youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,507
    1,535
    113
    37.235065, -115.811117
    meeeeeeeeee.jpg


    edit: ( කෝස් එකක් වත්, සල්ලි දීල කරන එකක් වත්, මට වාසියක් වත් එන දෙයක් නෙමේ කට්ට කාගෙන මොකෙක් හරි ගොඩ දාන්න ලිව්ව එකක්, යට රිප්ලයි එකක් නිසා මේක දැම්මෙ, මොකද ලිපිය දිග නිසා කියවන්නෙ නැතුව ආ මෙන්න අපිට ශොට් එක දෙන්න අපේ දෙයක් කඩා වඩා ගන්න ඇවිත් කියල හිතන උනුත් ඉන්න නිසා )

    edit : මන් youtube එකෙන් එහෙම හම්බ කරල නෑ, ත්‍රෙඩ් එකේ ඇති ගිය මාසෙ ආව ගානත්, හැබැයි youtube එක නිසා හැදුන කනෙක්ශන් වලින් හම්බ කරා..මේ කියල තියෙන්නෙ කෙලින්ම youtube එකෙන්ම හම්බ කරන මන් දන්න/නොදන්න අයගෙ කතාව සහ ක්‍රම


    Ok boys and girls of එහෙනම් අද කෙලින්ම photoshoot එක් කරා, EK ඉන්න අපේ ගෙවල් පැත්තෙ එන්නෙ ruzza අයියා, ඊයෙ මම අර potatoe cam eකකින් වගේ ෆොටෝ ගහලා තියෙනවා දැකලා එයා කිව්ව පොටෝ ටිකක් ගහලා දෙන්නං කියල. මෙන්න තියෙන දාපු thread එක, මෙන්න තියනවා මම කලින් threads


    Silver awards දෙකක් කියන්නේ මාර legendary ම දෙයක් නොවේ වුණත්, ඒක ලේසියෙන් කරන්නත් බැරි නිසා මම හිතනවා මට youtube ගැන මොනවා හරි දෙයක් ඔයාලට උගන්නන්න පුළුවන් වෙයි කියලා ඔයාලගෙන් ගොඩ දෙනෙක්ට. සහ මම මේ කියන කිසිම දේකදි කියන්නේ නෑ මම කියන එක හරියටම හරි සහ මම කියන එක පිළිගන්න කියල ඔයාල මේ මං කියන දේවල්වලින් ගන්න දෙයක් තියෙනවනං ඒ ටික අරගෙන ඔයාලට හරි වෙන්නැති ටික් අයින් කරන්න, ඒ ඔයාලා ගත්ත දේවල් ටිකක් තව sources කීපයකින් confirm කරගෙන ඔයාලා apply කරගන්න

    2023 තවත් අමාරු අවුරුද්දක් වෙන නිසා අනිවාර්යෙන්ම ඔයාලට පුලුවන්නම් මෙහෙම online income එකක් අරන් එන්න මං හිතනවා ඒක plus point එකක් වෙයි කියලා

    ඒ වගේම තමා මම නම් ඉස්සර ඉඳන්ම කියලා තියෙනවා මම මොකක් හරි ගේමක් ගැහුව නම් ඒකට හේතුව මම ඒ දේ ඉස්සෙල්ලාම කරපු හින්දා කියලා, myHub එක දැන් පටන් ගත්තා නං ඒ මම දාන content වල කොලිටි එක බැලුවට පස්සේ මට ලේසි වෙන්නේ නෑ අනිත් අය අතරෙන් උඩට එන්න, හැබැයි ඉතිං එන්නේ NFT ගත්තත්, Youtube ගත්තත් කොහොමහරි random chance එකකින් ඒව මුලදී පටන් ගත්ත නිසා මොන හරි ගේමක් ගහගන්න පුළුවන් වුණා, ඉස්සරහට ඒ වගේ අලුතෙන් ගේමක් ගහගන්න පුළුවන් දේවල් විදිහට මම දකින්නේ AI සම්බන්ධ products සහ metaverse සම්බන්ධ products…ඉතිං ඒ ගැන ඔයාලා කැමති නම් තව හොයලා බලන්න, ඉගෙන ගන්න එකෙන් ඉස්සරහට පට්ට ගේම ගහන්න පුළුවන් වෙයි, 2016 අග කාලේ, මම cryptocurrency ගැන සිංහලෙන් content කරනකොට ඒවා බලලා ගොඩගිය වගේ වුනොත් කොහොමද :lol:

    කොහොමහරි කියන්ඩ ඕනෙ උනේ, දැන් අනිත් අයත් එක්ක තරඟ කරන නං ඔයාලා content එකේ quality එක මට වඩා හිතන්න වෙනවා, ඒ නිසා ඔයාලගේ 200%ම මේකට දාලා වැඩේ පටන් ගන්න ඕන පටන් ගන්න

    කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ජොබ් එකක් කරනවනේ මේක ගෙදර ඉන්න කෙනෙකුට නං ඉතින් ඕක කරන්න ලේසියි නේ කියලා, ඔව් ඉතින් මේ පෝස්ට් එක කියවන්න තරුණ ( 18-25 ) කොල්ලෙක්ට ජොබ් එකක් කරන ගමන් කරන කෙනෙකුට වඩා ලේසියි තමා, ඒත් ඉතිං what to do ගේමක් ගහන්ඩ ඕනේ නම් සමහර අයට අනිත් අයට වඩා වැඩිපුර කට්ටක් කන්න වෙනවා, ඒ වගේම තමා කියන්න ඕනි මම කොයි වෙලේවත් කියන්නේ නෑ ඉගෙන ගන්නේ නැතුව මේවා කරන්න කියලා අනිවාර්යෙන්ම දැන් කාලේ හැටියට නම් පුළුවන් නං ටිකක් හරි ගොඩ දාගන්න මොකද මේ යන විදියට සමහරවිට මේ කිසිම දෙයක් නැති වෙලා මොකක් හරි ජොබ් එකක් අරගෙන ඉන්න වෙන්න පුළුවන් ඒ නිසා අඩුම ගානේ secondary ප්ලෑනක් විදිහට හරියට ඉගෙනගෙන ඒ පැත්තෙන් ගේමක් ගහගෙන ඉන්න

    ඔයාලා මම මේ පල්ලෙහා කියන දේවල් වල මොන හරි දන්නේ නැති වචනයක් දැක්කොත් ඒ වචනෙ යූටියුබ් එකේ සර්ච් කරන්න එතකොට ඔයාලට ඒ මොකක්ද කියලා සිංහලෙන්ම තියෙන tutorial වලින් බලාගන්න පුළුවන්

    නෑ නෑ clickbait එක නෙමෙයි ඇත්තටම අපිට යූටියුබ් වලින් කෝටි ගානක් හොයන්න පුළුවන්. මම කියන්න හැමෝටම පුළුවන් කියලා එ උනාට හරියට මහන්සි වෙන හරි strategy එකකට වැඩ කරන අයට අනිවාර්යෙන්ම පුළුවන්.


    මම ඔයාලට පටන් ගන්න කලින්ම උදාහරණ කීපයක් කියන්නම්
    • මේ ටික කලින් ත්‍රෙඩ් එකෙක් කිව්වා, එක මල්ලි කෙනෙක් කියනවා එයා කරන්න trading strategy දාන එක එයා මාසෙකට ඩොලර් 9000 විතර හොයනවා, ඒවට අමතරව තව affiliate marketing වලින් හෙමත් ඔයා හොයනව කියල මට කිව්වා.

    • ඊට පස්සෙ match වල වීඩියෝස් දාන එක, මට මතක විදිහට මෙයා මාසෙකට 2000+ හම්බ කරනවා, මේ වගේ channel හැබැයි කලින් කිව්වේ ඒවා වගේ එක දිගට කරගෙන යන්න පුළුවන් ඒවා ද කියන නම් දන්නේ නෑ ඒක කොපිරයිට් අහුවෙන් නැතුව කොහොම දානවද දන්නෙ නෑ හැබැයි එහෙම දාන්න පුළුවන් විදි තියෙනවා කියලා ඒ දේවල් දන්න කට්ටිය කියනවා ( ම ඒ ක්‍රමය නම් දන්නේ නෑ හැබැයි, ඔයාලට හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි )

    • ඊට පස්සෙ තව එක්කෙනෙක් ඉන්නවා blaze92 කියලා, එයා කරන්නේ games වල compilations දාන එක, එයත් සාමාන්ය මාසට 5000ට වඩා හම්බ කරනවා

    • මේ වගේ තව එක එක විදිහට හම්බ කරන channels තරම් තියෙනවා පිටරට අයට කරලා, මට නම නම් මතක නෑ එක චැනල් එකක් තියෙනවා එයා කරන්නේ එක එක ගස් වලට ගිහිල්ලා චූ කරන එක, ඒ කියන්නේ අර වතුර පාර විතරයි පෙන්නන්නේ, ඔයාගෙ චැනල් එක ගොඩක්ම බලන්නේ පිටරට ඉන්න කෙල්ලො, එක එක අමුතු fetish තියෙන කට්ටිය ඉතිං ඉන්නවනෙ… කොහොමහරි ඉතිං එයා අල්ලන් තියෙන්නෙ කවුරුත්ම නොකරන පැත්තක්

    • තව සෙට් එකක් ඉන්නවා එයාලා කරන්නේ අර ගමේ කුකින් චැනල්, එවන්නම් මාර production quality කක් තියෙනවා ඒ වගේ එකක් පටන් ගන්න නං ඇත්තටම ලොකු ගානක් ඕනි වෙනවා, ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම ඉතින් මාසෙකට ලක්ෂ ගණනින් හම්බ කරනවා, 10-30 හම්බෙනවා ඇති

    හරි එහෙනම් අපි බලමු දැන් කොහොමද යුටියුබ් එකෙන් ගේමක් ගහන්න කියලා


    ඉස්සරහ ප්ලෑන් කරගන්න ඕන ඔයාගේ target audiance එක මොකක්ද කියලා, ලංකාවේ අයට නම් content හදන්නේ ඔයාලා ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනි ලංකාවට හම්බෙන adsense ආදායම මාර අඩුයි කියලා… කාලා socialblade බැලුවොත්, ඒකේ අර අවම ගාන කියලා පෙන්නන ගාන තමා සාමාන්‍යයෙන් ලංකාවේ content එකට හම්බ වෙන්නේ, ඒක එක එක content-type එක අනුව වෙනස් වෙනවා, ගොසිප් හැම දැම්මොත් ගොඩක් අඩුවෙන් තමා හම්බෙන්නෙ, මගේ entertainment, gaming, vlogs, educational ඔක්කොම මික්ස් එකේ යනවා, සාමාන්‍යයෙන් මාසෙකට වීව්ස් ලක්ෂ අටක් ලක්ෂ දහයක් වගේ තමයි එන්නේ total එක ගත්තොත්, මට ගිය මාස ඇවිල්ල තිබ්බේ ඩොලර් 257, එක් යන්නේ රුපියල් ලක්ෂයක් විතරයි, අපි පරණ විදිහට හිතනවා නං රුපියල් පනස් දහසකට අඩුවෙන්

    මොන content එක හැදුවත් මට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක තමා, Content එකේ quality එක බලනවාටත් වඩා පුළුවන් තරම් consistance වෙන්න කියලා, ඒ කියන්නෙ හැමදාම content දාන්න පුලුවන්නම් දාන්න, ඕකට ගන්න උදාහරණයක් තියෙනවා මට malindaදයියා කියපු, කැම්පස් එකේ පොඩි පරීක්ෂණයක් කරා ලු හොඳම මැටි කලයක් හදන්න පුලුවන් කාටද කියල දෙකක් බෙදල එක කට්ටියකට කිව්වලු දවස් කීයක් ද කොහෙද දීලා එක්ක එක සෙට් එකට, එක කට්ටියකට කිව්වලු දවස් සීයක් තිස්සේ පරීක්ෂණ කරුණු හදන්න පුළුවන් සුපිරිම කඩේ හදන්නෙ කියලා එකට කිව්වලු හැමදාම කලයක් ගන්න හදන්නේ කියලා, දවස් සීයක් පරීක්ෂණය කරල හදපු සෙට් එක හැදුවලු මැටි කලයක් ආයේ ලොවෙත් නෑලු, හැබැයි අර හැමදාම එකක් හදපු සෙට් එක දවස් හතලිස් ගණනින් ද කොහෙද අනිත් සෙට් එක දවස් සියයක් ගත්ත මැටි කාලය හදලා ඊට පස්සේ හදපු හැම කලයක්ම ඊට වඩා perfect කාලයක් වුනාලු… ඔයාලා හැමදාම content එකක් හදනකොට ඔයාලට තේරෙයි කොහොමද හරියට lighting කරන්නේ, මොන වගේ තැනට මිනිස්සු බලන්න වැඩිපුර කැමතියි, එතකොට ඔයාලා ඒ වීඩියෝ එකෙක් කරන carft එක හරි මොන හරි පෙන්නන දේ හරි කොහොමද මීට වඩා හරියට ලස්සනට කරන්නේ, මෙහෙම ගොඩක් දේවල් ඔයාට දැනගන්න පුලුවන් වෙයි ඔයාලට පුලුවන්නම් හැමදාම content දැම්මොත්, මේකත් මේ ත්‍රෙඩ් එක දාහක් බැලුවොත් ඔතනින් තුන්දෙනෙක් කර ඔවුන් නම් ඒ වැඩේ කරයි, හැබැයි කරොත් ගොඩ දාගන්න පුලුවන්, ඔයාල මොකක් හරි තැනකට ආවට පස්සෙ ඔයාලට පුළුවන් සතියකට එක content එකක් හරි මාසෙකට එකක් හරි ඔයා කැමති විදිහකට ප්ලෑන් කරන දාගන්න


    ඉස්සෙල්ලාම චනල් එකක් හැදුවම කොහොමද ඒකට කට්ටිය ගෙන්න ගන්නෙ ??


    කොහෙවත් එක ටිකට spam කරගෙන යන එක නම් මම කිසිම දේකට රෙකමන්ඩ් කරන්නේ නැහැ, ඉස්සෙල්ලාම cantent එක ඔයාලට පුළුවන් තරම් උපරිමයෙන් මහන්සි වෙලා හොඳට හදලා ලස්සන thumbnail එකක් දාලා හොඳ catchy title එකක් ලියලා, හරියට description එකක් ලියන්න, මේ කිව්ව වැඩ වල කරන්න දන්නෙ නැත්තං යූටියුබ් එකේ how to කියලා ඔයාලට කරන්න ඕනි දේ සර්ච් කරන්න එතකොට සිංහලෙන්ම හරියටම මේවා මුල ඉඳන් කියලා දෙන tutorials ඔයාලට ඕන තරම් හොයා ගන්න පුළුවන් වෙයි

    ඔයාලා මේ ටික හරියට කරොත් යූටියුබ් එකෙන්ම ඔයාව push කරන දෙනවා ඉස්සරහට, ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ facebook එකේ ශෙයා කරනවනෙ එතනින් ඔයාලගේ යාලුවන්ට ගිහිල්ලා බලන්න කියන්න, දන්න කියන කට්ටියට වට්ස් අප් කරලා, ගෲප් වල ඉන්නව නං ඔයාලා ඒ ගැලපෙන content එකක් ගැන කතා කරන, ඒකෙ rules ඔයාටත් අවුලක් නැත්නම් ඔයාලට එක ශෙයා කරන්න පුළුවන්, එළකිරි දැන් තියෙන rules නම් මොනවද කියලා මම දන්නෑ, ඉස්සර මම නම් මේකේ එක එක දේවල් ශෙයා කරා, හැමදේම හෝ ගාලා spam කරන්න ගියේ නෑ මොන හරි ඒ ගැන ඔයාලට මොන හරි content එකක් කියලා ෂේප් එකේ ඔයාලගේ link එකක් ඔබ වන්න පුළුවන්, සහ ඔයාලට වීව්ස් ගන්න පුළුවන් හොදම තැනක් තමයි ටික් ටොක් එක, ටික් ටොක් කියන්න මාරම engachment එකක් තියෙන තැනක් සහ ඔයාලගේ content එක යූටියුබ් එකට වඩා ඉක්මනට push කරගන්න පුළුවන් තැනක්, හැබැයි එකෙන් youtube එකට අදිනවා කියන්න හරිම ලේසි වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩකුත් නෙමෙයි.

    තව මම අහල තියෙනවා දැන් youtube එකෙන් ටික් ටොක් එකට ගේම ඉල්ලන්න ඕන හින්දයි youtube Shorts ගොඩක් පුස් කරනවා කියලා , යූටියුබ් සෙට් එකට සාමාන්‍යයෙන් ගෙන views කරන්න බැලුවට පස්සේ අපිට මේක හිතා ගන්නත් පුළුවන්, එකේ youtube short දාලා ඔයාලට ඕඩියන්ස් එකක් හදාගන්නත් පුළුවන්
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,507
    1,535
    113
    37.235065, -115.811117
    ඔයාලා හොඳ content එකක් කාලයක් තිස්සේ දැම්මොත්, තව කරන්න පුළුවන් එකක් තමා මොකක් හරි ඔයාල කරන විදිහෙම content දාන තව චැනල් එකක් තියෙනවා නං එයත් එක්ක එකතු වෙලා මොකක් හරි colaboration එකක් කරන එක, එතකොට e channel එකේ ඉන්නේ fan base එක ඔයාව අඳුර ගන්නවා,සමහර වෙලාවට එහෙම ඔයාල ඒ අයව reach කරාම ඒ කෙනෙක් ඔයාට shout out එකක් දැම්මා පුළුවන් community පෝස්ට් එකක් වගේ දාලා මම මේක මනියගෙ ඉඳන් කාලි වෙනකල් කරලා තියෙනවා, මම හිතනවා මම දැනට දුන්න shout out, colaboration ඔක්කොම ගත්තොත් සීයකට වඩා කරලා ඇති…

    ඔයාලට බලන අයට Give-aways වගේ ඒවා දීලත් කට්ටිය සෙට් කරගන්න පුළුවන් හැබැයි මම ඒ ක්‍රමය එච්චර රෙකමන්ඩ් කරන්නෙ නෑ ඒ වියදම් කරන්න ගනිං ඔයාලට වෙන චැනල් එකට දෙයක් කරගන්න පුලුවන්

    ඔයාලා ටාගට් කරන්නේ පිටරට ඕඩියන්ස් එක නං ටිකක් වැඩේ අමාරුයි, ඔයාට හොඳ english පුළුවන්නම්, එතනින්ම ඔයා ගොඩ දෙනෙකුට වඩා ගේමක් ගහන්න පුළුවන් තැනක ඉන්නේ, අපි මූණ පෙන්නලා කරන content කරොත් හැබැයි ගොඩක් වෙලාවට මේ අය Decent Content නං බලනවා අඩුයි, මොකද ගොඩක් උන් අපේ මේ brown skin එක දැක්ක ගමන් ඉන්දීය කාරයෝ කියලා යන්ඩ යනව, ඔයාලා කරන දෙය අනුව මේක ඉතින් වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඉතින් අපිට උප්පත්තියෙන්ම ඒ අවාසිය හම්බෙලා තියෙනවා අපි සුද්දෙක් උනානං අපිට ඇත්තටම මීට වඩා ගේමක් ගහන්න තිබ්බා, ඒත් ඉතිං පිටරටක ජීවත් වෙනවා නං ඒ හම්බෙන income එක සාමාන්‍යයෙන් කමක් වෙන්න තිබ්බා ලංකාවේ සිටියොත් නැණ $2000-3000 මර එකක් වෙන්නේ, කොහොම හරි ටිකක් craft හදන ඒවා, මූණ පේන්නැතුව කරන Gaming compilations, Restoration, අර starනිව්ස් වගේ එක එක ඔය celibrities ලගෙ ගොසිප් වගේ channels කරන්න පුළුවන්, මේකේ මම කිව්වේ හැමෝම කරන ඕනේ ඒ ඇරෙන්න ඔයාල කල්පනා කරලා බැලුවොත් සමහරවිට වෙන කවුරුවත් කරල නැති පට්ට් එකේ මං ගහගන්න පුළුවන් ඒවා කරගන්න පුලුවන් වෙයි. ඒ වගේම මතක තියාගන්න අනිත් අයගෙ content හොරකන් කරන දාන නං යන්න එපා, ලංකාවට කෝටි ගානක් අරන් ආපු ස්ටාර් නිවුස් චැනල් එකට කෙල උනේ ඒගොල්ලන්ට වන නඩුවක් නිසා, ලංකාවේ සිංහලුන්ට මොන නඩු ද කියලා හිතන්න එපා මෙහෙය ඕනතරම් campanies ඉන්නවා ලංකාවේ නඩුව ලස්සනට අරගෙන යන, ඒ නැතත් ඉතින් video content හැම හොරකං කරොත් නං Youtube එකෙන් strike වැදිලා ම චැනල් එක කෙල වෙලා යනවා

    කොහොමහරි මොනා හරි හොර වැඩක් කරන්න නැතුව ඔයාලගේ genuine content දාලා වැඩේ කරගෙන යන්න එතකොට ලස්සන ගේමක් ගහන්න පුළුවන්


    පිටරට ට්‍රැෆික් ගන්න එක නං එච්චර ලේසි වැඩක් වෙන එකක් නෑ අර දේ කළ ට්‍රැෆික් දෙන සයිට් වලින් ගන්න හැම යන්ඩ එපා කිසිම තේරුමක් නෑ ඒවා, Reddit වගේ forum වල ගිහිල්ලා ෂේප් එකේ පෝස්ට් එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ හදාගන්න පුළුවන් අපිට ඕනේ crowd එක, ටික්ටොක් එකෙන් ගන්නත් පුළුවන්, ෆේස්බුක් එකේ fake සුද්දියක් විදිහට ප්‍රොෆයිල් එකක් හදාගෙන, පිටරට නාකි සුද්දෝ ඉන්න පුළුවන් වලට ගිහිල්ලා වෙලා එතනින් ගන්ඩත් පුළුවන්, ලංකාවේ මෙහෙම campany තියෙනවා content හදන ඒවට මිනිස්සු අය කරලා තියෙනවා ඒගොල්ලන්ගෙ වැඩේ තමා fake පිටරට කෙල්ලෙක් විදිහට ඉන්ටනෙට් එකේ හැසිරෙන එක, ඉස්සර nft සීන් එකේ ඉන්නකොට gary vee ගෙන් ඉගෙන ගත්ත එකක් තියෙනවා, 1.8$ method කියලා හරියට මහන්සි වෙලා ගේමක් ගහන කෙනෙකුට ඒක මේ පාවිච්චි කරන්න පුළුවන්

    හරි එහෙනම් අපි බලමු categories ටිකක් ඔයාලට content හදන්න පුළුවන්


    Gaming



    දැන් හිතන්න ඔයාල කරන්න කැමති මොන පැත්තෙන්ද කියලා, කොල්ලෙක්ට නම් මං හිතනවා gaming side එකෙන් යන එක හරි ජොලි වැඩක් වෙයි කියලා, දැන් හැබැයි ඉස්සර වගේ නෙමේ ගොඩක් ගේම් ප්ලේ කරන අය හින්ද ඉස්සර වගේ ලේසියෙන් ගොඩ දාගන්න අමාරුයි, හැබැයි ඔයාට මොකක් හරි persanality එකක් හදාගන්න පුළුවන් නං මොන හරි unique දෙයක් වෙන්න පුළුවන් නං මං හිතනවා අනිවාර්යෙන්ම ඔයාට ඕඩියන්ස් එකක් හදාගන්න පුළුවන් කියලා

    Adsenses වලින් ගත්තොත් නං gaming වලදී ගෙවන්නේ අඩු ගානක්, ඔයාට හොඳ ලෝයර් ෆෑන් බේස් එකක් හදාගන්න කැමති නං ඔයාලා හැම වෙලේම ලයිව් වගේ වීඩියෝ දාලා කොඩියෙන් එකත් එක්ක engage වෙන නිසා මම හිතනවා හොඳ ෆෑන් බේස් එකක් හදාගන්න පුළුවන් කියලා, එතනින් පස්සෙ ඔයාට පුලුවන් ෆේස්බුක් එකට ගිහිල්ලා ෆේස්බුක් stars වගේ දෙයක් ඇක්ටිව් කරගෙන, එතැනිනුත් ඉන්කම් එකක් ගන්න, ඕනෙනම් facebook partner program එකට apply කරන්නත් පුළුවන්, මම දන්න තරමින් නං ඒක දැනට fail දෙයක් විදිහට තමා දකින්නේ ෆේස්බුක් එකෙන්, සමහරවිට ඉස්සරහට ඒගොල්ලො එයාලගේ strategy එක වෙනස් කරගෙන එයි, ඔයාලට පුළුවන් ෆේස්බුක් ගෲප් එකක් හදලා ඊට පස්සේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා කට්ටිය මොකක් හරි ගැන්ග් එකක් කියලා තියාගෙන අලුතින් කට්ටියව සෙට් කරගෙන ගේමක් ගහන්න, ඔයාලට හොදට ගේම් ප්ලේ කරන්නත් පුළුවන් නං ඒකත් තව ප්‍රශ්න පොයින්ට් එකක් වෙයි, දැනට ලංකාවේ ගේම් වලින් ගේමක් ගහනවා නම් මම දකින ලේසිම strategy එක තමා GTA RP Play කරන එක, මොකද ඒක බලන්න මාර සෙට් එකේ ඉන්නවා ඒකේ ඔයාලට ලස්සන caract එකක් කරන්න පුළුවන් නම් ඔයාලට හොඳ ෆෑන් බේස් එකක් හදාගන්නත් පුළුවන්

    යූටියුබ් ගේම කෙනෙක් වන එකේ තියෙන වාසිය තමා ලංකාවෙ දැන් marketing Companies එකතුවෙලා ලංකාවේ gamers එක්ක campaigns කරනවා ඒ වගේම ඒවට හොඳට ගෙවනවා, ඉස්සරහට ලංකාවෙත් gamers ලට පිටරට අයට වගේම තැනක් තියෙයි කියලා මං හිතනවා

    ඇහැට කණට පේන හොඳට කතා කරන්න පුළුවන් කෙල්ලෙක් ඉන්නව නං එයාව දාලා චැනල් එකක් කරොත් කොල්ලෙක් ගේම ගහනවට වඩා දහ ගුණයක් හොඳට ගේමක් ගහන්න පුළුවන් සහ ලංකාවේ තාම female gamers ලට තියෙනවා ඉඩක්, ඉතින් girlfriend හරි නංගි හරි ඉන්නවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඒගොල්ලොත් එක්ක කතා කරලා එහෙම පට්ට ගේමක් ගහන්න පුළුවන්


    Comedy, Entertainment, Reactions


    මෙහෙමයි comedy කියන එකේ එක් එක් කෙනාට අනුව වෙනස් වෙනවා නේ ඉතිං දැම්මට කොච්චර හරියන්නැති comedy එකක් උනත් තව සෙට් එකට පට්ටම ආතල් වෙන්න පුළුවන්, මට පෞද්ගලිකව දැන් නම් පොඩ්ඩක් හරි හිනා යන්නේ ජනයි ප්‍රියයි ගේ content වලට විතරයි, නැත්නං ඉස්සර පට්ට කොමඩි content දාපු සෙට් එක හිටිය මට නම් දැන් ඒවා එකක්වත් හිනා යන්නේ, ඒ මේ මම දැන් පට්ට පොරක් වෙලා කියන එක නෙමෙයි එකෙන් කිව්වේ, මම හිතන්නේ එක්කෝ එතන වෙලා තියෙන්නෙ mass ඕඩියන්ස් එකට හරියන්න ඒ වෙනස් වෙලා, එහෙම නැත්නං එයාලගේ content එකක් අවුල් වෙනකොට ඒක එයාලට මුහුණට කියන්න කවුරුවත් නෑ, එහෙම මොකක් හරි comment එකක් දැක්කත් ඒ ගොල්ලෝ එක දකින්න hate කමෙන්ට් එකක් විදිහට, මම නං ඒකට මගේ youtuber යාළුවෝ කීප දෙනෙක් තියාගෙන ඉන්නවා සහ සාමාන්‍ය යාළුවෝ කීප දෙනෙක් එයාලට මං content එක දාලා අහනවා මේක ගැන ඔයාලගේ තියෙන මම මුකුත් හිතන්නෑ ඔයාලා ඩිරෙක්t කියන්න තියෙන දේවල් කියන්න කියලා, එතකොට එයාලා කියන මෙහෙමයි මෙන්න මේක බෝරින් ආයෙ මෙන් මේ අපේ දේවල් කරන්න එපා මෙන් එකට හිනා හිනා යන්නේ නෑ, මෙන්න මේ වගේ දේවල් mass ඕඩියන්ස් එකට හරියන්නෙ නෑ වගේ දේවල්

    කොහොමත් ඔයාලට මම රෙකමන්ඩ් කරනව පුලුවන්නම් යාළුවෝ කීප දෙනෙක් එක්ක එකතු වෙලා ගේමක් ගහන්න ට්‍රයි කරන්න එතකොට ඔයාලට ඔයාලගේ knowledge එක ශෙයා කරගන්න පුළුවන්, mrbeast මුලදී කරා කිව්වේ එහෙමයි, ඒ කාලේ මම gaming content කරනකොටත් කර එහෙමයි

    හරි හරි තැන්වලට අපි කතා කරන්නේ Comedy Content ගහන එක ගැන නේ, දැන් අර hamilton සෙට් එක ගන්නකෝ, මම සාමාන්‍යයෙන් දෙයක් මූණටම කියනවා කියලා දන්න නිසා ඒක තඩියා මට content එවලා අහනවා මේවා rate කරන්න කියලා, සාමාන්‍යයෙන් මම පට්ට හොඳයි කිව්වොත් ඒක Mass ඕඩියන්ස් එකට දුවන්න එම නෑ, මම ඉතිං එයාට කියලා තියෙන්නේ අර මම ෆලෝ කරන තීරය කරන්න කියලා මම ඒක ඉගෙන ගත්තෙ කවුරුහරි hollywood director කෙනෙක්ගෙන් හරි නළුවෙක් ගෙන් හරි, two for you, one for me.

    අන්තිමට කියන්න තියෙන්නේ, Comedy content කරන්න යනවනං ඔයාලට සුපිරියට scripts liයන්න බැරිනම් ඔයාලාට හැමවෙලේම අනිත් මිනිස්සුන්ව හිනස්සන්න බැරිනම් කරන්ඩ යන්ඩ එපා තේරුමක් නෑ, මේකයි හරි එකක් දාලා බලන්න ඔයාලට මාර විශ්වාසයක් තියෙනවා නම් නෑ මට පුළුවන් කියලා, සල්ලි බලාගෙන කරනවා නං එච්චර recommend කරන්නේ නෑ…. හරියට කරන්න පුළුවන් නම් පට්ට views තොගයක් එන නිසා ads නම් ඕනි තරම් ගන්න පුළුවන්


    Craft, Restoration etc


    හරියට කරොත් නං සල්ලි තමා, ලංකාවේ අයට නෙමෙයි ඉතින් සුද්දා ටාගට් කරල පොඩ්ඩක් සිංහලෙන් කතා කරන්නැතුව කරොත් හරි, ටිකක් මහන්සි වෙලා හරියට කරලා, හොඳට ඇම් එකක් නැත්නම් ෆෝන් එකෙන් හරි අවුලක් නෑ පොඩ්ඩක් lighting තැනක ඉර එළිය වැටෙන තැනක හරියට හිතලා බලලා කරල කෙලින්ම ආයෙ ඉතින් ferrari බස්සන විදිහට වැඩේ කරන්න පුළුවන්, එහෙම නිකං subscribers ලා මිලියන ගානකට ගියේ නැතත් මාසෙකට ලක්ෂ ගානක් කියන එක නං අතින් මේක කරොත්, මෙහෙම කියනකොට දෙන ඔයාල කියයි ඉතිං ඔබ කරහන්කෝ කියලා, බෑනේ කම්මැලියි එන නැත්නං ඇත්තටම මේක හරියට කරනවා නම් සුපිරිම වැඩක්

    අර තායිලන්තය වගේ ඉන්නේ නිකම් මඩේ බැහැගෙන එක එක අර බිල්ඩිං වගේ හදන කට්ටිය මඩෙි බිමට හාර හාර, අන්න ඒ වගේම හදන්න පුළුවන් නං ඉතිං suddo ටාගට් කරලා ගේමක් ගහන්න පුළුවන් හැබැයි ඉතින් පොඩ්ඩක් ඒ වගේ දේකට ලැජ්ජාව නැති වෙන්නත් ඕනි මඩේ බැහැගෙන ඉන්ඩ කෑල්ල මොනවා හිතයිද ගමේ මිනිස්සු මොනවා හිතයිද ඒ වගේ දේවල් හිත හිතමේවා කරන්න බෑ



    Dancing, Song Covers


    Dancing කරල ගොඩ ගිය කට්ටිය ගැන ඉතින් ඔයාලා දන්නවා ඇති නේද, මේක ඉතින් ගොඩක්ම හරියන්නේ දැන් ලස්සන කෙල්ලෙක්ට තමා හැම නැත්නං කෙල්ලෝ සෙට් එකකට, යූටියුබ් එකට කෙලින්ම එන්න කලින් ටික්ටොක් එකෙන්ම ඕඩියන්ස් එක අල්ලගෙන එනවා නම් මරු වැඩේ ලේසියි, ලක්ෂ ගානක් විව්ස් ගන්න පුළුවන් වගේම ඊට පස්සේ ඉතිං එක එක ඔය beauty products වගේ ඒවා එතකොට ඔය ඇඳුම්, කෑම කඩ එවුව මෙව්වට ගිහිල්ලා ඒව වලින් වෙනම හම්බ කරන්නත් පුළුවන්, එක එක පාටි වලට එක අලුතෙන් දේවල් හඳුන්වලා දෙන කොට වගේ තියෙන දේවල් වලට invite එන නිසා එතනින් ගානක් සෙට් කරගන්න පුළුවන්, Instagram page එකක් එම හදාගත්තට පස්සේ පොඩ්ඩක් products මාකට් කරන්න පස්සේ එතනින් එහාට ඉතින් සුපිරි ගේමක් ගහගෙන යන්න පුළුවන්, ඔයාලගේ girlfriend හරි කවුරු හරි අඳුර නංගි කෙනෙක් හරි ඉන්නව නං ඉතිං ට්‍රයි එකක් දෙන්න මේ වැඩෙත් කරන්න
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,507
    1,535
    113
    37.235065, -115.811117
    Educational content, Podcasts, Business related stuff


    සල්ලිම බලාගන්නං යූටියුබ් එකට එන්නේ, Educational content කියන්න ඔයාට හරියට දෙයක් නෙමෙයි, මේ වගෙ දේවල් වලදි අපිට අපේ මතය කතා කරන්න වෙන නිසා අනිවාර්යෙන් බැනුම් අහන්න බලාගෙන ඉන්න ඕනේ අනිත් content වගේ නෙමෙයි, තාම මමත් දෑස් විදිහට බැනුම් අහනව දැකලා නැත්තේ science with රුචිර එකේ ruchira ayya විතරයි එයත් හැබැයි සමහර තැන්වලදී බැනුම් අහනවා අර අනික් අය වගේ ගොඩක් බැනුම් අහන්න නෑ

    Podcast කියන්නේ ලංකාවේ mass ඕඩියන්ස් එකට ටිකක් අලුත් දෙයක්, ඔයාලට හොඳට කතා කරන්න පුළුවන් නම් මේකෙන් හොඳට හම්බ කරන්න පුළුවන් මොකද මේකේ retention එක ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක සාමාන්‍යයෙන් බලන වෙලාව ගොඩක් වැඩිය කොට ඔයාට ගොඩක් ප්ලේ කරගන්න පුළුවන්, අනික තමා podcast එකේදී ඔයාට loyal ෆෑන් බේස් එකක් හදාගන්නත් පුළුවන් මොකද ගොඩක් වෙලාවට මේ වීඩියෝස් බලන්න ඔයාගේ මතය අහනවා ඔයා කියන දේවල් අහන්න කැමැති කෙනෙක් නිසා

    Fyi, dilshan’s thoughts කියලා search කරන්න මගෙ podcast එක තමා සාමාන්‍යයෙන් ලංකාවේ අංක එකට තියෙන්නෙ. මම මාසෙකට පාරක් විතර podcast එකක් දාන නිසා එකට නැතත් top 5 වල කොහොමටත් හැමවෙලේම වගේ තියෙනවා, usaid එකට අනුව ලංකාවෙ තියෙන influentialma podcast එකක් මගේ එක

