කැලිෆෝනියාවේ හැරල්සන් පවුලේ දියණියක වූ අපේ අගමැතිනිය..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.14, ප.ව.11.00) එදින ඇමරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රාන්තයේ Twain Harte හි ජීවත් වන හැරල්සන් පවුලට සුවිශේෂී දිනයකි. පැට්‍රීෂියා හැරල්සන්ගේ දියණියක වන හරිනි අමරසූරිය ශ්‍රී ලංකාවේ අගමැතිධූරයට පත්වීමේ පුවත ලොව පුරා පැතිර යමින් තිබේ. ඇය සතුටින් ඉපිළෙමින් සිටියා ය. හැරල්සන් මේ පුවතේ සතුට බුක්ති විඳින අතරේ නිවසේ දුරකතන කිහිපවරක් නාද විය. ඇමරිකන් මාධ්‍ය ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය සහ හැරල්සන් පවුලේ සම්බන්ධය සොයමින් සිටියි.
හරිනිගේ සත්කාරක මව…
ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය වන ආචාර්ය හරිනි අමරසූරිය හැරල්සන් පවුලට සම්බන්ධ වන්නේ වසර 1988 දී ය. ඒ ඇමරිකානු ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් හරහා ය. එතැන් සිට වසරක කාලයකට පැට්‍රීෂියා හැරල්සන් හරිනිගේ සත්කාරක මව බවට පත්වන්නීය. මේ කාලයේ දී හරිනි Summerville High School හි උසස් පෙළ හදාරන්නී ය. හරිනිගේ ඉංග්‍රීසි ගුරුවරයා මෙන්ම ඇය සාමාජිකත්වය දැරූ Academic Decathlon කණ්ඩායමේ පුහුණුකරු වූ Wayne deGennaro ඇමරිකානු මාධ්‍යයට පවසා තිබුණේ හරිනි තුළ වූ නායකත්වයේ ලක්‍ෂණ ඒ වකවානුවේ සිටම ප්‍රදර්ශනය වූ බවයි.
Summerville High School ගුරුවරු අවදි කරන මතකය…
“ඇය සැබවින්ම කරුණාවන්ත චරිතයක්. අන් අය සමඟ සුහදව කටයුතු කළා වගේම ඒ අය ගැන සැලකිල්ලක් දැක් වූවා. හරිනි අන් අයගේ අදහස් පිළිගන්නා අතර ඇගේ පන්තියේ මිතුරන්ගේ සහ කණ්ඩායමේ සාමාජිකයන්ගේ සාර්ථකත්වය පිළිබඳව අවංකවම සැලකිලිමත් වුණා”. හරිනි මිත්‍රශීලී චරිතයක් වූ අතර, ඇය සතුව හොඳ හාස්‍යජනක හැඟීමක් තිබූ බවට සිය මතකය අවදි කරන Wayne deGennaro ඇය හොඳ සවන්දෙන්නියක වූ අතර, විශිෂ්ට ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවූ බව මාධ්‍යයන්ට හෙළි කළා ය.
නිර්මාණශීලී රචනයෙහි විශිෂ්ටයා…
හරිනි කැලිෆෝනියාවේ උසස් පෙළ හැදෑරූ කාලයේ අධ්‍යාපනයේ විශිෂ්ට දස්කම් දැක්වූවාය. ඇය වසර 1988 දී Summerville Honor Roll ඇතුළත් වූ අතර වසර 1989 දී පාසැලේ නිර්මාණශීලී රචනයෙහි විශිෂ්ට ශිෂ්‍යයා (Best of Summerville) වූවාය. වසර 1989 දී උසස් පෙළ පංති සමර්ථ වීමෙන් පසුව පවත්වන උපාධි ප්‍රදාන උත්සවයේ දී 1989 කණ්ඩායම වෙනුවෙන් සභාව ඇමතීමේ දුර්ලභ අවස්ථාව ද හරිනිට හිමි විය. ඒ අවස්ථාව හිමි වන්නේ අදාළ කණ්ඩායමේ සෑම අංශයකින්ම කැපී පෙනෙන සිසුවාට හෝ සිසුවියට ය. හරිනි Summerville High School හි ඉගෙනුම ලබන කාලයේ එහි අධ්‍යයන කටයුතු පිළිබඳ ශිෂ්‍ය උපදේශකයා මෙන්ම පසු කලෙක එම පාසැලේ විදුහල්පති වශයෙන් කටයුතු කළ Dave Urquhart පවසන්නේ ඇය තම ශිෂ්‍ය කණ්ඩායමට අපූරු එකතු කිරීමක් වූ බවයි. “ඇය ප්‍රීතිමත්, කාරුණික, සහ බුද්ධිමත් සිසුවියක්. ඇය අප සමඟ සිටි කාලය ඉතා සතුටින් ගත කළා. එහෙත් ඒ මුළු කාලය පුරාවටම, ඇයටත් නොදැනෙන්න, අපි ඇයව ශ්‍රී ලංකාවේ අගමැති ධුරය සඳහා සකස් කර තිබෙනවා. ඒ ගැන අපට සතුටුයි”.
