Halo play karanna enda!

Veerz

Member
Jun 8, 2008
5
1
0
ඔන්න යාලුවනේ අලුත්ම අලුත් වැඩක්.......

හැමෝම halo play කරාට ඔයගොල්ලෝ දන්නවද halo clans තියෙනවා කියලා?අපේ ලංකාවේ එච්චර ප්‍රසිද්ද නැති උනාට වෙන රටවල් වල halo clans ගොඩක් තියෙනවා.

මොනවද මේ clans කියන්නේ? හිටපල්ලා බොලව් මන් කියන්නම්...... ලොල්

clan එකක් කියන්නේ ගොඩක් කට්ටිය සෙට් වෙලා එක community එකක් හදාගෙන එයාල ඒ community එකට නමක් දාගෙන ඒ නමින් එයාලව නියෝජනය කරලා play කරන එක.ඉතින් එහෙම හදාගත්ත clans ගොඩක් තියෙනවා.DG,XG,SMG,UHP,POQ ඒවායින් ටිකක්......

ඉතින් ඔයා UHP clan එකේ ඉන්නවා කියමුකෝ....

එතකොට ඔයා halo play කරනකොට ඔයාගේ නම දාගෙන ඉන්නෙ tikira (මගේ halo නම) කියලා නම් ඔයා UHP clan එකේ ඉන්නවා කියලා නියෝජනය කරන්න ඔයාගේ නම {UHP}tikira කියලා වෙනස් කර ගන්නවා.හිතන්නකෝ clans දෙකක් අතරේ යුද්ධයක් යනවා කියලා.එතකොට මේ නම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.අනික clan එක ප්‍රසිද්ද වෙන්න වෙන්න ඒ clan එකේ සාමාජිකයෙක් වෙලා ඉන්නවා කියන එක ආඩම්බරයක් බොලව්......

හරි දැන් බයිලා ඇති!!! දැන් මන් කියන්න යන්නේ ලංකාවේ තියෙන clan එකක් ගැන.......
මොකක්???? ඔව් බන් ඔව් ලංකාවේ තමා.ඉදහන්කෝ කියනකම්..... xD xD xD

මේකේ නම Srilankan Lions Clan.මේ clan එකේ සම්පුර්ණ හිමිකම තියෙන්නේ නාමල් සහෝ සහ ඔසඳ සහෝ ට.අපි ගොඩක් මහන්සි වෙලා තමයි මේ clan එක පිහිටුවා ගත්තේ.ඉතින් මේ සියලුම මහන්සිය ගත්තේ අපේ ලංකාවේ ඉන්න සියලුම සහෝ ලා වෙනුවෙන් කියලා කියන්න ඕනේ.......

මෙහෙමයි clan එකට බැදෙන්නේ,

http://slclan.freeforums.org/portal.php

උඩින් තියෙන ලින්කුව තමා අපේ forum එක.මුලින්ම ඔකට ගොහින් ලියාපදිංචි වෙන්න ඕනේ.
ඊට පස්සේ Click here to apply for SL කියන තැන කෙටුවහම How To Apply කියලා topic එකක් ඇති අපේ ඔසඳ සහෝ දාපු.එකේ තියෙන විස්තර ටික දාල එතනම New Topic එකක් දාන්න තමා ඔයාලට කරන්න තියෙන්නේ.ඔයාලා ලියාපදිංචි වෙන නමට මුලින් {SL} කියන ටැග් එක අපි පස්සේ ඇඩ් කරනවා.ඒ කියන්නේ "tikira" කියන නමින් ඔයා ලියාපදිංචි උනොත් අපි පස්සේ {SL}tikira කියලා නම වෙනස් කරනවා.පස්සේ ලොගින් වෙනකොට username is incorrect කියලා ආවොත් {SL} කියලා නමට මුලින් ගහල ලොගින් වෙන්න බලන්න.:):

clan එකේ rules වගයක් තියෙනවා.හැම කෙනෙක්ම ඒවා පිළිපදින්න ඕනේ.එහෙම නැති උනොත් clan එකෙන් අයින් කරනවා.ඒ වගේම එක්කෙනෙකුට user id එකකට වාඩා වැඩියෙන් තියෙන්නත් බැ.එහෙම තියලා අහුඋනොත් ඇඩ්මින් තුමන් ලගේ තීරණේ මත එයාව ban කරන්නත් පුළුවන්.ඒ වගේම forum එකේ මාස 2ක් එකදිගට inactive උනොත් එයාව එබේම clan එකෙන් අයින් වෙනවා හොදේ.......

හොදම වැඩේ තමා ඔයාලගේ rank එක අනුව forum එකේ ඔයාලට දෙන rank එකත් වැඩි වෙනවා.
Member ඉදන් Admiral දක්වා ranks තියෙනවා.හොදට server එකේ play කරන්න කරන්න ඔයාලගේ rank එකත් වැඩි වෙනවා.ඒ වගේම ඇඩ්මින් තුමන්ලාට තේරුනොත් කවුරුහරි වෙන කෙනෙක් ඇඩ්මින් කෙනෙක් වෙන්න සුදුසුයි කියලා, ඇඩ්මින් මණ්ඩලේ හැමෝගෙම තිරනෙන් ඔහුට හෝ ඇයට ඇඩ්මින් තනතුරු පවා ලබා දීමට කටයුතු කරනවා. xD xD xD

ඉතින් ඔයාලා හැමෝටම මන් ආරාධනා කරනවා Srilankan Lions ලත් එක්ක සෙට් වෙන්න කියලා.
හැමෝටම සුබ දවසක්........