යථාර්තය

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා
    මේක උපුටා ගැනීමක් ඒ වගේම සත්‍ය කතාවක්
    බලන්න මේ කතාවේ කියවෙන්නේ අපි ගැනද කියලා


    එදා මගේ වැඩ ඉවර වෙනකොට වෙලාව රෑ දහයත් පහු වෙලා. ඒත් කීයට හරි බෝඩිමට යන්න ඕනේ ‍කියලා හිතාගෙන පණ්ඩිතයා වගේ බැස්සා පාරට

    සැරෙන් සැරේ හයියෙන් පාගලා යන මෝටර් සයිකල් කාරයෙක් දෙන්නෙක් හැරෙන්න පාරේ කිසිම මිනිහෙක් නැහැ.

    "කොළඹ ඉඳලා එන බස් එකක් අල්ල ගත්තා නම් ගොඩම තමයි"

    කොළඹ ඉඳලා එන බස් නවත්තන්නේ හංදියේ විතරක් නිසා මමත් හෙමින් සීරුවේ ගෑටුවා හංදියේ bus halt එකට.

    Bus halt එකට කිට්ටු කරද්දී එතන කවුදෝ ඉන්නවා මම දැක්කා. මමත් ගිහින් අයිනකින් හිටගෙන, ෂේප් එකේ බැලුවා එහා පැත්තේ ඉන්නේ කවුද කියලා. එහා පැත්තේ හිටියේ ටිකක් විතර මැදි වයසේ අංකල් කෙනෙක්. හැබැයි අංකල් හිටියේ අම්බානක මල පැනලා.

    "මෙතනට ඇවිත් ගොඩක් වෙලාද...?"

    මම ෂේප් එකේ ඇහුවා.

    "ඔව් මල්ලී, දැං පැයකට වැඩියි" අංකල් උත්තර දුන්නා.

    ( අංකල් මට 'මල්ලී' කිව්වට පස්සේ මට පුළුවන්ද ආයෙ කටක් ඇරලා අංකල් කියන්න. ඒක නිසා ඊට පස්සේ අකමැත්තෙන් වුණත් මම අංකල්ට කතා කළේ 'අයියා' කියලා)

    "එක බස් එකක් වත් ආවේ නැද්ද අයියා ?" ඒ ප්‍රශ්නයත් මගෙන්.

    "මොන පිස්සුද මල්ලී, විනාඩි දෙකෙන් දෙකට බස් යනවා. ඒත් මේ කාලකණ්නි එකෙක් වත් නවත්තන්නේ නෑ ‍නේ. Town එකෙන් ම load කර ගන්නවා. ඊට පස්සේ race යනවා. මුන්ට ඉතිං ලොකු සල්ලි මිසක් මිනිස්සු නෙවෙයි නේ"

    අංකල් මුමුණ මුමුණ බණින අතරේ තවත් බස් එකක් පාරේ ගියා. අංකල් පාරේ බාගයක්ම මැදට පැනලා අත දැම්මත් බස් එක නැවැත්තුවේ නෑ.

    "පේනවා නේද ?" අංකල් ආයෙත් සුපුරුදු අ‍ඳෝනාව පටන් ගත්තේ නවත්තුවේ නැති බස් එකට අත දික් කරලා බැන්නටත් පස්සෙයි.

    ඔය විදිහට බස් හතරක් පහක් මං ඉද්දි ම නොනවත්වා ගියා. ඒත් ටික වෙලාවකට පස්සේ හෙමින් හෙමින් ආපු බස් එකක් අපි අත දාන්නත් කලිං Bus halt එකේ නැවැත්තුවා. ඒකේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒත් මමයි අංකලුයි දෙන්නම try කරලා ෆුට් බෝඩ් එකේ එල්ලුණා. මොන තරම් සෙනග හිටියත් අන්තිමේදී මෙහෙම හරි ගෙදර යන්න බස් එකක් ලැබීම ගැන මට නම් ඒ වෙලාවේ දැණුනේ අවංකව ම සතුටක්.

    අපේ බස් එක පාරේ තිබුණ හැම Bus halt එකේම නවත්වන්න අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි, පාරේ කොහේ හරි ඉඳලා අත දාන ඕනෑම කෙනෙක්ව බස් එකට නග්ග ගන්න තරම් ඩ්‍රයිවර් අයියා කාරුණික වුණා. එහෙම නගින හැමෝම බස් එකට නැග්ගේ මෙහෙම හරි බස් එකක් ලැබීම ගැන පුදුම සතුටෙන්. කොන්දොස්තර අයියත් දන්න හැම දහං ගැටේම දාලා මිනිස්සු ඉස්සරහට , පස්සට කරලා නගින හැමෝටම ඉඩ හදලා දුන්නා.

