වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා
වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා
මාරාන්තික උපවාසය කළ හිමි නම කියති
* උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ
* කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා
* පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ
* හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා
වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එක්වීම හේතුවෙන් පීඩනයට පත් ජනතාවට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී කඩිනමින් විසැඳුම් ලබා දුන් බව ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිනමිණ ට පැවසූහ.
මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝොෂණයේ දී මාරාන්තික උපවාසයේ යෙදී සිටි තමන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ට කිසිවකු පහර නොදුන් අතර පොලිසිය හා හමුදාව ළෙන්ගතුව හා සාමකාමීව අවසානය දක්වා කටයුතු කළ බවත් නුවර පාර ආසන්නයේ බැලුම්මහර හා වැලිවේරිය ප්‍රදේශවල සිටි කණ්ඩායම් සමඟ යම් ගැටුමක් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමියෝ සඳහන් කරති.
පහර කෑමට ලක්වූ පිරිස ට නායකත්වය දුන් අය කවුද යන්න තමා නොදන්නා බව ද නායකත්වයේ යම් දුර්වලතාවක් නිසා කලබලකාරී තත්ත්වයක් පැනනගින්නට ඇති බවත් පෙන්වා දෙන සිරිධම්ම හිමියෝ රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් මෙවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලයේ දී රටේ තැන තැන සිදු වූ බව ද පෙන්වා දෙති.
එහෙත් සාමකාමීව සිටි අහිංසක පිරිසකට පහර දුන්නේ නම් එය තරයේ හෙළා දකින බව ද උන් වහන්සේ සඳහන් කළහ.
යම් කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂකයන් අතර සිට ක්‍රියාත්මක වීම නිසා පහරදීම් සිදුවූවා ද යන්න සොයා බැලිය යුත්තක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නාහ.
තමන් හා ගම්වාසීන් සමඟ සිටි ආරක්ෂක නිලධාරීන් තමන් වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තක් නොකළ අතර දිය පොදක් පවා බිව්වේ ද අවසර ගෙන බවත් සඳහන් කළහ.
පිරිත් කියමින් සාමකාමිව සිටි තමා ඇතුළු පිරිස සමඟ සමඟියෙන් ක්‍රියා කළ පොලිස් සහ යුද හමුදා නිලධාරීන් පිරිස තමන් වහන්සේට වැඳ පිටත්ව ගිය බව ද ඒ හිමියෝ සඳහන් කළහ.