BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්
රාජ්‍ය නායක සමුළුවට BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්
May 16, 2013 at 9:41 am | lanka C news
එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා බී.එම්.ඩබ්.(BMW) වර්ගයේ මෝටර් රථ 100 ක් සහ (Rolls-Royce) වර්ගයේ මෝටර් රථ 12ක් මෙරටට ආනයනය කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සූදානම් වන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම සමුළුව මහ බි්රතාන්යයේ චාල්ස් කුමාරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිත අතර එකී රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වඩාත් විධිමත්ව සැපයීම මෙම අධි සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට ආනයනය කිරීමේ අරමුණ බව වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.
කෙසේ වෙතත් මෙම මෝටර් රථ ඝෘජුවම ආනයනය කරන්නේද නැතහොත් ප්‍රතිඅපනයනය සදහා ආනයනය කරන්නේද යන පදනම පැහැදිලි නොමැති අතර මෙම මෝටර් රථ ආනයනය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්ව සිටියත් එය කවුරුන් විසින් ගෙන්වන්නේද යන්න පැහැදිලි නොමැත.