    ඒත් ටික වෙලාවකින් මට ඇහුණා බස් එකේ පිටිපස්සේ මනුස්සයෙක් හයියෙන් කෑ ගහනවා.

    "මේ ඕයි, තමුසෙලා මෙහෙම ගාටන්න ගියොත් අපි කීයටද ගෙදර යන්නේ ? අනික හැම හෝල්ට් එකේම නවත්තනවා. ඒ මදිවට පාරේ ඉඳලා අත දාන ඕනෙ තැනක නවත්තනවා. බලනවා අයිසේ මේකේ තවත් ඉඩ තියෙනවද ඔච්චර පුරවන්න. ඉක්මන් කරලා යනවා ඕයි පිස්සු කෙළින්නේ නැතිව.... මුන්ට ඉතිං සල්ලි ලොකුයිනේ ඔක්කෝටම වැඩිය"

    බස් එක හැම හෝල්ට් එකේම නවත්තනවාට විරුද්ධව සද්දේ දාන්නේ මාත් එක්ක හෝල්ට් එකට වෙලා 'නවත්තන්නේ නැති බස්' වලට බැණ බැණ හිටිය අංකල් බව මම දැක්කේ එතකොටයි. තමුන් වේලී වේලී හිටිය බස් හෝල්ට් එකේ මේ බස් එක නැවැත්වීම ගැන සතුටු වෙමින් හිටිය තවත් අංකල්ලා කීප දෙනෙකුත් අර අංකල්ටම set වෙලා ඩ්‍රයිවර්ට බනිනවා මට ඇහුණා.

    ඩ්‍රයිවර්, කොන්දොස්තර දෙන්නා වෙනුවෙන් කතා කරන්න අඩුම තරමේ මම වත් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා මට හිතුණත් අංකල්ලා ගේ පාර්ශවයට එකතු වෙන පිරිස එන්න එන්න ම වැඩි වුණා. අවසානයේ දී බහුතර මතයට අවනත වුණු බස් එක , එකම halt එකකවත් නොනවත්වා මාර වේගයෙන් ඇදී ගියා. බස් එකක් එනකල් halt වලට වෙලා වේලී වේලී හිටිය අපි වගේම මිනිස්සු නොනවත්වා යන අපේ බස් එකට අත දික්කර කර බනිනවා මම දැක්කා.


    උපුටා ගැනීම - Hilarious රස කතා
    කතෘ - Malinda Withana
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hema deekama depettak tiyanawa.....
    minisun peni sitiya utte thama hurdaya saakshiya wenuwen wina buddhiya wenuwen nowe yai mama sithami........(namuth samahara awastha waladi buddhiyata ida diya utuya...eya wena katawaki)

    apata boho wita hamuwanne siyallama thamage waasiyata siduwiya utuya yana situwille sitina minisunya.....
    ehema un sitina wita mewa weema magic nowe............:nerd:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කතාවෙ ලොකු තේරුමක් තියෙනව ... මම තේරුම් ගත්ත විදියට යතාර්ථය කියන්නෙ අපිට කැමති විදියට ගොඩනගන එකක්, ඒ වගේම බහුතරය එකඟ වෙච්ච පලියට ඒ තුළින් යථාර්තය පිළිබිඹු වෙන්නෙ නෑ කියන එක

    TFS
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    hema deekama depettak tiyanawa.....
    minisun peni sitiya utte thama hurdaya saakshiya wenuwen wina buddhiya wenuwen nowe yai mama sithami........(namuth samahara awastha waladi buddhiyata ida diya utuya...eya wena katawaki)

    apata boho wita hamuwanne siyallama thamage waasiyata siduwiya utuya yana situwille sitina minisunya.....
    ehema un sitina wita mewa weema magic nowe............:nerd:
    kathawa aththa kimbula aiye
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ කතාවෙ ලොකු තේරුමක් තියෙනව ... මම තේරුම් ගත්ත විදියට යතාර්ථය කියන්නෙ අපිට කැමති විදියට ගොඩනගන එකක්, ඒ වගේම බහුතරය එකඟ වෙච්ච පලියට ඒ තුළින් යථාර්තය පිළිබිඹු වෙන්නෙ නෑ කියන එක

    TFS
    ekenma machan...
    කොයි වෙලේ උනත් බහුතරය ඉන්න පැත්ත නෙමෙයි හරි පැත්ත ගන්න ඕන
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    11.gif
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    appata siri ...ehanm oka mara sidiyak wenawa...oka hama thanama nawaththanwanm e kondage wasiyata...nawaththanne nathiwa giyoth ape awasiyata..

    mara seen eka...meka mara asadarana lokayakne oi...