නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කෝ ඊළඟ කොටස ??? ඉක්මනට දාන්නකෝ
sad-crying-smiley-face.gif
 

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    hammooo athi yantham uba awa...
    koheda gihin hitiye??
    mn hithuwa uba marila kiyala... mn bima ekak bonna ubalai gedara enna haduwe...
    kalin wage apahunam parakku karanna epa....
    dannone ithin mata tharaha giyama..!!
    aththatama apita bima denna wei...

    mawa yakaussanne nathuwa.... honda lamaya wage ikmanta ithuru tika dapn...

    :D:D:D:D:D:D:D:D
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ....15...

    අයන්තයා බලපන්කො කුමාරයගෙ මූනෙ තියන හිනාව.

    එහෙම නැතිව කොහොමද බන් මර උගුලකින්නෙ බේරුනේ උඹල දෙන්නටනම් ආතල්.. අම්මට අර බලහල්ලකො ඊළඟ සින්දුව කියන්න යන්නෙ කව්ද කියලා..

    අහ් ..රාදික නේද? යකෝ මූට සින්දු කියන්නත් පුළුවන්ද?

    සුභ සන්ද්යාවක් ගුරුතුමියනි.. මගේ යාළුවනි.. මුලින්ම මේ වගේ අවස්තාවක් මට ලබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.. අද මම මේ සින්දුව කියන්නෙ ස්පෙෂල් කෙනෙකුට..

    මෙගා ටෙලි නාට්යක් වැනි අවසර ගැනීමකින් පසුව හා ජයකොඩියාගේ උණුසුම් ප්රතිචාර මැද රාදිකයා මට මෙන් ඔහුටද කඳුල ඔබයි ගීතය ගායනා කලේය. රාදිකයා සියළුදෙනාගෙම සිත් ඇදගන්නා ලෙසට ගීතය ගායනා කලද විටෙන් විට මා දිහා බලා හෙලූ නෝන්ඩි බැල්ම මට දිරවූයේ නැත.

    අඩෝ බලහන්කො අයන්තයා අරූගේ කින්ඩි බැල්ම..

    ඒක තමා බන් මමත් බලුවෙ. හරියට මම වැරැදක් කලා වගේ බන්.

    උඹ මොකටද බන් එක එකාට සෙකන්ඩ් වෙන්නෙ .. යමන් උබත් කියහන් සින්දුවක්..

    උඹල දෙන්නට අමු කැවිලද බොල.. මේක මේ හින්දි ෆිල්ම් එකක සීන් එකක් කියල හිතුවද? අනික මම් කවමදාවත් සින්දුවක් කියල නැහැ. නොදන්න ඒව කරන්න ගිහින් නිකන් නෝන්ඩි වෙන්න ඔන නැහැනෙ බන්. අපේ වෙලාව ආවාම රාදිකයගෙ කින්ඩි බැල්මවලට සලකමු පොලියත් එක්කම.

    ඔන්න ඕකනෙ උඹත් එක්ක බැරි. අපි මේක හින්දි ෆිල්ම් එකක් කරමු. උඹ බය නතිව යමන්. අපි ඉන්නවනෙ. උඹට තියෙන්නෙ ඉස්සරහට ගිහින් ආරම්භය ගන්න විතරයි. ඊට පස්සෙ කට හොල්ලපන්. අපි බලාගන්නම් ඉතුරු ටික.

    මට වෙලාවකට හිතෙනවා කුමාරයා උඹේ මොලේ වීදුරු පෙට්ටියක දාලා මගේ කාමරෙන් තියල උදේ හවා මලක් තියල වදින්න.

    නෑ නෑ අහපන්කො උඹ නිකන් ස්ව්කන්ඩ් වෙන්න ඕන නැහැනෙ බන් අට මාසෙන් ඉපදුන උන්ට.

    කුමාරයගෙ කතාව හරි බන්. උඹ යමන් ආරම්භය ගනින් අපි අවසාන කරන්නම්. ඩිලත් ඉන්න්වනෙ.

    ඒක තමා බන් ඉෂාරයා මමත් මූට කිව්වෙ. මම ජෑන්ස්ට කියල කෙල්ලො ටිකත් රෙඩි කරන්නම්.රෑ අඳුරෙ තනි රකින තරුවක් වගේ ඔබ එන්න මල්මාලියේ කියන එක කියහන්.

    මට රෑ අඳුරෙ තනි රකින්න වෙයි වගේ තමා මෙහෙම ගියොත්..

    අයන්ත ඔයා යන්නකො බය නැතිව. මම සප් එක දෙන්නම් උපරිමයෙන්ම.

    කාගේ මොකේටද මොකා කඩා වැටෙන්වා කිව්වා සේ ඩිලාද කුමාරයා හා ඉෂාරයාට එකතු විය. මුන් තුන්දෙනාගේ බලකිරීම මත හා මම මගේ යාළුන් කෙරෙහි තිබූ විස්වාසය නිසා මම අකමැත්තෙන් හෝ කුමාරයාගේ යෝජනාවට එකඟ උනෙමි. මගේ ජීවිතයේ කරන ලොකුම මොඩකමදෝ කියා මම නැවතත් සිතුවෙමි. මා ඉදිරියට යනවාත් සමගම මුලින්ම ප්රතිචාරය ලැබුනේ ගුරුතුමියගෙනි.

