කඩදාසි_ගැන_නොදන්නා_දේ...

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කඩදාසි_ගැන_නොදන්නා_දේ...

    ඔෆීස් එකෙ ඉන්නකොට ආපු ඊමෙල් එකක් දැකලයි මෙක දාන්න හිතුනේ. ඔන්න එහෙනම් බලමු කඩදාසි ගැන සමහර අය දන්න, සමහර අය තවමත් නොදන්න ( මෙක දකින්න කලින් මාත් දැනගෙන හිටියේ නෑ ) කරුණු ටිකක්.

    White-paper-008.jpg


    කඩදාසි වල ඇත්ත වටිනාකම

    කඩදාසි ටොන් 1 ක් හදන්න දැව ටොන් 3 ක් යනවලු.. :rolleyes:

    කඩදාසි ටොන් 1 ක් හදන්න විදුලි බලය 11,134kWh ක ප්‍රමානයක් ඔනි වෙනවලු..:oo: හපොයි කරන්ට් බිල.. :angry:

    එක කඩදාසි පිටුවක් හදන්න යන වතුර ප්‍රමානය සොඩා කෑන් එකක් හදන්න යන වතුර ප්‍රමානයට වඩා වැඩියි ලු.. :P

    සාමන්‍ය කාර්යාල සෙවකයෙක් දවසකට කොල 6 ක් වත් වැරදියට ප්‍රින්ට් කරනවලු. ඒ කියන්නෙ අවුරුද්දකට 1,410 ක් විතර.. :baffled:

    කඩදාසි ටොන් එකකින් හැදෙන ඝන කසල ප්‍රමානය කිලෝ 1000 කට වැඩියි ලු..

    සාමන්‍ය කාර්යාල සෙවකයෙක් අවුරුද්දකට කඩදාසි කොල 10,000 ක් විතර පාවිච්චි කරනවලු.. :frown:

    images


    ඒ වගෙම ඔයාලා මේ ටිකත් දන්නවද??

    එක ගහකට පුලුවන්ලු මිනිස්සු දෙන්නෙක්ට ඔනි කරන තරම් ඔක්සිජන් නිශ්පාදනය කරන්න.. :yes:

    අවුරුදු 50 ක ජීවිත කාලයකදී එක ගහක්, $30,000 කටවඩා වටින ඔක්සිජන්, $62,000 කට වඩා වටින පරිසර දූශන පාලනයක්, $37,000 කට වඩා වටින ජල ප්‍රතිචක්‍රීකරනයක්, $30,000 කට වඩා වටින පාන්ශු ඛාදන වැලැක්වීමක් කරලා දෙනවලු.. ( අද ඩොලරයක වටිනාකම රුපියල් 126 ලු ) :rolleyes:

    සෑම පැයකටම වරක් අක්කර 4281 ක වැසි වනාන්තර ප්‍රමානයක් විනාශ වෙනවලු..:(:(

    ඒ වගෙම අපි කඩදාසි ටොන් 1 ක් අඩුවෙන් පාවිච්චි කලොත්

    ගස් 17 ක්
    තෙල් ගැලුම් 380 ක්
    වතුර ගැලුම් 6,953 ක්
    වාතය රාත්තල් 580 ක්
    විදුලි බලය කිලොවොට් පැය 4,077 ක්
    ඝන මීටර 3 ක කැලෑව පිරි ප්‍රදේශයක්

    ආරක්ශා කරගන්න පුලුවන්ලු..

    images


     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අපරාදේ බන් ඉස්කෝලේ යන කාලේ ඕක දැනගෙන හිටිය නම් පොතක් අතින් වත් අල්ලන්නේ නැතුව ඉන්න තිබුනා :P:P
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අපරාදේ බන් ඉස්කෝලේ යන කාලේ ඕක දැනගෙන හිටිය නම් පොතක් අතින් වත් අල්ලන්නේ නැතුව ඉන්න තිබුනා :P:P

    :yes::yes: