අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    අනේ මන්දා එයා FB එකේ ලොකුවට ඉන්න කෙනෙක් නම් නෙමෙයි..ට්වීටර් එකෙ නම් ඉන්න කතාවක් තිබුනා යාලුවෝ 900 නම් ඉන්නේ අපේ අයව ඇඩ් කරගන්න එකක් නෑ.. එහෙම උනා නම් හෙන තොගයක් ඉන්න ඕන..කියන්න බෑ ඕන නම් Req එකක් දාන්න..ලොකු සීන් එකෙන් ඉන්න කෙනෙක් නම් නෙමෙයි..
    හිටියත් කොරියන් නමෙන් ඉන්නේ..English එයාලා ගොඩ දෙනෙක් ට බෑ..Li Young Ae ටත් බෑ..

    බොහොම ස්තුති සහෝදරයා මම FB එකේ ඔහේ සැරිසරනකොට මේ page එක දැක්කේ. ඔන්න ඔහේ request එකක් දාලා බලමුකෝ එහෙනම්. :P :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මෙන්න Sukjong රජතුමාගේයි dong yi ගෙයි ආදර කතාවේ විශේෂ අවස්ථා තියන video එකක්. මේකේ ලස්සන korian song ekak background එකේ තියනවා බලන්නකෝ කැමති අය.

    https://www.youtube.com/watch?v=-pBaEjI_e4M

    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොරියාවේ ජෝසෙන් රාජ වංශයේ සුක්ජෝන් රජු දැන් අපට අමුත්තෙකු නොවේ. වසර පන්සීයක් පුරාවට කොරියාවේ පැවති ජෝසෙන් අධිරාජ්‍යයේ දහනව වැනි රජු ලෙස සුක්ජෝන් රජු කිරුළ පැලැන්දේ 1674 දීය. එවකට දාහතර හැවිරිදි වියේ පසුවූ කඩවසම් කුමාරයකු වූ සුක්ජෝන් රජුගේ පියා වූයේ හයෙන්ජෝන්ග් රජුය. මියොන්ග්සොන්ග් රැජින ඔහුගේ ආදරණීය මව වූවාය. වැන්ග්ඩිගොක් මන්දිරයේදී 1661 අගෝස්තු 15 වැනිදා උපත ලද ඔහු ජෝසෙන් රජ පරපුරේ අතිශය බුද්ධිමතකු ලෙසද පිළිගැනෙයි. ඔහුගේ පාලනයට එරෙහිව කැරලි ගැසූ කණ්ඩායම් මතුවුවද ඒවා සාර්ථක ලෙස මැඩලීමට රජු සමත් විය. අසිපත් කණ්ඩායම ලෙස සංවිධානය වූ මධ්‍යම පාංතික පිරිස ඔහුට එරෙහිව නැගී සිටි තවත් කණ්ඩායමකි.

    කෙසේ හෝ වේවා සියලූ සතුරන් මැඩගෙන තම රාජ්‍ය පාලන කටයුතු මොනවට ගෙනගිය රජුගේ අග බිසව වූයේ ඉන්ජියොන්ග් රැජිනයි. ඉන්වොන්, ජියැන්ග් ක්ලෑන්, මියොන්ග්, යෙන්ග්, කිම් ග්විඉන්, යු සොයුයි සහ සෝයුසි ගයුබන් යන තවත් බිසවුන් ගණනාවකගේ ඇසුර හිමිවූ සුක්ජොන් රජුගේ රූප කාය කෙබඳුද යන්න වර්තමාන ලෝකයට ගැටළුවකි.

    එහෙත් මේ රජවරුන්ගේ රූපකාය පිළිබඳ සේවීම් බැලීම් කළ පුරාවිද්‍යාඥයන්ට අගනා චිත‍්‍ර සමූහයක් සොයාගත හැකිවිය. ඒ චිත‍්‍ර එකල රාජකීය චිත‍්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඒවාය.

