මම මේ ලිපිය ලියන්න පටන් ගන්නෙ අතිශය සුබවාදී සිතිවිල්ලක් හිතෙ තියාගෙන.. හේතුව කිව්වොත් මේ චිත්‍රපටයෙ නමේ ඉඳන් සෑම අංඟයක් පුරාවටම පැතිලා තියෙන අපූර්වත්වය, සුන්දරත්වය නිසාවෙන්.. නම 'නිකිණි වැස්ස'.. ප්‍රචාරක වැකිය 'මහ පොළවට අහිමි වැහි බිඳු' හෙවත් 'Rain that never kisses earth'.. මොකද්ද මේ නිකිණි වැස්ස?? නිකිණි කියන්නෙ අපේ විදියට ගත්තොත් අගෝස්තු මාසය.. ඉතින් අගෝස්තුවෙ වැටෙන වැස්ස කොහොමද මහ පොලොවට අහිමි වෙන්නෙ? මොකද ජුනි - සැප්තම්බර් කියන්නෙ නිරිත දිග මෝසමින් අනෝරා වැහි වටෙන කාලේ.. හැබැයි ටිකක් කල්පනා කරල බලද්දි නිරිත දිග මෝසමින් රටේ එක පැත්තක් මහ වැහි වලින් තෙමෙද්දි තවත් පැත්තක් ඉඩෝරයෙන් බැට කනවා.. ඒ තමයි ශුෂ්ක කලාපය..එහෙම බැලුවම ශුෂ්ක කලාපයට මේ කියන කතාව හරියටම ගැලපෙනවා.. අගෝස්තුව කියන්නෙ ශුෂ්ක කලාපීය වැසියන් ඉඩෝරයෙන් බැටකන කාලයක්.. ඉතින් ඒ කාලෙට වැටෙන වැහි පොදක් කියන්නෙ ඔවුන්ට කොයිතරම් නම් බලාපොරොත්තු දනවන්නක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.. හැබැයි ඒ තුල තියෙන දුක වැඩි වෙන්නෙ ඉඩෝරයෙන් බැට කෑවත් සමහර වෙලාවට අහස වළාකුළින් බර වෙලා හෙණ හඬ පුපුරණ වලු.. ඉතින් වැස්ස ගැන බලාපොරොත්තු උපරිමයි ඒ වෙලාවට අහිංසක මිනිස්සුන්ගෙ හිත්වල.. හැබැයි ඉහල අහසෙ හමන උඩු සුළඟ ඒ වැහි වළාකුළු ඇතට අරගෙන යනවයි කියන්නේ ඒවයින් නික්මෙන එක වැහි බිඳුවකට වත් ශුෂ්ක කළාපීය පොලොවට පතිත වෙන්න ඉඩ නොදී.!
චිත්‍රපටයේ අන්තර්ගත වන්නෙත් කවදාවත්ම ඉටු නොවන බලාපොරොත්තු ගොන්නක් එක්ක ජීවත්වන සාපේක්ෂව වෙනස් වූ සමජීය භූමිකාවක් රඟ දක්වන ගැහැණියක් වටා ගෙතුනු කතාවක්.. ඒ බලාපොරොත්තු ගොන්නත් හරියටම නිකිණි මාසේ ශුෂ්ක කලාපයට වැටෙන ( වැටෙනවා යයි සිතෙන, නමුත් කිසිදාක නොවැටෙන ) වැහි බිංඳු වගේමයි.. ඒ වැහි බිංඳු වෙනුවෙන් මහ පොළොව සුසුම්ලද්දි, සෝමලතා ( අපේ කතාවෙ කතා නායිකාව ) තමන්ගෙ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුසුම්ලනවා.. හැබැයි ඒ දෙවර්ගයම කවදාවත්ම ඉෂ්ඨ වෙන්නෙ නැහැ.. සිනමා සිත්තමක නමට තියෙන්න පුළුවන් අර්ථපූර්ණ බවට වෙන උදාහරණ මොකටද ඇහුවලු..
කුළුඳුළේම අරුණ ජයවර්ධනයන් චිත්‍රපටයෙ නමේ ඉඳල රස බෙදන්නෙ ඔහොමයි..!කතාව ගත්තොත් මෙහෙමයි.. සෝමලතා වියැකී යන තාරුණ්‍යයේ පසු වෙන පසුවෙන ධෛර්‍යය සම්පන්න ගැහැණියක්..
චිත්‍රපටය ඇගෙ ධෛර්‍යය ප්‍රකට කරන්නේ ඇගේ පියාගෙ අභාවයෙන් පස්සෙ පියා විසින් ගොඩ නගපු ව්‍යාපාරය නොකඩවා කරගෙන යන්න ඇය ගත්ත තීරණයෙන්.. ඇගේ ධෛර්‍යය අසාමාන්‍යය වෙන්නෙ ව්‍යාපරය 'මල් ශාලාවක් පවත්වාගෙන යෑම' නිසා.. සාමන්‍යයෙන් ඒක අපේ සමාජයේ කාන්තාවක් රඟ දක්වන භූමිකාවක් නෙමෙයි.. හිත හයියයි කියන පිරිමිත් මිනියක් එම්බාම් කරද්දි පදමට රත් වෙන්න දෙකක් දාගනිද්දි, ඇය මීවිතකින් තොරවම ඒ කටයුත්ත කරන්නෙ කිසි පැකිලීමකින්ද තොරව.. ඇගේ චරිතය අභියෝගාත්මක වෙන්නෙ ඒ නිසා..ඉතින් ඇගේ ව්‍යාපාර කටයුත්ත නිසාම ඇයගෙ විවාහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ද වෙන්න නැහැ.. ඇයට බැලුම් හෙලන ඇය ප්‍රිය කරන පිරිමින් බොහෝමයි.. හැබැයි ඔවුන් තුල ඇය කෙරෙහි වන කැමත්තට වඩා ඇය රඟ දක්වන සමාජ භූමිකාව කෙරෙහි වන අකැමැත්ත බොහොම වැඩි.. ඒත් විය යුතු පරිද්දෙන්ම කවද හරි දවසක තමන්ව තේරුම් ගත්ත කෙනෙක් තමන්ට හිමි වේවිය කියන අහිංසක බලාපොරොත්තුව ඇයගේ සිත තුල පැල පදියම් වෙලා තියෙනවා.. ඇගේ වියළි කතරට වැටෙන පිනි වැස්ස තමයි 'බිමල් ජයකොඩි'.. සෝමලතාගෙ සිහිනයක් තියෙනව කවදහරි දවසක තමන්ගෙ ගමට ආදාහනාගාරයක් පරිත්‍යාග කරන්න.. එහි සැලසුම් කරු හෙවත් ගෘහනිර්මාණ ශිල්පියාගෙ චරිතය තමයි බිමල් රඟ දක්වන්නෙ.. එකතරා විදියක අමුතු චරිතයක්.. හෙතෙම 'Katsaridaphobia' වෙන්(කැරපොත්තන් කෙරෙහි වන අසාමන්‍යය බිය) පෙලෙන්නෙක්..ඉතින් කතාව පුරාවට සෝමලතා තමන්ගෙ හිතෙ බිමල් කෙරෙහි වන කැමැත්ත පලකරන්න දක්වන ඉඟි බිඟි බොහෝමයි.. ඒත් ඒ ඉඟි නිවරදිව බ්මල් වටහාගත්තද කියන එක කතාව ඉවර වෙනතුරුත් සෝමලතාටත් ප්‍රශ්නයක්..!
සිනාමාවතරණයේ by LALEEN KAVINDA

