වචනෙන් නොකියවෙන දේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වචනෙන් නොකියවෙන දේ

    සති ගණනක් ඇගිලි ගැන්න..
    ඒ සුන්දර දින ඇවිදින්.....
    මහ සයුරක් වගේ වෙන්න...
    ආදර හිත දුරක ගිහින්......
    මගෙ හිතවත් කමට ඉන්න....
    ඔය හුරතල් කොමළ මුවින්...
    ආසයි අදවත් අහන්න....
    ආදරෙ කියනා රහසින්.......:love:

    නිහඩ සිතුම් පොදි බැදගෙන...
    ජීවිතයම දුකින් උන්න......
    සසල සිතට විරාමයක්...
    අදවත් මට ලබාදෙන්න.........
    වැසි ‍වැටෙනා හැන්දෑවේ..
    උරතලයට තියා ගන්න.....
    කුඩේ යටින් යන්නටවත්....
    චුට්ටක් මගෙ ලගට එන්න.....:love:

    මලක් වගේ සුමුදු වතට..
    එපා අදුරු අහස දෙන්න...
    ථලක් නොමැත එරෙව්වාට...
    තව ආදරෙ වැඩි කරන්න.....
    මිලක් නොමැති ඔය සුන්දර..
    සිනහව මොහොතක් ලබන්න...
    මලත් මොකද ඒ මොහොතේ...
    එතරම් ආදරෙයි ඔන්න....:love:

    වැහි දිය මත දග කරනා...
    ඔබෙ රූ ඡායා බලමින්...
    ලං වූවත් අභියසටම....
    ඔබ දුටුවිට මා ගොලු වෙම්....
    කෙසේ කියමි ආල තෙපුල්...
    ඔබගේ සවනටම ඉතින්...
    එක් හූයක ලියා එවමි...
    කුමාරියේ ආදරයෙන්.....:love:

    රන් මිනි මුතු නැති පුදනට...
    පිවිතුරු ආලය පමණය.....
    ඒ ආලය විදගැනුමට....
    ඔබ ආවේ සසර මගය......
    නතර නොවී ඉතිර යැවෙන..
    හැගුමන් හදවත එමටය....
    භවෙන් භවේ මගෙම වෙන්න...
    සදා පතන එක පැතුමය......:love:


    ecardu7a72c_24319.jpg


    08-09-2013​









     
    • Like
    Reactions: rcccc and Rex921

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mehema adre karanna kenek kawada hammbaweyida
    hamadema wiyaja bawata wikinenaa kaleka awyaja kamak thiyena kellol ididida
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ගැන හිතෙන දේ මට හරි‍යටම කි‍යන්න තේරෙන්නේ නෑ මචන්.......:dull::dull::dull:

    සති ගානක් තිස්සේ ආදරවන්ති‍යගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉඳලා හමුවුනාට පස්සේ ගොලුවෙන එක සිද්ධවෙන්න බැරි දෙ‍යක් නෙවෙ‍යි........:rolleyes::rolleyes::D:D
    මට හිතෙන්නේ මෙතන කි‍යවෙන්නෙත් ඒ වගේ සිද්ධි‍යක් ගැන කි‍යල‍යි......
    මේ වගේ නොවෙනස්වෙන ආදර‍යක් ලබන්නත් ඉතින් පින් කරලා ති‍යෙන්න ඕන.......:yes::yes::rofl::rofl:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mehema adre karanna kenek kawada hammbaweyida
    hamadema wiyaja bawata wikinenaa kaleka awyaja kamak thiyena kellol ididida
    එහෙම අයත් ඉන්නවා බං. ඔයා කියන විදියෙ අයත් ඉන්නවා. ගොඩාක් ඉන්නෙ ඔයා කියන විදිහෙ අය නිසා මේ වගේ අය පේන්නෙ නෑ :sorry:

    මේක ගැන හිතෙන දේ මට හරි‍යටම කි‍යන්න තේරෙන්නේ නෑ මචන්.......:dull::dull::dull:

    සති ගානක් තිස්සේ ආදරවන්ති‍යගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉඳලා හමුවුනාට පස්සේ ගොලුවෙන එක සිද්ධවෙන්න බැරි දෙ‍යක් නෙවෙ‍යි........:rolleyes::rolleyes::D:D
    මට හිතෙන්නේ මෙතන කි‍යවෙන්නෙත් ඒ වගේ සිද්ධි‍යක් ගැන කි‍යල‍යි......
    මේ වගේ නොවෙනස්වෙන ආදර‍යක් ලබන්නත් ඉතින් පින් කරලා ති‍යෙන්න ඕන.......:yes::yes::rofl::rofl:
    හා...
    ඔක්කොම හොදයි..:D
    ස්තූතියි
    මොකද අන්තිමට හිනා වෙන්නෙ :eek:
    තෑන්කූ මචං :D
     
    • Like
    Reactions: <DNA

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    no words යාළුවා.....

    මිලක් නොමැති ඔය සුන්දර..
    සිනහව මොහොතක් ලබන්න...
    මලත් මොකද ඒ මොහොතේ...
    එතරම් ආදරෙයි ඔන්න....

    මේ ටිකට ආසයි මම..

    රෙප් දෙන්න බැලුනේ අදත්... :(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    භවෙන් භවේ මගෙම වෙන්න...
    සදා පතන එක පැතුමය......:love:

    Patta macho :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    no words යාළුවා.....

    මිලක් නොමැති ඔය සුන්දර..
    සිනහව මොහොතක් ලබන්න...
    මලත් මොකද ඒ මොහොතේ...
    එතරම් ආදරෙයි ඔන්න....

    මේ ටිකට ආසයි මම..

    රෙප් දෙන්න බැලුනේ අදත්... :(
    ගොඩක් ස්තූතියි යෙහෙලිය....
    ඒකට කමක් නැත.. 14+
    1.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වචන නැහැ බන් කියන්න සුපිරි පද පේලි ටික......
    ඇඩෙනවා... :(:(


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.