අපේ Admin තුමාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් අලුතින් සාදන ලද " Motorcycle " section එක වෙනුවෙන් අලුත්ම දෙයක් කරන්න අදහස් කළා.
බයික් වලට ආදරේ කරන හැමෝම වෙනුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ.
අපේ එලකිරිය තුල සැහෙන දෙනෙකුට බයික් තියෙන හින්දා ඒ හැමෝටම විවිධාකාරයේ ප්‍රශ්න එනවා මේවා නිරාකරණය කරගන්න ගියාම කාටද මේවා කියන්න ඕන කියල හිතාගන්න බැරිව හැම එක්කෙනාම ත්‍රෙඩ් දානවා උදව් ඉල්ලලා.
ඉතින් මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ඒ සියලුම දෙනා වෙනුවෙන්.
එක එක්කෙනාට වෙන වෙනම උත්තර දෙනවා වෙනුවට එක ත්‍රෙඩ් එකක ඒ විවිධාකාර ප්‍රශ්න වලට උත්තර දුන්නම ඒක හැමෝටම බලාගන්න පුළුවන් වෙන නිසා ප්‍රශ්න ඇති වෙන්න පෙර අනිත් අයට පරිස්සම් වෙන්නත් පුළුවන්.
එම නිසා මම ඉල්ලා සිටින්නේ හැමෝටම මේකේ තමන්ගේ බයික් වල තියන ලෙඩ, නඩත්තු කටයුතු, අලුතින් කෙරෙන වෙනස් කිරීම් වලට අදාළ ගැටළු පල කරන්න. එවිට මම හෝ අපේ මේ එළකිරියේ සිටින බයික් ගැන හොඳ දැනීමක් තියෙන කවුරු හරි එකට පිළිතුරක් දේවි...
මෙහිදී පළමුවෙන්ම ස්තුති කරනවා GTRZ ඇඩ්මින් සහ රත්තරං යන සහෝදරයන් දෙදෙනාට එලකිරිය තුල බයික් ගැන අලුත් trend ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන්...
ඒ වගේම බයික් ගැන දන්නා කියන සහ අපේ යාළුවොන්ගේ බයික් වල ලෙඩ වලට ප්‍රතිකාර කිරීමට දැනුමක් ඇති සියලුම සහෝදර සහෝදරියන්ට මම අරාධනා කරනවා මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න කියල.
එහෙනම්
▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂
එකේ වැඩ පටන් ගනිමු.
Last edited:



පොඩ්ඩකට එලියට ගිහිල්ල එන්නම්.......!