පැට්‍රීෂියා හැරල්සන්ගේ ආදර්ශමත් දියණිය..
පැට්‍රීෂියා හැරල්සන්ගේ වැඩිමහල් දියණිය වන ජෙනී සහ හරිනි එකම වසරේ එනම් 1970 එකම මාසයේ උපත ලැබූවන්ය. හරිනි තම පවුලට එක්වී ස්වල්ප කාලයකින්ම පවුලේ සාමාජිකයෙක් බවට පත් වූ බව පවසන ජෙනී, නිහඬ මෙන්ම අධ්‍යාපනයට දැඩි අවධානයක් යොමු කළ චරිතයක් වූ හරිනි ඉතා ඉක්මනින්ම සිය මවගේ ආදර්ශමත් දියණිය වූ බව හෙළි කළාය. හරිනි සිය මවගේ අගතා ක්‍රිස්ටි ඝාතන අභිරහස් කථා එකතුව ඉතා ආසාවෙන් කියවා දැමූ බව ජෙනී සිහිපත් කරන්නීය.
යළි කැලිෆෝනියාවට..
වසර 1989 දී වසරක ශිෂ්‍ය හුවමාරු වැඩසටහන නිමාවී හරිනි ශ්‍රී ලංකාවට ගිය ද හැරල්සන් පවුල සමඟ තිබෙන සම්බන්ධතාව අඛණ්ඩව පවතියි. ඇය ස්කොට්ලන්තයේ Edinburgh විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කර සියරට බලා යන්නේ කැලිෆෝනියාවට පැමිණ හැරල්සන් පවුල යළි මුණ ගැසීමෙන් පසුවය. වසර 2016 දී ජෙනීගේ දියණියක වන මේ (Mae) ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වූ අතර මාසයක පමණ කාලයක් ආගන්තුක සත්කාර කරමින් ඇය රැක බලා ගත්තේ හරිනිය.
හරිනි අපේ පවුලේ සාමාජිකාවක්…
“හරිනි අවුරුද්දක් පුරාවට අපේ පවුලේ සාමාජිකාවක් වූ අතර ඉන් ඔබ්බට බොහෝ කලක් අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඇය ආචාර්ය උපාධිය ලබාගෙන ලංකාවට යන අතරේ අපිව බලන්න ආවා. මගේ මිනිපිරියක් මාසයක් හරිනි සමඟ ලංකාවේ හිටියා. ඒ නිසා ඇය අගමැති ධූරයට පත් වූ බව දැනගැනීමෙන් අපේ පවුල අතිශය සතුටට පත් වුණා” යැයි පැට්‍රීෂියා හැරල්සන් පවසන්නීය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ විශ්ලේෂණය…
“හරිනි අප සමඟ ජීවත් වූ කාලයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ගැන බොහෝ දේ අපට ඉගැන්වූවා. ඇයට එම සංකීර්ණ යුද්ධය පිළිබඳ ඉතා බුද්ධිමත් විශ්ලේෂණයක් තිබූ බව පැහැදිලි වුණා. එදා ඇගේ වයස දහ අටයි. ඇයගේ වයසේ කෙනෙකුට එවැනි විග්‍රහයක් තිබීම සිත් ඇදගන්නා සුළු දෙයක්”. ඇමරිකාවේ නව යොවුන් වියේ පසුවන්නන් දේශපාලනික වශයෙන් එතරම් තීක්‍ෂණ නොවන බව පවසන පැට්‍රීෂියා හැරල්සන්, ඔවුන් සමඟ සංසන්දනය කරද්දී හරිනි එදා බොහෝ ඉදිරියෙන් සිටි බව කියා සිටින්නීය. “හරිනි සමාජ ක්‍රියාකාරිකයෙකුගේ සිට අගමැති දක්වා පැමිණි ගමන පිළිබඳ තමා පුදුමයට පත් වන නමුත් එය තේරුම් ගත හැකියි”.
හරිනි ගැන ඉන්දියාව ආඩම්බරයෙන්….
කැලිෆෝනියාවේ සිට සිය රට පැමිණෙන හරිනි ඉන්දීය රජය ලබාදෙන විවෘත ශිෂ්‍යත්වයක් යටතේ ඉන්දියාවේ කීර්තිමත් දිල්ලි විශ්ව විද්‍යාලයට එක් වූවාය. එහිදී මූලික උපාධිය ලබා ගන්නා ඇය ඕස්ට්‍රේලියාවේ Macquarie විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ ස්කොට්ලන්තයේ Edinburgh විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගන්නීය. ඇය අගමැතිධූරයට පත්වීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය ආඩම්බරයෙන් වාර්තා කළේ කීර්තිමත් දිල්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුගේ තවත් ජයග්‍රහණයක් ලෙසිනි.
ජනතා බලාපොරොත්තුව…
මෙවැනි ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලබා එම සමාජයන්ට නිරාවරණය වූ හරිනිට පළමු ලෝකයේ ඕනෑම රටක නැවතීමට අවස්ථා ඕනෑ තරම් තිබිණ.
එහෙත් ඇය සියරට පැමිණියේ තමා උකහාගත් දැනුම මව්බිමට ලබාදීමේ අරමුණෙනි. පසු කලෙක ඇය ජනතා දේශපාලනයට එක් වූ විට, ලෝකයට විවෘත වූ ඇගේ අත්දැකීම් සහ දැනුම රටේ යහපත් ඉදිරි ගමන වෙනුවෙන් යොදා ගනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කළහ. එබැවින් ජාතික ජනබලවේගයේ දේශපාලනයට සහයෝගය නොදක්වන පිරිස් පවා ඇය පිළිබඳව බලාපොරොත්තු සහගතව සිටිති.
සහකම්පනයේ වටිනාකම..
කැලිෆෝනියාවේ හැරල්සන් පවුල සහ ගුරුවරුන් හරිනි පිළිබඳව ඇමරිකානු මාධ්‍යයට හෙළි කළ අත් දැකීම් වලින් පැහැදිලි වන්නේ කුමක් ද? ඇයගේ මානව සම්බන්ධතාවයන්ය. නායකත්වයේ, තීක්ෂණ බුද්ධියේ ලක්ෂණ, සහ අනෙකා සම්බන්ධයෙන් දක්වන සහකම්පනයයි. අනෙකා කෙරෙහි දක්වන ආදරය සහ ගෞරවයයි. ඇය දේශපාලන භේදයකින් තොරව සැමගේ ආදරය දිනාගෙන ඇත්තේ මේ මානුෂීය ගුණාංග හේතුවෙනි.
ජනතා විප්ලවය පරිපූර්ණ ජයග්‍රහණයකින් අවසන් කරමු!
ලබන නොවැම්බර් 14 වන දා මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලනඥයන් අතරින් වඩාත් ජනප්‍රිය චරිතය අගමැති ආචාර්ය හරිනි අමරසූරියයි. වර්තමාන ආණ්ඩුවේ අගමැතිනිය වශයෙන් ඇය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට නායකත්වය ලබා දෙන්නීය. ඇය ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයේ දී උපරිම බලයක් ලබා දිය යුතුය. එවැනි උපරිම බලයක් ලබා දිය යුත්තේ ගෝල්ෆේස් ජනතා අරගලය ආරම්භ වූ මේ ජනතා විප්ලවය පරිපූර්ණ ජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහාය. ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම (සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සංඛ්‍යාත්මක ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය වෙයි) වැනි අදේශපාලනික මරඋගුල් හි නොවැටී මේ පොදු ජන සටනට සම්පූර්ණ ජයග්‍රහණයක් ලබාදීම වෙනුවෙන් අප සැමදෙනා මේ මොහොතේ කැපවිය යුතුය.
-ආනුභාවනන්ද
[email protected]
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2024-10-14 18:11:31)
ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.
PayPal â The safer, easier way to pay online.
Read 31626 Times
Leave a Reply
0 discussion on this news