ආශ්චර්යයමත් කුරුඳු තේ
ඈත අතීතයේ සිටම අපේ ආහාර රස ගැන්වීම සඳහා විවිධ රසකාරක වර්ග භාවිත කිරීමට පෙලඹී සිටී. ඒ රසකාරක අතර බහුතරයක් වූයේ දේශීය වශයෙන් ව්‍යාප්ත වූ ඒවාය. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා කෘත්‍රිම රස කාරකවලට වැඩි අවධානයක් යොමුකරන්නේ දේශීය කුළුබඩුවල අගය නොදන්නාකමිනි. මේ නිසා දේශීය කුළුබඩුවක් වන කුරුඳු පොත්තේ ගුණ රහස් දැනගනිමු.
එදා සිට අද දක්වා කුරුඳු කුළුබඩුවක් ලෙස භාවිත කිරීමට හේතු වූ කරුණු දෙකකි. එනම්,
දියවැඩියාව
නවතම පර්යේෂණාත්මක සාධකවලට අනුව කුරුඳු දියවැඩියාව රෝගය වැළැක්වීමට උපකාරී වන්නකි. මෙමඟින් දියවැඩියා රෝගීන්ගේ ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට උපකාරී වෙයි. එමෙන්ම මේ පර්යේෂණ සාක්ෂි අනුව රුධිරයේ කොලෙස්ටරෝල් සහ අහිතකර මේද වර්ග පාලනය කිරීමටද උදව් වෙයි.
ගුණයෙන් ඉහළයි
බටහිර රටවල කුරුඳුවල තිබෙන ගුණාත්මකභාවය පිළිබඳ උණුසුම් තොරතුරු මේ දිනවල විවිධ මාධ්‍යවලින් කතාබහට ලක්කර තිබේ. මේ නිසා බටහිර රටවල ඇතැම් වෛද්‍යවරු කුරුඳු කුඩු හෝ පොතු ආහාරයට එකතු කරගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මීට අමතරව කුරුඳු ආශ්‍රිත ආහාර වර්ග ප්‍රචලිත කිරීමටද කටයුතු කරමින් පවතී. කුරුඳුවල ගුණය හඳුනන ඔවුන්,
ලෝකයේ ඉස්තරම්ම ගණයේ ස්වාභාවික කුරුඳු නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේය. මේ කුරුඳු පෘතුගීසී සමයේ සිට ලංකාවේ වගාවක් ලෙස තෙත් කලාපයේ වගා කෙරේ.
සීනි මට්ටම අඩුවීම
පර්යේෂණ සාධක අනුව කුරුඳුවලින් දියවැඩියා රෝගියකුගේ සීනි මට්ටම අඩු වන්නේ කෙසේ දැයි බලමු. දියවැඩියා රෝගීන්ට තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ඔවුන්ගේ රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම නිසි අයුරින් පාලනය කර ගැනීමට නොහැකි වීමයි.
මෙය සිදුවන්නේ ඉන්සියුලින් නමැති හෝමෝනය අඩුවෙන් ශරීරය තුළ නිපදවීමත් ඉන්සියුලින්වල කාර්යභාරය හරිහැටි සිදු නොවීමත්ය. එම නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යෑමත් පහළ යෑමක් සිදුවේ. මීට අමතරව ඔවුන්ගේ මේදය පරිවෘත්තීය ක්‍රියාකාරකම් (බැහැර කිරීම)වලටද බලපෑමක් එල්ල වෙයි. එබැවින් දියවැඩියා රෝගීන්ට හෘදරෝග වැලැඳීමට වැඩි අවදානමක් ඇත.
පසුගිය දශක ගණනාවක තුළ විද්‍යාඥයන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර තිබේ. මේ අතර කුරුඳු මෙන්ම කරවිලවලද ඇති ග්ලූකෝස් මට්ටම අඩු කරන පර්යේෂණ ද වෙයි.
මේ දිනවල කුරුඳුවල විවිධ රසායනික සංයෝග පිළිබඳ පර්යේෂණ වාර්තා එළි දැක්වෙමින් පවතී. එම වාර්තා අනුව පෙන්වා දෙන්නේ කුරුඳුවල ඇති සමහර සංයෝග ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය වැඩි කරන අතර ඉන්සියුලින් අප්‍රිය කරන සාධක යටපත් කරයි. කුරුඳුවල තිබෙන මෙවැනි සංයෝගයක් වන්නේ පොලිපීනෝල් ය. මේ සංයෝගය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. මේ සංයෝගය මගින් පිළිකා ඇතුළු අනෙකුත් අයහපත් ක්‍රියාවන් වළක්වන සංයෝග සොයාගෙන ඇත. මේ සංයෝගය අඩංගු වන්නේ කුරුඳු පොත්තේ මිස කුරුඳු තෙල්වල නොවේ.
දවසට තේ හැන්දක්
පුද්ගලයන් උපයෝගී කරගෙන කරන ලද පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ දිනකට කුරුඳු ප්‍රමාණවත් ලෙස ආහාරයට එකතු කරගැනීමෙන් හා නිස්සාරණය කර සාදන ලද අතිරේක භාවිත කිරීමෙන් පුද්ගලයන්ගේ ග්ලූකෝස් හා මේද පරිවෘත්තීය ක්‍රියාකාරීත්ව මෙමඟින් දියුණුවන බවයි. ඇතැම් පර්යේෂණයන්ට අනුව දිනකට කුරුඳු කුඩු තේ හැන්දක් ආහාරයට එකතු කරගැනීමෙන් මෙම ප්‍රතිඵලම ලබා ගත හැකිය.
කුරුඳු කුඩු භාවිතය සහ කුරුඳු කුඩු අඩංගු පිටි භාවිතයෙන් ශරීරයට කිසිදු විස බවක් ඇති නොවේ. මන්ද එහි රසායනිකව නිපදවා නැති හෙයිනි.
කුරුඳුවල තිබෙන පොලිපීනෝල් සංයෝගය කොලෙස්ටරෝල් (අයහපත් කොලෙස්ටරෝල්) රුධිර නාළවල තැන්පත් වීම වැළැක්වීමට ඉවහල් වන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. ඒ නිසා හෘද රෝග වැළැක්වීමටද ඉවහල් වන බව පර්යේෂකයන්ගේ මතයයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගැනීම සියලු දෙනාටම වැදගත් කරුණකි. විශේෂයෙන් වයෝවෘද්ධ වීමත් සමඟ හෘද රෝගවලට ලක්වීමට ඉඩ ඇති බැවිනි. මේ පිළිබඳ අදහස් දක්වන අය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එදිනෙදා ආහාරවලට කුරුඳු එකතු කර ගැනීම සෞඛ්‍යයට වැදගත් බවයි.
සැලකිය යුතුය.
ඔබ කුරුඳු පොතු භාවිත කරන්නේ නම් ආහාර ගැනීමේදී ඒවා ඉවත් කිරීමට පෙලඹේ. එහෙත් කුරුඳු කුඩු භාවිත කිරීම මඟින් එය ආහාරය සමඟ මිශ්‍ර වෙයි.
දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධවලින් පෙළෙන්නන් දැනට තමන් ගන්නා ඹෟෂධ වර්ග එලෙසින්ම පවත්වා ගන්න. මන්ද කුරුඳු ආහාරයට ගැනීමෙන් පමණක් මෙවැනි රෝගවලට ස්ථිර විසඳුම් ලබාගත නොහැකි බැවිනි. ඒ අතරම ඔබගේ අනෙකුත් පෝෂණ අවශ්‍යතා කෙරෙහිත් අවධානය යොමු කරන්න.
කුරුඳුවල ගුණ පිළිබඳ සිදුකරන මෙවැනි සොයාගැනීම් තවමත් පර්යේෂණ මට්ටමින් පවතී. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණයන්ට අනුව මෙවැනි කරුණු සොයාගෙන ඇති අතර තවමත් පර්යේෂණ කටයුතු අවසන් නැති නිසා සියලු නිගමන අවසානයට පැමිණ නැත. ඉදිරියේදී කුරුඳු සම්බන්ධ පර්යේෂණ ඔස්සේ තවදුරටත් කරුණු සනාථ කර ගත හැකිය.
ආචාර්ය රේණුක සිල්වා
පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
උපුටා ගැනීම: මවුබිම පුවත්පත (Friday, 13 September 2013)
ඉහත පෙන්වා ඇති දැන්වීම (චායාරූපය) e-mail පණිවිඩයක් මගින් ලද වෙළද දැන්වීමකි. නමුත් එහි වැදගත්කමක් ඇති හෙහින් ඒ පිලිබදව තවදුරටත් කරුණු සොයා බැලීමේදී ඉහත ලිපිය හමුවිය. උක්ත චායාරූපය හුදෙක් වෙළද දැන්වීමක් හෙයින් එහි සදහන් වෙළද සන්නාමය හා අදාල වෙළද තොරතුරු ඉවත් කලෙමි.
සියලු එලකිරියන් වෙනුවෙන්, ඔබට මෙන් වෙන යම් කෙනෙකුටද මෙයින් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතා BUMP එකක් දමා යාමට කාරුණික වන්න.
සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

- එහි සුවඳ
- කල් තබා ගැනීමේ හැකියාව

- එදිනෙදා ආහාරවලට කුරුඳු කුඩු එකතු කර ගනී.
- යෝගට්වලට කුරුඳු කුඩු ස්වල්පයක් දමා ආහාරයට ගැනීම.
- අන්නාසි, ඇපල් වැනි පලතුරු කැබැලි කර ගම්මිරිස් වෙනුවට ඔවුන් එකතු කරන්නේ කුරුඳු කුඩුය.
- කෝපි, තේ, කිරිවලට කුරුඳු කුඩු මිශ්‍ර කොට පානය කරයි. එමෙන්ම කුරුඳු තේ (උණුවතුර ස්වල්පයකට කුරුඳු කුඩු තේ හැන්දක් දමා පිළියෙල කර ගැනීම ජනප්‍රිය පානයකි.