    Business ගැන කතා කරනවා නම් ඉතින් ඔයාලා හරියට a field එක් ගැන දැනගෙන නැත්නං ඔයාලා කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක නෙමෙයි මිනිස්සු ටිකකට කෙලලා දාන එක. ඕන්නම් බිස්නස් සම්බන්ධව කට්ටියගේ ට වල එයාලා නිකං interview කරනවා වගේ දෙයක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාලා trading වගේ දෙයක් ගැන expert කෙනෙක් නං ඒ ගැන වීඩියෝ කරන්න පුළුවන් එකම කරලා ඔයාලට ඕනි නම් බැනුම් අහන්නත් රෙඩි නම් course එක් කරන්න පුළුවන්, ලංකාවේ තාම කෝස් කරනවා කියන්නේ supiri සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් වැඩක්, ඔයාලා හිතන්න එපා එක මේ ලොකු ලොකු ඔයාට විතරයි කරන්න පුළුවන් කියලා වල කිට්ටු එකට ගිහින් බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් crading උගන්නලා ඒ ගැන මේ අපි අහලවත් නැති contain කරන කට්ටිය trading උගන්වලා සුපිරියට ක්ලාස් කරලා ගේම ගහන හැටි, හැබැයි ඉන්න අයගේ මම නම් හිතන්නේ බාගෙට බාගයක් වත් හරියට දැනගෙන කරනවා ඇති කියලා, Ethics කියන දෙයක් ගෑවිලාවත් නෑ බං ඔන්න ඉතිං හොඳ වැඩක් වරට කරන්ඩ


    Interviews ( dukkha )


    මිනිස්සුන්ගෙන් ගිහිල්ලා දුකා අහල දුක මාකට් ගන්න වීඩියෝ කියන්නේ මටනම් හරියන්නම නැතිවෙලා, හැබැයි ඉතිං ඔච්චර කේස් දාගෙන හිටිය ashen ඊට පස්සේ එයාගේ repuation එක හදාගන්න ඒක පාවිච්චි කරපු හැටි දකින්න ඇතිනේ ඒ කියන්නේ ඉතිං ඒක ලංකාවට සුපිරියටම වැඩ…මෙය මං මිනිස්සුන්ට උදව් කරන එක පෙන්වන වැඩ මාත් කරනවා හැබැයි ඒ කිසිම එකක මම මූණ පෙන්නන්න වත් එයාලගේ feelings පෙන්නන්න වත් ඒ වගේ දේවල් කරන්න යන්නේ නෑ ඒක නිකන් Privacy එකට පට්ටම අවුල් මට හිතෙන විදියට නම්… මම ඒවා පෙන්නන්න ප්‍රධාන හේතුව තමා මං හිතනවා මාව ෆලෝ කරන අර මේ ඉන්න සමහර අයට අනුව වන්දනාමාන කරන සෙට් එකේ ඒක මාර විදිහට හිතට ගන්නවා මාත් මේ වගේ කරනවා කියලා… මොකද මට මතකයි මම මිස්ටbeast ගේ philanthropy වීඩියෝ බලලා හිතාගත්ත මාත් මේ වගේ උදව් කරනවා කියලා… helpsrilankans[dot]com කියන්නේ මම ඒ වගේ කරපු වැඩ ටිකක් තියෙන එකක්… vlog වුණත් ඉතුරු තියාගන්න කියලා පොඩි concept එකක් මම අපේ බලන අයගේ ඔලුවට දාන්න ෆුල් ට්‍රයි කරනවා… හැබැයි ඉතින් දුක අහාන අනික් ආවෙ ඉන්ටවිව් කරන සිනෙක් කියන්නේ එහෙම එකක් නෙමේ ඒක වෙනම සීන් එකක්… හැබැයි ඉතිං එයාලගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා එතකොට දුක විකුණලා මේ වගේ දේවල් කරලා ඔයාට හරි ඉක්මනට මේක ගමනක් යන්න පුළුවන්… කලින් එකේ කිව්ව වගේ ඒවාට ethics නැත්නං එහෙම නැත්නං ඉතින් සල්ලි හෝ ගමන විතර නම් ටාගට් එක මේකෙත් ලේසියි විදිහක් ගේම ගහගන්න


    Reviews, Unboxing

    හොඳට හම්බ කරන්න පුළුවන් තවත් එක විදිහක් තමා මේ එක එක දේවල් unbox කරන එක එහෙම නැත්නම් review කරන එක, ඔයාලට පුළුවන් මොකක් හරි ෂොප් එකක් එක්ක කතා කරලා ඉස්සල්ලාම එයාලගේ products අරන් ඒ ටික එයාලගේ කඩේ තියෙනවා කියලා වීඩියෝ එක දාල පොඩි වීඩියෝ එක තියලා වැඩේ පටන් අරන් ඊට පස්සේ එක එක කරනවද සල්ලිත් අරගෙන ඕන්නං ඒ උදව් කරපු බඩුව තියාගන්නත් පුළුවන්… My hub එකේ ඒ කාලේ මම වීඩියෝ කරනකොට මටත් ආවා phone company වලින් එහෙම ඒ වගේ වීඩියෝ කරන්න kiyala, මං මේක මගේ පරණ වීඩියෝ වල නං කියලා ඇති, ඒ කාලේ හිටපු හැමෝම ෆෝන් වල හොඳ විතරක් කියද්දී මම කිව්වා මෙහෙමයි මට නං එහෙම කරන්න විදිහක් නෑ බව හැබැයි මේකෙ තියෙන faults ටිකක් කියනවා කියලා ඉතින් එහෙම කිව්වට පස්සේ ඉතින් කිසිම campany යක් මට ඒ කාලේ නං products දෙන්නෙ ගියේ නෑ, අන්තිම මීටින් එක වෙනකන් ගිහිල්ලා මට හම්බෙන්න එන්න කියලා වැඩේ වෙච්ච නැති අවස්ථා තියෙනවා. ඒ කාලේ ඔයාලා මාව දනවන දන්නවා ඇති මම මාර ගේම හිටියේ කට්ටියත් එක්ක full jvp seen එකේ හිටියෙ ඉතින් මිනිහෙක් වුණාම සීයට සීයක් මෙතෙක් හරිම දේ විතරක් කරන්න ඕනේ සල්ලිවලට දෙන්ඩ ඕනෑ එහෙම සමානතාවය ද මොනවද ඔය හැමදේම ගැන හිත හිත කෙලින්ම ෆුල් left wing සීන් එක හිටියේ දැන් ගිහින් කෙලින්ම right-wing සීන් එකේ ඉන්නෙ ගෙදර දැන් නං එච්චර අදාල නෑ ඒවා, දැන් නං එහෙම නෑ ඒත් ඉතිං තාම අර නිකං ආත්මය විකුණන්න ලැහැස්ති නෑ… එකාතකින් ඉතිං ඒක මෝඩ වැඩක් මේ විශ්වයේ run වෙන්නේ එක්කෝ simulation එකක් අපිට freewheel එක නැති, විද්‍යාත්මකව ගත්තොත් ඉතිං entropy එක මේ යන විදියට තමා වැඩ කරන්නෙ ඒකෙ freewill අපිට නෑ ගැන හිතා ඉන්න මම ඔච්චර එතෙක් ගෙන හිටි හිත හදන්න ඕන්නෑ තමා ඒ වෙනුවට ඉතිං අර ethics පොඩි කෑල්ලක් යනවා ඒක කරන්ඩ ඕනෑ නෑ කියන

    මෙහෙමයි reviews කරන ඕවා කියලා ෆෝන් හරි computors හරිම කරන්න ඕනි කියලා දෙයක් නෑ ඕන්නං ඉතිං ලංකාවෙ තියෙන රසකැවිලි කියලා අරගෙන පිටරට සුද්දන්ට ඉතින් එකේ වීඩියෝස් හදන්නත් පුළුවන් එහෙම නැත්තං ඉතිං ඔයා unboxing, review අහුවෙන ඕන දෙයක් ඉතින් review කිරීම් කරන්න පුළුවන්නේ…



