අරුම පුදුම සත්තු -02(Splashing Tetra)
ලෝකේ ඉන්න තවත් අරුම පුදුම සත්වයෙක් ගැන තොරතුරක් තමා මේක.මේ Splashing Tetra එහෙම නැත්නම් Copella කියන,දකුණු ඇමෙරිකාවේ ඉන්න පුංචි මාළුවා ලෝකයේ සිදුවෙන අපුරු සිදුවීමකට සම්බන්ද වෙනවා.
වතුරේ ඉන්න මාළුවෝ බිත්තර හරි පැටව් හරිදා න්නේ ජලයේ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හබැයි මෙයා වතුරේ හිටියට බිත්තර දාන්නේ වතුරෙන් පිටත. ජලයෙන් ඉහලට ඇති කොලයක තමයි මෙයා බිත්තර දාන්නේ.
එක්වීමට සුදානම් වෙන Splashing Tetra ජෝඩුවක් මෙන්න මේ වගේ ජල පෘෂ්ටය ලඟට ඇවිල්ලා ,එක වරම වතුරෙන් ඉහල තියෙන කොලයකට පනිනවා.
කොලය අල්ලා ගැනීමට වරල් තමයි පාවිච්චි කරන්නේ. ඉන් පසු බිත්තර එම කොලයේ ගැණු සතා විසින් තැන්පත් කරන අතර පිරිමි සතා ඒවා සංසේචනය(fertilisation) කරනවා.
ඊට පස්සේ ඇයත් වතුරට පනින මේ දෙන්නගේ පිරිමි සතා ඉන්පසු වරින් වර පැමිණ වලිගය අධාරයෙන් බිත්තර සහිත කොලයට වතුර ඉහිනවා.splashing යන නම මෙයාට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වතුර ඉහින පුරුද්ද හින්දයි.
විසිතුරැ මත්සයයෙක් විදිහටත් මෙයාට ඉල්ලුමක් තියෙනවා. මින් මදුරු තුල මෙයාව බෝකරන ටැංකි ඉහලින් මෙන්න මේවගේ කොළ එල්ලලා තියෙන්නේ මෙගොල්ලොන්ට බිත්තර දාගන්න තමයි.
නොදන්න දෙයක් දැන ගත්තනම් එකයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 03 න් හමුවෙමු