අපේ ගේ අපිම හදා ගනිමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
අපේ ගේ අපිම හදා ගනිමු

"හරියට ටයිල් අල්ලමු" කියන ත්‍රෙඩ් එකට ලැබුනු ප්‍රතිචාරත් එක්ක තවත් වැදගත් වෙයි කියල හිතෙන කරුනු ඇතුලත් ත්‍රෙඩ් එකක් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ.....

නිවසක් කියල කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්.... තමන්ගෙම කියල සුන්දර නිවහනක් හදා ගන්න එක හැමෝගෙම අනාගත බලාපොරොත්තු අතර ප්‍රධාන තැනක් ගන්නවා..

නමුත් ගෙවල් හදන්න ගිහින් අමාරුවෙ වැටිච්ච අය කොච්චර නම් ඉන්නවද? ගේ හදන්න ගිහින් දහ අතේ ණය වෙලා උන්නු අඩියෙනුත් පහලට වැටුනු අය සමාජයේ ඔනෑ තරම ඉන්නවනේ....

කීයෙන් කී දෙනාද බොහොම සාර්ථකව මේ වැඩේ ඉවර කර ගන්නේ....

මේ හැමදේකටම ප්‍රධානම හේතුව තමයි අපේ නොදැනුවත් කම......


ඉතින් මේ ත්‍රඩ් එකෙන් උත්සහ කරන්නේ ගෙයක් හදද්දි අයිතිකරු විදියට අපි දැනගතයුතු කරුණු කිහිපයක් ගැන කියල දෙන්නයි. ( මේ දේවල් ගොඩක් අය දන්න දේවල් වෙන්න පුලුවන් නමුත් නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි.... )


ගෙයක් හදන්න කලින් මුලින්ම අපි කරන්නේ සුදුසු ඉඩමක් සොයා ගන්න එකනේ.... ඒනිසා මුලින්ම කියන්නම් කොහොමද තමන්ට ගැලපෙන ඉඩමක් තෝර ගන්නේ කියලා.....



ඉඩමක් හැමවිටම චතුරස්‍රාකාර වීම ගොඩක් සුභ ඉඩමක් විදියටයි සලකන්නේ....



1. මුලින්ම කියන්න ඕන ඉඩමක් ගන්න කියලා ගිහින් බලලා ඉඩම අයිති අයත් එක්ක කතා බහ කලාට පස්සෙ කාගෙවත් සිත රිදවන්න බැරි නිසා හෝ බෑ කියන්න බැරිකමට නම් ඉඩම් ගන්න යන්න එපා.... ඉඩම තමන්ට නොගැලපෙන එකක් නම් නොගෙන ඉන්න එක තමයි කලයුත්තේ....

ඉඩමක් ගන්න කලින් ඔප්පු තිරප්පු, නීත්‍යානුකූල අයිතිය, ඉඩම් ලියාපදිංචිය වගේ දේවල් අකුරටම හොයල බලන්න ඕනෑ කියන එක ඉතින් කියන්න ඕන නෑනෙ.


2. මූලික පහසුකම් - මූලික පහසුකම් කිව්වම නළ ජලය හා විදුලිය වගේම කානු පද්ධති ගැන හොඳින් සොයා බැලිය යුතුයි... ජලය බැසයන නිසි කානු පද්ධතියක් ඉඩමට සම්බන්ධ ප්‍රධාන මාර්ගයේ නැත්නම් මේ දවස් වල වහින වැස්සෙ හැටියට ඉඩම මඩ කරල වී වපුරන්න තමයි වෙන්නෙ.... ඉඩම වගේම අහල පහල පෙදෙස් වල වතුර බැසයන විදියත් ගොඩක් වැදගත්, මොකද අපේ ඉඩම ගංවතුරෙන් යට නොවෙන උස් ඉඩමක් වුනත් අවට පෙදෙස් යට වෙනවනම් ප්‍රෂ්න ගොඩකට අපිටත් මුහුන දෙන්න වෙනවා....( ඉඩම යට නොවී ඉඩමට එන පාර යටවෙනවා නම් ඉඩමෙන් වැඩක් නෑනෙ.... )

ඉඩමේ නල ජලය , විදුලිය, දුරකථන සෙවා නැති වුනත් අහල පහල පදිංචි වුනු නිවාස වල මේ පහසුකම් තියෙනවද කියල බලන්න.... මොකද එහෙම නැතිවුනොත් අලුතෙන් අපේ ඉඩමට මේ සේවාවන් ලබා ගන්න ලොකු වියදමක් කරන්න වෙනව වගේම ලොකු කාලයක් බලාගෙන ඉන්නත් වෙවි.....
(සමහර ප්‍රදේශ වලට නල ජලය වගේ සේවාවන් සපයන ව්‍යාපෘති තවම හදලවත් නෑ.... මේ ගැන අදාල ප්‍රාදේශීය සභාවලින් විස්තර දැන ගන්න පුලුවන්.. )


3. ඉඩමේ බැස්ම - සමතලා ඉඩමක් නිවසක් සෑදීමට වඩාත් සුදුසු වුනත් හැම විටම සමතලා ඉඩම් ලැබෙන්නෙත් නෑනෙ. ඉඩමක බැස්ම තිබෙන දිශාව අනුව එහි සාදන නිවසේ අයට යස ඉසුරු සුභ ඵල වගේම ධන හානි, හදිසි විපත් අසුභ ඵල ඇති වෙන්න ඉඩ තියෙනවා...