    Cooking, travel


    මම දැක්කා මොකක් හරි රිසර්ච් එකක් දාලා තියෙනවා ලංකාවේ වැඩියෙන්ම හම්බ කරල තියෙන චැනල් එක ape amma කියලා, ඒ කියන්නේ adsense වලින් හම්බ කරපු එක, Cooking වුණත් ඔයාලා හරියට කරොත් මම හිතනවා ඔයාලට පට්ට ගේමක් ගහන්න පුළුවන් කියලා එකේ ඕන තරම් ගෑණු ළමයි ඉන්න හින්දා ඕනේ තරම් එක එකේ වීඩියෝ බල බල ඉන්න එකේ හදන එකක් වුණත් ඉතිං youtube channel 4 ක වුණත් ඒගොල්ලො වීඩියෝ බලයි, wildbook වගේ නමක් තියෙන චැනල් එකේ කොල්ලා ඉන්නේ, මිනිහා නම් ලොව මාසෙට ලක්ෂ 10 වඩා හොයනවා youtube එකෙන්, අනික තමා ඔය traditional me වගේ පොඩ්ඩක් වියදං කරලා content හදන්න පුළුවන් නං ඉතිං අනිවාර්යෙන්ම පිටරට කට්ටිය target කරලා ඔයාලට එතනත් අමුතුම ගේමක් ගහන්න පුළුවන්


    vlogs


    පෞද්ගලිකව මම vlogs කරන්න මාරම ආසයි, මට කොහොමටත් ටාගට් එක තිබ්බෙ myHub එක silver button එක අරගෙන ඒකෙ hype එකේම තියෙන කොට චැනල් එක කෙලින්ම අතහැරලා දාලා vlog වලට බහින්න ඉතින් මගේ යාළුවෝ කට්ටිය තමා කිව්වේ නෑ නෑ එක් කරන්න එපා කියලා මොකද ඒ කාලෙත් තාම මයි හබ් එකෙන් තමා මං වැඩිපුරම හම්බ කරන්නේ ad campaign වලින්, අනික මට මොකක්හරි educational content එකක් දාන්න ඕන නම් podcast එකක් දාන්න ඕන නම් එකෙන් තමා මට දාන්න පුළුවන්, හැබැයි අර ඕනෙම දේක hype eka tika kalayai ඊට පස්සේ ඒක බහිනවා කියලා දැනගෙන ඉන්න හින්දා මට ඕනේ කම තිබ්බා ඒ hype එක ඉවර වෙන්න කලින් ඒක මමම හිතලා නවත්තන්න කොහොම hari ඉතින් වැඩේ කරන්න වුණේ නෑ

    මමනං කියන්නෙ ට්‍රැවලින් කියන්නේ vlog කියන්නේ දෙකක්, vlog එකක travel කරන ඒව දාන්න පුළුවන් හැබැයි ඉතින් travel කරන ඒවා විතරක් එකක් නිකන් අර life vlog එකක් වෙන්නෑ… බ්ලොග් එකේදි බැනුම් අහන්න වෙන එකක් තමයි ඉතින් ඔයා uyana එකයි කන එකයි යන එකයි තියෙන දේවලුයි අපිට බලන්න ඕන නෑනේ කියලා.. හරියට නිකං අපි උන්ට බලෙන් පෙන්න වගේ තමා බැනුම් අහන්න වෙන්නෙ එනවට ඉතින් කමක් නෑ කොහොම හරි අර ඒ vlogs බලන්න කැමති කට්ටිය ඉන්නවා අර ජපාන එහෙම ගර්ල් කෙනෙක් ඉන්නවා පෙරේරා වගේ නමක් තියෙන එයාට සාමාන්‍ය වීඩියෝ එකට ලක්ෂ දෙකයි හතරයි එවගෙ වීව්ස් තීන්නෙ, sangeeth vlogs වගේ ප්‍රසිද්ධ ඇති බ්ලොක් කරනවා ඒගොල්ලො daily content demmat එයාලගේ වීඩියෝ එකට සාමාන්‍යයෙන් views ලක්ෂ ගානක් එනවා… ලස්සන කෙල්ලෙක් හරි ප්‍රසිද්ධ කෙනෙක් හරි නෙමෙයි නං ඉතින් විව්ස් ගන්න එක ටිකක් අමාරු වැඩක් හැබැයි ඉතින් ඒකෙදි casey වගේ කැමරාවta කතා කරන්න පුළුවන් නිසා බලන අයටත් ඒක නිකම් මාර feeling ekak yanawa නිකං ආ මේ කතාව මට නේ කියන්නේ කියලා

    අනෙක vlog එකේදි මම පෞද්ගලිකව කැමතියි ඒක නිකං මට e memory 1ක save වෙන නිසා එක නිකන් අර අපි ෆොටෝ එකක් අරන් තියාගෙන තව අවුරුදු දහයකින් බලනකොට මාර ෆීලින්ග් එකක් එනවනේ ඉතිං හිතන්නකෝ ඒකම වීඩියෝ ෆෝමැට් එකෙන් ඒ කාලේ ජීවත් වෙන හැටි වෙච්ච සිද්ධිය aපිට බලන්න තිබ්බනං , ඒක win win situation එකක්

    vlog කියන්නේ ඔයාගේ ජීවිතෙne, ඉතින් ඔයාලා ඉහළ මධ්‍යම පාන්තික හරි එතනින් ඉහළ පාංතික kenek nam මිනිස්සු අර කතන්දර කියන්න පටන් ගනී හපෝ ඔන්න show off කරනවා ඔන්න තියෙන දේවල් පෙන්නනවා කියලා, ඒ මිනිස්සු ඉතින් තේරෙන්නෑ ඒක ඒගොල්ලන්ට ලොකු දෙයක් උනාට ඒක පෙන්නන කෙනාට ඒක ලොකු දෙයක් නෙමෙයි කියලා, ගොඩක් දුප්පත් එක්කෙනෙක් vlog කරන්න idea කරොත් කට්ටිය කියයි ඔවුන්ට දුක මාකට් කරනවා කියලා මෙහෙමයි ඉතින් එකෙන් කතා කියා ඉතින් ඒ වහගෙන අපිට තියෙන අපේ ගේම ගහන්න
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,507
    1,535
    113
    37.235065, -115.811117
    Conculation, ඔන්න ඉවරයි

    හරි එහෙනම් කතාwa මං හිතුනට ගොඩක් දික් උනා, මං හිතනවා යූටියුබ් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ tiken එයාට ගොඩක් දේවල් ටිකක් දැනගන්න පුළුවන් වෙයි කියලා, මම ඇත්තටම යූටියුබ් එකට content දාන්න පටන් ගත්තේ 2010 දී, ගෙදරට හොරෙන් තමා කළේ ඉතින් ඒ කාලේ මේ වගේ දේවල් අහගන්න කවුරුත් හිටියෙත් නෑ අඩුම ගානේ ඈඩ්සෙන්ස් දාන්න පුළුවන් දිගට දැනගෙන හිටියෙත් නෑ සමහරවිට ඒ කාලයට adsense තිබ්බෙ නැද්ද දන්නෙත් නැහැ, හැබැයි දැන් ඔයාලට මේ ලිපිය නැතත් යූටියුබ් එකේ ඕන තරම් tutorials තියෙනවා ඔයාල කොහොමද youtube channel එකක් මුල ඉඳල පටන් ගන්නේ කොහොමද හදා ගන්නේ මොනවද එකට පාවිච්චි කරන්න ඕන tips මොනවද ඔයාලා ෆලෝ කරන්න ඕනි මොන වගේ අයද කියලා ඕනේ තරම් තියනවා වරට බලන්න දේවල් how to search කරන්න විතරයි ඕන

