Twitterpedia 3 days ago
මම ඔයාට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල්. මම සෑහෙන කාලෙක ඉඳං අමරිකාවෙ ඉන්නෙ. මම ඉන්ග්‍රීසි කතා කරනවා හොඳට. ඒ වගේම තමා සිංහල කතා කරනවා ඉංග්‍රීසි වගේම. මම නම් මට සිංහල බෑ වගේ රඟන්නේ නැහැ නංගි ඔයා වගේ. නංගි බොරුවට සිංහල බැහැ වගේ කතා කරන්න එපා. අනික ඔයා දන්නවද මොකක්ද කියලාවත් අමරිකානු ස්‍රව්‍රාගාත කියන්නෙ? පේන්නෙ නම් දන්නෑ වගෙ. ලංකාවෙ කෙල්ලෙක් වශයෙන් මට නම් පවු කියලා හිතෙනවා.ඉතින් හරි දේ හරි විදිහට කරන්න වයසට ගැලපෙන විදිහට හැසරෙන්න බලන්න. නියම ලාංකිකයෙක් වෙන්න, තමං කවුද කියන එක ගැන ආඩම්බර වෙන්න.