    මේ චිත‍්‍රත් සමගම හෙලිදරව් වූයේ ඒ සා අතීතයේදී කොරියානු රජගෙදර සේවය කළ චිත‍්‍ර ශිල්පීන් පිළිබඳ අපූරු තොරතුරුය.
    සුක්ජෝන් රජුගේ සහ දොංයිගේ චිත‍්‍ර සෙවූ පර්යේෂකයනට සොයාගත හැකිවූයේ ජෝසෙන් රජ පරපුරේ චිත‍්‍ර රාශියක්ම විනාශයට පත්ව ඇති බවය. විවිධ සටන් සහ ස්වභාවික ආපදා එම විනාශයට හේතු වී ඇති බවද පැවැසේ. සුක්ජෝන් රජුගේ චිත‍්‍ර සොයා ගිය මේ පර්යේෂකයන්ට අවසානයේ හමුවූයේ සුක්ජෝන් සහ දොංයිගේ පුතු වූ පසුව රජ පැමිණි යෙන්ජෝ ගේ සහ ඉන්පසු රජ පැමිණි රජවරුන්ගේ චිත‍්‍ර කිහිපයක් පමණි.

    ජෝසෙන් රාජ වංශය පාලනය ගෙනගිය අවදියේදී රජවාසල චිත‍්‍ර ශිල්පීන් නම් පිරිසක් සේවය කර තිබේ. හිවාවොන් ලෙස හැඳින්වුණු මොවුන්ගේ රාජකාරිය වූයේ රජවරුන්ගේත් ඔටුන්න හිමි කුමාරවරුන්ගේත්, බිසෝවරු සහ රජ වාසලේ උසස් නිල තල දැරූවන්ගේත් චිත‍්‍ර නිර්මාණය කිරීමය. විවිධ ප‍්‍රමාණ වලින් විවිධ පැතිකඩ වලින් කෙරුණ මේ චිත‍්‍ර නිර්මාණ රජ මාලිගය තුළ ප‍්‍රදර්ශනය කෙරිණි.
    එවක රජමාලිගය තුළ චිත‍්‍රශිල්පීන් වෙනුවෙන්ද වෙන්කළ කාමරයක් තිබිණි. ඩොවාසියෝ නම් වූ මේ කාමරය තුළ සේවය කළ මේ චිත‍්‍රශිල්පීන්ට ද විවිධ ශ්‍රේණි තිබිණි. ඉහළ ශ්‍රේණිවල චිත‍්‍රශිල්පීන්ගේ දක්ෂතා ද කුසලතාද ඉහළ ඒවා විය. මොවුන් අතින් ඉහළ මට්ටමේ නිර්මාණයක් කෙරුණු විට රජවාසල මගින් ඒවා අගය කෙරිණි. ඔවුනට කපු සහ සහල් වලින් තිළිණ ප‍්‍රදානය කිරීම්ද සිදුවිය.
    මේ චිත‍්‍ර ශිල්පීන් පත්වූයේ චුන්මින් ලෙස නම් කෙරුණු මධ්‍යම පාංතිකයන් අතරිනි.

    ලංකාදීප පත්තරේ පළඋන ලිපියලින් තමා මේක මම ගත්තේ. ලියල තියෙන්නේ ශාන්ත කුමාර විතාන. dong yi ගේ කලේ කොරියානු ඉතිහාසය ගැන හොද විස්තරයක්. මීලග කොටස පස්සේ දැන්නම්.

    02-page-01--rasa-2.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    11.gif

    නියමයි..ඒත් ලංකාදීපේ දාන ලිපිවල සත්‍යතාව
    නම් අනේ මන්දා බොලිවුඩ් නිවුස් වල නම් දාන්නේ
    බාගෙට බාගයක් බොරු..

    2.gif

    dongyi.gif

    මේ තියෙන්නේ හරිම විස්තරේ..
    ලංකාදීපේ නොකියලා තියෙන ගොඩක් මේකේ තියෙනවා..

    http://www.dramasrok.com/2010/07/portraits-king-sukjong/#more-499

    දෙයක් ගත්තම ගත්ත තැන දාන්නේ නෑ ලංකාදීපේ
    ඒ නිසා විස්වාස කරන්නම නරකයි..

    :no::no::no:

    dsc_0116_mbcdong2.jpg

    randima rulz

    Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama

    11.gif

    නියමයි..ඒත් ලංකාදීපේ දාන ලිපිවල සත්‍යතාව
    නම් අනේ මන්දා බොලිවුඩ් නිවුස් වල නම් දාන්නේ
    බාගෙට බාගයක් බොරු..

