රට වනසන උද්ගෝෂණ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගමයා;15001011 said:
    රට පෙරළන්ට වෙහෙසෙන රතු කොළ කල්ලී
    ඩයස්පෝරාවෙ කොටි වල්ගයෙ එල්ලී
    පාරට බහින කොට හැඳිනිය හැකි පුල්ලී
    පොඩි වෙන්නට එපා අපරාදේ මල්ලී

    කොපමණ ආවමුත් සැදිලා සැම ..................කල්ලි
    චන්දය දාට දියවෙයි සේරම .......................පිල්ලි
    කොපමණ නුගුණ වනුමුත් අපේ රටේ .............මල්ලි
    කතිරය ගසයි කුරහන් සාටකේ ....................එල්ලී
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    [FONT=&quot]අපිට වෙන අසාධාරණයක් වෙනුවෙන් කතා කරොත් අපි දේශඅපිට වෙන අසාධාරණයක් වෙනුවෙන් කතා කරොත් අපි [/FONT] [FONT=&quot]දේශද්‍රෝහියෝ.[/FONT]

    මොකක්ද වුන අසාධාරනය :oo:

    කඩේ යමු - සුභ අනාගතයක්

    රට වෙනුවෙන් ඔනේ දෙයක් කරනවා
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කොපමණ ආවමුත් සැදිලා සැම ..................කල්ලි
    චන්දය දාට දියවෙයි සේරම .......................පිල්ලි
    කොපමණ නුගුණ වනුමුත් අපේ රටේ .............මල්ලි
    කතිරය ගසයි කුරහන් සාටකේ ....................එල්ලී

    :yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,464
    113
    Auckland
    ගමයා;15001011 said:
    රට පෙරළන්ට වෙහෙසෙන රතු කොළ කල්ලී
    ඩයස්පෝරාවෙ කොටි වල්ගයෙ එල්ලී
    පාරට බහින කොට හැඳිනිය හැකි පුල්ලී
    පොඩි වෙන්නට එපා අපරාදේ මල්ලී

    oya kawiyen marana tharjana ella karanne ai ?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0


    ජාතික බස් සමාගම් සම්මේලනය හෙට වර්ජනයට එක්වුණහොත් වැඩවරදී

    * ගමන් වාර නෑ-බලපත්‍ර අත්හිටුවන බවට ලකුණු
    * ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති කියයි



    ජාතික බස් සමාගම් සම්මේලනය හෙට(21) බස් වර්ජනය ක‍ළහොත්, වර්ජනය කරන සෑම බස් රථයකම ගමන් වාරයක් අත්හිටුවීමටත්, බලපත්‍ර අත්හිටවනවා ද නැද්ද යන්න පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමටත් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    එහෙත් ඉතා සුළු පිරිසක් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කඩාකප්පල්කාරී වැඩ වර්ජනය හේතුවෙන් මගී ජනතාවගේ ගමනාගමනයට කිසිදු බාධාවක් සිදු නොවන බවද හෙතෙම පෙන්වා දෙයි. කොළඹ 05, ජාතික ගමනාගමන කොමිෂන් සභා පරිශ්‍රයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ කරුණු අනාවරණය ‍‍ෙකළේය.

    ජාතික බස් සමාගම් සම්මේලනයේ භාණ්ඩාගාරිකව කටයුතු කළ වී. සරත් විජිත කුමාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එදින ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාරදුණි. බස් ගාස්තු වැඩිකරීමේ ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරන මොවුන් නියමන ආයතනයක් ලෙස ජාතික ගමනාගමන කොමිසම සමග කිසිදු සාකච්ඡාවක් හෝ ඉල්ලීමක් කැර නැතැයි ද රොෂාන් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

    රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගනිමින් ඩොලර්වලට යටවී සිදුකරන මෙවැනි කඩාකප්පල්කාරී වැඩවර්ජන ජාතික ගමනාගමන කොමිෂන් සභාව තරයේ හෙළාදකින බවද ඒ මහතා සඳහන් ‍ෙකළේය. විශේෂයෙන් බස් ගාස්තු වැඩිකිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති බව පෙන්වාදුන් ඒ මහතා, මෙය රාජ්‍ය විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක් බවද ප්‍රකාශ ‍කළේය.

