නානසාරගේ කට්ටිය මෙහෙට එන්න...
මෙහෙට එන්න series..2
නානසාරගේ ගෝලයින් වෙත...
• මේ කතාවේ ඇත්ත/නැත්ත ගැන විමසුමක් දෙන්න
බොදුබල සේනාව නිසා භික්ෂුව ත්රස්තවාදියකුගේ මට්ටමට ඇදවැටිලා
මම විහාරාධිපති ලෙස වැඩවාසය කළේ මහියං-ගණය රොටලගල මහවැලි මහා විහාරයේ. ඒ වගේම මහියංගණය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින් කටයුතු කරනවා. මම කාලයක් පුරාම ආගමික සහ ජාතික සමගිය පිළිබඳව අදහන හා කතා කරන කෙනෙක්. මම අන්තවාදය සහ ජාතිවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක්.
මහියංගණය ගොවි ජනතාව සමග මම වසර විස්සක පමණ ඉඳන් ලොකු සටනක් කළා, ඒ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන්. 2006 අවුරුද්ද තුළ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය තුළ වකුගඩු රෝගීන් හිටියේ 2900යි. ඒ ගණන 2012 දෙසැම්බර් මාසේ වෙනකොට 10800ක් දක්වා වැඩිවෙලා තියෙනවා. අද වෙද්දී ඒ ප්‍රදේශවල දිනකට අහිංසක මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මියයන තත්ත්වයට පත්වෙලා ඉවරයි. එතනින් එහාට වල් අලි තර්ජනය විශාල බලපෑමක් කරලා තිබෙනවා මහියංගණ ජනතාවට. පසුගිය අවුරුදු දෙකක කාලය තුළරුපියල් තුන්කෝටි අනූපන් ලක්ෂයක මූල්‍යමය වටිනාකමක් දක්වා වූ ප්රමාණයකනිවාස කඩා බිඳලා තියෙනවා වල් අලි. ඒ ගෙවල් වායුසමනය කරපු, ටයිල් අල්ලපු ගෙවල් නෙවෙයි. ඉතා දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල්. ජීවිත ගණනාවක් අහිමිවෙලා තිබෙනවා. ඒ මිනිස්සුන්ගේ කුඹුරු කන්න තුනක්ම මේ වනවිට විනාශ වෙලා තියෙනවා. පසුගිය පෑවිල්ලටත්, ගංවතුරටත්. ජනාධිපතිතුමාට කෑ ගහලා එක කන්නෙක වී රජයෙන් කිරෙව්වා. ඉන් පස්සේඅද වෙනකම් ඒ අහිංසක මිනිස්සුන්ගේ වී ඇටයක්වත් රජයෙන් කිරුවේ නෑ. ඒ උදවිය කන්නේ තුන්වේලටම පරිප්පුයි, මඤ්ඤොක්කා කොළ මැල්ලූමයි පමණයි. දානය විදියට අපිට දිනපතා ලැබෙන්නෙත් ඒ මැල්ලූමයි බතුයි පමණයි.
කොයිතරම් දරිද්‍රතාවෙන් පෙළුණත් මහියංගණයේ හිටපු සිංහල, මුස්ලිම් ජනතාව ඉතා හොඳ සහයෝගයකින් හා සංහිඳියාවකින් ජීවත් වුණා. අවාසනාවකටබොදුබල සේනාව පසුගිය අගෝස්තු මාසේ අම්පාරට ආවා. ඒ ඇවිත් කරපු කතාවලින් එහේ ජනතාව අතර රජ කාලේ ඉඳන් තිබුණු සංහිඳියාව නැති වුණා.භේද භින්න කළා. බොදුබල සේනා මහ සමුළුවට කලින් මහියංගණයේ ජනතාව සිංහල මුස්ලිම් භේදයකින් තොරව එකට ව්‍යාපාර කටයුතු සිදුකළා. එකට ගොවිතැන් බත් කළා. සිංහල මුස්ලිම් අය එකට වැලි ගොඩ දැම්මා. හැම කටයුත්තක්ම සිංහල මුස්ලිම් භේදයකින් තොරව සිදු කළා. බොදුබල සේනාව මහියංගණයට කළ ආක්රමණයත් සමග සිංහල මුස්ලිම් මිනිස්සු සහමුලින්ම භේද භින්න වුණා. මේ අය රැුස්වීමට ඇවිත් කිව්වේ ‘‘උන්ගේ කඩවලට යන්න එපා. උන්ගේ කඩෙන් තේ බොන්න එපා. උන්ගේ කඬේ විකුණන අටපිරිකර අරන් ආයිත් අපිට පූජා කරන්න එපා. එහෙම අහුවුණොත් පොළොවේ ගහනවා.’’ ආදී වූ වෛරී හා කෝපගන්වනසුලූ කතා. මුස්ලිම් ජනතාව ගැන වෛරය, ක්‍රෝධය ඇති කරවලා මුස්ලිම්වරු සිංහල ජාතිය නැති කරන්න ආව පිරිසක් බවට ප්‍රකාශ කරලා වෛරයක් ඇති කරවලා ගියා එදා.
