රශ්මිගේ ජීවිතය බිලිගත් මිනීමරුවා මෙන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රශ්මිගේ ජීවිතය බිලිගත් මිනීමරුවා මෙන්න

    milroy-sanjaya-**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.jpg



    ඇය නමින් රශ්මි දිසානායකය. ඇය ලංකාවේ සිට ඊශ්‍රාලයට යන්නේ සාත්තු සේවිකාවක් ලෙසය. බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන ලංකාවෙන් ඊශාලයට පිටත්ව ගියත් ඇය නැවත ලංකාවේ මීගමුවේ නිවස වෙතට පැමිණියේ මිනී පෙට්ටිය මතිනි.

    එයට හේතුවුයේ ලංකාවේ කාම අසහනයෙන් පෙළුණු පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය වේ. එම පුද්ගලයා විසින් රශ්මි සමග හිතවත්කමක් ඇතිකරගෙන තිබු අතර එම පුද්ගලයා කෙරෙහි තැබූ විශ්වාසය මත රශ්මි ස්කයිප් ඔස්සේ ඔහු ඉදිරියේ නිරුවත් වී තිබුණි.

    රශ්මිගේ නිරුවත් වීමත් සමග එම පුද්ගලයා වෙනස් වී ඇත. එතෙක් කල් ආදරයෙන් රශ්මිට සැලකු ඔහු ඉන්පසුව තිරිසනෙකු බවට පත්වන්නේ රශ්මිගේ නිරුවත් ජයාරූප සිය ආයුධය කරගනිමිනි. ඒ අනුව ඔහුගේ නියෝග මත තව දුරටත් ස්කයිප් ඉදිරියේ නිරුවත් වීමට සිදුවූ රශ්මි ඒ වනවිටත් ජීවතය පිලිබඳ කලකිරී තිබුණි.

    කාම ආශාව සංසිදුවා ගැනීමෙන් පසුව එම පුද්ගලයා රශ්මිගෙන් ලක්ෂ ගණනක් මුදල් කප්පමක් ඉල්ලා ඇත්තේ එසේ නොදුන්නොත් තමා ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.

    ඊශ්‍රාලයේ රෝගියෙකු බලාකියාගත් රශ්මි හට ඔහු ඉල්ලු මුදල් ලබාදීමට වත්කමක් තිබී නැත. රශ්මිගෙන් මුදල් ලබාගත නොහැකි බව වටහා ගත එම සිත්පිත් නැති නරුමයා විසින් රශ්මිගේ නිරුවත් ජයාරූප ෆේස්බුක් එකවුන්ට් දහයක් පමණ සාදා රශ්මිගේ ජයාරූප එවායිහි පලකොට ඇත.

    තමාගේ නිරුවත් ජයාරූප අන්තර්ජාලයේ පලවීමත් සමග බලවත් සිත්තැවුලට පත් රශ්මි විසින් ඇය විසින් බලාකියාගත් රෝගියාට ලබාදෙන බෙහෙත් පෙති අධික මාත්‍රාවකින් ගෙන සියදිවි නසා ගෙන තිබුණි.

    රශ්මිගේ මරණයට වග කිවයුතු මෙම පුද්ගලයා කව්ද ? විවිධ වෙබ් අඩවි මගින් නොයෙකුත් මෙම සිදුවීම නොයෙකුත් වස්තු බීජයන් පළකර සිටියත් තිස්තුන්දාහේ අප විසින් අද දිනයේ අනාවරණය කරනු ලබන්නේ සෘජුවම රශ්මිගේ මරණයට වගකිවයුතු පුද්ගලයා සම්බන්ධවය.

    ඔහු නමින් මිල්රෝයි සංජය වේ. මිල්රෝය් සංජය කොරියාවේ හා ඉතාලියේ සිටින බව පවසමින් කාන්තාවන් නොමග යැවුවද මේවනවිට ඔහු සිටින්නේ රියාද් නගරයේ,නසිරියා ,තකොසිසි ප්‍රදේශයේය.

    ඔහුගේ ලංකාවේ පදිංචිය කදානේ වන අතර ඔහු එක්දරු පියෙකි. විකෘති කාමාශාවන්ට අමතරව මොහු ගංජා වලටද ඇබ්බැහි වූ පුද්ගලයකි. සියලු දෙනාටම විවිධ ආශාවන් තිබිය හැක. නමුත් ඒවා සදාචාරාත්මක සීමාවන් ඔස්සේ ඉටුකරගත හැකි ආකාර තිබේ.

    මෙහි ගැටලුව වන්නේ මිල්රෝයි සංජය විසින් එම ආශාවන් ඉටුකරගන්නා ආකාරය වේ. කාන්තාවන් සමග හිතවත්වෙන ඔහු අතිශය පෞද්ගලික ජායාරූප ගෙන ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලබයි. ඉන් නොනැවතී එම කාන්තාවගෙන් කප්පම් ඉල්ලීමද තවත් ලිංගික ආශා සපුරාගනිමද ඔහු විසින් කරනු ලබයි.

    තවද එම කාන්තාවගේ දුරකථන අංක තම හිතවතුන් සමග හුවමාරු කරගැනීමත් එම කාන්තාවගේ ඥාති සොහොයුරින් සමග එම කාන්තාව හරහාම සම්බන්ධතා ගොඩනගා ගැනීමත් මොහු විසින් සිදුකරනු ලබයි. තවද අන්තර්ජාලයේ වෙසෙන තවත් ඔහු වැනි කාමාතුරයන්ට ඔහුගේ ගොදුරු වූ කාන්තාවගේ ෆේස්බුක් ලිපිනය , ස්කයිප් ලිපිනය ලබාදී ඇය "නියම බඩුවක්" ලෙසද මාකට් කරනු ලබයි.

    මොහු සිදුකල බලපෑම් හමුවේ බොහෝ කාන්තාවන් දැනටමත් සියදිවි නසාගැනීමට උත්සාහ කොට තිබේ. මොහු පිලිබඳ තොරතුරු විමසා බැලු අපට ඔහු දැනට වාසය කරන රටෙහි සිටින පුද්ගලයෙකු විසින් අප වෙත ලබා දුන් තොරතුරක් පහත සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපයන් පිලිබඳ තවදුරටත් ඔබව දැනුවත් කිරීමට සිතු නිසාවෙනි.

    එවර ඔහුගේ ගොදුර වී ඇත්තේ නිකොසියා නගරයේ තරුණියකි. අවසන් ලිපි ලියා තබා ඇගේ ඇඳ යට නිදි බෙහෙත් පෙති තොගයක් තබාගෙන සිටින මොහොතේ අප වෙත තොරතුරු ලබා දුන් පුද්ගලයාට එම තරුණිය සමග කතාබහ කිරීමට අවස්ථාව ලැබී ඇත.

    එහිදී දැනගන්නට ලැබුණු කතාව මෙසේය. ඇගේ පරිගණකයේ දෝෂයක් නිසා මිතුරියක් යෝජනා කර ඇත්තේ පරිගණක ගැන දන්නා මිල්රෝයි නම් රියාද් හි තරුණයෙකුගෙන් උපකාර ලබාගත හැකි බවයි. අනතුරුව ඔහු විසින් ලබාදුන් යොමුව අනුමත කිරීමෙන් පසු මිල්රෝය් සංජය ඇගේ පරිගණකයට රිංගා එහි තිබු පෞද්ගලික ජයාරූප කිහිපයක් ලබාගෙන ඇත. මෙතෙක් වේලා නංගි යනුවෙන් සුහදව ඇමතු ඔහු එක වරම තිරිසනෙකු බවට පත් වී ඇත.

    එම ජයාරූප ප්‍රසිද්ධ නොකරන්නට නම් රාත්‍රිය පුරා තමන්ට "සතුට "ලබා දිය යුතු බවට තර්ජනය කර ඇත. එතැන් සිට රාත්‍රී 12 සිට පාන්දර 5 වෙනතුරු විවිධ ඉරියව් වලින් කැමරාව ඉදිරියේ නිරුවත් රංගනයක යෙදෙන්නට ඇයට සිදුවී ඇත. හඬමින් දෑත් බැඳ , වැඳ වැටී ,ඈ කල ආයාචනය ඔහු ඉවත දමා ඇත. ඇයට සුළු විවේකයක් ලැබුනේ වෙනත් පරිගණක දෙකක් මගින් ඔහු වරින් වර ඊශ්‍රායලයේ , සහ ඉතාලියේ තරුණියන් දෙදෙනෙකුගේ නිරුවත නැරඹීමට යොමු වූ මොහොතේ පමණි.

