සම්බන්ධතා කැඩිලා බින්දුවටම වැටුණට පස්සෙ තමයි හරියටම හරි යන්නෙ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,707
    56,227
    113
    ඕනෑම සම්බන්ධතාවයක් බිඳවැටුණට පස්සේ වේදනාවක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ සම්බන්ධතාවයේ පැවති ගැඹුර සහ මතක ප්‍රමාණයන් අනුව ඔබට දැනෙන වේදනාවේ තරම තීරණය වෙනවා. ආදර සම්බන්ධතාවයක් බිඳවැටුණු ගමන් එක රැයකින් හෝ එක දවසකින් සියල්ල අමතක කරලා යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නෑ. සරලවම කියනවා නම් එක් ක්ෂණයකින් අතීතය වළ දාන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමවේදයක් හෝ මැජික් එකක් නෑ.
    කවුරු කොහොම කිව්වත්, මැරෙනකන් හිත හදාගන්න බෑ කිව්වත් සම්බන්ධතාවක් බිඳ වැටුණට පස්සේ කාලයත් සමඟ මිනිස්සු අනිවාරේන්ම නැවත යථා තත්ත්වයට පත්වෙනවා. අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර තියෙන බැඳීම මේ ලෝකෙ තියෙන ආදරණීයම සහ පිවිතුරුම බැඳීමක් කියලා මිනිස්සු අර්ථ දක්වනවානේ. නමුත් ඔයා දැකලා තියනවද දරුවෙක් මියගියාට පස්සේ අම්මා කෙනෙක් පළවෙනිම දවසේ ඇඬුව විදියට මුළු ජීවිත කාලය පුරාම අඬනවා? නෑ නේද? ඒක තමයි යථාර්ථය. සම්බන්ධතාවයක් බිඳවැටීම නිසා අද දවසේ ඔයාට දැනෙන වේදනාවට වඩා හෙට දවසේ ඔයාට දැනෙන වේදනාව අඩුයි.

    එහෙම කාලයක් ගතවෙද්දි ඔයාට කිසිම වේදනාවක් නොදැනෙන දවසකුත් එනවාමයි. අන්න ඒ දවස ඉක්මනින්ම ළඟාකර ගන්න නම්, මොනවගේ දේවල්ද කරන්න ඕන කියලා අපි අද කතා කරමු.
    පළවෙනිම දේ තමයි යථාර්ථය තේරුම් ගැනීම. කෙනෙක්ට ආදරය කරනවා නම් අපි අනිවාර්යයෙන්ම කැමති වෙන්න ඕන ඒ කෙනා ඉතාමත් සුව පහසුවට සතුටින් ඉන්නවා දකින්න. සරලවම කිව්වොත් කෙනෙක් අපිව දාලා යන්නේ ඔහුට හෝ ඇයට අපි ළඟ සුවපහසුවක් දැනෙන්නෙ නැති නිසා. එහෙම නැතිනම් සතුටක් නොදැනෙන නිසා, එහෙමත් නැති නම් වෙනයම් හේතුවක් වෙන්න පුළුවන්. සමහරවිට අපි ළඟ ඉන්නවට වඩා වෙන කෙනෙක් ගාව ඉන්න එක ඔහුට හෝ ඇයට වැඩි සතුටක් ගෙන දෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම ආදරය කළා නම් ඔවුන්ගේ ඒ සතුට සහ ආසාවන් ගැන නෙමෙයිද හිතන්න ඕනෑ? ඔවුන්ගේ සතුට තියෙන්නේ අපි ළඟ නෙමෙයි කියලා ඔවුන් කියනවා නම්, කරුණාකරලා තව මොහොතක්වත් එතන රැඳෙන්න හෝ රඳවගන්න උත්සාහ කරන්න එපා. ගොඩක් මිනිස්සු සබඳතාවයක් බිඳ වැටුණට පස්සේ,
    'ඇයි එයා මාව අතහැරියේ?' කියන කාරණයට හේතු හොයන්න යනවා. හැබැයි එහෙම හොයාගෙන ගිහිල්ලා
    අවුරුදු ගාණකට පස්සේ හරි ඇත්තම හේතුව හොයාගත්තත් ඒ හේතුව නිසා ඔයාට කිසිම සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ. දශමයක හරි සැනසීමක් ලැබෙනවානම් මං ඔයාට හොයන්න එපා කියලා කියන්නෙත් නැහැ. හුදෙක් ඔයාගේ වේදනාව දෙගුණ තෙගුණ වෙනවා විතරයි. හිතට වේදනාව දැනෙන සෑම මොහොතකදීම,