ඊට දින පහකට පස්සේ මුස්ලිම් ජනතාවගේ රාමසාන් සීලය හා සම්බන්ධ උත්සවයක් පැවැත්වුණා බදුල්ලේ මුස්ලිම් කාන්තා විද්‍යාලයේදී. ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන්නට මට ආරාධනාවක් ලැබුණා. මම ඒ උත්සවයට බොහොම ආසාවෙන් ගියා. ඒ ගිහින් මම කතාවක් කළා. ඒ කතාවට මූලික වුණේ දින පහකට කලින් බොදුබල සේනාව මහියංගණයේදී ප්‍රකාශ කළ කරුණු කිහිපයක්. මොකද මම එදා බොදුබල සේනා කතාව මගේ කන් දෙකෙන්ම අහගෙන හිටියා. එදා ඒ කතා අහගෙන ඉද්දී මගේ හිතට ලොකු වේදනාවක් ඇතිවුණා. ඒ නිසාම ඊට දින 5කට පස්සේ පැවතුණු උත්සවයේදී මම ඒ වේදනාව පිට කළා.
මහියංගණයට බොදුබල සේනාව එද්දී පෝස්ටරයක් ගහලා තිබුණා. ‘‘මුස්ලිම් කාන්තාවන්ගේ ගෝනි බිල්ලා ඇඳුම වහා ගලවනු’’ කියලා. අපිට කිසිම අයිතියක් නැහැ තවත් ජාතියකගේ ඇඳුම් ගලවන්න. මම එතනදි කිව්වා ඒ ළමයින්ට ඥානසාර හාමුදුරුවන් ඔය ඇඳුම ගලවන්න කියන නිසා ගලවලා ඥානසාර හාමුදුරුවන්ගෙන්ම ඊළඟට අඳින්න ඕනෑ ඇඳුමේ මෝස්තරයක් ඉල්ලා ගන්න කියලා. ඒකට අමතරව අම්පාරේදී බොදුබල සේනාව තර්ජනය කළා සියලූ හරක් මස් කඩ වහපිය කියලා. මම ඒ ගැනත් මතක් කරලා මේ උත්සවයේදී කිව්වා අපේ මේ සිංහල බෞද්ධයා තරම් මේ ලෝකේ මස් වර්ග කන ජාතියක් නැතුව ඇති කියලා. මොකද සිංහල අපි හරකත් කනවා. ඔයගොල්ලන් නොකන ඌරත් කනවා, එළුවත් කනවා. ගෝනා, මුවා, ඉබ්බා විතරක් නෙවෙයි තලගොයත් කනවා. ඒ කාලා හේනට එන මොනරා, ගිරවා පවා කනවා කියලා එතැනදී මම කිව්වා. ඇත්තටම අපේ මිනිස්සු නොකන්නේ කබරගොයාව විතරයි. මොකද ඒ සතා විස නිසා. ඒතරම් මස් කන අපි මුස්ලිම්වරුන්ට බනිනවා. මුස්ලිම්වරු තෝරාගත්ත ක්‍රමයකට, අනුමත වුණු මස් පමණක් අනුභව කරනවා. එහෙම පිරිසකට අපි ඇඟිල්ල දිගු කිරීම ඉතාම වැරදියි.
එතැනදී මම කියන්නේ නැහැ මස් කන එක හොඳයි කියලා හෝ සතුන් මරන එක හොඳයි කියලා. බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ජේතවනාරාමයේ පිටුපස චුන්ද සූකර මැරෙනකම්ම ඌරො මරලා මස් විකුණුවා. බුදුහාමුදුරුවෝ ගිනි තියන්න කිව්වේ නෑ. ඒවා ගැන රජතුමාට කිව්වෙත් නැහැ. ඒ මිනිහා ඒ මස් වෙළෙඳාම කළා. බුදුහාමුදුරුවන් මෛත්‍රී ධර්මය දේශනා කළා. අපේ වගකීමත් ඒකයි. නැතුව අපිට බෑ ත්රස්තවාදීන් වගේ ගිහිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්න, ගහන්න, ගිනි තියන්න.
ඔන්න ඔය කියන කාරණා කිහිපය මම එදා බදුල්ලේදී මුස්ලිම් ජනතාවට දේශනා කළා. ඒ දේශනය අන්තර්ජාලයට කවුරුහරි එක්කරලා තිබුණා. ඒක දැකලා මහියංගණය බොදුබල සේනා පිරිස් හා කොළඹ බොදුබල සේනා පිරිස් අගෝස්තු 11 වැනිදා මට පහරදෙන්න මම ඉන්න පන්සලට ආවා. ඒ පැමිණෙන්න කලින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය හවස 6.30ට පමණ ඇවිත් මට කිව්වාමෙහෙම පහරදීමකට මගේ පන්සලට එන බව. ඒ නිසා වහාම පන්සලෙන් පිටවෙන්න කියලා ඔවුන් මට කිව්වා. මගේ ජංගම දුරකතනයත් අරන් මම ඇඳන් හිටපු සිවුර පිටින්ම පන්සල පිටුපස්සේ කැලෑවට පැන්නා. එදා ? 12 වෙනකම්ම මම වල් අලි ඉන්න කැලේ ගහක් උඩ හිටියා. මට තවදුරටත් ජීවිතය බේරාගෙන එතැන ඉන්න බැරි නිසා එදා බදුල්ලේ උත්සවය සංවිධානය කළ මහත්වරුන්ට මම කතා කරලා මේ පිළිබඳව කිව්වා. ඒ අනුව පාන්දර 4ට විතර දෙපැත්තරෙදිවලින් වහපු ත්‍රිරෝද රථයකින් මම බදුල්ලට එන්න ආවා.
එදා ඉඳන් අද වෙනකොට දවස් 23ක් වෙනවා. ඒ දවස් 23ම මම ගත කළේ බොදුබල සේනාවේ මරණ තර්ජනයට බයෙන් විවිධ තැන්වල හැංගිලා. මා පසුපස බොදුබල සේනාව තර්ජන ගර්ජන කරමින් එළවනවා මාව මරන්න. පසුගිය 17 වැනිදා වනවිට මම දැඩි මානසික පීඩාවකිනුයි හිටියේ. මම ගෝල හාමුදුරුවරු පහළොස් නමක් සාසනයට දායාද කරලා තියෙනවා. ඒ පිරිස ගැන මට කනගාටුවක් ඇතිවුණා. ඒ වගේම මම පන්සලෙන් පිට වුණාට මගේ උපාධි සහතිකයවත් මට අරගෙන එන්න බැරිවුණා. ඒ නිසා මට බියක් ඇතිවුණා මේ බොදුබල සේනාපිරිස පන්සලට ගිනි තියාවිදෝ කියලා. මම17 වැනිදා මගේ ගෝල හිමිවරුන් බැහැ දැකලා ඔවුන්ට මම ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න පන්සලට වැඩම කළා. ඒ සඳහා කොළඹ ඉන්න මගේ හිතවතෙක් වෑන් රථයක් මට සපයලා දුන්නා.
දායකයන් සමග මම 18 වැනිදා දවසම ගත කරලා 19 වැනිදා නැවත කොළඹ එන්න පිටත් වුණා. දහඅට වංගුව අසලදී වෑන් රථයේ රෝදයක හුළං ගියා. මම එවේලේ වාහනයෙන් බිමට බැස්සා. ඒ වෙලාවේ එතැනින් යමින් හිටපු දෙන්නෙක් මාත් සමග කතා කරලා යන්න ගියා. ඒ දෙන්නා නුවර ඉඳලා මහියංගණයට යන ගමන් තමයි මාත් එක්ක සුහදව කතා කරලා ගියේ. ඔවුන් මහියංගණය බොදුබල සේනාවේ සංවිධායකවරු දෙන්නෙක්. මම පේරාදෙණියත් පහුකරලා පොල්ගහමුල ප්‍රදේශයට එනවිටම මහනුවර බොදුබල සේනා සංවිධානයේ සංවිධායක හාමුදුරුවෝ පාර මැදට පැනලා කුණුහරුපයෙන් බැණගෙන වාහනේ දොරවල්වලට වීදුරුවලට අතින් පයින් ගහන්න ගත්තා. ඒ එක්කම තවත් 30ක් විතර මැරයන් ඇවිත් පොලූවලින් ගහන්න ගත්තා. වෑන් එක ඇතුළට ඇවිල්ලා මගේ බෙල්ලට වැරෙන් ගැහුවා. රියදුරාටත් ගහලා මුදල් පසුම්බි උදුරා ගත්තා. මොනවා වුණත් ඒ රියදුරා නිසා අද මම ජීවත් වෙනවා. ඔහු වාහන තදබද අස්සේ වාහනය ඉදිරියටම අරගෙන ගියා. ඊට පස්සේ පස්සෙන් ආව අය තැන් තුනකදී අපට පහර දුන්නා.පොලිසිය ඇතුළෙත් බැන්නා.
කෑගල්ල පොලිසිය ඇතුළට වාහනය ඇතුළු කරලායි එදා අපි ජීවිත බේරාගත්තේ. මහියංගණයේ ගුණවර්ධන කියලා කෙනෙක්ගේ කැබ් රථයකින් මැරයෝ අපේ පස්සෙන් ආවා. නුවර අයත් පස්සෙන් එලෙව්වා. කෑගල්ල පොලිසිය ඇතුළටත් ඇවිල්ලා මට කුණුහරුපෙන් බැන්නා පැය භාගයක් විතර. ඒ සියලූම දේ පොලිසියේ අයත් අහගෙන හිටියා. ඒ අය නිදහසේ මෙච්චර දෙයක් කරලා යන්න ගියා. ඊට පස්සේ පොලිස්පතිතුමාගේ නියෝගයක් අනුව පොලිස් රථයක ආරක්ෂාව ඇතිව මම පහරකෑමට ලක්වුණු වෑන් රියෙන්ම කොළඹ ඩර්ඩන්ස් රෝහල දක්වාම ආවා. රෝහලේ දින 3ක් හිටියා. දැන් බෙල්ලට සිංහල ප්‍රතිකාර කරමින් ඉන්නවා.
බොදුබල සේනාවේ අය මට පහරදුන්නේ ‘‘තෝව මරනවා’’ කියමින්. මගේ ජීවිතය ගැන මට බයක් තියෙනවා. මම මේ බොදුබල සේනාවේ වැඩපිළිවෙළ කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ගෙවුණ අවුරුද්ද තුළ බොදුබල සේනාව මේ රට තුළ ඇති කරලා තිබෙන භීෂණය සහ බුද්ධ ශාසනයට ඇති කරලා තිබෙන විනාශය වසර 30ක් යුද්ධ කළ කොටි සංවිධානය තුළින්වත් සිදුවුණේ නැහැ. වසර 30ක් කොටි ත්‍රස්තවාදය තිබෙද්දීවත් ස්වාමීන්වහන්සේලාට ත්රස්තවාදීන් කියන නම හංවඩු ගැහුණේ නැහැ. ඒ ගෙවුණ කාලේදී ස්වාමීන්වහන්සේලා බුදු දහමට අනුව කටයුතු කළා මිසක මේ අද වගේ ජඩ, මැර, වර්ගවාදී වැඩවලට සහභාගි වුණේ නැහැ. මේගෙවුණ වසර තුළදී බොදුබල සේනාව භික්ෂුව කියන කෙනාගේ ප්‍රතිරූපය විනාශකළා. අද භික්ෂුව ත්රස්තවාදියකුගේ මට්ටමට ඇද වැටිලා තිබෙනවා බොදුබල සේනාව නිසා.
-->> 2

. -->>