




බුරුමයේ කන්ට්බාලු නගරයේ බෞද්ධ කලහකරුවන් වීදි බැස මුස්ලිම් වරුන්ගේ නිවාස සහ කඩ සාප්පු ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න නිවා දැමීම පිණිස පැමිණ ගිනි නිවන හමුදාවේ භටයන්ද බෞද්ධ කලහකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති බව එම වාර්තාවල දැක්වේ.
පිරිස විසුරුවා හැරීමට ආරක්ෂක හමුදා අහසට වෙඩි තබා ඇති අතර මේවන විට තත්වය සමනය කර ඇති බවද බුරුම බලධාරීන් කියා සිටී.
බුරුමයේ මුස්ලිම් සුළුතරයට එල්ලවූ අලුත්ම බෞද්ධ ප්‍රහාරය මෙය වන අතර පසුගිය මාර්තුවේ එල්ල වූ ප්රහාරයන් නිසා මුස්ලිම්වරුන් හතළිහක් පමණ මරුමුවට පත්විය.
මුස්ලිම් පුද්ගලයකු විසින් බෞද්ධ කාන්තාවක දුෂණය කිරීමේ සිද්ධියක් පාදක කර ගෙන මෙම ප්රචණ්ඩ ක්‍රියා ආරම්භ විය.
බෞද්ධයෝ තමයි ඉස්සෙලාම ගහන්න ඇත්තේ.. මොකද ඉස්ලාමය කියන්නේ සාමාකාමී ආගමක් මුසු වු අහිංසක සංස්කෘතියක්නේ... ඉතිං මේ බෞද්ධයේ තමා මේ ත්‍රස්තවාදී වැඩ කරන්නේ... 