    ඔහ් .. ම්යි ලිට්ල් අයන්ත .. වෙල්කම් ටු ද ස්ටේජ්

    තෑන්ක්ස් ටීචර්..

    කුමාරයාගේ වැඩසටහන අනුව මම ආරම්භය ලබාගත්තෙමි. මුල් පදය කියා නිම වෙන්නටත් කලියෙන් පන්තියේ සිළුදෙනාම මා සමග එකතු විය. වැඩේ හිතුවත් වඩා ලේසියෙන් සිදුවුනි. කුමාරයා කියූ පාරිදිම මම හිමිහිට ගායනා කෙරුවෙමි. මා කියූ දේ මටම ඇසුනාද නැද්ද කියන එක මටද ප්රස්නයක් විය.

    කොහොමද මල්ලි මගේ වැඩ.. එලටම ගියා නේද වැඩේ.. ඒකනෙ මම කිව්වෙ බය නැතිව යමන් කියලා..

    ඒකනම් ඇත්ත තමා බන්.. තෑන්ක්ස්..

    ඒ වෙලාවෙ තමාලි උඹ දිහාම බලගෙන උන්න බන්. එයාගෙ ඇස් දිලිසුනා බන්. මට අදයි තේරුනේ උඹ මෙකිට පිස්සු වැටුනෙ ඇයි කියලා එක දවසින්ම.

    ඇස් දිලිසීම කෙසේ වෙතත් උඹ කිව්ව ඒව ඒකිට ඇහුනද දන්නෑ බන්..

    ඒකනම් ඇත්ත තමා ඉෂාරයා. කොහොමත් එයා දන්නවා මට සින්දු කියන්න බැහැ කියලා.

    ඒකෙන් වැඩක් නැහැ. කරපු වැඩේ චාටර් නොවී කලානෙ.

    ඒකනම් ඇත්ත කුමාරයා. කාලෙකින් වැඩක් නා ගන්නැතිව කලේ..

    ඔන්න ඔන්න ඕකනෙ ඉතින් උඹලත්..

    ආ මොකද්ද තුන්දෙනාගෙ ප්ලෑන් එක.

    අපි මේ මාසෙට ගානක් හොයා ගන්න පාරෙ සින්දු කියල බැලුවෙ. අයන්තයත් ඉන්නවනෙ..

    හම්ම්.. ගුඩ් අයිඩියා.. ඒක නෙමේ අයන්ත මම වත්සලා එක්ක ටිකකට යනවා.. එයාගෙ යාලුවෙකුට පොත් වගයක් දීල එන්න.

    ඕකේ තමාලි. මම කැන්ටිමේ සුපුරුදු වට මේසෙ ඉන්නවා. ඉක්මනට එන්න.

    තමාලි එසේ කියමින් යනවාත් සමගම රාදිකයා මා අසලට පැමිනියේය. වෙනදා මෙන් නොව රාදිකයාගේ මුහුනේ ප්රසන්න පාටක් දක්නට ලැබීම මට ප්රෙහෙලිකාවක් උවත් මා අසලට පැමිනි මේ පුද්ලයාව මම ප්රසන්න හිනාවකින් පිලිගත්තෙමි.

    හේයි මෑන්.. ගේට් වර්ක් ආ.. උඹ ලස්සනට අද සින්දුව කිව්වා.

    තෑන්ක්ස් රාදික. ඔයත් හොදට්ම කිව්වා.

    තෑන්ක්ස් අයන්තයා.. ඒක නෙමේ මචෝ උඹ එල කොල්ලෙක්.මම කැමති නැහැ මේ කෙල්ලෙක් හින්දා උඹ වගේ එකෙක්ව නැති කර ගන්න. මන් ඔය අනන් මනන් කිව්වට උඹ තරහ නැතිව ඇති කියල හිතනවා. අනික මම කවමදාවත් උඹල දෙන්නගෙ මැද්දට එන්නෙ නැහැ. තමාලිටහ් මම විෂ් කලා කියපන්. උඹට ඕනම උදව්වක් තියනවනම් කියපන්.හරි.උඹ මම එක්ක තරහ නැහැනෙ.

    පිස්සුද රාදික..

    තෑන්ක්ස්.. එහෙනම් අද ඉදන් ඉපෙෂල් ෆ්රෙන්ඩ්ස්ලා හරි. එහෙනම් මචෝ මම යන්වා. අද ටිකක් වේලාසනින් යන්න ඕන අම්ම එනවා කිව්වා පොඩි වැඩ වගයකට යන්න. එහෙනම් හෙට සෙට් වෙමු. සීයූ මචන්.. සීයූ කුමාර ඇන්ඩ් ඉෂාර...

    සී යූ මචන් ..


    :love::love::love::love::love::love::love: