වැසිකිලි නලයක සිරවී සිටියදී බේරාගත් බිළි
චීනයේ අලුත උපන් බිලිදෙකු වැසිකිලිකට දමා ප්ල්ෂ් කරීමෙන් පසු වැසිකිලි පයිප්පයක් තුල සිරවී සිටිය දී එරට ගිනි නිවන භටහන් විසින් ඊයේ (28) මුදාගත් බව වාර්තා වේ. මෙසේ සොයා ගනු ලැබුවේ ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක දීය. මෙහිදී පහත මාලයේ කාන්තාවකට බිලිදෙකුගේ හඬක් වැසිකිලි පයිප්පයෙන් ඇසී ඇත. මේ අනුව ඇය බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම බිලිදා සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටිය දී මහත් පරිශ්‍රමයකින් අනතුරුව දරුවාගේ ජීවිතය බේරා ගෙන ඇති බව වාර්තා වේ.
මෙහීදී සිර වී සිටි නලය කපා රෝහල වෙත ගෙන ගොස් දරුවාගේ ජීවිතය බේරා ගෙන ඇති අතර වෛද්‍යවරුන් පවසන ආකාරයට එම බිලිදාගේ හිස් කබලට හානි වී ඇත. නමුත් බිලිදා යහපත් ශරීර සෞඛ්‍ය තත්වය හොද අතට හැරී ඇති බව තව දුරටත් එම ආරංචි මාර්ග වාර්තා කරයි.
දරුවාගේ මව බලධාරීන් විසින් සොයා ගැනුනු අතර ඇය වයස අවුරුදු 22 පමණ වන කාන්තාවකි. ඇය මෙම දරුවා මෙසේ දමා යාමට හේතුව තවම සොයා ගෙන නැත. කෙසේ වෙතත් චීනයේ එක් දරුවෙක් පමණක් පවුලකට සීමා කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්රකටය.

ape 5k innawa okkoma hodata innawa 