හායි සුභ උදෑසනක් හැමෝටම. ම්ම්ම් අද උදේ නැගිට්ට ගමන් පන්සලට යන්න උනා දානේ අරන්. පහු ගිය දවස් 3 , 4 ට සාපේක්ෂව අද ටිකක් දුක අඩුයි වගේ.හේතුව මම ඊයේ cousin නංගි කෙනෙක් එක්ක කතා කලා. එයා කිව්ව එක දෙයක් මට ගොඩක් දැනුනා. " අයියේ එයා ඔයාට ඔච්චර ආදරේ කරලා ඔයාව අමතක කරලා හිත හදා ගත්තා නම් ඔයත් හිත හදා ගන්න" ඇත්ත තමා... මම මොකටද නිකන් දුක් වෙන්නේ... ඇත්ත එයා මට ගොඩක් ආදරේ දුන්නා තමා,කැප උනා තමා. ඒත් ඉතින් මාව දාලා ගියා නම් තව මොනවද.... ආදරේ කියන්නේ සල්ලිම නෙමේ. සල්ලි වීසී කරලා ඕනම දෙයක් අරන් දීලා ලඟ තියා ගන්න පුළුවන්... ඒත් හදවතින් දෙයක් කරන්න පුළුවන්නම් ඒක වටිනවා. කේන්දරේ ප්රශ්නයක් උනා. හැබැයි හොඳට ඒක විසඳ ගන්න තිබුනා. මම කීව්වා girl ට කමක් නෑ ඔයා වෙන කෙනෙක් බඳින්න, එතකන් මම යාළුවෙක් වගේ හරි ඉන්නම් කියලා. එහෙම දෙයක් නොකර මගේ වැරදි කියලා මාව දාලා ගියා.... so එහෙම ආදරයක් ඉතින් හරි ආදරයක් වෙන්න බෑනේ.... ගිය දේ ගියා. මම වැඩිය දුක් වෙන්නේ නෑ ඒ ගැන. කාලයත් එක්ක මේක මට අමතක වෙයි.හිටි ගමන් මතක් වෙයි. අතීතය සුන්දරයි කියලා හිත හදා ගන්නවා....