    එහිදී කැමරාව ඉදිරියේ ඇයට සිදුකිරීමට සියලු දේ මෙහි සඳහන් කල නොහැක. එම රංගනයන් අතරතුරේදී එම මිල්රෝයි සංජය විසින් ඒවා නරඹන අතරතුරදී කැමරාව ඉදිරියේ ස්වයන් වින්දනයේ යෙදී ඇත. මිල්රෝයිගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැනටමත් ජීවිතයක් අහිමිවී ඇත.

    තවත් කරුණක් පැවසීමට ඇත. මියගිය රශ්මි දිසානායක නමින් ෆේස්බුක් වල පලවන ජායාරූපය සත්‍ය ලෙසම රශ්මිගේ නොව මිල්රෝයි අතින් අතවරයට පත්ව දැනටමත් ජීවත් වන තරුණියකගේය. ෆේස්බුක් ඔස්සේ රශ්මි පිළිබඳව කිඹුල් කඳුළු හැලූ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි තවත් කාන්තාවක් සමාජයට නිරුවත්කොට අපහසුතාවයට පත්කොට ඇත.

    අවසන්වරට මිල්රෝයි සම්බන්ධව අපට පැවසීමට ඇත්තේ ඔහුගේ ක්‍රියාකලාපය තවමත් බිඳකින් හෝ වෙනස් වී නොමැති බවය. රශ්මිගේ මරණයෙන් පසුවද ඔහු විසින් ස්කයිප් ඔස්සේ තරුණියන් නිරුවත්කොට විනෝද වූ බවට අපට විශ්වාසදායි ආරංචිමාර්ග වලින් හෙලිවුනි.

    මිල්රෝයි සතුව ෆේස්බුක් හි කාන්තා නම් වලින් සෑදු ෆේස්බුක් ගිණුම් එකොළහක් පවතින අතර ඒවායින් ඔහු ලබාගන්න නිරුවත් ජයාරූප ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ. තමාට විරුද්ධව එන ඕනෑම පුද්ගලයෙකුට මඩ ප්‍රචාර දියත්කිරීමට මොහු දක්ෂය.

    කොටින්ම ඔහුගේ නිරුවත මේවන විට එලිවී ඇති නිසා "මිල්රෝයි සංජය" නමින් ඔහුගේ යහළුවෙකුගේ ජායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පවා මිල්රෝයි සුදානමින් සිටී. රශ්මිගේ අවාසනාවන්ත සිදුවීමත් මිල්රෝයි සංජයගේ නරුම හැසිරීමත් අප ඔබට හෙලිකලෙමු.

    අන්තර්ජාලයේ පෙම්වතුන් ඉදිරියේ නිරුවත් වන කාන්තාවන්ට අප මතක් කල දියයුත්තේ එය කවදා හෝ ඔබගේ ඉරණම වෙනස් කිරීමට හේතු විය හැකි බවයි. ඉහත අප හෙළි කල කතාව එයට නිදසුනකි.

    රශ්මිට වූ විපත හෙට දිනයේ ඔබගේ සොහොයුරියකට හිතවතියකට විය හැක. එහෙයින් මෙවන් නරුමයන් පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම ඔබ සතු වගකීමකි.


    ගත්තේ තිස්තුන්දාහෙන්...
     
  • Apr 2, 2013
    819
    69
    28
    mekai aula...othana meka aruta nithimaya washayen echchara balapanne na suicide hinada..habai manasika ha samaja washayen balapaai...
    kellageth waraddak tiyanawa..eki mokatada as dekatawath dakala nathi ekekta huththa pennana giye?
    api oka depattenma balanna ona..salli illapu ekanam waradi..eth publish kerepu ekath waradi...

    eth itin monawa kerannada wena de wela iwarai..59% gaanige waradda..41% kollage..