නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (22)....

    ... 22 ..

    මොකෝ බන් උනේ ..
    මුකුත් නෑ බන් අවවාද කලා.. ඒත් එක දෙයක් තදින්ම කිව්වා..
    මොකද්ද බන් ඒ ..

    ලබන සතියෙ සර්ගෙ රූම් එකයි පුස්ථකාලයයි අතුගාන්න කිව්ව බන්..

    ඔයින් ගියා ඇති බන්.. ඒත් මමනම් දන්නවා උඹ මොන මගඩියක් දාල හරි බේරිලා එනවා කියල. මම දන්නවනෙ මිනිහ කව්ද කියන්න..

    ඉෂාරයගේ කතාවට අප සියළු දෙනාම සිනා සෙමින් පන්තිය දෙසට ගියේය. මම පන්තියට යන්න කලියෙන්ම තමාලි මා ලඟට දිව ආවේය..

    අනේ මොකද උනේ අයන්ත.. ඩීන් මොනාද කිව්වෙ..

    අනේ ඔයා බය වෙන්න එපා තමාලි. ඔයා දන්නවනෙ අයන්තයගෙ හැටි. ඔන්න ඩීන්ටත් බෝලෙ බස්සල ඇවිල්ල. ඩීන් කිව්වලු ඔය දෙන්න හරි ආදරෙන් ඉන්න තවත් රෝමියෝ ජුලියට් කෙනෙක් මගේ මේ අඩවියේ ඉන්න එක මිනිහට හරි ආඩම්බරයි කිව්වලු. ඒ විතරක්ද ඒ රෝමියෝ ජුලියට්ට උපහාරයක් විදිහට අයන්තයට ඩීන්ගෙ රූම් එකයි පුස්ථකාලයයි සතියක්ම අතුගාන්න කියලා..

    කුමාරයාගේ බ්රේක් නැති කටින් කියූ දේට සියළු දෙනාම සිනාසුනේය.රාදිකයාද මම දිහා බලා කට කොනකින් සිනාසුනේ උඹට හොඳ වැඩේ කියන්නද නැතිනම් කුමාරයගේ කතාවටදැයි මට තේරුනේ නැත

    මේ පොත් ටික අද පින්කිට දෙන්න ඕනා. මේ ටික ඔයාට..
    මට මොනවටද පොත්..
    ඔය මගෙ කෙමිස්ට්රි පොත් ටික.
    ඉටිතින් මට මොකටද..
    මට මොකටද නෙමේ.. මේ පොත් ටික අරන් ගිහින් අද ඉදන්ම වැඩ පටන් ගන්න ඕන ඔයා. හරි. මම වගේ උගත් නෝන කෙනෙක්ගෙ මහත්තය ගොඩයෙක් වෙන්න බැහැනෙ.මමත් අයෙ කරනවා අයන්ත. කලා වලින් කරන්න හිතුවෙ. මට කොහොම හරි ඒ තුනක් ගන්න ඕන කමක් නැහැ නේද මම කලා කරාට.

    අයියෝ ළමයො මගෙ අකමැත්තක් නැහැ.ඔයාට ඒ තුනක් ගන්න පුළුවන්. ඔයා කරන්න. මගෙ වස්තුවට වරදින් නැහැ කවමදාවත්.

    හම්ම් හැබැයි ඔයත් පාඩම් කරන්න ඕන. හරි.අඩුම තරමෙ බී තුනක්වත් ගන්න ඕනා. එහෙම නැතිව ආයෙ එනන එපා මාව හම්බවෙන්න හරි.

    හරි හරි ගුරුතුමනි. මම පිලිපදින්නම ඔබගේ උපදෙස්. අන්න කැස්බෑව බස් එකක් එනවා.

    අනේ මම ඊලඟ එකේ යන්නම්. තව ටිකක් ඔයා ළඟට වෙලා ඉන්න ඕනි.
    අනේ තමාලි ඔයාට රෑ වෙනවනෙ ගෙදර යන්න.

    කමක් නැහැ අද මන් පින්කිලගෙ ගෙදර යනව කියලනෙ ආවෙ. ඒක නෙමේ අයන්ත ඔයාලගෙ ගෙදර නැද්ද ඉද්ද පැල.

    අයියෝ ඕන තරම් තියනවා.. ඇයි. හදිසියෙම මොකද..

    හදිසියෙම නෙමේ අයන්ත.. ඒ මල ඔයා වගේම අහින්සකයි. ඔයා වගේම ප්රියමනාපයි. ඒ නිසා මට හිතුනා ඉද්ද පැලයක් හිටවන්න. අපේ පැතිවල හොයන්න අමාරුයි. ඒකයි මම ඇහුවෙ. අනික මට එතකොට ඔයාව උදේ හවා දකින්න පුළුවන්..

    හරි හරි මම පැලයක් ගෙනත් දෙන්නම්කො.. ඔන්න බස් එකක් එනවා. දැන් හොඳ ළමය වගේ යන්න.
    ඕකේ අයන්ත.. බායි සී යූ ටුමෝරෝ.. ලව් යූ.. බුදුසරණයි..
    ලව් යූ ටූ... බුදුසරණයි..

    ඇය බසයට නැගී නොපෙනී යනක්ම්ම මම බලාසිටියෙමි. පැය විසිහතර පුරාවටම ඇය ගාවින් ඉන්න තියනනවනම් සිතමින් මම ගුනසින්හපුරයට ඇවිද ගියෙමි. පැයකින් දෙකකින් පසුව මම මගේ ගමනාන්තයට ළඟා උනෙමි.ගෙදර යන ගමන් සීතා ඇන්ටිලාගේ ගෙදරින් ඉද්ද පැල දෙකක්ම ඉල්ලා ගත්තේය.

    කොහෙන්ද පුතේ මේ ඉද්ද පැල. මමත් හොය හොය හිටියෙ මේ ගේ ඉස්සරහින් හිටවල දාන්න.

    අම්මට ඕනනම් එකක් ගන්න . මම මේක ගෙනාවෙ අපේ පන්තියේ ළමයෙකුට දෙන්න අම්මෙ.

    කාටද අප්පේ මෙහෙ ඉඳන් කොළඹට ඉද්ද පැල ගෙනියන්නෙ. ඇයි එහෙ නැද්ද ඉද්ද.

    ඒකනම් මම දන් නැහැ අම්මෙ. ඉද්ද පැල ගැන කතාවක් ඇදුනහම මම කිව්ව අයියෝ අපේ පැත්තෙ ඕන තරම් තියනවා කියලා.ඊට පස්සෙ තමා අම්මේ මට මේ පෝරියල් එක සෙට් උනේ. ඉතින් මම එන ගමන් සීත ඇන්ටිගෙන් ඉද්ද පැලයක් ඉල්ලන් ආවා..

    අම්මාගේ ඉද්ද මල් සැකය දුරු කරමින් මම මගේ කාමරයට ආවෙමි.

    අයියේ මගේ යාළුවෙකුත් ඉන්නවා.. බැරිද ඔයාට එයාටත් ඉද්ද පැලයක් ගිහින් දෙන්න..

    නංගි කාමරේ ඉඳන් කෑගසා කීවේය. මම නෑසුනා වගේ කාමරයට වෙලා විටියෙමි. සමහර විට මගේ මේ දවස්වල වෙනසක් ඇති බව ඇයට දැනෙනවා වෙන්න පුළුවන. නංගි රහස් පොලිසියේ සෙවයට සුදුසුයැයි මට සිතූ වාර බොහෝය. මොන ද්හම් ගැටයක් හෝ දමා අම්මාගෙන් බේරුනත් නංගී ඉස්සරහ පච වූ අවස්තා අනන්තය. ඒ දවස් වලට ඇයව ෂේප් කිරීමට අම්මා හදන තේ එක ඇයගේ කාමරයටම ගිහින් දීමට මට සිදුවේ. තවද මගේ පරිගනකය ඇයට ඕන වෙලාවට ඕන විදිහකට පාවිච්චි කිරීමට දීමට මට සිදුවේ.

    ඉද්ද පැලයත් අරගෙන මම පන්දර පහේ බසයට ගොඩවුනෙමි. පහේ එකේ වැඩිපුර සෙඟ නොමැති නිසා නිදහසේ යා හැකිවිය.පන්තියට ළඟා වෙනකොට හයයි පනහ පමණ වී තිබුනි. ළමයේ තියා මුරකාරයටත් ඇහැරවූයේ මමය. මගේ ඉතිහාසයේ කිසිම දිනක මෙච්චර පාන්දර පන්තියකට සහබාගී වී නැත. මගේ ගජයා වන සිනෙත් එයට සාක්ෂි දරන්නේය. මා පැමින විනාඩි දහයකින් පමන තමාලිද පැමිනියේය.

    ගුඩ්මොර්නින් අයන්ත.. ඔන්න ඔයා කිව්ව නිසා උදෙන්ම ආවා.
    ගුඩ් මොර්නින්.. මයි ගුඩ් ගර්ල් ..
    අනේ ඉද්ද පැලේට ගොඩාක් තැන්ක්ස්..
    ඉට්ස් ඕකේ බබා.. නෝ නීඩ් තැන්ක්ස්..

    පන්ති කාමරයට ව්සිටියේ අපි දෙදෙනා පමන්ක් නිසා මම පුටු දෙකකුත් හරවගෙන ඇයවත් රැගෙන පන්තියේ මුල්ලෙන්ම වාඩිවුනෙමි. ඇගේ දිලිසෙන ඇස් රෝස පාට තොල්පෙති දිහා මම ටික වේලාවක් නිහඬව බලා සිටියෙමි. ඇගේ අත්වල ඇති සුමුදු බව ඇගේ සුවඳ නිහඩවම මම වින්දෙමි.

    මොනාද බලන්නෙ ආ..
    ඔයාගෙ ලස්සන තමා ඉතින් ..
    මම එච්චර ලස්සනද..
    ඔව් ඉතින් ගහේ එල ගහට බර නෑනෙ.
    අනේ ... යන්න ඔයා හරි නපුරුයි.. මාව රිද්දනවා. ඔයා හින්දමයි අද මම ආවෙත් වේලාසන.. හම්ම්ම්..

    හරි හරි ළමයො මම විහිළුවක්නෙ කලේ..

    මම ඇගේ ඉන වටේ අත දමා ඇයව තවත් මට ලන් කර ගත්තෙමි..

    අනේ නිකන් ඉන්න අයන්ත. කවුරුහරි ආවොත් එහෙම..

    හදිසියේම කවුරුන් හෝ එන සද්දයක් ඇහුන නිසා මම ඇයව මගේ තුරුලින් මුදා හැරියෙමි.ඒ වෙන කවුරුවත් නෙමේ කුමාරයාය. කවදත් වගේ අපේ ආදර කතාවේ හොඳම හරියෙදී ඇඩ් එකක් දාන්න අදත් පැමිණියේය.මූට තව විනාඩි පහක් පරක්කුවෙලා එන්න බැරි උනානෙ .. මම සිතුවෙමි.

    අහ්.. ලව්බර්ඩ්ස්ල උදෙන්ම..ගුඩ්මොර්නින්.. ඉද්ද පැලේකුත් තියෙන්නෙ. මල් කඩයක්වත් ඕපන් කරන්නද යන්නෙ උඹල දෙන්න..

    අනේ ඔව් මචන්.. ඔය සාම්පල් එකක් තියෙන්නෙ ..

    :love::love::love:
     
    • Like
    Reactions: Rex921

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (23)....

    ....23..

    ඉන්ග්රීසි සාහිතයය වෙලාවේදී විනාඩියකට දෙපාරක් විතර ඇය මා දෙස හැරී බැළුවේය. ගුරුතුමිය දැක ඇයට බනීවියැයි මම බියෙන් සිටියෙමි. දඟකාර හුරතල් පොඩි ළමයෙක් මෙන් හැසිරෙන ඇය දිහා බලාගෙන මම මගේ ලෝකයේ ට්සිහින මාළිගාවක් තනමින් විසියෙමි. වෙනදා වගේම අදත් කුමාරයගේ හඬ අවදි විය.

