මගෙත් ආසම මාතෘකාවක් තමයි.පොඩි දෙයක් කියන්නම් ඔය මළ තරු කියන දේ ගැන සහ කාලය හරහා යාම ගැන.තරුවක් කියන්නේ තමන් විසින්ම ආලෝකය උපදවන දෙයක්.ඉතින් ඔය තරුවක ජීවන කාලය අවසන් වෙලා පුපුරා යනකොට අවසානයට පිටකරන ආලෝකය අපි දැක්කම තමයි ඒ තරුව මළ බව දැනගන්නේ.ආලෝකයට වුනත් යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ තමයි 3x10^8 m/s(10යේ 8 බලය)...ලොල්..


..ටයිප් කොරන්න තේරෙන්නෙ නෑ.මෙන්න මෙතනදි තමයි ඒ අදාල තරුව සහ පෘථිවිය අතර දුර වැදගත් වෙන්නේ.සාමාන්‍යයෙන් ග්‍රහලෝක දෙකක් අතර දුර මනින්නේ ආලෝක වර්ශ වලින්.ඒ කිව්වේ යමෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ඒ අදාල වස්තුවට වසරකදී යා හැකි උපරිම දුරයි.තේරුණා ද මන්දා.


.
දැන් මෙන්න මෙහෙම හිතමු.බොහොම සරළව කියන්න try කොරන්නම්..

**පෘථිවියේ සිට යම් තරුවකට ඇති දුර ආලෝක වර්ශ අනන්ත අප්‍රමාණ අගයන් තෙක් යනවා.නිකමට හිතමු පෘථිවියේ සිට තරුවට දුර ආලෝක වර්ශ 20යි නම් තාරකාව මිය යන විට පිට කළ අවසාන ආලෝකය පෘථිවියේ අපිට පෙනෙන්න වර්ශ 20ක් ගත වෙනවා.තේරුණාද මන්දා.

හරි ඒ කතාව අහවරයි ඕන්!!!
මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..

E = mc^2 (c වල 2වෙනි බලය)..ටයිප් කොරන්න බෑ බොල.
E = Energy (ශක්තිය)
m = Mass (ස්කන්ධය)
c = Speed of light(ආලෝකයේ වේගය)
ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.

මුලින්ම ආලෝකයේ වේගය(c) නියතයක් කියලා උපකල්පනය කරමු.දැන් (c) උක්ත කරමු.
c = (E/m)^1/2 (E/m වල වර්ග මූලය=1/2 බලය)

දැන් හොදට අහගනින්!!මේක ටිකක් සැරයි ඕන්!!
c යනු නියතයක් නිසා එහි අගය නියතව තිබීමට (E/m) අගය (වර්ග මූලය දැනට අතෑරපන්) මෙන්න මෙහෙම විය යුතුයි.
c = 10 නම්,
E = 200 විට,
m = 2 විය යුතුයි..

ඇයි හත්ඉලව්වේ 100 වුණොත් නේද වර්ග මූලය දැම්මම 10 එන්නේ උත්තරේට.
c = 3x10^8 වෙන්න නම්,
E = (3x10^8)^2 විට,
m = 1 විය යුතුයි.
c යනු නියතයක් නිසාත් මිනිසෙකුගේ ස්කන්ධය 1kg ක් වීම විය නොහැක්කක් නිසාත්.අඟුටුමිට්ටෙක් හැරෙන්නට..ලොල්..


..c හි අගය නියතව තබා ගැනීමට m හි අගය සමඟම E හි අගයත් වැඩි විය යුතුයි.එහෙම නේද..

මගේ ප්‍රශ්නය තමයි අපි කොහොමද ඒ වගේ අති විශාල ශක්තියක් නිපදවන්නේ කියන එක.
E = (3x10^8)^2 kg(m^2)(s^-2) = (3x10^8)^2 Joule(ජූල්)
එතන මටත් හරියටම පැහැදිලි නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කොරන්න ඕන්න.එහෙනම් සුබ!!!!!!!!
[/SIZE]