Gang Rape in Horowpothana

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුරාධපුර, හොරොව්පතාන, නබඩවැව, පරංගියාවාඩිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී නිවසේ සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවා අතපය බැඳ කාමරයකට දමා එම සිසුවාගේ මව දූෂණය කර නිවස කොල්ලකා පළා ගිය යුද හමුදා සෙබලු සිව් දෙනෙක් අද (27) අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයක් සහ සාමාන්‍ය සෙබලු තුන් දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුර, නොච්චියාගම , ළඳවැව පිහිටි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අනුයුක්තව මොවුන් සේවය කරමින් සිට ඇත. දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියාද හමුදා සේවයේ නිරතව සිටී. කාන්තාව මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ.

    08.08.2013 දින රාත්‍රි 11.30 ට පමණ යතුරුපැදිවලින් එම නිවසට කඩා වැදුණු මෙම හමුදා කොල්ලකරුවන් හතර දෙනා නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී දරුවාගේ අතපය බැඳ කාමරයකට දමා වසා කාන්තාව හතර දෙනා විසින්ම දූෂණය කර ඇත. අනතුරුව රුපියල් තිස්පන්දහසක මුදලක්ද, කරාබු, මුදු, ජංගම දුරකතන දෙකක්, විදුලි පන්දමක්ද කොල්කා ගෙන පළාගොස් තිබේ.

    කොල්ලකන ලද ජංගම දුරකථන ඔස්සේ කෙරුණු විමර්ශනයකදී සැකකරුවන් සම්බන්ධයෙන් ලද හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් කොටුකර ගන්නට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. හමුදා සෙබලු මෙම කොල්ලයට ගොස් ඇත්තේ රාජකාරියේ නිරතව සිටියදී බව අනාවරණය වී තිබේ. ඔවුන් ඒ සඳහා රැගෙන ගිය යතුරුපැදියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සති කිහිපය තුළ අනුරාධපුරයේ මංකොල්ලකෑම් රැසක් සිදුවූ බවත්, එම කොල්ලකෑම්වලට මෙම හමුදා කණ්ඩායමේ සම්බන්ධයක් තිබේදැයි සොයා බලන බවත් පොලිසිය කියයි.

    ගයාන් කුමාර වීරසිංහ සහ බුද්ධික මහේෂ් විජේසූරිය (අනුරාධපුරය)​
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    අනේ මන්ද රටට මොනවා වෙනවද කියල එහෙන් වයසක උන්දලව rape කරනවා ... කිරි සප්පයෙකුටවත් ඉන්න දෙන්නේ නැ නේ:angry::angry::angry: ..... ඒ මදිවට මුන් හමුදාවේ එවුන් ... කාට කියන්නද ?:no::no::no:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මිනිස්සුන්ට අසහනේ වැඩි වෙලා තියෙන්නේ බන්
    මේ අවස් ටිකේම පොඩි එඋන් රේප් කරපුවයි ආචිචිලා රේප් කරපුවයි නිවුස් වල යන්නේ.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මිනිස්සුන්ට අසහනේ වැඩි වෙලා තියෙන්නේ බන්
    මේ අවස් ටිකේම පොඩි එඋන් රේප් කරපුවයි ආචිචිලා රේප් කරපුවයි නිවුස් වල යන්නේ.

    මානසික ලෙඩක් බන්.... දැන් යන විදියට ඕකුන් නාඩි වැටෙනවානම් ඕන එකකට කෙළියි
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මානසික ලෙඩක් බන්.... දැන් යන විදියට ඕකුන් නාඩි වැටෙනවානම් ඕන එකකට කෙළියි

    සිරාවට .
    එක්කෝ ගොන් පොට් / rooms අල්ලන්නේ නැතුව ඉන්න ඕනේ :(
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    ආශ්චර්‍යය් :(


    g5s.gif