වාස්තු විද්‍යාවට අනුව නම් උතුර, ඊසාන හෝ නැගෙනහිරට බැස්ම සහිත ඉඩම් සුභ ඉඩම් විදියටයි සලකන්නේ.


4. දිශාව - ඉඩමක මුහුනත් දිශාව හරිම වැදගත්. මුහුනත් දිශාව විදියට සලකන්නෙ ඉඩමේ ප්‍රධාන පාරට පිහිටන දිශාවයි.

8bcy.jpg


මේ පෙන්නල තියන ඉඩමේ මුහුනත් දිශාව වෙන්නේ බස්නාහිර.

ඉඩමේ මුහුනත් දිශාව වගේම නිවසේ මුහුනත් දිශාවත් ගොඩක් වැදගත්.
දිශාවන්ගේ නියම පිහිටීම නිවසට සෞභාග්‍ය වගේම අනිසි විපත් ගෙන දෙන්නත් හේතු වෙනවා.... මීට අදාල පොඩි පොඩි වාස්තු විද්‍යාත්මක කරුනු ටිකකුත් ඉදිරියේදි කතා කරමු.

දිශාවේ තවත් වැදගත්කමක් තමයි යාබද නිවාස වල පිහිටීම. ඒ කියන්නෙ යාබද නිවාස වල ලිඳ, වැසිකිලි වලවල් (septic tank) වගේ දේවල් තියෙන තැන් ගැනත් පොඩ්ඩක් හොයල බලන එක හොඳයි.

තව වැදගත් දෙයක් කියන්න ඔනේ.... ඉඩමක් ගනිද්දි හැමවිටම තමන් හදන්න බලාපොරොත්තු වන නිවස හෝ ගොඩනැගිල්ල පිලිබඳ අවබෝධයක් තියෙන්න ඔනේ.... දල වශයෙන් නිදන කාමර, කුස්සිය, බුදුමැදුර, ගරාජය වගේ දේවල් පිහිටන දිශාව හොයල බලන්න ඔනි... මොකද මේ ස්ථාන නියම විදියට සුභ දිශාවල පිහිටවීම අපිට සෞභාග්‍ය, යස ඉසුරු පිරි නිවසක් හදාගන්න හේතු වෙනවා..... වාස්තුවිද්‍යානුකූලව මේවා තිබිය යුතු දිශාවන් ගැන ඉදිරියේදි කියල දෙන්නම්....



දවසක් මගේ ගුරුතුමෙක් තමන්ගෙ සේවාදායෙකුට කියලා තිබුනා " මහත්මයා මට ඔයාගෙ ගේ වර්ණාලේප කරලා දෙන්න පුලුවන් නිවසේ ඉන්න අය හැමවෙලේම රන්ඩු කරමින් එකිනෙකාට නොරුස්සමින් ඉන්න විදියට ..." කියලා... ඇත්තටම වර්ණ භාවිතය කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්.....
ඉතින් මේවගේ ඔයාලට වැදගත් වෙන කරුනු ඉස්සරහට ත්‍රෙඩ් එකට එකතු කරන්නම්.....

ත්‍රෙඩ් එක කියවලා ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් මගේ බලාපොරොත්තුව ඉටු වුනා කියලා හිතනවා.....

සැමට ජය.......!!!!
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉඩම ගන්න කලින් වට පිටේ ඉන්නෙ කොයි වගේ අයද, කරන රස්සාවල් මොනාද කියලත් හොයල බැලුවොත් හොඳයි.

    අපේ යාලුවෙක් ඉඩමක් ගත්තා එහා පැත්තේ ඉන්නෙ වෙලඳාම් කරන කට්ටියක්..ගෙදර පවුල් 2-3ක් ඉන්නවා,, කොයි වෙලෙත් රණ්ඩු,, දැන් ඒ පවුල් වල පොඩි උන් කෑ ගහනවා තොර තෝන්චියක් නැතුව.. කණක් ඇහිල ඉන්න නෑලු.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එළකිරි මචන් +




    ඉඩම ගන්න කලින් වට පිටේ ඉන්නෙ කොයි වගේ අයද, කරන රස්සාවල් මොනාද කියලත් හොයල බැලුවොත් හොඳයි.

    අපේ යාලුවෙක් ඉඩමක් ගත්තා එහා පැත්තේ ඉන්නෙ වෙලඳාම් කරන කට්ටියක්..ගෙදර පවුල් 2-3ක් ඉන්නවා,, කොයි වෙලෙත් රණ්ඩු,, දැන් ඒ පවුල් වල පොඩි උන් කෑ ගහනවා තොර තෝන්චියක් නැතුව.. කණක් ඇහිල ඉන්න නෑලු.

    ස්තුති සහෝ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela machan. wadagath ma thread ekak.

    idame ge hadanna inna piliwela kalin poddak hitha ganna eka wadagath wenna puluwan. mokada gedara pradana kamara walata, kattiya wadipurama inna than walata swabawika alokaya ehema enawada, ventilation hondata enawada kiana ewath wadagath.

    anika samahara idam wala pala patu wadi wenna puluwan thaman hithana widihe geyak hadanna.

    architect kenek hari pradeshisa sabawe awashyatha gana ehema danna kenek genuth idama ganna issella upadesak ganna eka hondai.

    idam baladdi podi checklist ekak hadala oya karunu eke dagena eh anuwa idam short list karala ganna eka hondai. samahara karunu eh idamata ganak kiaddith sahenna wadagath wenawa.
     
    • Like
    Reactions: D ran