දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......//
කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ
දෑසේ කදුලු හන්ගා කලුවර කුටියේ මා උන්නා
හිත් ගින්දර එලි දල්වා පොඩි පුතාට ලිපියක් ලිව්වා
දරුවන් කුමටද ලෑබුවේ එය වේ ඵල දුන් පෙර කරුමේ
දෑතේ සවි නෑති දවසේ කවුදෝ දිය බිදුවක් දෙන්නේ
නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං
අම්මායි අප්පයි දෙන්නා මේ මහළු මඩමේ තනි කෙරුවේ
අපෙ දරුවෝ මහා මෑදුරේ රජ සම්පත් අද වලදන්නේ
පුත ඇවිදින් යන්නට බෑරිනම් ඈතින් විත් මට අත වනපන්
බොරුවට හෝ මා සිහි කරපන් හිනෙන් වත් මට නුඹ පෙනියන්
ලෝකයේ හොද නම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලාදාපන් හෙට
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......//
කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