පීටර්ගේ කවිය හා පේ‍්‍රමකීර්ති

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පීටර්ගේ කවිය හා පේ‍්‍රමකීර්ති



අසුන්දර පුවතක්


ශ‍්‍රි ලංකා පෙළපාලියේ මුලින්ම ගිය පීටර්

සටන් පාඨ කොඩි සේසත් අරගෙන ගිය පීටර්
මැතිනිගේ පීන්තුරය පපුවේ පැළඳගත් පීටර්
මැතිනි අපිට අපි මැතිනිට කියා නැටුව පීටර්

බණ්ඩාරනායක මැතිඳුගේ ගුණ ගී කියු පීටර්
ශ‍්‍රි ලංකා ආණ්ඩුවෙන් තෑගි දිනපු පීටර්
ශ‍්‍රි ලංකා මීටින් වල කතා අහපු පීටර්
අත අපිටයි අපි අතටයි කියා කියපු පීටර්

ඡන්ද දවසේ නිල් ඇදගෙන ඡන්දෙට ගිය පීටර්
මෙදා පොටෙත් අපි දිනනවැයි ඔට්ටු තිබ්බ පීටර්
අපි කැපුවත් නීල් පාටයි කියා කියුව පීටර්
යු.එන්.පී. දිනපු දවසේ කොළ ඇඳලා පීටර්


පේ‍්‍රමකීර්ති ද අල්විස් 1978 පුවත්පතකට ලියු කවි පෙළක්

ඇත්තෙන්ම අද සමාජයේ කෙතරම් පීටර් ලා ජිවත් වෙනවාද? මේ ගැන මීට අවුරුදු 35 කලින් පුවත් පතකට ලියුවේ හරියටම අදින් වසර 24 පෙර අපෙන් සොරාගත්ත අසහාය කළාකරුවෙක් වෙන පේ‍්‍රමකීර්ති ද අල්විස් මහත්තයා තමයි. තමන් මිය ගිය මාසයෙ
ත් පඩිපතින් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයට මුදල් බැර කල පේ‍්‍රමකීර්ති මහතා ශ‍්‍රිලනිප පාක්ෂිකයෙකු වශයෙන් නොව දේශපාලනයේ යථාර්ථය පිළිබඳව ඔහුගේ තිබුන දැක්ම මනාව මෙයින් පෙනි යනවා.

මේ පේ‍්‍රමකීර්ති මහතා අවසන් වරට සජිවිව ගුවන් විදුලියෙන් හඩ (සැරිසර වැඩසටහන) ඇසුනු අවස්ථාව, මෙසේ සමුගත් පේ‍්‍රමකීර්ති ආයෙත් කවදාවත් ආවේ නෑ, ඔහු වැඩසටහන අවසන් කරන අයුරු අසන්න.


http://www.mediafire.com/download/l7sn4mya74b7pf2/Premakeethi.mp3
 
Last edited:

Sapumal Kumaraya

Junior member
  • Jun 17, 2010
    53
    3
    8
    Mirigama
    ප්‍රේමකීර්ති කියන්නෙ සුපිරිම චරිතයක්....පුදුම දක්ෂතාවයක් තියෙන මනුස්සයෙක්.....ඒ වගේ චරිත ආයෙ බිහිවෙන්නෙ නෑ....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif


    sundara minisek, shresta kavi sithak, Premakirthida alwis... ++

    අනිවා
    11.gif



    11.gif


    ප්‍රේමකීර්ති කියන්නෙ සුපිරිම චරිතයක්....පුදුම දක්ෂතාවයක් තියෙන මනුස්සයෙක්.....ඒ වගේ චරිත ආයෙ බිහිවෙන්නෙ නෑ....

    ඒක නම් ඇත්ත සහෝදරයා, ඒ වගේ සොඳුරු මිනිසුන් බිහිවන්නේ කලාතුරකින් මගේ ජිවිතයේ මා දුටු සොඳුරුම සන්නිවේදකයා පේ‍්‍රමකීර්ති ද අල්විස්


    :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු තරම් සරළ සුගම ලෙස ගී ලියූ මිනිසෙක්....
    ආත්මය තියුණු සැතකින් පෙලන ලෙස දැනෙන ගී ලියූ මිනිසෙක්....
    මතු කවදා නම් හමු වේද?

    :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔහු තරම් සරළ සුගම ලෙස ගී ලියූ මිනිසෙක්....
    ආත්මය තියුණු සැතකින් පෙලන ලෙස දැනෙන ගී ලියූ මිනිසෙක්....
    මතු කවදා නම් හමු වේද?

    :(

    ගුවන් විදුලියට පේ‍්‍රමකීර්ති පා තියන්නේ ගායකයෙකු වීමට අපේක්ෂාවෙන්, ළමා මණ්ඩපයෙදි ඔහුව වෙනත් මඟකොට යොමු කරන්නේ ඔහුගේ ගුරුවරයා වන කරුණාරත්න අබේසේකර ශුරින් විසින්, මාධ්‍යයේ පේ‍්‍රම්ගේ ගුරුවරයා වන කරුණාරත්න අබේසේකරයන්ගෙත් පේ‍්‍රමකීර්ති ගෙත් උපන් දින යෙදෙන්නේ ජුනි 03 විම විශේෂත්වයක්

    පේ‍්‍රමකීර්තිගේ ගීත වල සාර්ථකත්වය ඔබ කියුවා වගේ සරළ බව නමුත් ඒ සරළකමේ ලොකු ගැඹුරක් තියෙනවා. හොඳම උදාහරණය තමයි "දොස්තර හොඳ හිත" කාටුන් වෙනුවෙන් ලියු ගීත කෙතරම් සරළ ද? නමුත් ඒවායේ ගැඹුර
    කෙතරම් ද?
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලංකාවේ එදා මෙදා තුර බිහිවුන හොදම ගීත රචකයා මට නම්
    ප්‍රේමය/රාගය/විරාගය/වියෝව/ වගේම උත්ප්‍රාසය ගැනත් හොද ඉවක් තිබුණ මිනිහෙක්.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif
    11.gif


    පිටර්=දයාසිරි

    :lol::lol::lol::lol:

    ලංකාවේ එදා මෙදා තුර බිහිවුන හොදම ගීත රචකයා මට නම්
    ප්‍රේමය/රාගය/විරාගය/වියෝව/ වගේම උත්ප්‍රාසය ගැනත් හොද ඉවක් තිබුණ මිනිහෙක්.

    :yes::yes::yes::yes:


    11.gif
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔහු තරම් සරළ සුගම ලෙස ගී ලියූ මිනිසෙක්....
    ආත්මය තියුණු සැතකින් පෙලන ලෙස දැනෙන ගී ලියූ මිනිසෙක්....
    මතු කවදා නම් හමු වේද?

    :(
    ඔහු තරම් කවි සිතක් තිබු මිනිසෙක්.
    සුන්දර හදවතක් තිබු මිනිසෙක්.
    ප්‍රේමය හැදිනු මිනිසෙක්
    යලිත් මේ දියත උපදීද