ලෝකයේ_කුඩාම_චිත‍්‍රපටය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකයේ_කුඩාම_චිත‍්‍රපටය

පරමාණු රඟපාන ලෝකයේ කුඩා ම චිත‍්‍රපටය දැන් ඔබටත් නරඹන්න පුළුවන්!

විද්‍යාඥයන් පිරිසක් චිත‍්‍රපටය අපූරු තලයකට ගෙන ගිහින්. ලෝකයේ කුඩාම චිත‍්‍රපටය නිපදවලා. ඒක කොයිතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවයි. ඒ කියන්නෙ නැනෝ මීටරවලින්.

මේ චිත‍්‍රපටයේ රූප රාමු පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ. චිත‍්‍රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45x25ක් වෙනවා. එක් අඟලකට නැනෝමීටර් මිලියන 25ක් තියෙනවා.

අයිබීඑම් පසුගියදා මේ චිත‍්‍රපටය යූටියුබ් එකට මුදා හැරියා. මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුයි. විනාඩියක කාලයක් දිග මේ චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘ළමයෙක් සහ ඔහුගේ පරමාණුව’ යන අරුත් දෙන ඉංගී‍්‍රසි වදනකින්.

මෙය තනා ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණු එකින් එක නැවත සකස් කිරීමෙන් ළමයකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයක් දක්වමින්.

මේ අපූරු දස්කම කරලා තියෙන්නේ අයිබීඑම් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්.

article-0-1990C7D6000005DC-262_634x356.jpg

‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ චිත‍්‍රපටයේ රූප රාමුවක්.

article-0-1990C7DB000005DC-509_634x356.jpg


hDwIOOs.jpg

මෙහි ළමයා නිර්මාණය කර ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණුවලින්. ළමයා ලිස්සා යන ලෑල්ලක් මතින් යන අයුරු. අයිබීඑම් කියන්නේ මෙය ලොව කුඩාම චිත‍්‍රපටයක් කියායි. මෙහි රූප රාමු 242ක් තියෙනවා. මේ එක රූප රාමුවක් නැනෝමීටර 45x25ක්. නැනෝමීටරයක් කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවකටයි.

ඒක කොච්චර කුඩාද?

පරමාණුවක් කියන්නේ රසායනික මූල ද්‍රව්‍යයක කුඩාම බෙදීමයි.

එවැනි පරමාණුවක් දැක ගන්න නම් මිලියන 100 ගුණයකින් එය විශාලනය කරන්න ඕනෑ.

අයිබීඑම් ආයතනය කියන විධියට මුහුදු වෙරළක ඇති එක වැලි ඇටයක තියෙන පරමාණු ගණන මුළු වෙරළේම ඇති වැලි ඇට ගණනට වඩා වැඩියි.

මේ ආකාර දැවන්ත විශාලනය කිරීමක් කළත් පෙනෙන්නේ හරියට මුල් කාලෙ වීඩියෝ කී‍්‍රඩාවල චලනය සිදු වුණු විදියටයි. ඒත් මේක සැබෑවට පරමාණු යොදා කළ එකක්. ඒක සජීවී කිරීමට සංගීතය හා ශබ්ද ප‍්‍රයෝග යොදා තියෙනවා.

මේ චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ (A Boy and His Atom) කියායි.

පරමාණු චලනය වෙන ආකාරය දැක්වෙන වීඩියෝ කලිනුත් අප දැක තිබෙනවා. ඒත් මෙහිදී ඇති විශේෂත්වය වන්නේ ඒවා තමන්ට අවශ්‍ය විධියට හසුරුවා කතාවක් කියන්නට යොදා ගැනීමයි. ලොව ප‍්‍රථම වතාවටයි, එවැනි දෙයක් සිදු කළේ. මේ බව අපට කියන්නේ මෙම අයිබීම් ව්‍යාපෘතියේ ප‍්‍රධාන විද්‍යාඥයා වූ ඇන්ඩි‍්‍රයස් හෙයින්රීච්.

"මේ චිත‍්‍රපටයෙන් ඔබට හැකියාව ලැබෙනවා, පරමාණු ලොවට පිවිස මොහොතක් විනෝද වෙන්න." හෙයින්රීච් කියනවා.

"අපි මේක හැදුවෙ කෙළින්ම විද්‍යාත්මක පණිවුඩයක් දෙන්න නෙමෙයි, අණු පරමාණු ගැන ප‍්‍රශ්න අහන්න ශිෂ්‍යයන් පොලඹවන්නයි." ඔහු කියනවා.

මේ චිත‍්‍රපටය ගිනස් ලෝක වාර්තාවක් ලෙසට බාර ගත් බව ගිනස් ආයතනයේ ජේමී පනාස් කියනවා. පනාස් කියන්නේ මෙය ලොව ‘කුඩාම නැවතුම්-චලන චිත‍්‍රපටය’ (Stop-Motion Film) බවයි.

අයිබීඑම් ආයතනය මේ චිත‍්‍රපටය තැනීමට යොදා ගත්තේ කැලිෆෝනියාවේ සැන් ජෝස් හී පිහිටි ඔවුන්ගේ පර්යේෂණාගාරයේ ස්ථාපිත කර ඇති දැවැන්ත අන්වීක්ෂයයි. මේ චිත‍්‍රපටය තැනූ ඔවුන්ගේ ඒ අන්වීක්ෂය හැඳින්වෙන්නේ සුවීක්ෂක ප‍්‍රණාලීය අන්වීක්ෂය (Scanning Tunneling Microscope) කියලයි.

ඒ අන්වීක්ෂයෙන් පරමාණුව මිලියන සිය ගුණයක් විශාලනය කරලා තමයි, චිත‍්‍රපටය තනා ඇත්තේ.

article-0-1990C7E2000005DC-633_634x356.jpg

කැලිෆෝනියාවේ සැන් ජෝස් හී පිහිටි අයිබීඑම් ආයතනයේ රසායනාගාරයේ අන්වීක්ෂය යොදා ගෙන පරමාණු විශාලනය කරලයි මේ චිත‍්‍රපටය තැනුවේ.

මේ අන්වීක්ෂය කි‍්‍රයාත්මක කළේ ෆැරන්හයිට් අංශක රින 450ක උෂ්ණත්වයක් (සෙල්සියස් රින අංශක 268ක්) යටතේයි.

"ඒතරම් දැඩි ශීතලකදී විතරයි අපට මේ කටයුත්ත කරන්න පහසු වුණේ." හෙයින්රිච් කියනවා.

"පරමාණු නොසෙල්වී තියෙන්නේ ඒ උෂ්ණත්වයේදි විතරයි. සාමාන්‍ය උෂ්ණත්වයක දී ඒවා එහා මෙහා යමින් තියෙන්නෙ." ඔහු පැහැදිලි කළා.

අයිබීඑම් ආයතනය කියන්නේ ඔවුන්ගේ විද්‍යාඥයන් අන්වීක්ෂය යොදා ගෙන ඉතාමත් කුඩා සුපිරි තුඩක් ඇති ඉඳිකටුවක් මගින් තඹ මතුපිටක අණු එහා මෙහා කළ බවයි.

එක නැනෝමීටරයක දුරක් මේ ඉඳිකටු තුඩ මගින් කාබන් මොනොක්සයිඞ් අණු ඇද ගෙන ගොස් ඒ මතුපිට අවශ්‍ය තැන්වල ස්ථාපිත කළා.

article-2317604-1991B84E000005DC-310_306x462.jpg

මේ චිත‍්‍රපටය සඳහා පෝස්ටරය තැනුවේත් ඒ අන්වීක්ෂය යොදා ගෙනයි.

”මේ චිත‍්‍රපටයේ ඇති රූපය නිර්මාණය කළ තිත් සෑදී ඇත්තේ ඒ අණුවේ ඇති ඔක්සිජන් පරමාණුවලින්.” හෙයින්රිච් කියනවා.

මේ චිත‍්‍රපටයේ රූප රාමු 242ක් තියෙනවා. විද්‍යාඥයන් ඒ රූප රාමු 242 වෙන වෙන ම නිර්මාණය කළා. ඒවා තමයි ධාවනයේදී චලන චිත‍්‍රපටයක් බවට පත් වෙන්නේ.

හෙයින්රිච් කියන්නේ ඔවුන් මෙහිදී භාවිත කළේ අයිබීඑම් ආයතනය දත්ත ගබඩා කිරීම කුඩා කිරීමට යොදා ගන්නා තාක්ෂණයම බවයි.

"දත්ත නිර්මාණය හා භාවිතය එන්න එන්නම විශාල වන විට දත්ත ගබඩා කිරීම තව තවත් කුඩා කළ යුතු වෙනවා. එවිට අපට පරමාණුවල මට්ටමට ඒවා කුඩා කරන්නට සිදු වෙනවා." හෙයින්රිච් කියනවා.
eOIVZQD.jpg


"නැනෝභෞතික විද්‍යාඥයන් පවා මෙයින් විනෝද වෙනවා නිසැකයි." අයිබීඑම් ආයතනය කියනවා.