    මොකද උඹ දවල් හීන බලනවද.. මේ ඒක නෙමේ අයන්තයා ජයකොඩියගෙ හරි ඔළුව බන්. අහින්සකය වගේ හිටියට දැන් රාදිකයත් එක්ක එකතුවෙලා හෙන පන්ඩිත කමක් තියෙන්නෙ. දෙමුද ගේමක් සතියකට දෙකකට මිනිහ සයිලන්ට් වෙලා යන්න.

    හරි දැන් මොකද්ද උඹේ ඔය ගේම..එනි අයිඩියා ...

    ස්.. ස් .. හඬක් ඇසුනු නිසා අපි දෙදෙනාම හිස ඔසවා බැළුවෙමු. ඒ ජෑන්ස් ය. තමාලි ජෑන්ස් අතේ හතරට පහට නැවූ කොලයක් මට එවා තිබුනි. ජෑන්ස් මැඩම් ලඟට යන ගමන් එය මා දෙසට විසි කරගෙන ගියේය.

    අම්ම ගහයි.. ලවි චිට් එකක් නේද.. හරි උඹ ඕක රස විඳපන්. මම ඉෂාරය එක්ක අරුට මොකක් හරි බාල්දියක් සෙට් කරන්නම් ..

    මම ජෑන්ස් විසි කල කොලය අතට අරගෙන තමාලි දිහා බැලුවෙමි.ලස්සන සිනහවකින් සන්ග්රහ කල ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තේය. ඇගේ පෙම් චිට් එක මම කියූවෙමි.

    හායි ..
    අනේ මෙතන්ට එන්නකො.. ඇවිත් මාව තුරුල් කර ගන්න..
    මට ආසයි ඔයාගෙ තුරුලෙ ඉන්න. ඔයාගෙ අත අල්ලගෙන
    පපුවට තුරුළුවෙලා ඉන්න. මට මෙච්චර ආදරේ දීල
    මාව පන්තියේ පැත්තකට දාල ඉන්නවා නෙද. ඔන්න මම
    තරහ වෙනවා හරි. එන්න මෙතන්ට ඇවිල්ල මට කිස් එකක්
    දීල යන්න. කට්ටිය දැක්කට කමක් නැහැ. මම ඔයාගෙනෙ..
    එන්න ඉතින්.. බලන්න මගෙ හැටි.. ඔයා ළඟ නැතිව..
    එන්න මන් ලඟට ...
    ලව් යූ ..


    එය කියවා අවසානයේ මම ඇගේ දිහා බැළුවෙමි. ඇය පෑනත් හපමින් බිම බලා ගත්තාය.මමද ටික වේලාවකට සිහින ලෝකයේ තනි උනෙමි..

    හෙයි .. මයි ලිට්ල් බෝයි අයන්ත.. වයි ආ යූ ලාෆින්.. ඩූ යූ කම්ප්ලීට් යුවර් වර්ක් ..

    නෝ මැඩම්.. ගිව් මී ටූ මිනිට්ස්. ඕකේ ..

    ආ.. මොකද්ද ඒ පොත අස්සට දා ගත්තෙ.කෝ ගන්න බලන්න.. මතත් ආසයි ඒක බලන්න..

    මුකුත් නෑ මැඩම් ..

    මුකුත් නැති වෙන්න බැහැ.. මම දැක්කනෙ. අද ළමය පන්තියෙ නෙමේ හිටියෙ. මම නෝට් කරන් හිටියෙ ආව වෙලාවෙ ඉඳන්. වෙනදට මම වැඩ දෙන්නත් කලින් කම්ප්ලීට් මිනිහ අද තවමත් නැහැ. කෝ ගන්න බලන්න ඒක.. මම හිතනවා ඒක මම ඉගැන්නුව සාහිතයයට වඩා රසවත් ඇති කියලා .. මමත් ඔය වයස පහු කරල ආවෙ කොල්ලෝ හරිද ..

    මට කුමක් කරම් දැයි අදහසක් නොවීය. මම තමාලි දිහා හොරැහින් බැළුවෙමි.වරදක් කර අසුවූ පොඩි කෙල්ලෙක් මෙන් ඇය මා දිහා බලාගෙන සිටියේය. ඇගේ ඇස් සිදුවූ දෙයට දස දහස් වාරයක් සමාව අයැද සිටියේය. මා තවමත් නිහඬය. මෙය කියවූවත් ගුරුතුමිය මට මොනවත් නොකියන බව මම හොඳාකාරව දනිමි. මන්ද ඇය මට ගොඩක් සමීපව සිටි ගුරුවරයෙකි. නමුත් මෙය කියවූවොත් ඇය තමාලි ගැන මොන විදියේ රෑපයක් මවාගනීවිදැයි සිතූ නිසා මම නිහඬව සිටියෙමි.

    ආ මිස් මෙන්න..

    කුමාරයා මගේ පොත අරන් ඇතුලේ තිබූ කොලය මිස්ගේ අතට දුන්නේය. මට කුමාරයා ගැන පුදුමාකාර ආදරයක් දැනුනි. කුමාරයාව අල්ලල සිප ගන්නතරම් ආදරයක් මට දැනුනි.කුමාරය දුන් කොලයත් රැගෙන මැඩම් ගුරු පුටුවේ ඇන්ඳමත වාඩි වූයේ අද පාඩම තවත් රසවත් වේවියැයි කියමින්ය. පන්තියේ සෙරටම ඇහෙන්න කියවන්න යැයි ජයකොඩියාද මිස්ට පන්දම ඇල්ලුවාය. වෙන්න යන දේ කුමක් උවත් නිහඬව මම බලා සිටියෙමි.

    හරි අපි බලමු මොනවද මේකෙ තියෙන්නෙ කියලා ..

    " මේ අයුරින් මම කවදා හෝ සන්සාරේ හරකෙක් වී ඉන්න ඇතී..
    චාටර් වෙවී මෙච්චර මම ලණු කන්නේ ඒ හින්දා වෙන්න ඇතී.
    ඔබගේ පෙම්බරා ජයකොඩි .. ""


    මැඩම් එක හුස්මට එය කියවාගෙන ගියේය. මුළු පන්තියම විනාඩි දහයක්ට වඩා සිනාසුනේය. මැඩම්ටත් කරතියාගන්න දෙයක් නැතිව බිම බලාගෙන සිටියේය. මම හොරෙන් ජයකොඩියා දිහා බැලුවෙමි. උගේ මූන් සුනාමියකට අසුවූයා වැනිය. ජයකොඩියා ගැනැ මට අනුකම්පා සිතුනි.

    යූ ආ වෙරි නෝටි අයන්ත.. පවි නේද ඒ ළමයා.. කම් හියර් ඇන්ඩ් ටෙල් හිම් සොරි ..

    මැඩම්ට අවනෙත වූ මම පන්තිය ඉස්සරහට ඇවිත් සොරි කීවෙමි. ජයකොඩියාද නැගිට එය පිළිගත්තේය. ලබන සතියේ සිට මටයි කුමාරයටයි වචන සියයක් පාඩම් කිරීමට මැඩම් අනකලේය.

    අඩෝ පව් බන් ජයකොඩියා ..

    පව් .. පව් පේනවා තමාලි එව්ව එක මිස් කියෙව්වනම්. උඹට උඩ තට්ටුවෙන් පනින්නතමා වෙන්නෙ. අද ඕක අපි උගේ පිටේ අලවන්න ප්ලෑන් කලේ. අද මිනිහනෙගෙ දවසනෙ පන්තිගානෙ ගිහින් රෙජිස්ටර් එකතු කරන් එන. මතකනෙ ඕක අපිට කරපුව. රන්ගයා උඹත් කියවල බලහන්කො ඔරිජිනල් එක.

    කුමාරයා ඒසේ කියමින් එය රන්ගයාගේ අතේ තැබුවාය.රන්ගයා එය වචනෙන් වචනෙ පැහැදිළි කලේය. සමහර දේ ඕනවටත් වඩා පැහැදිළිකලේය. මමද සිනා වි අහගෙන සිටියේ මේ තිදෙනාම මගේම සහෝදරයෝ යැයි සිතූ නිසාය.මේ කතාබහ අපි අතරේ පමනක් බව මම දන්නා නිසා රන්ගයාගේ ඒ අපූරු පැහැදිළි කිරීම අසා සිටියෙමි..

    :love::love::love::love: