amandi3891
Reaction score
216

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!

    ආයුබෝවේවා!!!
    ගෙවුනු මතකයන් තවමත් මා ලග
    හිත පාරනවා හෙමින් සැරේ
    මතක් උනේ නැහැ අමතක කරන්න
    නුඹයි මගේ ජීවිතය උනේ
    හෙටක් කියා දවසක් ගැන හිතන්න
    නුඹයි මගේ ලග මට හිටියේ
    ඇතැයි කියා තැති දේකය රැවටුනු
    නුඹේ ආදරේ මා රැවටූ..

    එකම එක වරක් ඔබව දකින්නට
    අවසර පතනව සිත නොනිදා
    මොහොතක් ගානෙම දහසක් සිතුවිලි
    මතකය අළුතින් අළුන් නලා
    පිනි කැට වැටෙනා නිහඞ රාතිය
    අනන්තයට අපි අරන් ගියා
    මටම පුදුම මම නුඹටම මෙතරම්
    ආදරෙ කරන්නෙ ඇයිද කියා

    නෙත් යුග තෙමන්න කදුලට ඇරයුම්
    නුඹයි කලේ මගෙ ලගට වෙලා
    නින්ද නොදී ලග එබිකම් කරනව
    මතකය මට විතරක් පවරා
    නිමක් නොවෙන්නට මුළු සිත පුරාම
    සදක් වගේ ඔබ හිනහෙනවා
    මටම පුදුම මම නුඹටම මෙතරම්
    ආදරෙ කරන්නෙ ඇයිද කියා..
    ඔබට නොහැක මගේ සෙවනට එන්නට
    මටද නොහැක මල් විමන් තනන්නට
    නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
    අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත..

    අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
    සසර පුරා ලඟ ඉන්න ඇතී
    ඒ අත් භවයෙත් මේ වාගේම අපි
    හමුවී වෙන්වී යන්න ඇති..

    හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
    එකම සඳේ සඳ එළිය දකිනකොට
    ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
    හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට..
    මග බලනා ළඟ හිඳිනා ඔය හිත මෙගේ වෙලා
    මට දිවුරා මග අහුරා සුසුමක් කතාකලා...
    පපුතුරේ ගැඹුරේ රැඳී මැවෙනා හැඟෙනා හීනේ ඔයා...

    යනෙන දිගු ගමනේ හෙවනල්ල වෙන්නම්
    මගෙ හුස්ම දවටා නුඹ ළඟ තියන්නම්
    පපුතුරේ ගැඹුරේ රැඳී මැවෙනා හැඟෙනා හීනේ ඔයා...

    මතක නැති සෙනෙහේ ඇරඹුම සොයන්නම්
    රැඳෙන ඔය දිවියේ වසන්තය වෙන්නම්
    පපුතුරේ ගැඹුරේ රැඳී මැවෙනා හැඟෙනා හීනේ ඔයා...
    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

    මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි //
    බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

    කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ //
    හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //
    ඈත දවසක ගියත් යන්නට සමු අරන්
    දෑස හඩනව ඔබ දකින්නට නැති සොවින්
    හීන සිතුවිලි තාම හිත ඇත ඔබ නමින්
    මාව මතකම නැද්ද බිදුවක්වත් ඉතිං

    ඔයා ගියදා තරුත් නිවුණා සදත් අහසට වී දුකින්
    හිතත් සසලයි රැයම නිසලයි අපි අපේ හිත් හඩවමින්
    මටත් පුදුමයි ඔබමදැයි මේ යලිත් ඔබ එන්නෑ ඉතින්
    පෙමත් අරගෙන මටත් නොකියම ඔබ මගෙන් දුරකට ගිහින්

    කියා ගන්නට බැරිව ලතවෙන මගේ අහිංසක හිත හොරෙන්
    සුසුම් හෙලනව හඩා වැටෙනව මතකයේ දොරගුලු ඇරන්
    රෝස හීනෙක දැවටිලාවිත් ඇන්ද පෙම් සිතුවමි මැදින්
    සිනාසෙන්නට හැකි ද දවසක ආයෙමත් හමුවී ඉතින්
    ඒ පොත හරියන්නෙ නැහැ හලෝ.. මහ විකාරයක් තියෙන්නෙ.. මාත් හිතුවෙ හොඳයි කියලා.. :(
    පොරගෙ නම්බර් එක ඕන නම් ඉල්ලලා දෙන්නම්..
    ඔයිට වඩා හොඳ පොත් තියෙනවා.. :)
    ඇයි හලෝ හැම පොතේම නම්බර් එකයි, ඇඩ්‍රස් එකයි දාලා තියෙනවනේ.. යෞවනගෙ නම් ඔක්කොම විස්තර දාලා තියෙන්නෙ.. ගයනා එස් ලක්මාලි නම්බර් එක දාලා තියෙනවා.. අනිත් අයත් දානවනේ..

    එකදිගට ලියන්න කම්මැලියි අනේ.. ඒකයි ලාවට කුණුහරුපයක් කියාගෙන ඉන්නෙ.. :D
    ඔව්.. ටයිප් කරල දාන නිසා කියවන්න අමාරුයි.. වෙන විදියකට පටන් ගන්න ඉන්නෙ.. :)
    පොත ඉවර වෙලා නම් ගෙන්නගන්න පුළුවන්.. බුක් ෂොප් එකට කිව්වත් හරි නැත්තං පොත ලියන කෙනාට කිව්වත් හරි.. :D
    ඉතිං ඒකනේ මැට්ටියෙ කිව්වෙ PDF බාගෙන කියවන්නයි කියලා..
    මමත් වැඩිය සල්ලි දීලා පොත් ගන්නෙ නෑ..
    පුස්ථකාලයකට බැඳිලා පොත් ගන්නෙක අවුලක් නෑ..
    ඔයා එහෙම කරන්න.. ඔච්චරම කියවන්න ආසා නම්..
    http://www.sinhalaelibrary.com/
    http://freesin7788.blogspot.com/
    ඔය දෙකේ හොඳ පොත් තියෙනවා..
    මගේ බ්ලොග් එකෙත් දාලා තිබුණා ගොඩක් පොත්.. ඒක මං මී ඔන්ලි දැම්මා.. :D
    ලෙඩක් යනවා නැත්තං..
    එල එල.. හොඳ පොත් ටිකක නම් හොයන් ඇවිත් කියන්නම් මං.. :D
    යොවුන් ආදර කතා කියවනවා නේද..?
    යෞවන සමින්ද්‍රගෙ, ගයනා එස්, ලක්මාලිගෙ පොත් හොඳයිනේ.. :)
    ඉතිං PDF ටිකක් බාගන්න.. CRT මොනිටර් වලින් නම් කියවන්න එපා..
    LED හරි LCD හරි මොනිටර් එකක් තියේ නම් බාගෙන කියවන්න..
    ටැබ් එකක් තියෙනවා නම් ලේසියි..
    ඔයයි මමයි තව දෙන්නයි කියන කතාව ඉස්සර මව්බිම පත්තරේ ගියා.. මෙලෝ රහක් නෑ.. ගන්න එපා.. :D ඔයා පොත් කියවනවද..? මොන වගේ පොත්ද කියවන්නෙ..?
  • Loading…
  • Loading…
  • Loading…