    Hate කොමෙන්ටු වලට මූණ දෙන්න බැහැ වෙලා ඉන්නේ මොකද මොන content එක දැම්මත් ඔයාලට ඒවා එනවා, ඇත්තටම ඔයාලගේ වැරැද්දක් කියලා තියෙනවා නං ඔයාලා ඒක ඔයාගේ close කට්ටිය ගෙනුත් අහල ඒගොල්ලොත් ඒක වැරැද්දක් විදියට දකිනවා නම් ඔයා එක හදාගන්න, මුලදි අනිවාර්යෙන්ම hate comment කියන ඒවට නං අවුල් වෙනවා හැබැයි ඒක කාලයත් එක්ක ගාණක්ම නැති වෙලා යන දෙයක් වෙනවා
    සාමාන්‍යයෙන් දෙයක් logically නොතේරෙන ඒ වගේ දෙයක් කියන කට්ටියට මම නං ගහන්න පාවිච්චි කරන්නේ අඩෝ මම නම් ෆුල් සැපය බං ඉන්නෙ උඹ ඉතින් දුක් විඳ දාඩිය දාගෙන ඔය කමෙන්ට් එක ටයිප් කරනකොට කියලා comment එකක් දානවා

    තව ඉතිං ඔය බලන අය කතන්දර කියයි මේමයි පොඩි කොල්ලො චුන් කරනවා උන් ටික fan වෙලා ඉන්නේ උන් ටික වැඳගෙන ඉන්නවා kataha කියයි, හැබැයි ඉතින් ඔය පොඩි උන්ම තමා ඉස්සරහට ගිහිල්ලා ගේමක් ගහන්නේ එක එක poition ට වලට යන්නෙත්, තව අවුරුදු tikakin ඔයා මොනවා කරන්න ගියත් ඔයාට පට්ට හෙල්ප් එකක් ගන්න පුළුවන් මං මේක දැකලා තියෙනවා ගොඩක් යූටියුබ්sla එයාලගේ කතන්දර තියෙනවා ඉතින් ඒකේ තියෙන්නේ ඒක වෙනම ආතල් එකක් හොඳේ

    අනික තමයි ඉතින් ඔයා පුළුවන් තරම් මිනිස්සුන්ට හොඳ දෙයක්ම දෙන්න ට්‍රයි කරන්න මුකුත් සල්ලි හම්බ කරන්නේ කියලා මිනිස්සුන්ගෙන් කඩාවඩා ගන්ඩ වත් එහෙම නැත්තං එයාලව රවට්ටන්න වත් යන්න එපා, ethics, හොඳ හරි නරක හරි ගැන ඔයාට අදාල නැති කෙනෙක් වුනත් ඉතිං කාලයක් තිස්සේ යනකොට ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම කෙල වෙලා යනවා ඔයා මිනිස්සුන්ට kelawanna ගියොත් e nisa කරන දේ හරියට කරන්න


    මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන්නයි අනික් content හදන කට්ටියගෙන් ගේම් ඉල්ලන්නයි යන්ඩ එපා මම නං ඉතින් ගේම ඉල්ලනවා, ඔය එක එක ගුරා ලගින් එහෙම නැත්නම් මෙලෝ තේරුමක් නැති කෝස් කරන කට්ටියගෙන් එහෙම ඉතින් සුපිරියට ඒ කාලෙත් ගේම් ඉල්ලුවා තාම ඉල්ලනවා, අනික තමා මිනිස්සු හිතන එකක් තමා content creator කරන කෙනෙක් හරි ටිකක් හරි පබ්ලික් character එකක් නං හරි එයාට එයාගේ දේශපාලන මතය ඔන්ලයින් කියන්න බෑ කියන එක… ඕනනං ඉතින් මං වගේ ඒවා open කථා කළ මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ ඉන්න පුළුවන් නැත්තං මන් වගේ කන්ට්‍රිවශල් දේවල් කතා නොකර shape එකේ ගේම ගහගෙන යන්නත් පුළුවන් ඒක තමයි හැබැයි කරනවා නම් හරිම මොලේ ඇති වැඩේ

    සමහරු කොච්චර නෑ කිව්වත් කමෙන්ට් වැටෙනකොට, ලයික් එනකොට, පාරෙ යනකොට අඳුරගන්නකොට, ෆෑන්ස්ල ඇවිත් සෙල්ෆි ගහනකොට, ෆෑන් ආර්ට් ඇඳල දෙනකොට, ගෙදරට එක එක තෑගි එවනකොට ( මට නම් පිලිමත් හදල එනවනවා, ලියුම් එවනව, කෑම අරන් එනව , ව්ලොග් වල ඇති ඒ සිද්දි ) ඒකෙ වෙනම චිල් එකක් තියෙනවා....සමහරුන්ට හරියන එකක් නෑ...මට නම් පට්ට ආතල්

    මම හෙම නම් ට්‍රයි කරන්නෙ ජොලි කන්ටෙන්ට් නැතිව, ගේම්ප්ලේ එකක් දැම්මත් එකේ කට්ටිය එක්ක කතා කරන්න මොන හරි දෙයක් ලයිෆ් එකට දෙන්න, අපි එහෙම ලයිෆ් සම්පූර්නෙන් කනපිට ගහස්සෝල උන් ගොඩ ගිහින් මැසේජ් එකක් දානකොට අපිට කතා කරනකොට එන ආතල් එක වෙන ගන්න විදිහක් මම නම් දන්නෙ නෑ, එක තමා මේකෙ අලිමේට් ෆන් එක, අපි කෙනෙක්ගෙ ලයිෆ් එක පොසිටිව් පැත්තට වෙන්ස් කරන එක

    මෙහෙමයි, ආයෙ ඉතින් තියරියට ගියොත් මම හිතා ඉන්නෙ ෆ්‍රීවිල් එකක් නෑ කියල කියල, ඉතින් "වෙනස් කරනවා" කියන එක මොකක්ද එකක් වෙනවා, ඇග්නෝස්ටික් එකෙක් විදිහට පින් පව් වලින් වැඩකුත් නෑ මට...අනික හොඳක් කරන්න හිතුවට හිට්*ර් වගේ එකෙක් හැදුනොත්, ඉතින් මේ ඔක්කොම තාවකාලික ෆන් එකක් තමා....ඒත් කමක් නෑ, බැරි වෙලා හරි ෆ්‍රී විල් එක තියෙන සිමියුලේශන් එකක් නම් හෙම....

    මන් හිතන්නෙ ගොඩක් එව්ව කවර් උනා, මන් මගේ පොඩ්කාස්ට් වලත් මේවා පැය ගනන් කතා කරල ඇති, ගූගල් එකේ dilshan's thoughts කියල සර්ච් කරන්න අහන්න කැමති නම්

    එහෙනම්, මන් ගියා, ජය !



    --- මතක් වෙන වෙලාවට අලුත් ඒවයි, වැරදුන එව කිව්වොත් ඒව හදලයි දදා අප්ඩේට් කරන්නම් ත්‍රෙඩ් එක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,713
    11,564
    113
    ඔයාගේ vlog එක බලනවා .
    ඔයාගේ සමහර logic හැමෝටම හරියන්නේ නෑ

    කාලෙකින් කිරියේ ඉන්නවා දැක්කම
    මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමයි කියල හිතුනා
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,507
    1,535
    113
    37.235065, -115.811117
    ඔයාගේ vlog එක බලනවා .
    ඔයාගේ සමහර logic හැමෝටම හරියන්නේ නෑ

    කාලෙකින් කිරියේ ඉන්නවා දැක්කම
    මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමයි කියල හිතුනා
    කෝ දැන් මොකක්ද කඩපු මීය :lol: පුම්ක හපාගෙන පෝස්ට් එකක් දාපු එකද?