හොඳ දෙයක් දැක්කම හොඳයි නොකියම බැරිය. පහුගිය දවස් ටිකේ එලකිරියේ බිසී ගයාන් ඇන්ඩ්රොයිඩ් පංතියක් ගැන කතා කළේය. ඇන්ඩ්රොයිඩ් පංතියක් ඇරේන්ජ් කොට එළකිරියේ සහෘදයන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නේය. එය එලකිරියේ ඇන්ඩ්රොයිඩ් උණ තිබූ ඉබ්බන් ඇන්ඩ්රොයිඩ් සාගරයට දැම්මා වැනි විය. මටද කණින් කොනින් මේ ඇන්ඩ්රොයිඩ් පංතියේ ආරංචිය ලැබුනේ අහම්බෙනි. මටත් තිබූ ඇන්ඩ්රොයිඩ් ඇම්මට පත්තු බැඳගන්නට ඊයේ හවස පෙර කී පංතියට සහභාගී වූයෙමි. පංතිය නං සුපිරිය. ප්රෝගැමිං දැන සිටිය යුතුද නැත. ඒ ටු ඉසෙඩ් උගන්වන බවට සහතික විය හැක්කේය. මට හැඟෙනා ලෙසට ඇන්ඩ්රොයිඩ් නං බිසී ගයාන්ගෙ පංතියය. මුල් දින නොමිලේය. අමිල අයියා වැඩකරුය. මෙහි උගන්වන්නේ ඔහුය. නොදන්නා යමක් ඇත්නං ඒ මොහොතේම අසා දැන ගත හැකිය. සිලබසය මාරය. ඔක්කෝම ඇන්ඩ්රොයිඩ්ය. තවත් එන උන් සිටීනං වරෙල්ලාය. බිසී ගයානයාටත් ඇන්ඩ්රොයිඩ් පංතියටත් ජයවේවාය. ජයශ්රීය!




