Sri Lanka: island in the storm

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    Kandalama-Hotel-built-on--008.jpg


    පිරිපුන් නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය හෝටල, ආහාර ආදී සුවදායී දේශගුණය සහ චමත්කාරය සියලූ අංග ශ්‍රී ලංකාවෙන් සැපයෙන බව එක්සත් රාජධානියේ "ද ගාඩියන්" පුවත්පත සිය මැයි 05 කලාපයෙන් හෙළි කරයි.

    දශක කිහිපයක යුද්ධයෙන් පසු ඉන්දියාවේ තුඩුවට සමීපව පිහිටි ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සාමය රජයන නිසා වින්දනාත්මක නිවාඩුවක් ගත කිරීමට කදිමය. මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට බි්‍රටිෂ් එයාවේස් සමාගම ගුවන් සේවයක් ආරම්භ කර ඇත.‍

    "2013 සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි" ද ගාඩියන් පුවත්පත පවසයි.
    "මට සීගිරිය පර්වතය නැගිමට අවශයයි. ජෙෂේරි බාවගේ කලාත්මක නිර්මාණයක් වන කණ්ඩලම හෝටලයේ නැවතී සිටීමට ද මට අවශ්‍යයයි" ලේඛකයා පවසයි. එහි කොරිඩෝර අසල ගැවසෙන සරොම් ඇදගත් පාවහන් නොපළදින කාර්ය මණ්ඩලය කාර්යක්ෂමය. සුවිශාල වැවේ පියකරු දසුන් හැම අතින්ම දිස් වේ.
    පිහිනුම් තටාකය හා කැලෑ රොද කදිමට ස්ථානගත කර ඇත. කාමර පිහිටා ඇත්තේ නිස්කලංක අත්දැකීමක් ලබා දිමටයි යනුවෙන් ලේඛකයා තව දුරටත් පවසයි
    .

    මුලාශ්‍රය:- Sri Lanka: island in the storm -The Gardian

    කාලේකට පස්සේ ලන්කාව ගැන හොදක් ඇහුවේ!:yes::yes: