේ අපි දෙමල ඩයස්පෝරාව හමුවුනා, සිවිල් සමාජ නියෝජිතයින්, සහ සංස්කෘතික උත්සව කීපයකට සහබාගී වුණා .
ඒෂියන් ටි්‍රබියුන්: කෙහේද ?
ඩිලන්ත: හරියටම මට කියන්න බෑ. නමුත් එය නෝර්වේ දේශසීමාව ලඟ නගරයක්. සංගීත ප්‍රසංගයක් හා බණ දේශනයකුත් තිබුනා .
ඒෂියන් ටි්‍රබියුන්: ඔබ ස්වීඩනයේ පන්සල් වැඳ පුදා ගත්තාද ?
ඩිලන්ත: අපිට ඒ සඳහා කාලය ප්‍රමාණවත් වුනේ නෑ.
ඒෂියන් ටි්‍රබියුන්: ඔබ ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියා ද ?
ඩිලන්ත: නෑ. අපිට හැකි වුනේ නෑ එහේ යන්න.
ඒෂියන් ටි්‍රබියුන්: නෝර්වේදිවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔබලා ගියාද ?
ඩිලන්ත: නෑ නෑ, අපි ඔස්ලෝ වලට ලඟා වූ විගසම අපිව ඔස්ලෝවලින් පිට තැනකට රැගෙන ගියා. අවසන් දවසෙත් අපි ඔස්ලෝ වලින් ඉක්මනින්ම පැරිස් බලා පිටත්වුණා .
ඒෂියන් ටි්‍රබියුන්: අවසන් දවසේ ඔබලා එරික් සෝල් හයිම් මහතා හමු වුණාද ?
ඩිලන්ත: ඔව්.. එම හමුව අවසන් දවසේ තමයි තිබුනේ.
ඒෂියන් ටි්‍රබියුන්: පැරීසියේ දී ඔබලා මොනවද සිදුකළ ක්‍රියාකාරකම්.
ඩිලන්ත: හමුවීම් කීපයක් හා පන්සලකටත් අපි ගියා.
මෙම සම්මුඛ සාකච්ඡාව අනුව බොදු බල සේනාවේ බොරු දේශප්‍රේමී, ජාතිය ගොඩ නැගීමේ සළු පිළි සියල්ල ගැලවී ඇති අතර හෙළුව ප්‍රදර්ශනය වී තිබේ. ඩිලන්ත මෙසේ වමාරන්නේ ඇයි? මේ වනවිට බොදු බල සේනාවේ අභ්‍යන්තර ගැටුමක් ඇති වී තිබේ. ඒ සම්බන්ධයෙන් නානාසාරම පවසා ඇත්තේ තම සංවිධානය තුල මත දෙකක් තිඛෙන බවයි. වාර්තා වන අන්දමට ඩිලන්ත පිල සහ නානාසාර පිල යනුවෙන් දෙකකි.
මේ වන විට නානසාර කණ්ඩායම ඇමරිකාවේ සංචාරය කරන්නේ පළමුවෙන්ම මුදල් දුන් 'නෝර්ජෙස් ගොටෙම්ප්ලාර් අන්ඩෝම්ස් ෆෝබන්ඩ්' වලින් කැඩුනු ඇමරිකානු කණ්ඩායමෙන් ගාණක් කපා ගැනීමට මිස අන් යමකට නොවේ. එම ඇමරිකානු කණ්ඩායම 'සන්ස් ඔෆ් ටෙම්පරන්ස්' නමින් හැඳින්වේ.
(මෙහි ඇති සේයාරුවෙන් දැක්වෙන්නේ ඇමරිකාවට ගොස් සිටින එන්ජීඕ බොදු බලයේ සංඝ මැරයන් බුදු පිළිමයකට පස්ස පැත්ත හරවා ගත් සේයාරුවකි.)