IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.

    RqqL6ot.png


    අපි ගොඩ දෙනෙක් අපේ Download Manager මෘදුකාංය විදිහට පාවිච්චි කරන්නේ IDM එකනේ. ( Internet Download Manager ). ඒත් සමහර වෙලාවට යම් ගොනුවක් අපිට එක දිගටම Download
    කරන්න බැරි අවස්තා තියනවනේ, අපි හිතමුකො අපි 700MB වගේ ෆිල්ම් එකක් බානවා කියලා. නමුත් ඕක කුමන හෝ හේතුවකට අන්තර්ජාල සබදතාවය විසන්දි කරන්න උනා කියමුකෝ. සමහර වෙලාවට ඩොන්ගල්
    පාවිච්චි කරන අයගේ ඩොන්ගල් එක ඉබේම Disconnet වෙනවනේ. ඉතින් එහෙම උනාම සමහර වෙලාවට IDM එකේ Resume Capability එක " Yes " කියලා තියන ඒවත් Resume කරන්න බැරිවෙන
    අවස්තා ඕණ තරම් ඔයාලට සෙට් වෙලා ඇතිනේ. 700 MB මුවීයකින් 500 MB විතර Download වෙලා නෙට් කනෙක්ශන් එක කරුමෙට හර Disconnet වෙලා කලින් දාපු මුවීය ආයේ Resume කරන්න බැරි උනොත් කොහොමද
    ටොපිය. බාපන්කෝ ආයෙත් මුල ඉදන්. ඉතින් අද කියන්න යන්නේ ඒවගේ සීන් එකකදි නැවතත් අර File නතර වෙලා තිබුන තැන ඉදන්ම ආපහු Resume කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේ ක්‍රමේ නම් ගොඩක් සයිට්
    වලට වැඩ කරනවා. ( Torrent Direct බාන සයිට් වලටත් වැඩ කරනවා.)


    w2emXG6.png


    හරි මෙහෙමයි වැඩේ කරන්නේ.

    [ 1 ] ඔයාලා IDM එක Open කරගෙන අතරමගදි Download වීම නතර වෙලා තියන File එක තෝරන්න. File එක තෝරලා ඒකේ File Name එක උඩ Right Click කරලා Properties වලට යන්න.

    xotQevp.png


    [2] Properties වලට ගියාම ඔයාලට පෙනෙයි Address යටතේ Web Address එකක් තියනවා. අන්න ඒ Address එක කොපි කරගෙන ඔයාලගේ Web Browser එකේ Address Bar එකේ Paste
    කරලා Enter යතුර ඔබන්න.


    7zKApX3.png


    3v3F76B.png


    [3]Enter කරාම ඔයාලට පෙනෙයි අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවටමයි ගිහින් තියෙන්නේ කියලා.

    EqMbZO4.png


    දැන් තමා වැදගත්ම කොටසට එන්නේ. ආපහු එම ගොනුව Resume කරන එක අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.

    මේ දීලා තියන ක්‍රම දෙකෙන් ඔයාලට කැමති එක ක්‍රමයක් විතරක් පාවිච්චි කරන්න.

    හරි දැන් බලමු පලවෙනි ක්‍රමය :-


    [ 4 ] ඉස්සෙල්ලා පියවරේදි [ 3වන පියවර ]අපි Enter යතුර ඔබලා ගියානේ අපි කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. දැන් අපිට පේන්න තියනවනේ Download Button එක. අන්න ඒ Download Button එක උඩ
    Right Click කරලා " Copy Link Location" එක කොපි කරගන්න.


    vcNqMZR.png


    [ 5 ] දැන් ආපහු IDM එකට ගිහින් අතරමග Download නතර වෙලා තියන File එක මත Right Click කරලා Properties වලට යන්න. ගිහිල්ලා Address යටතේ තියන Link එක Delete කරලා දාන්න. Refer කියන තැනත් Link එකක් තියනවනම් ඒකත් Delete
    කරලා දාන්න.


    CCS4gTl.png


    මේ තියෙන්නේ Delete කරපුවම

    IVGHGpF.png


    [ 6 ] ඊලගට අපි කලින් පියවරකදි Copy කරගත්තු " Copy Link Location" එක Address , Refer කියන තැන් දෙකටම Paste කරන්න. Paste කරලා OK කරන්න.

    GDEJPWP.png


    [ 7 ]ඊලගට IDM Main Window එකට ගිහින් අර මග නතර වෙලා තිබුන File එක උඩ Right Click කරලා Resume Download ක්ලික් කරන්න.

    8HmQI2o.png


    [ 8 ] ඔන්න වැඩේ හරි!!! Resume Download ක්ලික් කරපු ගමන් අර කලින් නැවතිලා තිබුන තැන ඉදන්ම ආයෙත් File එක Download වෙන්න පටන් ගනියි.

    2v86UQO.png


    HO7jlvN.gif

    HO7jlvN.gif


    දැන් අපි බලමු දෙවෙනි පියවර මොකක්ද කියලා.

    1 වෙනි ක්‍රමයේ 3 වන පියවරේදි අපි ගියානේ අපි File එක කලින් Download වෙනන්න දාලා තිබුන වෙබ් පිටුවට. 2 වන ක්‍රමේදි කෙලින්ම Download Button එක ක්ලික් කරන්න.

    miTt5m5.png


    ක්ලික් කරපු ගමන් එන IDM Download File Info Window එකේ තියන සම්පුර්ණ URL එක කොපි කරගෙන ඒ Window එක Close කරලා දාන්න.

    epjQICY.png


    ඊලගට කරන්න තියෙන්නේ පලවෙනි ක්‍රමේ 6 , 7 , 8 යන පියවර ටික තමයි...

    ඊට පස්සෙ Resume Download ක්ලික් කරපු ගමන් අපි කලින් නවත්තපු තැන ඉදලා ලස්සනට File එක Download වෙන්න පටන් ගනියි.

    2v86UQO.png


    එහෙනම් කරලා බලපල්ලකෝ. RePost එකක් නම් සොරි වෙන්න ඕනේ.

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පට්ට. මේක නං ගොඩක් ප්‍රයෝජනවත්. Thanks
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12821_zps7f4e3023.png



    යාළුවා ඔයා හැමදාම ගොඩක් වටිනා දේවල් තමයි අපට දෙන්නේ.
    බොහෝම ස්තුතියි යාළුවා.

    ,,,,+12,,,,
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    oka kalin mamath kiyala dunna kattiyata...mata kalinuth aya kiyala dunna...den oyath kiyala dunna...ela ela...good post..:D

    resume wenne capability thiyena site walin witharai hebei...samahara site wala resume capability eka nehene...:)

    IDm eke download weddi resume status kiyala ekak pennanawa thamai...eth eken hema welema hari eka pennanne nehe mage athdekima anuwanam..eken resume capability 'No' kiyala pennuwath samahara awastha wala mama disconnect unata passe resume karala thiyenawa oya widiyata..:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    gVafj.gif


    NICE MACHAN

    You must spread some Reputation around before giving it to jk perera again.
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    oka kalin mamath kiyala dunna kattiyata...mata kalinuth aya kiyala dunna...den oyath kiyala dunna...ela ela...good post..:D

    resume wenne capability thiyena site walin witharai hebei...samahara site wala resume capability eka nehene...:)

    IDm eke download weddi resume status kiyala ekak pennanawa thamai...eth eken hema welema hari eka pennanne nehe mage athdekima anuwanam..eken resume capability 'No' kiyala pennuwath samahara awastha wala mama disconnect unata passe resume karala thiyenawa oya widiyata..:D

    අඩේ සොරි වෙන්න ඕනේ රීපෝස්ට් නම්
    11.gif
    11.gif