Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    අද කියන්න යන්නේ කොහොමද Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ වගේ මුලින්ම කියන්න ඕනා Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් තීන්ත ගොඩක් අපතේ යනවා.නිකන් ගන්න හදලා බලන්න දික් අඩි 5000 තිබුනොත් 5000 X 22 =රුපියල් 110000 තව තින්ත වලට නැතුව ගෙයක් හදනවා කියන්නේ වියදම විතරනේ නේද? මේකේ තීන්ත ඒක ඒක අය ඒක ඒක විදියට කලවම් කරනවා ඒක ඒක විදියට විදියට ගානවා මේක තමා මම කරපු විදිය මම මුලින් සල්ලි වලට තමා paint කර ගත්තේ කරපු කෙනාගේ වැව හොද නැහැ කියන දවසට එන්නේ නැහැ මිනිහට ඕනා විදියට වැඩ.හරියට නිකන් මිනිහගේ වැඩක් වගේ. සාමාන්යෙන් යන අනුපාතයන්
    දැන්මොත්


    Mahogany dye 01 L
    Sanding Sealer 08L
    Varnish 04L
    Thinner 20L වගේ යනවා
    .

    මගේ ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක් ගැන post ඒක බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න Link

    00.jpg


    පළමු රූපය මේ තියේන්නේ යට පැතේ ලුනු මිදෙල්ල ලැලි වලින් නිම කරනලද වහලයකි මෙය මිලෙන් ඉතා අධිකය නමුත් බහුලව මෙය අලංකාර නිසා දැකිය හැක.

    01.jpg


    දෙවන රූපය මෙහි ලුනු මිදෙල්ල ලැලි වෙනුවට සිවිලින් ෂිට් හා හරස් අතට 1x1 router කරන ලද රීප්ප පටි යොදාගන ඇත. සිවිලින් ෂිට් Paint කරන විදිය පහතින් දක්වා ඇත.

    paint කරන්න අවශ්‍ය බඩු List ඒක

    01 Mahogany dye
    02 Sanding Sealer
    03 Varnish
    04 Thinner
    06 වැලිකදදාසි 60/320
    07 අනෙකුත් උපාංග


    1.jpg


    මේ තියෙන්නේ Mahogany dye ඒක මේක රුපියල් 1062 Discount දාල 1000 -980 දෙනවා.

    2.jpg


    මේ තියෙන්නේ Sanding Sealer ඒක මේක රුපියල් 1236 Discount දාල 1100 දෙනවා. 4L ඒක 4000 විතර ගන්න පුලුවන් පොඩි ටින් ගන්න ඒක පාඩුයි.ටින් වල අඩියේ ඉතුරු වෙනවා 400mL විතර.

    3.jpg


    මේ තියෙන්නේ Varnish ඒක මේක රුපියල් 3565 Discount දාල 3200 දෙනවා.


    4.jpg


    දැන් Grinder ඒකට 60 කොලක් අලවලා ලී ටික කපන්න පටන් ගන්න එලියට ඇවිල්ලා තියන අනන් මනන් වලවල් කෙදි ඒක ගානකට ඒන්න මේකෙන් ටිකක් හිමිහිට අල්ලන්න.

    5.jpg



    මේ තියෙන්නේ අල්ලපු ලී ටික.

    6.jpg


    මුලුන්ම මේ ලී වලට Sanding Sealer ගාන්න ඕනා මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L දාල හොදින් කලවම් කර ගන්න සමහර අය Thinner 2L විතර දානවා මම නම් 1.5L දැම්මේ.මේක නිකන් ඉටි වගේ.මගේ වැඩක්නේ හොදට කරන්න ඕනා නිසා.

    7.jpg

    9.jpg



    Sanding Sealer ගලා වෙලුනාට පස්සේ මේවගේ ඊට පස්සේ 320 වැලි කොලයකින් හිමිහිට කපන්න.


    10.jpg


    කපාගත් ලී වලට Mahogany dye ඒක ගාන්න තමා දැන් යන්නේ මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L Mahogany dye 200mL දාල හොදින් කලවම් කර ගන්න Mahogany පාට මදි වගේ නම් තව Mahogany dye ඒක වැඩි කර ගන්න.

    11.jpg


    මේ විදියට ටිකක් ගලා බලන්න

    12.jpg


    Mahogany dye ඒක ගැවට පස්සේ හොදට වේලෙන්න ඒහේම තියලා නැවත 320 වැලි කොලයකින් හිමිහිට කපන්න මෙන්න මේවගේ වෙන්න දැන් නිකන් මැහොගනී වගේද පෙන්නේ නැත් නම් වෙන මොකක් හරි වගේද?

    13.jpg


    දැන් බලමු කොමද මේ Varnish හදා ගන්නේ කියලා මුලින්ම Varnish 1L කට Thinner 1L දාන්න
    1.1 අනුපාතය හොදින් කලවම් කර අලේප කරන්න ගන්න.


    14.jpg

    5.jpg


    දැන් කොහොමද දිලිසෙන දිලිසිල්ල වැඩේ උපරිම ලෙස හිතුවත් වඩා හොදින් සාර්ථක වුනා බලන්න මුල් ලීය හා අවසාන ලීය අතර වෙනස.

    IMG_20130526_074359.jpg


    නිම කරනලද ලී අපි ලී ලස්සනට Polish කරනවා වඩු බාස් වහලේ ගහන්න මේ ලී උඩට ගන්නකොට මේ ලී අතුරලා තියනකොට මේ ලී සිරේනවා නස්තිවෙනවා මටනම් දුකේ බැහැ මේවා වලක්වා ගැනීමට අමාරුයි ඒකට හැමෝම කරන්නේ වහලේ ගැහුවට පස්සේ මඩ තියන තැන් හොදින් හෝදලා නැවත Varnish ටිකක් ගාන ඒක පමනයි එතකොට නැවත දිලිසෙන විදියට ලී ටික ගන්න පුලුවන් clear cord එකකුත් මිට පස්සේ ගහන්න පුළුවන්.

    IMG_20130526_074333.jpg


    මේ ලී අතුරලා තියනකොට නස්තිවෙනවා පාගලා මටනම් දුකේ බැහැ වඩු බාස්ලගේ වැඩ තමා මොනවා කරන්නද මේවා හෝදලා දාන්න තමා තියෙන්නේ.මටනම් දුකේ බැහැ.

    දැන් බලමු කොහොමද සිවිලින් ෂිට් වලට තීන්ත ගානේ කොහොමද කියලා


    ෂිට් 200 paint කරන්න අවශ්‍ය බඩු List ඒක

    01 Filler 20L
    02 Brilliant white emulsion 20L
    03 roller brush & Tray


    15.jpg

    16.jpg

    17.jpg


    මුලින්ම Filler ඒක ආලේප කරන්න ඕනේ Filler ඒකට 40% පමණ වතුර දමන්න කරුණාකර මෙය නිෂ්පාදකය අනුව වෙනස්වේ ඔ වුන්ගේ උපදෙසේ පිළිපදින්න Filler ආලේප නොකරොත් Brilliant white emulsion තීන්ත ආලේප කලවිට උරා ගැනීම පමණක් සිදුවේ.

    18.jpg


    Filler ඒක ආලේප කර පසු Brilliant white emulsion තීන්ත ආලේකල හැකිය 1.1 අනුපාතයට වතුර කලවම් කර ගන්න Brilliant white emulsion දෙවතාවක් ආලේප කිරීමෙන් මනා පෙනුමක් ලැබේ ඒක පාරකුත් සැහේ මොකද වඩු මහතා මේක වහයලට සවිකරන ගනකොට සිරෙනවා කිලුටුවෙනවා කලුවෙනවා මඩ ගැවෙනවා ගන්න දෙයක් නැතුව යනවා ඒක හින්දා වහලේ ගහලා අන්තිමේට උඩ නැගලා මේවට තින්ත ගාන්න වෙනවා ඒතකොට දෙවතාවයි


    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා
    මගේ පෙර ලිපි


    1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

    2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර

    3.sealed type බටරි අලුත් වැඩිය කරමු

    4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

    5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

    6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම

    7.කොටු 8 Rep 1000 posts 1750

    8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ

    9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]

    10.LED CFL 12V 108 LED

    11.USB ගැජෙට් තව එකක් හැදුවෝ

    12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

    13. Rep 1500 ගතා

    14.LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

    15.ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    16. SMD LED 12V බල්බ් ඒකක් හදමු

    Rep Comment Bump දාල යන්න අමතක ක‍රන එපා මෙහි අයිතිය කතුර් සතුය අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් :cool::cool:[/QUOTE][/QUOT[/QUOTE]
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    You must spread some Reputation around before giving it to dinumadushan again
    :(

    A very good and useful thread
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    වටිනා නූලක් මචන්. බාස් ලගේ ගණන් අහනකොට සිරාවට ගෙවල් 1හදන 1ත් එපා වෙනවා!!REP+

    සිරාවට දවසේ කථාව මගේ නම් ඇගේ මාලු නටනවා:oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    sira machn dn godak aya spray karanne habai.
    eke dalla tikak adu karala kara nm machn wateta yanne na echchara(spray gun eke widina eka adjust karama).
    bt athin karanwata wata tikak withara nasthi wenawa.bt finish eka hodai machn.
    nice post machn dan kale ape wada apima karana eka sahena labayak :)
    rep++