කවි නිසඳැස් පමණක්ම ලිය ලිය හිටිය මගේ මොළයටත් අද හිටි ගමන් , වැදගත් කියල හිතුන දෙයක් ගැන thread එකක් දාන්න කියල හිතක් පහල වුණා 

ඉතිං කළගුණ සැලකීමක් විදිහට ඒ හිත පහල කල මොළය ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරේ

"මොළය " , " මනස " , " බුද්ධිය " , " මතකය " , " සිතුවිලි " ..... මේ වගේ ගොඩක් වචන මොළය හා සම්බන්දයෙන් ගොඩ නැගිලා තියෙනවා ...
බටහිර විධ්යාවෙදී මොළය හා මනස එකක් යයි සම්මත කර ගත්තට මේ පිළිබඳව අදහස් දක්වන කාලෝ ෆොන්සේකා මහතා ‘ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස් මොළයයි’ යනුවෙන් සඳහන් කරයි.
තවදුරටත් කරුණු දක්වන කාලෝ ෆොන්සේකා ‘බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස් විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස් මනසේ හාස්කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස් මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.’ මෙහිදී හිපොක්‍රොටිස් පවසන්නේ මනස හා මොළය එකක් ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක් ලෙස පිළිගෙන නැති බව පැහැදිලි වෙයි...
ඇත්තටම මොළය පිළිබඳව 100 % දත්ත නිරාවරණය කර ගන්න සමතෙක් මේ වන තුරුත් බිහි වෙලා තියෙනවා කියල හිතන්න අමාරුයි ..
එය ඒ තරම්ම සංකීර්නයි ..
ඉතිං ඒ අතිසංකීර්ණ මොළය පිලිබඳ ගවේෂණයෙන් සොයාගෙන තියෙන ඉතාමත් සුළු කරුණු කිහිපයක් තමයි කෙටියෙන් පහතින් දැක්වෙන්නේ ...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
> මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන් කරයි.
> සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.
> ශරීරයේ උණුසුමෙන් 40% පමණ ප්‍රමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.
> අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
> අපගේ මොලය මගින් වොට් 10ක බල්බය ප්‍රමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)
> අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු ප්‍රමාණය මෙන් 5ස් ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගත හැක. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.
> අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.
> දහවල් කාල්යෙදීට වඩා රාත්‍රී කාලයේදී මොලයේ ක්‍රියාකාරිත්වය අධික වේ.
> අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.
> මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ.
මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.
> ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර ප්‍රමාණය වැඩි වෙයි.
> අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.
> අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.
මෙය මට ලැබුණු e-mail ලිපියක් ඇසුරින් ලත්දත්ත යොදාගෙන මගේ අදහස්ද ඇතුලත් කර නිම වුන්නකි

Last edited: