Psycology and IT කියන්නේ එකිනෙකට වෙනස් field දෙකක්.
මෙහෙමයි වැඩේ,
IF and Only IF you are planning to migrate, do a degree without A/L
ලංකාවේ Cyber Security වලට නම් Bsc degrees නෑ. ඒක නිසා ඔයාගේ එකම ආසාව Cyber Security නම් අනිවාර්යයෙන් පිටරට degree එකක් කරන්නම වෙනවා.. But SL has postgraduate degrees
ANC / iIHE වගේ fees හරි ගනන්. ඔයාට ඒ ගාන afford කරන්න පුලුවන් නම් කරන එකේ ගැටලුවක් නෑ.
Cyber Security වලට නම් ලංකාවේ jobs ටිකක් අඩුයි. දැන් කොහොමටත් ලංකාවේ IT ඉල්ලුමට වඩා සැපයුම තියෙනවා. ඉතින් සෑහෙන්න තරඟයක් දෙන්න වෙනවා.
ඒ වගේම තමයි ලංකාවට ඇවිල්ලා රස්සාවක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔය ඔයා ගන්න උපාධියේ validity එක බලන්න. මොකද ලංකාවේ සමාගම් වැඩිය කැමති ලංකාවේ උපාධිධාරීන් බඳවා ගන්න.
o/l A නවයක් ගන්නවා කියන්නේ ඔයා මීටරයක්.A/L maths කලොත් ලොකු chance එකක් තියෙනවා කැම්පස් යන්න.ලංකාවේ කැම්පස් වලට කාලයයි, මහන්සියයි යනවා තමයි නමුත් ඔයා ලංකාවේ ඉන්න හිතනවා නම් ඒ වගේම computer engineering පැත්තට යන්න හිතනවා නම්, sri lankan කැම්පස් යාගන්න පුලුවන් කියලා confidence තියෙනවා නම් ඉතින් A/L කරන එක ගැනත් හොඳට හිතන්න.
මම මේ මගේ අත්දැකීමෙන් කියන්නේ. මම තාමත් පසුතැවෙනවා මට Mora හරි UCSC හරි ගිහිල්ලා It ඉගෙනගන්න බැරිවෙච්ච එක ගැන. ලංකාවේ universities අපි මොනා කිව්වත් technical පැත්තෙන් හොඳ education එකක් දෙනවා (at least in the two universities mentioned above )
ඔයාගේ ජීවිතේ අයිතිය තියෙන්නේ ඔයා අතේ මල්ලි, හැම දෙනාගෙන්ම අදහස් විමසන්න නමුත් තීරනය ඔයා හිතලා හොඳට ශුවර් පිට ගන්න. මොකද අවසානේ පසුතැවෙන්න වෙයි. ඒ වගේම කරනවා නම් ඒකට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. මොකද නැත්තන් ඉස්සරහට ගොඩක් ප්රශ්න එයි. මේක හරි boring and stressful field එකක්. ඉතින් ඉගෙනගන්න කාලේ විතරක් නෙවෙයි රස්සාවක් කරන කාලෙත් කට්ට කන්න ලෑස්ති නම් විතරයි IT කරන්න.
BTW. I don't know much about Psycology don't think there are jobs in SL.