ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක

ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක

power.gif

:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

දැන් හරියට ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බියේ අඩියක් පස්සට ගෙන තිබේ. ජනතාව සටන් කරනවා නම් ඉල්ලීම් දිනා ගන්නට පුළුවන. එහෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය.

ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි කරලාය.

දැන් වැඩි කළවිදුලි ගාස්තු අඩු කිරීම සිදු වන්නේ මෙසේය:

ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි.

ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇත. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත.

නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කරනු ලැබූ රුපියල් 15 බැගින් වූ මිල ගණන් යටතේය. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත.

එසේම ඒකක 61 සිට ඒකක 180 දක්‌වා විදුලිය ඒකක ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන 40% ඉන්ධන ගැලපුම් ගාස්‌තු 25% කින් අඩු කිරීමට තීරණය කර ඇත.

මේ වචනවලට අනුව නම් මාසික විදුලි බිලට 40%ක ඉන්ධන අධිභාරයක් එකතු කර ඉන්පසු එයට 25%ක වට්ටමක් දෙනු ලැබේ.

බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

අපට මෙය තවත් පිරිමසන්නට අමාරුය. කොහොමහරි 115ට අඩු කරගත්තාය හිතමු. එවිට අපේ අලුත් බිල මෙසේ වනු ඇත.

ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
මාසික ස්ථාවර ගාස්තුව = රු. 315 (මෙහෙම එකක් කලින් තිබුණු බවක් බිලේ සඳහන් නොවේ)
එකතුව = රු. 2040
ඉන්ධන අධිභාරය 40% = රු. 816
එයට ජනාධිපති සහනය 25% = රු.204
එවිට ගෙවිය යුතු ඉන්ධන ගැලපුම් ගාස්තුව = රු. 612

මගේ අලුත් විදුලි බිල = 1725 + 315 + 612 = 2652

මගේ විදුලි බිල වැඩිවීම = රු. 913

ජනාධිපති සහනය නැතිනම් මගේ විදුලි බිල රු. 2856කි.

(ගණන් වැරදි නම්, සහනය වැඩි වන පරිදි නිවැරදි කර දෙන්න)

විදුලි බිල වැඩි නොවී සිටින්නට නම් මා විදුලි ඒකක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ගොස්, ගඟකින් නා, එයින් රෙදි හෝදාගෙන, නොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, කොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි නොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජාලයෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා මහින්ද අබේසුන්දරගේ ආගිය කතා පමණක් බලා වේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය. ආසියාවේ ආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්නේ ඒකය. දියුණුව ඒකය.

ජනාධිපතිතුමා මට දුන් රු. 206ක 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි.

අජිත් පැරකුම් -http://www.w3lanka.com/2013/05/1000.html
 
මේ අද දිවයින කතු වැකියෙන් කොටසක්,
මේවට හිනා වෙන්නේ මොකෙන්ද කියල මට හිතා ගන්නවත් බැරිය

විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු.
 
SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
විදුලි බිල වැඩි නොවී සිටින්නට නම් මා විදුලි ඒකක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ගොස්, ගඟකින් නා, එයින් රෙදි හෝදාගෙන, නොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, කොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි නොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජාලයෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා මහින්ද අබේසුන්දරගේ ආගිය කතා පමණක් බලා වේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය. ආසියාවේ ආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්නේ ඒකය. දියුණුව ඒකය.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
හරි ලේසියි. අපි හිතමු මුට ඕනෙ සියට 50කින් වැඩි කරන්න කියලා මිල. කරන්න තියෙන්නෙ සියට 70කින් වැඩි කරනවා කියලා පූර්ව ප්‍රචාරයක් දීලා මිනිස්සු කෑ ගහන්න ගත්තාම ආ එහෙනම් ඔන්න මෙන්න සියට විස්සක් අඩු කරලා එහෙනම් වැඩි වෙන්නෙ සියට 50 කියන එක. වැඩෙත් කෙරිලා මිනිස්සුත් ගොනාට ඇන්දිලා මුට ලකුණුත් වැටිලා.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    විදුලි බිල වැඩි නොවී සිටින්නට නම් මා විදුලි ඒකක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ගොස්, ගඟකින් නා, එයින් රෙදි හෝදාගෙන, නොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, කොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි නොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජාලයෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති හා මහින්ද අබේසුන්දරගේ ආගිය කතා පමණක් බලා වේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය. ආසියාවේ ආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්නේ ඒකය. දියුණුව ඒකය.

    පට්ට කතාව බන් ,,,,,,මේක නම් හරියටම හරි ........මෙහෙම කලොත් නම් පොඩ්ඩක් ගොඩ ගියෑකි
    rep 6+
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේ යන ගමන මුන්ට වැඩි කාලයක් යන්න බෑ. වැඩිම උනොත් තව අවුරුදු නවයක් දහයක් දුවයි. ඉවර වෙන්නෙ රටේ විශාල කලබලයක් ඇතිවෙලා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි ලේසියි. අපි හිතමු මුට ඕනෙ සියට 50කින් වැඩි කරන්න කියලා මිල. කරන්න තියෙන්නෙ සියට 70කින් වැඩි කරනවා කියලා පූර්ව ප්‍රචාරයක් දීලා මිනිස්සු කෑ ගහන්න ගත්තාම ආ එහෙනම් ඔන්න මෙන්න සියට විස්සක් අඩු කරලා එහෙනම් වැඩි වෙන්නෙ සියට 50 කියන එක. වැඩෙත් කෙරිලා මිනිස්සුත් ගොනාට ඇන්දිලා මුට ලකුණුත් වැටිලා.
    thats politic :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;14926084 said:
    Yes , MR is genius,
    until people behave like bulls :yes::yes::yes:
    ලොල් සමහරවිට..
    මේකනෙ බන් ඔය යූ ඇන් පී ආණ්ඩුව වගේ මිනීමරු ආණ්ඩුවක් නෙමෙයි මේක, අනික සන්ධානයක් නිසා මිනිස්සු හරියට පාරට බැස්සොත් ඕන තීරනයක් වෙනස් කරගන්න පුලුවන්, යූ ඇන් පී කාරයො වගේ රස්සාවෙන් දොට්ට දාන්නෙවත්,දුෂ්කර දාන්නෙවත්, පඩි කපන්නෙවත් එහෙමත් නැත්නම් ගෙදර ගිහින් වෙඩ් තියන්නෙවත් නෑ, ඒත් කෝ බන් මේ අපේ මිනිස්සු පාරට බහින්නෙ තමන්ට කරදරයක් පාඩුවක් කියලා දැනුනොත් විතරයි.
    :baffled:
     
    Last edited: