ඉහත ආකාරයට බුද්ධාගම විසින් වැරදි සඳහා දරුණු දඬුවම් නියම නොකරන්නේ ඇයි? ඊට හේතුව මිනිසුන් භීතියටත් ත්රාසයටත් පත්කොට පාලනය කිරීම ඉතාම ප්රාථමික නොදියුණු ක්රමයක් ලෙස බුද්ධාගම විසින් හඳුනාගනු ලබන අතර, බුද්ධිමත්ව ඇතිකර ගනු ලබන අවබෝධය එනම් ප්රඥව ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් බව අවධාරණය කරයි. බුද්ධාගම අහිංසාවේ ආගමකි. එය ඇසට ඇස. දතට දත, පලිගැනීම වැනි දේ ඉතා නොදියුණු ගෝත්රික සංකල්ප ලෙස බැහැර කරනු ලබයි. එසේම දරුණු ශාරීරික දඬුවම් දීම බුද්ධාගමට විරුද්ධ දෙයකි. ඒ වෙනුවට සතුරාටත් මෛත්රිය දැක්වීමේ, වටිනාකම සෑම විටෙකම අවධාරණය කරනු ලබයි. නමුත් සමහර ආගම්වල කර්තෘවරුන් පවා යුද්ධයට ගොස් ඇති බව අපට ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. යුද්ධයට යැම යනු මිනීමැරීමය. එබැවින් සමහර ආගම්වල නායකයන් මිනීමරා හෝ මිනීමරණ කණ්ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව පෙනේ.