|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.
කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්
කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා
පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ
ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්
පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්
කොටසකි.

ගරු පොලිස්පති තුමනි,

මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වන
පුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවට
ගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒ
අනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නා
ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.

1. මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්
ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.


2. මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගා
අංසලට මා ගෙනයාමෙන් වලකින්න.


3. මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝග
කරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදු
අදහසක් නොමැති බව ද දන්වා සිටිමි.


4. මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්
නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එම
රථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.


5. තවද, පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහා
ආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්
නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.


6. මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මා
රෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.

ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒ
සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.

ස්තුතියි,
මෙයට ඔබේ විශ්වාසී,
...........................
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    film ekak wage :cool:

    හැබැයි කේස් එක තියෙන්නෙ දැන් ටයිරවනෙ ගොඩට එවන්නෙ මුළින් ඔයා. ඊට පස්සෙ එයා කඹේ ඔයාට නොදැම්මොත් ඔයාට ඉතින් සදාතනික ලිඳ තමයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හැබැයි කේස් එක තියෙන්නෙ දැන් ටයිරවනෙ ගොඩට එවන්නෙ මුළින් ඔයා. ඊට පස්සෙ එයා කඹේ ඔයාට නොදැම්මොත් ඔයාට ඉතින් සදාතනික ලිඳ තමයි
    නෑ වැරදී
    මම පහලට බැහැල එයාගෙ ඉනේ කබයක් ගැටගහනව
    ඊට පස්සෙ මම උඩට ඇවිත් එයාව ඇදල ගන්නව :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලිඳට තල්ලු කරල දැම්මම කඹ නැහැ

    නැත්තම් ආදරය වැඩිකමට ගීත් ළිඳට පනියි ද දන්නෙත් නැහැනෙ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    t09115.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ වැරදී
    මම පහලට බැහැල එයාගෙ ඉනේ කබයක් ගැටගහනව
    ඊට පස්සෙ මම උඩට ඇවිත් එයාව ඇදල ගන්නව :P

    එහෙනම් ඉස්සෙල්ල කිවුවෙ දෙන්න ම ළි‍ඳේ ඉන්න වෙනව කියල? :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් ඉස්සෙල්ල කිවුවෙ දෙන්න ම ළි‍ඳේ ඉන්න වෙනව කියල? :rolleyes:
    ඉතින් ඔයා ෆිල්ම් වල තියෙනව වගේ එල අයිඩියා එකක් දුන්නනෙ
    මම ඒක ක්‍රියාත්මක කරන්න යන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔයා ෆිල්ම් වල තියෙනව වගේ එල අයිඩියා එකක් දුන්නනෙ
    මම ඒක ක්‍රියාත්මක කරන්න යන්නෙ :P

    ෆිල්ම්වල කවද්ද එහෙම වුණේ? කෙලින්ම ගැහැණු ළමයව බේරගන්න ළිඳට පනිනව. ඊට පස්සෙ ඉතින් ඩිරෙක්ටර්ට ඕන විදියට තමයි නිමාව :rofl:




    :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ෆිල්ම්වල කවද්ද එහෙම වුණේ? කෙලින්ම ගැහැණු ළමයව බේරගන්න ළිඳට පනිනව. ඊට පස්සෙ ඉතින් ඩිරෙක්ටර්ට ඕන විදියට තමයි නිමාව :rofl:

    :P මේකෙ ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් ඇක්ටින් ඔක්කොම මගේ
    ටයිරා නැගී එන සුපිරි නිලි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P මේකෙ ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් ඇක්ටින් ඔක්කොම මගේ
    ටයිරා නැගී එන සුපිරි නිලි :P

    එහෙනම් ඉතින් ආදරයම් වාර්තා බිඳහෙලයි වගේ නේද? ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වෙයි :yes::yes:

    එතකොට ඇගීට මොකෝ වෙන්නෙ? :rolleyes:
     
    Status
    Not open for further replies.