    2.gif

    dongyi.gif

    මේ තියෙන්නේ හරිම විස්තරේ..
    ලංකාදීපේ නොකියලා තියෙන ගොඩක් මේකේ තියෙනවා..

    http://www.dramasrok.com/2010/07/portraits-king-sukjong/#more-499

    දෙයක් ගත්තම ගත්ත තැන දාන්නේ නෑ ලංකාදීපේ
    ඒ නිසා විස්වාස කරන්නම නරකයි..

    :no::no::no:

    dsc_0116_mbcdong2.jpg

    supiri machan mekanam
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    thanks yaluwane, anna ehema bump ekakwath dala gihama thama hoda, ethakota anith ayatath wadak gaththahakine me thread eken
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියේ දෙවන කොටස.

    අභීත දියණියට පසුබිම්වූ එදා කොරියාව

    චිරාත් කාලයක් පවතිනු පිණිස නිර්මාණය කරන ලද මේ රාජකීය චිත‍්‍ර විවිධ ආක‍්‍රමණ, සටන්, ස්වභාවික ආපදා ආදිය හේතුවෙන් විනාශයට පත්වුවද ජෝසෙන් රාජවංශයේ රජවරු හතරදෙනෙකුගේ චිත‍්‍ර මේ වන විට සුරැුකිව තිබී හමුවී තිබේ. කි‍්‍ර.ව. 1392-1398 අතර රජකළ ටෙජෝ, ක‍්‍රි.ව. 1863-1907 අතර රජකළ හොජොන්ග්, ක‍්‍රි.ව. 1724-76 අතර රජකළ යෙංජියෝ හා ක‍්‍රි.ව. 1849-63 අතර රජකළ වොල්ජෝන්ග් රජවරු එම හතර දෙනාය.

    සුක්ජෝන් රජුගේ චිත‍්‍ර හමුනොවුවත් ඔහුගේ සමයෙහි පිම් ජින් ගයු නම් චිත‍්‍රශිල්පියා රජවාසල චිත‍්‍රශිල්පියකු ලෙස පත්කළ බවට ලියැවුණු සටහන් ඉතිහාසයේ එයි.දැනට හමුවී ඇති පැරැණිම රාජකීය චිත‍්‍රය, ටේජෝ රජුගේය. අන් සියළු රජවරුනට වඩා චිත‍්‍ර විශාල සංඛ්‍යාවක් මෙම රජු වෙනුවෙන් ඇඳ තිබේ. විවිධ ඉරියව් වලින් නිර්මාණය කෙරුණ මෙම චිත‍්‍ර විශාල සංඛ්‍යාව හේතුවෙන් ඔහුගේ චිත‍්‍ර එකක් දෙකක් හෝ ඉතිරි වන්නට ඇතැයි සිතේ.
    ටේජෝ රජුගේ හමුවී ඇති එක් චිත‍්‍රයක් ඉඳ සිටින ඉරියව්වෙන් නිර්මාණය කරන ලද්දකි. හැබැයි එම චිත‍්‍රය 1872 වසරේදී යළි අඳින ලද්දකි. එහි මුල් නිර්මාණය කිසියම් කරුණක් නිසා කල්තබා ගත නොහැකි වන්නට ඇති බැවින් මෙය යළි නිර්මාණය කරන්නට ඇත. මෙම චිත‍්‍රය ජෙයොන්ජු හි ගෙයෙන්ජිජියොන් ශාලාවේ ආරක්ෂිතව තබා තිබේ.
    මෙම චිත‍්‍රයෙහි රජු ඇඳ සිටින්නේ ඉක්ෂියොන්ග් වෑන් නම් ඇඳුමකි. රජු ඉඳ සිටින පුටුව මකරකුගේ මෝස්තරයක් ගත්තකි. මෙම මකර මෝස්තරය එම යුගයේ අතිශය ජනප‍්‍රිය මෝස්තරයක්ව තිබිණි. සුක්ජෝන් රජ සමයට පසුව මේ මෝස්තරයේ චිත‍්‍ර ගණනාවක්ම නිර්මාණය කෙරී ඇත.
    සුක් ජෝන් රජුගේත් දොංයි ගේත් පුතුවන යෙන්ජියෝ, ජෝසෙන් රාජවංශයේ විසිඑක් වැනි රජුය. එකී රාජවංශයේ වැඩිම කාලයක් රජකළ ඔහුගේ රාජ්‍ය සමය අඩ සියවසකටත් වසර දෙකක් වැඩිය. මේ පාලන කාලය තුළ ඔහු ස්වකීය චිත‍්‍රශිල්පීන්ට තම රුව රැුගත් චිත‍්‍ර විසිඑකක් අඳින ලෙස නියම කළේය.
    ඉන් පළමුවැන්න ඇන්දේ ඔහුගේ වයස අවුරුදු 21 දී වන අතර අවසාන චිත‍්‍රය ඇන්දේ 51 වැනි වියේදීය.

    02-page-01--rasa-7.jpg

    මෙම චිත‍්‍ර වලින් වැඩිහරියක් විනාශයට පත්වූයේ 1950-53 අතර පැවැති කොරියානු යුද්ධයේදීය.
    මෙම චිත‍්‍රවලදී කුමාරයා ඇඳ සිටි ඇඳුමෙහි ගෙළ පෙදෙසෙහි කොළ පැහැති පටියක් වූ අතර පපුවෙහි සුදු පැහැති කඟවේනකුගේ රුවක් තිබිණි. දිගු අත් සහිත ඇඳුමක් වූ මෙහි වූ විසිතුරු බව නම් වචනයෙන් කිව නොහැකි තරම්ය. සේද රෙද්දෙන් නිමවන ලද කළු පැහැති තොප්පියක් සහ මුව සමෙන් කළ දිගු පාවහන් යුවලකින්ද ඔහුගේ ඇඳුම අංගසම්පූර්ණ විය. ජින්ජේ ගේ විසින් ක‍්‍රි.ව. 1714 දී පමණ අඳින ලද චිත‍්‍රයකි.
    ජින් ජේ ගේ සුක්ජෝන් රජු විසින් රජවාසල ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියකු ලෙස පත්කරන ලද්දේ 1713 දීය. එය රජුගේ 39 වැනි පාලන අවුරුද්ද ලෙස සැලකේ. යොන්ජියෝ රජුගේ අනෙක් චිත‍්‍රය 1900 වර්ෂයේදී යළි පිටපත් කරන ලද්දකි. එහි මුල් චිත‍්‍රය පිළිස්සී විනාශ වී තිබේ.
    දකුණු දෙස බලා ඉන්නා රජුගේ රුවක් සහිත මෙම චිත‍්‍රයේ ඉක්ෂියොන්වැන් ඇඳුම ඔටුන්න රතු පාට ගොලියන්ග් පෝව ආදියෙන් සමන්විතය. මේ චිත‍්‍රය ටේජෝ රජුගේ චිත‍්‍රයටත් වඩා උසස් ගණයේ නිමැවුමකි.
    වර්ෂ 1861 දී අඳින ලද චියොල්ජොන්ග් රජුගේ චිත‍්‍රයක් කොරියා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ඔහු ජෝසෙන් රාජ වංශයේ 26 වැනි රජු මෙන්ම ප‍්‍රථම අධිරාජයාද වෙයි. යි හැන්චිගෙල් සහ යූ ෂුක් විසින් මේ චිත‍්‍රය නිර්මාණය කර තිබේ.
    ජෝසෙන් අධිරාජ්‍ය සමයේදී රජවාසලේ චිත‍්‍ර ශිල්පීන් මෙන්ම චිත‍්‍රශිල්පිනියන්ද සේවය කර ඇත. ඔවුනට පැවරී තිබුණු රාජකාරිය වූයේ රාජකීයත්වය හා සම්බන්ධවූ කතුන්ගේ රූප චිත‍්‍රයට නැගීමය. දොංයි මෙන්ම රැජිණියන්ගේ චිත‍්‍ර ද එකල චිත‍්‍රයට නැගී තිබේ. එහෙත් එකී චිත‍්‍ර සටහන් රාශියක්ම විනාශයට පත්ව තිබේ. හමුවී ඇති චිත‍්‍ර අතරින් ප‍්‍රසිද්ධව ඇත්තේ ෂින් ජුක් බොන් විසින් අඳින ලද සුරූපිනියකගේ චිත‍්‍රයකි.
    ෂින් යුක් බොන් යනු ජෝසෙන් කාල පරිච්ඡේදය තුළ අතිශය ජනප‍්‍රියත්වයට පත් චිත‍්‍ර ශිල්පියෙකි. ඇගේ පියාද රජ වාසලේ චිත‍්‍ර ශිල්පියෙකු ලෙස සේවය කළ අතර ඇගේ සොයුරාද සේවය කළේ එම අංශයේමය. මේ නිසාම ෂින්ටද චිත‍්‍ර ඇඳීමට හැකියාවද අවස්ථාවද ලැබිණි.
    මේ චිත‍්‍ර හේතුවෙන් වර්තමාන පරපුරටද එදා රජ පරපුරේ ඇඳුම් පැළඳුම් සේම එදා රජවරුන්ගේ හැඩරුවද නිවැරැුදිවම දැනගැනීමට හැකියාව ලැබී තිබේ. එම නිසා එදා සිටි චංගුමීලා දොංයිලා පවා මෙදා පරපුරට නිවැරැදි ලෙසට සමීප කිරීමට ටෙලිනාට්‍ය නිර්මාණකරුවනට හැකි වී තිබේ.

    02-page-01--rasa-8.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Masquerade (2012)

    20120829_masquerade.jpg

    121011cinelhp02-42f79.jpg

    මට මේ ‍ෆිල්ම් එකේ Blue Ray 720p කොපි එකක්
    හොයා ගන්න පුලුවන් වෙයි ද මේක සුපිරිම ‍ෆිල්ම් එකක්..
    මේ ‍ෆිල්ම් එකේ ඉන්නෙත් Han Hyo Joo ම තමා
    ප්‍රධාන නිළිය විදියට ඒ වගේම මේකේ තියෙන ගොඩක් පසුබිම්
    (එලිමහන් දර්ශන තල Dong Yi එකේ තියෙන ඒවම තමා...)
    මට තේරුණ විදියට මේ කතාවේ තියෙන්නේ
    "අර සුබ හා යස" කතාවට සමාන කේස් එකක්..

    Masquerade_scene10.jpg

    මට හොයා ගන්න බැරි උනා පුලුවන් කෙනෙක් හොයලා දෙන්න...
    :rolleyes::rolleyes::rolleyes:

    movie_imageCANH6112.jpg

    http://www.hnmovies.com/masquerade-2012-720p-hdrip-900mb/

    meka test karala nam baluwe na fake ekakda danneth na try karala balanna. wena hoda ekak thibboth dannam.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    Masquerade (2012)

    20120829_masquerade.jpg

    121011cinelhp02-42f79.jpg

    මට මේ ‍ෆිල්ම් එකේ Blue Ray 720p කොපි එකක්
    හොයා ගන්න පුලුවන් වෙයි ද මේක සුපිරිම ‍ෆිල්ම් එකක්..
    මේ ‍ෆිල්ම් එකේ ඉන්නෙත් Han Hyo Joo ම තමා
    ප්‍රධාන නිළිය විදියට ඒ වගේම මේකේ තියෙන ගොඩක් පසුබිම්
    (එලිමහන් දර්ශන තල Dong Yi එකේ තියෙන ඒවම තමා...)
    මට තේරුණ විදියට මේ කතාවේ තියෙන්නේ
    "අර සුබ හා යස" කතාවට සමාන කේස් එකක්..

    Masquerade_scene10.jpg

    මට හොයා ගන්න බැරි උනා පුලුවන් කෙනෙක් හොයලා දෙන්න...
    :rolleyes::rolleyes::rolleyes:

    movie_imageCANH6112.jpg

    http://www.asiatorrents.me/index.php?page=details&id=5afd2f6ea5fc819fd7e3a59b6837bbcedf30ed5c&returnto=details.php

    menna thawa ekak habai bluray rip nam nemei meke nam hoda comment thiyanawa.