    ‘කමක් නැහැ එයාගේ සතුට මං ගාව නැති නිසානේ ගියේ. ඉතින් මං එයාට ඇත්තටම ආදරෙයි නම්, කරදර කරමින් බලෙන් ළඟ රැඳෙන්න තැත් කිර්ම ආදරයට කරන නිගරු කිරීමක් කියල මතක් කරගන්න.
    දෙවැනි දේ තමයි ඔහුගේ හෝ ඇයගේ මතකයන්ට සම්පූර්ණයෙන්ම සමුදීම. එයාව මතක් වෙන දේවල් ඔයා ළඟ තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ දේවල් ඔයාගෙන් අයින් කරන්න. අපි කොච්චර තර්ක විතර්ක කළත් ඒ දේවල් දකින වෙලාවට මනස තව තවත් අතීත මතක පස්සේ දුවමින් බිඳ වැටෙන එක විතරයි වෙන්නේ. සරලවම කිව්වොත් සැනසීම ඔයාගෙන් තව තවත් ඈතට යනවා. පුළුවන්නම් ඔයා ජීවත් වෙන පරිසරයත් වෙනස් කරන්න. අතීතය කියන්නේ හුදෙක් පැවැත්මක් නැති දෙයක්. ඉතිං පැවැත්මක් නැති දෙයකට ඔයාගේ මුළු අනාගතයම විනාශ කරන්න ඉඩ තියන්න එපා. ඒ වගේම තවදුරටත් එයාව සම්බන්ධ කරගැනීම නවත්වන්න. තවත් විදියකට කියනවා නම් zero contacts මම කියන්නේ එයාව block කරන්න කියලා නෙවෙයි. එයාගේ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් status hide කරන්න. පුළුවන්නම් number එකත් delete කරන්න. එයා ඔයාට වැරදිලා හරි කතා කළත්, ඔයාගේ මානසික සුවතාව ගැන හිතලා කතා කරන්න නම් යන්න එපා. සදහටම නොවුණත්, ඔයා සම්පූර්ණයෙන්ම කඩාවැටුණු මනෝභාවයෙන් එළියට එනකම් විතරක්වත් මේ දේවල් ටික කරන්න.
    වැදගත්ම කාරණය තමයි busy life style එකකට හුරු වීම. ඔයාව වැඩි වැඩියෙන් කාර්යබහුල කරගන්න. නැති වැඩත් දාගන්න. Breakup එකකදි සාමාන්‍යයෙන් වෙන්නේ හැඟීම් විසින් ඔයාව පාලනය කරන්න පටන් ගැනීම. එතැනදී මනස විසින් අපිට ලබාදෙන ගොඩක් අණකිරීම් සහ යෝජනා අපව අරගෙන යන්නේ විනාශයටමයි. උදාහරණයක් විදිහට ගත්තොත් වේදනාව අමතක කරන්න මත්ද්‍රව්‍ය ගැනීම, තමන්ගේ අතීත සහකරු හෝ සහකාරිය දැකගන්න ඔහු හෝ ඇය වැඩ කරන ස්ථාන අවට පැය ගණන් නාස්ති කිරීම, ඔවුන්ව ලබා ගැනීමට මන්තර ගුරුකම් පසුපස දිවීම, ඔබේ හිත් වේදනාවල් නොගැළපෙන අය සමඟ කීමට යාමෙන් නැති ප්‍රශ්න ඇතිවීම උදාහරණ කීපයක් ඒ වගේ කඩාවැටීමක් ඇතිවුණු වෙලාවට ඔයා දවස පුරාම කිසිම වැඩක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඔහේ බලාගෙන ඉන්න කෙනෙක් නම්, හැඟීම්වලට වෙලාව සහ අවකාශය තියෙනවා ඔයාගේ පාලනය අතට ගන්න. හැබැයි ඔයා කාර්යබහුල කෙනෙක් නම්,

    කොයිවෙලාවේ බැලුවත් මොනවා හරි වැඩක් කරනවා නම්, ඔයාගේ මනසෙහි සහ හැඟීම්වල පාලනය ඔයාට නැති වෙන්නත් වෙලාවක් නැතුව යනවානේ. සාමාන්‍යයෙන් සබඳතාවක් බිඳවැටුණට පස්සේ මනස ඔයාට කියන්නේ මොකුත් ඕන නෑ ඇඳට වෙලා අඬ අඬ ඉමු කියලා. දශමයක්වත් එයාට ඇහුම්කන් දෙන්න නම් යන්න එපා.
    අපි දැන් යමු හතරවැනි point එකට. විශ්වාස කරන්න ජිම් එකට පුළුවන් ඔයාව ට්‍රෙගන්න. විනාඩි තිහත් පැයත් අතර කාලපරාසයක් ව්‍යායාම කරනවානම් ඒ හොඳටම ඇති. එමගින් ඔයාගේ මොළයේ පවතින Serotonin සහ Dopamine කියන සතුට ඇති කරන හෝමෝන නිදහස් වෙනවා. සතියකට දවස් තුන හතරක්වත් ව්‍යායාමවලට වෙන්කර ගන්න පුළුවන්නම් කාලයත් එක්ක නොදැනීම ඔයාගේ මනසේ සන්සුන්භාවය වැඩිවෙලා එන්න එන්නම සතුට වැඩි වෙන්න පටන් ගනීවි.
    අන්තිම කරුණු විදිහට මම ඔබට යෝජනා කරනවා අලුත් විනෝදාංශයක් හොයාගන්න. ඔයාගේ passion එකට ගැළපෙන දෙයක් පටන්ගන්න. සබඳතාවයක් අවසානයට ළඟා වෙද්දි ඕනම කෙනෙක් සැළකිය යුතු කාලයක් ඍණාත්මකතාවය තුළ ජීවත්වෙනවා. දැන් ඉතිං එතැනින් එළියට එන කාලෙ හරි, Dancing, ඉවුම් පිහුම්, මැහුම් පන්තිවලට ඔයාගේ කැමැත්ත අනුව සහභාගි වෙන්න, මල් පැළ වවන්න පටන් ගන්න. හිතේ හොඳ අදහසක් තියෙනවනම් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න වුණත් දෙපාරක් හිතන්න එපා, මනුස්සයෙක්ට නැගිටින්න හොඳම තැන තමයි බින්දුව. ඉතිං බින්දුවටම වැටුණු වෙලාවේදි ප්‍රයෝජනයක් ගත්තේ නැති වුණොත් හරි අපරාදයක් නෙමෙයිද?

    boot kapu sonnyo tika warella

    @Heshan Daminda
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    thopita sambandatha kadenawada sinhalu
    kochhara deyakda pago

    apita me sira karapu kella badinna set wela nawattaganna baruwa innawa
    thama 27i , badinna ikman wadi ban

    27n banda un innwa nam expirience kiyan palayalla.
     
    • Like
    Reactions: Nidarshana_k