ආදරයෙන් ඔබට.....

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
ආදරයෙන් ඔබට.....

අරමුණක් නැති සිතුවිල්ලක
අතරමන් උන එක මොහොතක
සිත දිව ගියා ක්ෂනිකවම
සොදුරු මතකයන් පිරුණු තැනකට......

කෙතරම් සුන්දරද ඒ මොහොත
නෙතු ගැටුණු කුලුදුල් නිමේෂය
පුදුම සහගතයි නේද කුමරියනි
අපි අපේම උන අපුරුව.....

කිනම් අර්ථයක් දෙන්නෙහිද මම
මේ දැනෙනා සොදුරු හැගුමට
පවසාලන්න කුමරියනි මා හට
ආදරය කියා නම් තබන්නද එයට.......

දැනෙනවාද කුමරියනි ඔබට අද
කෙතරම් මා ඔබට ආදරය කරන වග
අතින් අවසර දෙන්න මා හට
අදරය කරන්නම් දිවි ඇති තුරාවට........

(C): bemylover
 

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    1.gif