    යම්හෙයකින් බලහත්කාරයෙන් බස් නතරකිරීමට හෝ ගල් ගැසීමට කටයුතු කළහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත්, දැනටමත් ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කැර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා,

    බස්ගාස්තු නංවන්න යැයි ඉල්ලීම් කරන්නේ ඉතා අත‍ලොස්සයි. මගී ප්‍රවාහනයේ සුරක්ෂිතභාවයක් ඇතිවෙන්න නම් බස් දුවන්න ඕනේ. මෙහිදී වර්ජකයින් තම අරමුණෙන්ම පරාජය වී තිබෙනවා.මේ රටේ 60% කට වැඩි පිරිසකට ඇත්තේ එක් බස්රථයක් පමණයි. ඔවුන් මාසය අවසානයේ ෆිනෑන්ස් මුදල පවා ගෙවාගන්නේ ඉතා අපහසුවෙන්. බස්නාහිර පළා‍තේ බස් ධාවනය නොවුනොත් බස් අංක ඉදිරිපත් කැර පසුදා සිට ගමන්වාර අත්හිටුවනවා.

    ඒ වගේම බලපත්‍ර අත්හිටුවනවාද නැද්ද යන්න් පිළිබඳව දැඩි තීරණයක් ගන්න සිදුවෙනවා. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සාමාජික වී. සරත් විජිත කුමාර හා වව්නියාව බස් හිමියන්ගේ සමාගමේ අධ්‍යක්ෂ සුසිලා කාන්ති යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූ අතර, බස් සමාගම් සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



    .
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වෘත්තීය සමිති සුළු පිරිසකගේ හෙට වැඩ වර්ජනයට කිසිම සහයක් නෑ

    මෙය ආණ්ඩු විරෝධි NGO කුමන්ත්‍රණයක්

    වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති

    අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත

    රට අස්ථාවර කරමින් විදෙස් බලපෑම්වලට ඉඩ ලබා දෙන වෘත්තීය සමිති සුළුතරයක් විසින් හෙට (21) පවත්වන වැඩවර්ජනයට කිසිසේත් සම්බන්ධ වීමට තමන් සූදානම් නැති බව මෙරට ප්‍රබලතම හා වැඩිම සාමාජික පිරිසක් සහිත වෘත්තීය සමිති 60ක නියෝජිතයෝ අවධාරණය කරති.

    මේ වැඩවර්ජනය පසුපස සැඟවී ඇත්තේ විදුලි බිල වැඩි වීම, භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කිරීමක් නොව රජය අස්ථාවර කිරීමේ රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් බව ඔවූහූ පෙන්වා දෙති. එදා කම්කරුවන් මරණයට පත් කරමින් වැඩවර්ජන අයිතිය උදුරා ගත් දේශපාලන නියෝජිතයන් සමඟ එක්ව බංකොලොත් වෘත්තීය සමිති කිහිපයක් කරන මෙම වර්ජනය රටත් ජනතාවත් අනතුරේ‍ හෙළන්නක් බවට ඔවුහූ අනතුරු අඟවති.

    ඩොලර් ‍කුට්ටිවලට කෑදරව රට පාවා ‍දීමෙන් වැළකී සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඉල්ලීම් දිනා ගනිමින් වැඩ කරන පන්තියේ යහපත උදෙසා කටයුතු කරන්නට එක්වන ලෙසත් වර්ජනයට සූදානම් වන්නන්ගෙන් ඔවූහූ ඉල්ලා සිටිති. ලංකා බැංකු සේවක සංගමය ද මේ වර්ජනයට සහභාගී නොවන බව එහි ප්‍රකාශකයකු දිනමිණ ට පැවැසීය‍.

    මේ වැඩවර්ජනයට සහභාගී නොවන බවට තහවුරු කර ඇති වෘත්තීය සමිති මෙසේය.

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට අනුබද්ධ ශාඛා ජාලය, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු ඊට අනුබද්ධිත ශාඛා ජාලය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය, සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් වතු කම්කරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමය, කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා විගණන සේවා සංගමය, සමස්ත ලංකා සමෘද්ධි බැංකු සංගමය, දුම්රිය රියදුරන්ගේ ඒකාබද්ධ සංගමය, සමස්ත ලංකා මැහුම් ශිල්පීන්ගේ සංගමය, සමස්ත ලංකා ග්‍රාම සංවර්ධන නිලධාරී සංගමය, ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය, කෘෂිකාර්මික හා වතු සේවක සංගමය, සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය, යුද හමුදා සිවිල් සේවක වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ලියාපදිංචි වෛද්‍ය සහකාරවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් පළාත් පාලන පොදු සේවා සංගමය, අධ්‍යාපන සේවා සමුපකාර සංගමය, සුරාබදු පරීක්ෂකවරුන්ගේ සංගමය, දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ රියදුරු සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරාබදු නිලධාරීන්ගේ සංගමය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙනකටද දැන් චන්දෙ දෙන්නේ කියපල්ලකෝ........කවුරු හරි රට පාලනය කරන්න ඕනිනේ....චන්දය කාටවත් නොදී ඉන්නත් බැනේ
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩ කරන ජනතාව වර්ජනයට නෑ