"විද්‍යාඥයන් ඔවුන්ගේ සුවීක්ෂක ප‍්‍රණාලීය අන්වීක්ෂය යොදා ගෙන අණු චලනය කරමින් චිත‍්‍රපටයක් තැනුවාය කීවාම ඒ අය වුනත් විමතියට පත් වේවි."


ඔවුන් ඒක කළේ කොහොමද?

5.jpg

EwOc0SD.jpg

අයිබීඑම් ආයතනයට අයත් කැලිෆෝනියාවේ සැන් ජෝසේහී පිහිටි සුවීක්ෂක ප‍්‍රණාලීය අන්වීක්ෂය තමයි මේ චිත‍්‍රපටය තැනීම සඳහා යොදා ගත්තේ.
0Lxjpkt.jpg


අයිබීඑම් ආයතනය අයත් කැලිෆෝනියාවේ සැන් ජෝසේහී පිහිටුවා ඇති ටොන් දෙකක් බරැුති සුවීක්ෂක ප‍්‍රණාලීය අන්වීක්ෂය තමයි, මේ චිත‍්‍රපටය තැනීම සඳහා ඔවුන් යොදා ගත්තේ. මේ සඳහා කටයුතු කළේ මේ වසර මුලදීමයි.

මේ අන්වීක්ෂය මගින් තමයි මෙහි මතුපිට මිලියන 100 ගුණයකින් විශාලනය කළේ.

මෙම අන්වීක්ෂය කි‍්‍රයාත්මක කළේ ෆැරන්හයිට් අංශක බින්දුවටත් අංශක 450ක් පහළ උෂ්ණත්වයක් යටතේයි. ඒ කියන්නේ සෙල්සියස් නම් සෙල්සියස් බින්දුවටත් අංශක 268ක් පහළ අධික ශීත තත්වයක් යටතේයි.

විද්‍යාඥයන් අන්වීක්ෂය යොදා ගෙන ඉතාමත් කුඩා සුපිරි තුඩක් ඇති ඉඳිකටුවක් මගින් තඹ මතුපිටක අණු එහා මෙහා කරමින් අවශ්‍ය තැන්වල ඒවා රැඳෙව්වා.

චලනයට අවශ්‍ය ආකාරයට සුළු චලන වෙනස්කම් පිහිටන විධියට මේ අණු රූප රාමු තුළ වෙන වෙනම රඳවන්න ඔවුන් සමත් වුණා. සාමාන්‍ය උෂ්ණත්වයේ වේගයෙන් එහා මෙහා යන මේ අණු ඒ අධි ශීත තත්වයේ දී නිශ්චලව පවතිනවා. ඒ නිසා මේ කාර්යය ඔවුන්ට කළ හැකි වුණා.

මේවා රූප රාමු 242ක තුළම නියමිත තැන්වල රඳවන එක ඉතා ආයාසකර කටයුත්තක් වුණා. ඔවුන් කෙසේ හෝ ඒ රූප රාමු සියල්ල ම නිවැරදිව නිර්මණය කළා.

ඉන්පසුව මෙය රූප ගත කළේ රාමුවෙන් රාමුවටයි. ඒකයි, මෙයට නැවතුම්-චලන චිත‍්‍රපටයක් කියා කියන්නේ.

article-2317604-1991B7B4000005DC-242_634x343.jpg

පර්යේෂකයන් ඉතා වෙහෙස ගෙන රූප රාමු 242ක් මේ ආකාරයට සකස් කළා.

පරමාණුවලින් තැනූ මේ විස්මිත චිත‍්‍රපටය ඇත්තෙන්ම විද්‍යාඥයන් කළ හාස්කමක්. මේ වර්ගයට අයත් ලොව කුඩාම චිත‍්‍රපටය ලෙස ගිනස් ලෝක වාර්තාවක් පවා මේ චිත‍්‍රපටය තබා තියෙනවා.



මේ වගේ පරමාණු යෙදූ චිත‍්‍රපටයක් තනන්න පරමාණු ගැන දැන ගන්න ඕනෑ.



ඔබටත් දැන් ඒ චිත‍්‍රපටය නරඹන්න පුළුවන්


විස්තර ගත්තේ "මල් කැකුළු" එකෙන්...
 
Last edited: