Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Solid State Drive SSD ආයුකාලය..කල්පැවැත්ම

    Solid State Drive(SSD) Endurance (ආයුකාලය / කල්පැවැත්ම)


    mbaface-080211-1.gif

    රූපය -1
    අභ්‍යන්තර ව්‍යූහය
    දෘඩ තැටියක්(වම) සහ SSD උපාංගයක්(දකුණ)



    Solid State Drive (SSD) භාවිතය වර්තමානයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර
    බොහෝ දෙනෙකු ඒවා මිලදී ගැනීමට ප්‍රථම එහි ආයු කාලය පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන ඇත.
    මේ නිසා SSD එකක ආයුකාලය තීරණය වන අයුරු සරලව පැහැදිලි කරගනිමු.

    SSD වල ඇති NAND flash memory වල දත්ත ගබඩා වන්නේ ඉතා කුඩා cell ඒකක වල bits වශයෙනි.
    මේවා නැවත නැවතත් ලිවීම සහ මැකීම කරනවිට ඒවා ගෙවීමට ලක්වේ.
    මෙම සංසිද්ධිය සරලව flash cell wear out ලෙස හැදින්වේ.
    සරල උදාහරණයක් ගතහොත්, කඩදාසියක පැන්සලකින් කීපවිටක් ලියා යලි මකනවිට එම කඩදාසිය හායනය වී අවසානයේ එය ඉරීයාමට ලක්වියහැක.
    NAND මතක වල ඇති 'cells' wear out වීමද මෙවැනිම තත්ත්වයකි.
    මෙය අඩුකරගැනීමට ප්‍රධාන ලෙස Wear leveling නැමති ක්‍රියාවලිය උදව් වේ.
    සංකීර්ණ ඇල්ගොරිතම (algorithms) යොදාගෙන කරනු ලබන මෙම ක්‍රියාවලිය මගින් එක වරක් cell එකක දත්ත ලියා
    නැවතත් එහි දත්ත ලිවීමට පෙර අනෙක් සියළු cell වලද දත්ත එක වරක් හෝ ලියා ඇත්දැයි කාර්යක්ශමව පරික්ෂා කරයි.

    02bb.jpg

    රූපය -2
    new 20nm NAND chips for SSDs


    SSD නිර්මාණය සදහා භාවිත වන NAND non-volatile memory වල පවතින ප්‍රභේදන කීපයකි.
    ප්‍රධාන ලෙස SLC, MLC සහ TLC NAND මේවා වෙන්කර හදුනාගත හැක.

    මෙසේ SSD සදහා භාවිතා වන NAND මතක වර්ගයේ ගුණාංග අනුව එහි කල්පැවැත්ම මෙන්ම
    මිල සහ කාර්ය සාදනයද (performance) වෙනස් වේ.
    පහත වගුවෙහි මේවායේ ප්‍රධාන වෙනස්කම් සංශිප්තව දක්වා ඇත.

    uvuo.png

    රූපය -3
    විවිධ NAND වර්ගවල වෙනස්කම්



    P/E Cycles (Program-Erase Cycle)

    SSD වල ආයුකාලය මැනීම තීරණය වන්නේ කොපමණ P/E Cycles ගණනක් කළහැකිද යන්න
    හෙවත් ලිවීමේ සහ මැකීමේ චක්‍ර කොපමණ ගණනක් කළහැකිද යන්න මතයි.
    එහෙත් මෙය බොහෝ විට වරදවා වටහා ගැනීමට ලක්වේ. යම් SSD එකක P/E Cycles 1000 කල්පැවැත්මක් ඇතැයි සිතමු.
    මෙයින් කියවෙන්නේ ඔබ එයට කුමක් හෝ ලිපි ගොනුවක්/ගොනු කීපයක්
    1000 සැරයක් SSD එකකට ලියා නැවත මැකුවහොත් එයින් එම SSD එකෙහි ආයු කාලය නිමා වන බව නොවේ.
    එය ඊට බෙහෙවින් සංකීර්ණ වූ ක්‍රියාවලියකි. P/E Cycles පිළිබඳව වැටහීමක් ලබාගතයුතු වන්නේ එබැවිනි.

    P/E Cycles මගින් SSD එකක Endurance හෙවත් පැවැත්ම ගණනය කරන ආකාරය පහත දැක්වේ.
    මෙය කිසිවිටෙකත් නිවැරදිව ගණනය කළහැක්කක් නොවේ. මෙහිදී අප ගණනය කරන්නේ දළ අගයන්ය.


    Endurance = SSD capacity X P/E Cycles / Writes per Day X Write Amplification X 365


    SSD capacity - ධාරිතාවය

    P/E Cycles - ලිවීමේ සහ මැකීමේ චක්‍ර ගණන

    Writes per Day - දිනකට SSD එකට ලියන දත්ත ප්‍රමාණය

    Write Amplification = ලියන දත්තවල සංකීර්ණ භාවය/විස්තාරණය, මෙය සෑමවිටම වෙනස් වන අගයකි.
    සාමාන්‍ය පුද්ගලිය පරිගණකයක එම අගය 3x පමණත් server වල භාවිතයේදී මෙම අගය 10x ට වඩා ඉහළ යා හැක.
    විශාල ලෙස අහඹු ලිවීම් කරයි නම් (random writes) ඇත්නම් මෙම අගය ඉහළ යයි.

    උදාහරණ:

    SSD capacity = 128 GB

    P/E Cycles = 1000 <- අඩු මිල TLC NAND

    Writes per Day = 5GB < - සාමාන්‍ය භාවිතයේදී දිනකදී කරන උපරිම ලිවීම් ප්‍රමාණය 10GB නොයික්මවයි.

    Write Amplification = 3x සාමාන්‍ය භාවිතයේදී

    Endurance (years) = 128 ‍x 1000 / 5 x 365 x 3 = අවුරුදු 23.4 ~

    ඉහත පෙනෙන ආකාරයට මිලෙන් අඩු TLC වර්ගයේ 128GB SSD එකක් වුවද සාමාන්‍ය භාවිතයේදී ඔබට අවුරුදු 20 කට වඩා ගැටලුවකින් තොරව භාවිත කළහැක.
    එමෙන්ම මෙහිදී යොදාගෙන ඇති Writes per Day සහ Write Amplification සාමාන්‍ය භාවිතයේදී මෙතරම් ඉහළ නොයයි නම් කල් පැවැත්ම තවත් වැඩි වියහැක.

    එමෙන්ම ඉහත ඔබට පෙනෙන ආකාරයට SSD ධාරිතාවය වැඩි වීමද එහි කල් පැවැත්මට කෙලින්ම බලපායි.
    දිනකට ලියන දත්ත ප්‍රමාණය අඩු නම් වැඩි කල්පැවැත්මක් ඇත.
    SSD වලින් දත්ත කියවීමට වැඩිපුර යොදාගන්න අවස්ථා ( boot drive ලෙස මෙහෙයුම් පද්දති සඳහා පමණක් භාවිතය)
    වලදී එහි ආයුකාලට අඩු වන්නේ සෙමිනි.
    දත්ත කියවීමට (reading) පමණක් SSD යොදාගන්නාවිට එහි ආයු කාලයට බලපෑමක් ඇතිනොවේ.

    විශාල මිල වෙනසක් නොමැතිව දැන් MLC වර්ගයේ SSD ද වෙළදපොලේ ඇති අතර ඒවායේ කල් පැවැත්ම වැඩිය.
    industrial / commercial භාවිතය සදහා ඇති SSD යොදාගන්නේ මිල අධික SLC NAND වර්ගයයි.
    මේවායේ P/E Cycles ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඉහළ පරිභෝජනයක් යටතේ වුවද වැඩි කළක් පවතී.


    hfvz.jpg

    රූපය -4
    NAND hierarchy




    ඉහත ගණනය කිරීම් වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතය සදහා SSD යොදාගන්න විට
    ඒවායේ flash cells wear out වීම නිසා සිදුවන කල් පැවැත්ම අඩුවීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වියයුතු නොවන බවයි.
    තව flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත.
    ඔබ විශාල වශයෙන් SSD තුළට සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම් පමණක් මිල අධික MLC හෝ SLC වර්ගයේ NAND භාවිතයෙන් තැනූ SSD වෙත යාමට ඔබට සිදුවනු ඇත.



    වැඩි දුර කියවීම

    Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු
    (2011 ලියූ ලිපියකි, සමහර කරුණු update වියයුතුය)


    දෘඩ තැටි හා SSD සංසන්දනය
    78448454.jpg



    ©geethq
    [FONT=&quot]සියලුම [/FONT][FONT=&quot]හිමිකම් [/FONT][FONT=&quot]ඇවිරිණී[/FONT]
    [FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] ස්ථානයක[/FONT][FONT=&quot] පල කිරීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT]
    [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පලකර [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ඡායාරූප [/FONT][FONT=&quot]වල[/FONT]
    [FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot] ඒවායේ[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]අයිතිකරුවන් සතුය[/FONT]
    www.elakiri.com


    ........................
    ..........
    .
    bump ekak dan yanna.
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    machan but ssd eka kela unama data recovery karanna amaruy e unata physical disk thiyena hdd eke eka karanna lesiy mage 256 gb ssd eka warranty iwara wennath kalin kela una
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    "සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම්"
    මචන් සංකීර්ණ දත්ත කියන්නෙ මොනවද? උදාහරණයක්?


    SSD එකක, එක පාර්ටිෂන් එකක තියෙන ෆයිල් එකක්, තව පාර්ටිෂන් එකකට මූව් කරත් writes per day යටතට වැටෙනවද?



    ටී.එෆ්.එස්:)

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    4TB SSD එකක් ගන්න හිටියා Backup තියන්න, දැන් ඒ අදහසත් අත අරින්න වෙන්නෙ,, උබට මේවා කියලා දෙන්නෙ නෙතලිද බං ???

    : ) .::: Rep + :::. :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    "සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම්"
    මචන් සංකීර්ණ දත්ත කියන්නෙ මොනවද? උදාහරණයක්?


    SSD එකක, එක පාර්ටිෂන් එකක තියෙන ෆයිල් එකක්, තව පාර්ටිෂන් එකකට මූව් කරත් writes per day යටතට වැටෙනවද?



    ටී.එෆ්.එස්:)

    copy/ move (wenama HDD ekakata or same partition) ottu na writes witarai ottu
    but partition wenas nam move weddith write wenawa.
    sankiranai kiwwe ban chuti chuti files hena godak ssd eka purama liyaddi wage awastha :D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    4TB SSD එකක් ගන්න හිටියා Backup තියන්න, දැන් ඒ අදහසත් අත අරින්න වෙන්නෙ,, උබට මේවා කියලා දෙන්නෙ නෙතලිද බං ???

    : ) .::: Rep + :::. :)
    maru mano para :rofl:
    na ban ekitath mama kiyala denne :P