    - ඇමැති ගාමිණි ලොකුගේ



    ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළකරමින් හෙට (21 වැනිදා) සිදුකිරීමට යන වැඩවර්ජනයට මේ රටේ වැඩකරන ජනතාවගේ සහයෝගයක්‌ නොලැබෙන බවට තමාට විශ්වාස යෑයි කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ මහතා "දිවයින"ට ඊයේ (19දා) ප්‍රකාශ කළේය.

    මෙම වර්ජනය නිසා තමාගේ රැකියාවට ප්‍රශ්න ඇතිකර ගැනීමට වැඩකරන ජනතාව කැමති නොවන බව පැවසූ ගාමිණී ලොකුගේ මහතා විදුලිබිල මුල්කරගෙන මෙම වර්ජනය සිදුකිරීමට අවශ්‍ය වී ඇත්තේ කම්කරු ජනතාවට නොව ජනතා විමුක්‌ති පෙරමුණට බවද පැවැසීය.

    කම්කරු ජනතාවගෙන් සෑහෙන පිරිසක්‌ වර්ජනය නොකරන බව දැනටමත් දැනුම්දී ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ගමයා;15001058 said:
    :angry::angry:ආන්ඩුවට කඩේ යනව නෙමෙයි බොල විදේශ කුමන්ත්‍රණ වලින් රට විනාශ කරන්න හදන්නේ උබට එක තේරෙන්නේ නැද්ද:angry:

    :rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වෙනකටද දැන් චන්දෙ දෙන්නේ කියපල්ලකෝ........කවුරු හරි රට පාලනය කරන්න ඕනිනේ....චන්දය කාටවත් නොදී ඉන්නත් බැනේ

    :yes::yes:
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,304
    240
    63
    In the world
    ethakota meya kiyanne current bill eka wadi karapu eka hondaida?
    Keheliyage current bill eka me mase 125000/-
    oken eya gewanne 2000/-
    balance eka api.
    eyalata ochchara one nam eyalage useage eka adukaranna puluwan ne.
    nayata kahinna epa.
    (mama deshapalanaya gana neme katha karanne)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ethakota meya kiyanne current bill eka wadi karapu eka hondaida?
    Keheliyage current bill eka me mase 125000/-
    oken eya gewanne 2000/-
    balance eka api.
    eyalata ochchara one nam eyalage useage eka adukaranna puluwan ne.
    nayata kahinna epa.
    (mama deshapalanaya gana neme katha karanne)

    විදුලිය රඡය මවල දෙන්නද එවට යන පිරිවැය පියවගන්නේ පාරිබොගිකයන්ගෙන් .2014 සාමිපුර් බලාගාරය ඉදිකලාට පස්සේ විදුලි බිල පහල දානවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10%කින් බස්‌ ගාස්‌තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස්‌ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

    මේ ඉල්ලීම් ඉටු කරන තුරු අඛණ්‌ඩව බස්‌ වර්ජනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීවේය.

    මෙම ඉල්ලීම් ගැන අවධානය යොමු කරන ලෙස කීප වතාවක්‌ම බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් මේ ගැන කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා තම සංගමය මෙම තීරණයට එළැඹි බවද හෙතෙම කීය.

    මගී ජනතාවට සිදුවන අපහසුතාවයේ වගකීම ද එම බලධාරීන් භාරගත යුතු බවද ඔහු කියා සිටියේය.

    විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට එරෙහි 21 වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ‍යෝගය දක්වන බවත් එහි සභාපති අංජන ප්‍රියංජිත් මහතා පවසයි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    art01.jpg
     

    aruna47

    Well-known member
  • යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්‍රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...:yes:

    උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..:no:

    දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්‍රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්‍රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..
     
    • Like
    Reactions: ගමයා

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්‍රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...:yes:

    උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..:no:

    දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්‍රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්‍රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..

    :yes: